Wednesday, May 26, 2010

ආදරයෙන් තවත් කොටසක්

අකුරු කරන්නට හිමි නැති සරසවියේ
හමු වු දින මතකද මගේ සොඳුරේ
නුදුරුව පියවර මැන හනිකට ගිය දින
හොරැහින් බැලුවද මගේ කෙල්ලේ


හැම විට මග හැර වෙනතක නෙත ගෙන
රිදවා මගහැරයන්නද ඔබ තැනුවේ
මතකද නැවතත් දුටු දින සරසවියේ
හොරැහින් බැලුවා ඔබ දෙස සුදු කෙල්ලේ


කීමට ඇතිමුත් ආදර දොඩමලු
කීවේද අප හමු වු දිනයේ
නොදැනී නොකීයා පෙම් ලොව බැඳුනේ
හොරැහින් නොබලා නෙත ගෙන සොඳුරේ


එදා නොකීදේ ලොවට ඇසෙන්නට
කීමට වෙර නැති අද දිනයේ
හමුවෙමු පෙම්බස් කීමට මතු දිවියේ
‍‍තරහින් නොබලා වෙන් වෙමු සොඳුරේ

වැප්

No comments:

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....