Friday, May 28, 2010

සාම්ප්‍රදායික සීමාවකට කොටු වු සිංහල බ්ලොග් කරුවන්

මෑත කාලයේ ඉතාම ජනප්‍රිය මාධ්‍ය දෙක වුයේ, රූපවාහිණිය හා ගුවන් විදුලියයි. නමුත් දැන් දැන් එය අභිමවමින් අන්ර්ජාලය හා කෙටි පණිවුඩ ඉදිරියට එමින් පවතියි. මෙහදී අන්තර්ජාලයට හිමි වන්නේ සුවිශේෂි තැනකි. මන්ද යත් නිදහස උපරිම හා රිසි සේ අවශ්‍යතාවයන් හා උවමනාවන් [ needs and wants ]සොය යා හැකි නිසාය. සීමා මායිම් නැති මෙහි තම තමුන්ට ඇවසි ලෙස තෝරා බේරගෙන හෝ කිසිඳු තෝරාගැනීමකින් තොරවද පහසුවෙන් එහා මෙහා යා හැක. පැවති සාම්ප්‍රදායික මාධ්‍යන්හි අඩුපාඩු හෝ දැඩි පාලනය නිසා නිදහස සොයන්නන් ජාලය දේසට ඇදී ආවේ තම සිතැඟි පරිදි හැසිරීමටයි. උක්ත කරුණට අදාලව, මේ ලිපිය ලියවෙනු ඇතිතේ, සිංහල බ්ලොග්කරණය යන්නට ලඝු කරමිනි.

ඉකුත් නොවැම්බර් මස සිට බ්ලොග්කරණයට එක්වු මා එදා සිට අද දක්වා මෙතුල සිදුවු දෙය මගේ දැනුමේ හැටියට මෙසේ විග්‍රහ කරමි.

1.පැවති මාධ්‍ය සම්ප්‍රදාය / Demand and Supply
දැනට පවතින ජනප්‍රිය මාධ්‍ය දෙක වු ගුවන් විදුලිය හා රූපවාහිණිය තම මාධ්‍යයන් හසුරුවන්නේ කලින් කලට මිනිසුන් අතර බොහෝ ලෙස කතා බහ වන මාතෘකා ගැනයි. මෙයට හොඳම උදාහරණය වනුයේ දේශපාලනය , ගං වතුර, හා වෙනත් දෑයි. ‍මහජනයා ඉල්ලනේ මොනවද? එවාට වැඩි ඉඩ කඩ දෙමින් මාධ්‍ය හසුරුවයි. මෙහි ඇති හරි වැරුද්ද කීමට තරම් මා දක්ෂයෙකු නොවුත් මෙයමද සිදුවිය යන්න පිළිබඳව දෙවරක් සිතිය යුතුය. සමහර අවස්ථා වල කෘතිමව මාතෘකා ජනතාව අතරට ගෙන යයි. එයට එක් ප්‍රසිද්ධම උදාහරණය නම් මානුෂික මෙහෙයමු සමයේ රටම එක මාවතකට ගෙන යාමයි. කරුණු එසේ වුවත් මහජනායා පුරුදුව සිටින්නේ දෙන දෙය පමණක් නැරඹිමටය. මන්ද යත් මෙම මාධ්‍ය දෙකෙන් එයින් එහාට ගිය අලුත් තොරතුරක් හෝ විවධත්වයෙන් යුතු දෙයක් බලොපොරොත්තු විය නොහැකි නිසාය.

මෙම කාරණවා සිංහල බ්ලොග් අවාකශ තුලද එසේම වෙන බව ඉතාම පැහැදිලි කාරණාවකි. කලින් කලට ජනප්‍රිය වන මාතෘකා ‍සම්බන්ද සිංහල බ්ලොග් කරුවන්ද තම ලිපි සම්පාදනය කරයි. උදාහරණ ලෙස දේශපාලනය, අකෝන් , ගඟට විසි කල බබා, ගං වතුර හා සෝමාවතිය පින්කම දැක්විය හැක. මෙහි ඇති අදහා ගත නොහැකි තත්වය නම් අලුත් දෙයක් ඉදිරි පත් නොකර, රැපවාහිණියේ හෝ ගුවන් විදුලියේ කියු දෙයක, වචන ටික එහා මෙහා කර තම ලිපියට එක් කීරිමයි. ඒ අනුව ගත් කල අදාල මාතෘකාවට ලිපි 10 ක් ලියවී ඇත්නම්, එම ලිපි 10 න් 8 ක් පමණම එක හා සමානව එකම දේ පවසා ඇත.අඩුම තරමින් එම සිද්ධිය පමණක් නොව විවේචනයද එක හා සමාන වීම තව තවත් පුදුමය උපදවයි. ඉදින් මෙපමණ නිදහසක් ඇති බ්ලොග් අවකාශය මෙහෙයවන්නේ රූපවාහිණිය හා ගුවන් විදුලිය බව ඉතාමත් කණගාටුවේන් හෝ ප්‍රකාශකල යුතුයි. මෙයිනුත් පෙනී යන්නේ නිදහසක් නැතැයි කියමින් සම්ප්‍රදායික් මාධ්‍ය ඉස්සරහා දොරෙන් පන්නා පසු පස දොරෙන් කාටත් හොරා ගෙට වද්දාගෙන ඇති හැසිරිම් රටවකි.


2. ඉදිරි පිම්මක් / Breakthrough
වෙනත් දේශිය චැනලයක කොපියක් හෝ විදෙස් රටක වැඩසටහනක් කොපියක් එලෙස ඉදිරිපත් කරනවා හැරෙන්න වෙන යමක් රූපවාහිණිය හෝ ගුවන් විදුලිය තුල දක්නට ඇත්නම් එය ඉතාම අල්පය. තවද එය එලෙසම අදේශ කරනවා විනා එයින් අලුත් යමක් කරන්නේද නැත. මෙය සිංහල බ්ලොග් අවකාශයටත් එසේම වෙයි. එක බ්ලොග් ලිපියක තිබුදෙයක් මත පිහිටමින් එයම ‍තවත් ලිපි කිහිපයකට එක් කරයි. කිසිඳු වෙනසක් හෝ අලුත් දෙයක් නැත. ලිපියක් ලිවිය යතු නිසාම මෙය කරනවා දැයි සැකයක් ඇති වෙයි.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යතු කරුණක් ඇත. එනම් කෙටි කතා, නිසදැස් හා කවි එක් කරන අතලොස්සක් වු ස්ව නිර්මාණ බ්ලොග් කරුවන් මෙයට අදාල නැත. ඔවුන්ගේ නිර්මාණ ඇගයීමකට ලක් වන්නේ ද නැත. මේ පිරිස වෙනම රොක් වු පිරිසක් බවට අද වන ‍විට පත්ව ඇතැයි සිතමි. බ්ලොග් අවකාශයේ නිදහස ඉල්ලමින්, කෑමොර දෙන පිරිසම සීමාවකට කොටු වී ඇත. අන් අය මත යැපෙන බව ඔවුන් නොදන්නේද? නැතිනම් දැන දැනත් නොදන්න ලෙස හැසිරෙනු ඇති දැයි ප්‍රශ්න කල යුතු තැනකි. මුලින් සඳහන් කල ස්වනිර්මාණ බිහි කරන්නන් හා අන් අය මත යැපෙන බ්ලොග් කරුවන් අතර බොහෝ දුරස් බවක් ඇත.

අප අතර තිබු දෙයක් හෝ විදෙස් රටකින් ලබා ‍ගත් වටිනා දෙයක් ඒ අයුරුන්ම ඉදිරිපත්‍ නොකර ඊට වඩා වැඩියමක් එක් කර අන් අය අතර බෙදා ගැනීමට සිංහල බ්ලොග් කරුවන්ට කවදා නම් හැකි වෙයිද?තිබෙන දෙයකට අලුත් අගයක් දී නවමු අකාරයකට එක් කරන, ඉතාම සුලු සිංහල බ්ලොග් කරුවන් කිහිප දෙනකු ඇති බවද කිව යුතුමය. නමුත් අවාසනාව නම් ඔවුන් මහත් පරිශ්‍රමයක් යොදා අලුත් දෙයක් ඉදිරිපත් කලත්, එම ලිපිය පලවී සුලු මොහොතකන් එහි පැටව් හැම තැනම දුවමින් මුදුනා වීමට යයි. ලාංකාවේ දේම විව්චනය හෝ ආවැඩිම් නොකර විදෙස් රටවල තිබෙන තොරතුරුත් සිංහල කරණය වී අප අතර පැමිනේන්නේ නම් එය කොතරම් පාඨකයන්ට වටිනු ඇද්ද? මේම කාරණාව දකින්නට නැති තරම්ය. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ, නිදහස සොයා යන බ්ලොග් කරුවන් itn හා සිරසට පමණක් වහල්වී ඇති බැවයි.


3. ජනප්‍රියත්වය හෝ වටිනාකම ‍Hits and Value
සිංහල බ්ලොග්කරණය හා රූපවාහිණිය එක හා සමාන බව පෙන්වීමට ‍තවත් හොදම කරුණක් වන්නේ බ්ලොගයක ඇති වටිනාකම හා ජනප්‍රිය තාවයයි. [ වටිනාකම යනු ලියන කරුණු වල ඇති ‍ප්‍රයොජනවත් බවයි ] රූපවාහිණිය තුල සිරසට කොතරම් දෝශාරෝපණය කලත් එය මෙරට ජනතාව දිනපතා නරඹන චැනලයකි. එලෙසම සිංහල බ්ලොග් අවකාශය තුලත් වැඩම දෙනෙකු සොයා යන්නේ සිරස ගනයේ බ්ලොග් වෙතය. එම ඇදී යාම් නිසාම කිසිඳු වටිනා දෙයක් ඉදිරිපත් නොකරන බ්ලොග් තව තවත් එම පහත් ගනයේ ලිපිම ඉදිරිපත් කරයි. හරියට විද්‍යුත් නාලිකා වල යන මෙගා ටෙලි වගේය. ෙමය අදාර්ශයට ගන්නා තවත් බ්ලොග් කරුවෙක් කරනුයේ එම ගනයෙම ලිපි ලියන අඩවියක් අලුතින් ආරම්භ කිරිම හෝ තිබුණු අඩවිය ජනප්‍රිය බ්ලොගයක් බවට පත් කිරිමට තැත් කීරිමයි. හරියට itn සිරස වුවා හා සමානයි.


සිංහල බ්ලොග්කරණය සීමවකට කොටු වී ඇති බවත් එය අනුගමනය කරනුයේ රැපවාහණි නාලිකා බවටත් පෙන්විමට තව කරුණු ඇතත් මුලීකවම පෙනී යන්නේ ඉහත කරුණු තුනයි. විවධත්වයක් හොයා යෑමට උත්සාහ කල යුතු සිංහල බ්ලොග් කරණය තවමත් ඒකාකාරි මාවතක ගමන් කරයි. නිදහස හා රැඩිකල් යයි කියමින් උදම් අනන බ්ලොග් කරුවන්ගේ මතය පමණක් ප්‍රසිද්ධ වී ඇත. නිහඬව තම කාර්යය කරන නියම හැකියාවෙන් යුතු බ්ලොග් කරුවන් හු‍දකලාවේම තම කර්යය දිගට ඇද ගෙනයයි. ඔවුන් වටා දැනට එක් වී ඇති පාඨක පිරිස අඩු වුවත් නුදුරේදීම ඔවුන් වටා බොහෝ පාඨක පිරිසක් රොක් වනු ඇත. මන්ද ඒකාකාරී වු ජනප්‍රිය බ්ලොග් කරුවන්ට නුදුරේදීම ඔවුන්ගේ ලිපි වලට එක්කල හැකි දෙයක් නැතිව යනු ඇත. එදිනට ඔවුන්ට සිදුවන්නේද ස්ව නිර්මණ හෝ අලුත් දේ ඉදිරිපත් කිරිම පමණි.


තාක්ෂණික ලිපි ලියන බ්ලොග් කරුවන් කරනුයේ ඉතාම අගනා කර්යයකි. නමුත් එයට සිදුවන්නේද ලියා සුලු මොහොතකන් ක්ලොරිනිකරණය විමයි. තවද තම පුද්ගලික අද්දැකීම් හා වෙනස් ආරක ලිපි එක් කරණ කිහිප දෙනකු ඇති බවත් ඔවුන් කරන කර්යයද ඇගයීමකට ලක්විය යුතුමය.

නිදහස සොයන පිරිසට ඉක්මනින්ම සාම්ප්‍රදායික සීමාවෙන් එපිට බැලීමට හැකිවේවා !!!!!!!!!!!!!

වැප්

46 comments:

Anonymous said...

අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
අපි www.sriwow.info

Chanaka Aruna Munasinghe said...

Well said.

කාලයක් ආවා ලිපි කොටස් කරල ලියන ප්‍රවණතාවයක්. ටෙලිනාට්‍ය මතුසම්බන්ධයි වගේ. ඇයි එතකොට හිට්ස් ගාන ඩබල් වෙනවනෙ. හැබැයි ලියන්න කෙසේ ලිවුවත් කියවන්නාටනම් ඒක බරපතල අපහසුතාවයක්

Anonymous said...

අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
අපි www.sriwow.info

Chanaka Aruna Munasinghe said...

" නිදහස සොයන පිරිසට ඉක්මනින්ම සාම්ප්‍රදායික සීමාවෙන් එපිට බැලීමට හැකිවේවා !!!!!!!!!! "

සාදු සාදු සාදු !!!

nadeesthoughts said...

බොහොම හොඳ විග්‍රහයක් වැප්.
බ්ලොග් ලියන්නන්ට හිතන්න කරුණු මේ! ඒව ගැන හිතුවොත් සිංහල බ්ලොග්කරණයට හොඳ කලදසාවක් එයි.

Kanishka | කණියා said...

මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට බ්ලොග්කරණයට පිවිසෙන නවකයන් උත්සාහ කරන්නේ මොකක් හෝ ලිපියක් දමා මාත් බ්ලොග් ලියනවා කියන තෘප්තිය ලබාගැනීමට උත්සාහ කිරීමයි. අර්ථාන්විත දෙයක් කරන අය හොයන්න ගොඩක් අමාරුයි. ඒත් කාලානුරූපීව අත්දැකීම් සමග මේ දේවල් වෙනස් වෙනවා. මගේ බ්ලොග් එකේ උනත් මුල් කාලේ ලියපුවා මමද ලිව්වේ කියලා විශ්වාස කරන්න බෑ. :D

Anonymous said...

අනේ පල ඉරිසියාකාර මකරා. උඹට හිට්ස් අඩුයි කියල ඉරිසියාව. මහ ලොකු මකර රජා වුනාට උඹට හිට්ස් 10000ක්වත් තියෙනවද? උඹේ එක පෝස්ට්ටෙකකටවත් කොමෙන්ට් 50ක් හම්බ වෙලා තියෙනවද?

හිට්ස් ගාන වැඩි කර ගන්න එක්කො මොකක් හරි ගෑණු නමකින් ලියපන්. එහෙම නැත්තන් හැම වචනෙ ගානෙම ලින්ක් දාලා කොටස් කොටස් ලියපන්

දිල් said...

හතු පිපෙන්නා සේ එක රැයින් එක එක අඩවි බිහිවෙමින් තිබෙන කාලයක බ්ලොහ් කලාවේ ඒකාකරී බව ගැන වැප්ගෙ විග්‍රහය අපූරුයියි. නමුත් ඔබ මෙහි සඳහන් කල අකාරයට " ස්වනිර්මාණ තුලින් තමන්ගේ සිතිවිලි කවි නිර්මාණ බ්ලොග් අවකාශයේ ඇගයිමට ලක් නොවන්නේ යැයි කියනා දෙයට මම එකග නෑ.උදාරහණ කීපයක් දිය හැකියි. " මාරයාගේ හෝරාව " එයින් එකක්. ඔහු ලියන්නෙ ඔහුගේම ස්වනිර්මාණ. " කතාන්දර කාරයා " ලියන්නේ ඔහුගේම සිතිවිලි. " බිගු නද " තුලින් බිගුවා ලියන්නේ ඔවුගේම නිර්මාණ. ඒවා මොනතරම් ඇගයිමට ලක් වෙනවද ?

තව " දුකා " නැමති සහෝදරයා ලියන බ්ලොග්ය. මේවා තුලට ඔබ ගිහින් තිබෙනවාද ? ඔවුන්ට ලැබෙන ප්‍රථිචාර ඔබ දැක තිබෙනවාද ?

මට එක දෙයක් අවිවාදයෙන්ම කියන්නට පුළුවන්.ස්වනිර්මාන කරන කිසිවෙකුටත් තමන්ගේ නිර්මාණ ගැන දුක්වන්නට කාරනයක් නැත.

ඒකාකරී බව දකින්න පූලුවන් නමුත් ඔබ පය නොතියපු හොඳ තේමාවන් ගැන කතාකරපු බ්ලොග් කීපයක් පසු ගිය කාලයේදී මට කියවන්නට ලැබුනා

මාරයාගේ හෝරාව said...

වැප් මලයාත් ඉදලා ඉදලා දෙනවා නෙව අස්ප ටෝක්..
ඇත්ත ඇත්ත..
කාරුණාව නම් අමූලික ඇත්ත..
අපිට කාටවත් කියන්න බැහැනේ මලයා මෙක මෙ මෙ විදිය විය යුතුයි කියලා..
අනික හුගාක් දෙනා ලියන්නේ තම තමන්ගේ සීමිවන් තුල රැදිලා..
තාක්ෂණ අංශය ගැන දන්න කෙනා..ඒ ගැනත්..
දේශපාලනේට උනන්දු කෙනා ඒ ගැනත්..
ලියනවා..
ඔය අතර උපුටා ගැනීම් වැහි වැහැලා බවත් ඇත්ත..
ඔකත් අර අන්ධයින් අලියාගේ හැඩ කිවුවා වගේ වැඩක් තමා..
මම ලියන විදිය මොකක්ද කියලා කියලා කියන්න මම දන්නේ නැහැ..
ඒත් මාත් මට පුළුවන් දේ ලියනවා..
බලන අයට කැමති වයිදියකට හිතාගන්න පුළුවන්..ඔන නම් බනින්නත් පුළුවන්..

හොඳ විවෙචනයක් මලේ..

වැම්පයර් said...

ඔව්..100%ක් එකඟයි.

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

:( :'( :( .

හ්ම්. අපිව බලා ගන්න කවුරුත් නෑ තමයි ඉතින්. ඔය මාකටින් ක්‍රම කලිං දැනගෙන හිටියනම් මකර පැටික්කි කියල නම දා ගන්න තිබ්බා. දැන් ඉතින් මොනව කරන්නද . JR ටත් බැරි එකේ

ලිපි කොටස් කර ලියන එක ගැන මම කියපු එකෙන් සිත රිදුනානම් සමා වෙන්න. වෙන වැඩ රාජකාරි මැද බ්ලොග් ලියන හින්දත් ලිපි කොටස් විදිහට ලියන්න වෙනවා කියන එක පිළි ගන්නවා.

But save as draft ????

indi said...

බැසිල් මෝය කටවල් කපනකොට හැමෝම ඒක බලන් ඉන්නවා...කපාපු මෝයෙන් පායන කාලෙට අඹත්ලේට එනකල් මූදුවතුර ආවහම වෙන,,,,,නල ජලයට මූදු වතුර එකතු වීම ගැන කවුරුත් කතා නෑ....නිල්වලා ගඟෙන් වතුර බොන මාතර අය දැනුත් පායන කාලෙට බොන්නෙ කිවුල් වතුර.....ඕක ගැන මම බ්ලොගේ ලිව්වොත් මම රාජ්‍ය විරෝදී,,,,ගන්වතුර ගලපු අය ගැන නොහිතන ගුනමකුවෙක් කියල හෝ ගාල කොමෙන්ට් එනව......මේක තමා අපේ බ්ලොග් අවකාශෙ තරුණ ජවය......

නෙරංජි (නීනූ) said...

වැප් ගේ කතාවට යම්තාක් දුරට මාත් එකගයි.බලන්න එක එක නම් වලින් බයිස්කෝප් බාගත කරන්න දෙන බ්ලොග් අඩවි කොච්චර තියෙනවද??.බයිස්කෝප් එක ගැන විස්තර කොහෙන් හරි අරගෙන,බයිස්කෝප් එක හැදුවෙ තමන් වගේ ඔවුන් ඒව පලකරන්නෙ

Anonymous said...

මේ ලිපිය හා එකඟ නොවෙමි. සිංහල බ්ලොග්කරුවන් සම්ප්‍රදායික මාධ්‍යයේ ඇති සීමා බිඳ ඉදිරියට ගොස් ඇති බව මගේ අදහසයි. එසේ නැත්තේ ඉතා සුළු පිරිසක් පමණකි. උදා: කලකට ඉහත පළවූ 'නුවර පාර' නම් බ්ලොග් එකේත් මහින්ද අබේසුන්දරගේ විපරමේත් වෙනසක් නැත.එවැනි අසාර්ථක බ්ලොග් කිහිපයක් දෙස බලා සමස්ත බ්ලොග් ගැන තීරණයක් ගැනීම වැරදිය.

ත‍රිඳු said...

සිංහල බ්ලොග් ලිවිය යුතු මෙහෙමයි නොලිය යුත්තේ මේවයි කියන්න කාටත් අයිතියක් නෑ. බ්ලොග් ලියනවට අපිට පඩි ලැබෙන්නෙ නෑ. (සැප බඩුවක් මිස) නුවර පාරයි මහින්ද අබේසුන්දරයි දෙන්නම එක උනාට නුවර පාරට පඩි හම්බ වෙන්නෙ නෑනෙ. හැම දෙනාම ලියන්නෙ තමන්ගේ පෞද්ගලිකත්වය මත කැමති පුලුවන් දේ. හැමෝටම කවි ලියන්න බෑ. හැමෝටම දේශපාලන විග්‍රහ කරන්න බෑ. ලිපියක් සම්පූර්ණයෙන් කොපි වෙන්නේ නැති තරම් දැන්. වෙන්නේ ඒකට යම් එකතු කිරීමක් වෙන එක. සිංහල බ්ලොග්කරණය තාම බොහොම ලාබාලයි. ඒක පරිණත වෙනකොට ඔය ඔක්කොම හරියයි. එතකන් අපි සීමා වැටකඩොලු නොදා ඉමු.

වැප් said...

@Chanaka Aruna Munasinghe
ප්‍රතිචාරයට තුති
සමහර විට කොටස් කල යුතු අවස්ථාත් තියනවා... එහෙම නැතුව කරන එව්වා නම් ... :D

@nadeesthoughts
ප්‍රතිචාරයට තුති
මීට වඩා හරි හිතලා අලුත් හා විවධත්වය වැඩි කරනවා නම් තමයි හොඳ

@Kanishka | කණියා
ප්‍රතිචාරයට තුති
අලුතෙන් එන කෙනෙක් ඒගතිය පටන් ගැනීමේදිම වෙනස් කර ගන්න ඕනා ... නැත්නම් පුරුද්දට යනවා .... කොහොම හරි කමක් නැහැ අලුතෙන් හිතනවා නම් .....

@දිල්
ප්‍රතිචාරයට තුති
ඔබ කියන කාරණා ගැන විවාදයක් නැහැ .. ඒ උදාහරණත් හරි ... එත් මං දකිනවා එම ස්වනිර්මණ කරන අයට ඉන්නේ එකම පාඨකයින් පිරිසක් කියලා .... ලියන ලිපි මෙන්ම බලන අයත් විවධ වෙන්න ඔනේ කියලා හිතනවා

@මාරයාගේ හෝරාව
ප්‍රතිචාරයට තුති
හි හි ...
අපිට කාටවත් කියන් බැරි එක ඇත්තයි අයියා ... ඒත් මේවා ගැන කතා කලේ නැත්නම් නවකයන් හිතන්නේ සිංහල බ්ලොග් කරණය කියන්නේ මේක තමයි කියලා ....

@වැම්පයර්
ප්‍රතිචාරයට තුති

@indi
ප්‍රතිචාරයට තුති
ඒක තමයි ... තියන ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ ... අනික් අය කරන දේම කරනවා ....

@නෙරංජි (නීනූ)
ප්‍රතිචාරයට තුති
ඔව් ඔබ කියන කතාව හරි ... එත් මං දැක්ක විදිහට සමහර අය කරන වැඩය අපි අගය කල යුතුයි .... මොකද අපි කවුරු අලුත් චිත්‍රපටි ගැන දැනුවත් වෙන්නේ.... මේ වගේ ක්‍රමවලින් විතරයි ... ඒත් එකම දේ තැන් කිහිපයක තියනවා නම් .... වැඩක් නැහැ

@ත‍රිඳු
ප්‍රතිචාරයට තුති
ලිවිය යුත්තේ මෙහෙමයි කියන්න අපිට අයිතයක් නැහැ ... ඒත් ඒකාකරි නම් ... ඒ ගැන අපි කතා කරන්න ඔනේ... නැත්නම් කවුරුත් හිතා ගන්නේ, දැනට තියන ලිපියක් වෙනස් කරලා ලිව්වා නම් ගොඩ තමයි කියලා ....

wath said...

ඈත්ත කතාව..... සමහර බ්ලොග් කරුවන් වටා නිතරම රැදෙන්නෙ එකම පිරිසක් තමයි.... ඒ ඉතින් තම තමන්ගේ රසඥතාවය අනුව.. තමන්ට ගැලපෙන තැන රැදෙනව....

කොපි කිරිම නම් අති අසාර්ථකයි... මම නම් ඉතින් ගුණක් බලන්නේ නැහැ... රස නම් කෑවැ නැත්තම් විසි කරා තමයි.. හැබැයි මම ලියන දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් තමයි මම නම් බලන්නේ...

දැන් බලන්න මම වැප් ගේ බ්ලොග් එකේ ලිපි බලනව.. ඒත් මම ඒවගේ ඒව ලියන්නේ නැහැ ලියන්නත් බැහැ...

කතන්දර
තිස්ස (ත්ස්ස අයිය වගේ අයත් දැන් දැන් බිහිවෙනව දෝ කියල හිතෙනව)
විහඟ ගීතය
මාරය
වැප්
ආරෝග්‍යා පරමා ලාභා
ඉංගිරිසි Ingirisi
රසෝඝය
මා දුටු එකිනෙකට ඉතා වෙනස් බ්ලොග් කිහිපයක් පමණි...

මගේ බ්ලොග් එක නම් බලන අයට කියක් හරි දෙන්න ඕනි...

කොහොම වුනත් වැප් හොඳ ලිපියක්...

වැප් said...

@wath
"තමන්ට ගැලපෙන තැන රැදෙනව"
මේක හා 100 ට 100 ක් එකඟයි එත් එකම රටාවේ ලිපි වෙනත් බ්ලොග් වල තියනවා දැක්කාහම .... අර මුලින් ඒ ක්‍රමය හඳුන්වා දුන්නු පුද්ගලයගේ ලිපිත් එපා වෙලා යනවා ..... මොකද බොහෝ දුරට පසුව කරන නිර්මණයක් උසස් විය යුතු වුවත් ... සිංහල බ්ලොග් අවකාශය තුල සිදුවන්නේ ඊට හාත් පසින් වෙනස් දෙයක් ... එනම් .. අර මුල් නිර්මණයටත් අවැඩක් වෙන විදිහට තමයි දෙවන එක එලි දකින්නේ .....

මේ මා හිතනා ආකාරයයි .....

Anonymous said...

වැප් හොඳ ලිපියක් ස්තූතියි.

SOLO said...

බ්ලොග් යන රටාව ගැන සිහි කැඳවීම ගැන ස්තුතියි. ‍රැල්ලට බ්ලොග් ලියන අයට තමන් කරන්නෙ මොකද්ද කියලා මතක් කරගන්න මේ පෝස්ට් එක උදව් වෙයි.

නමුත් සංවාදාත්මක ස්වරූපයෙන් යම් කාරණයක් ගෑන constructive විදියට විවේචන හෝ අදහස් ලියන එකේ වැ‍රැද්දක් දකින්නෙ නෑ. අළුත් අදහසකට සංවාදයක් අවශ්‍යයි. පමණ ඉක්මවා ඇතැම් දේ ගැන නැවත නැවත වාද කිරීම සම්බන්ධයෙන් ඔබ හා එකඟයි.

තිස්ස දොඩන්ගොඩ said...

මෙහෙම පොඩි තට්‍ටුවක් දාන්නම ඕනේ කවුරු හරි ඉඳහිට වත්...!! වෙනස්ම විදිහකට හිතන පතන වැප් මල්ලියාට මේ ඒක තානමය ගතිය හොඳට දැනෙනවා ඇති.... මම ඇතුලු අපි ඔක්කොටම වුනත් අලුත් මාතෘකා, සියුම් රස භාව අවදි කිරීම්, කොච්චර කරන්න පුලුවන්ද... එකම මාතෘකා, රටාවන් වල හිරවෙන්නේ නැතුව...
හරි...! මට ඉතින් අනික් අයව හදන්නන බෑනේ...!
මම මේ අවවාදය කනට ගත්තා...!

@Solo: මල්ලි...උඹ වැප් මල්ලියාගේ ලිපියයි, කමෙන්ට්ස් ටිකයි එක මිටට අරන් ලස්සනට පෙන්නුවා... උඹත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි...

Shiroshan Randika said...

විග්‍රහය නම් නියමයි! වෙනස්ම මාවතක් පෙන්නුම් කෙරෙව්වා. ස්තූතියි! පෞද්ගලිකව ම මේ ලිපිය කියවීමේදී මාගේ බ්ලොග්කරණය මේ විදයේ එකක්ද කියලා හිතුණා. ඒකෙන් මම බ්ලොග්කරණය ප්‍රගුණ කල යුතු ආකාරය පිළිබඳව යම් වැටහීමක් ලබාගත්තා. ‍විවිධත්වය තියෙන තැන තමා ලස්සන. හැබැයි අර කිව්වා වගේ මේ බ්ලොග් අවකාශයත් නිදහස් මාධ්‍යයක් නිසා අපිට බැහැ මේ විදියට ලියන්න කියලා බ්ලොග්කරුවන්ට බල කරන්න. ඉතින් මේ ලිපියේ අන්තිමට කිව්වා වගේ....

"නිදහස සොයන පිරිසට ඉක්මනින්ම සාම්ප්‍රදායික සීමාවෙන් එපිට බැලීමට හැකිවේවා !!!!!!!!!!!!"

Anonymous said...

මේ ලිපියත් බලන්න කට්ටියම

http://ansathudinapotha.blogspot.com/2010/05/blog-post_8772.html

Taboo Subjects said...

මේ මගේ අදහස. සමහර බ්ලොග් දෙස බැලීමේදී මේවායේ ගුණාත්මක භාවය වැඩි වුණ නම් කොයිතරම් හොඳද කියා හිතෙනවා. කවි කියා බ්ලොග් අවකාශයේ පළවන කුකවි ගැන මා පෝස්ටයක් පවා කළා. නමුත් බ්ලොග් එකක් කියන්නේ බ්ලොග් එකක්. වෙන කෙනකු ලියන දෙයක් ගැන අපට බලපෑමක් කරන්න බැහැ. නොකැමැති නම් නොකියවා හිඳීම තමයි එකම විකල්පය.

හිට්ස් වැඩි කිරීම සඳහා දරණ උපක්‍රම ගැනත් කිව යුත්තේ මේ ටිකම තමයි. කතන්දරකාරයා ලින්ක් දානවාට අකැමැති නම් ඒවා උඩ ක්ලික් නොකර ඉන්න. කවුද ක්ලික් කරන්න කිව්වේ? තනි පෝස්ටය කඩා සීරියල් කරනවාට අකැමැති නම් ටික කලක් නොකියවා හිඳ පෝස්ට ගණනක් එකතු වුනාම කියවන්න. (මා කරන්නේ ඒක. කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේත් දිල්ගේත් කතා ඔක්කෝම මා කියෙව්වේ එකම දවසක.)

මීට වසර එක හමාරකට පමණ ඉහත මා බ්ලොග් එක පටන් ගනිද්දී තිබුණාට වඩා අද බ්ලොග් අවකාශය සැලකිය යුතු තරමින් විස්තාරණය වී තිබෙනවා, ප්‍රමාණාත්මකව හා ගුණානාත්මකව. ඒ ගැන සතුටු වෙමු.

කතන්දරකාරයා said...

මේ ලිපිය ගැන වැප් ට මගේ ස්තුතිය.

අනාගත සිංහල ලේඛකයෝ බිහිවන්නේ සිංහල බ්ලොග් අවකාශයෙන් යැයි අනාවැකි පලවී ඇති අද දවසේ අපට විචාරයකුත් අවශ්‍යයි.

මට නං දිග ලිපි කියවන්න බෑ. මානසික ඒකාග්‍රතාවය අඩු නිසා. වචන 300 ක් හොඳටම ඇති කියලයි මට හිතෙන්නේ. මේක වෙනම කලාවක්.

බ්ලොග් ලියන්නේ වෙබ් එකේ. වෙබ් එකේ මූලික සංකල්පය තමයි Links-within. ලිපි එකිනෙක URL මගින් සම්බන්ධ කරවීම.

ලින්ක්ස් නැති දවසට වෙබ් එකක් නැත.

බ්ලොග් එකක් පොතක් වගේ ලීනියර් (Linear) විය යුතු නෑ.

මං නං ලින්ක්ස් දාන්නේ, හැමදාම කතන්දර බලන්න ඉඩ නොලැබෙන අයට ඒ ගැණ කියන්නත් එක්කයි.

නැවතත් වැප් ට මගේ ස්තුතිය.

.::පිස්සා::. said...

වැපෝ, උඹ කියන දේ හරි.. ඒත් අපිට තව ටික කාලයක් මෙහෙම බලං ඉන්න වෙනවා..

අනිත් එක, බ්ලොග් එක හොදද නරකද, ජනප්‍රියද නැද්ද ඕවා මනින්න හරියටම බෑනේ.. මොකද තාමත් බ්ලොග් කියවන්නේ සීමිත කොටසක් නේ,, අපි බලං ඉමු, තව අවුරුදු 5කින් විතර නිගමනේකට එමු...

වැප් said...

@SOLO
ප්‍රතිචාරයට තුති
මට අමතක වු කාරණයක් මතක් දීම පිළිබඳ කෘතවේදීත්වය

@තිස්ස දොඩන්ගොඩ
ප්‍රතිචාරයට තුති
ඔව් අපි හැම තිස්සේම බලන්න ඔනා අලුත් හෝ විවධත්වයෙන් යුක්ත දෙයක් කරන්න .... අපි අපිම හැදෙනවා මිසක් අපිට අනික් අයව හදන්න බැහැ ...මේකතාව සම්පුර්ණ ඇත්ත

@Shiroshan Randika
ප්‍රතිචාරයට තුති
ඔව් මල්ලි අපිට බැහැ කාටවත් සීමා පනවන්න .. මං කලේ විවේචනයක් ඉදිරිපත් කීරිම විතරයි

@Taboo Subjects
ප්‍රතිචාරයට තුති
ඔබගේ අදහසට එකඟ වෙමි. මා කරනු ලැබුවේ විවේචනයක් පමණි. බ්ලොග් රචකයන්ට පවතින තත්වය පැහැදිලි කීරිමක් පමණි. එහෙයින් පාඨකයන් හා රචකයන් යන දෙකොටසම කැමති දෙයක් කල හැක.

@කතන්දරකාරයා
ප්‍රතිචාරයට තුති
කතා කුටිටි කීරිම හෝ ලින්ක් දැමිම ලියන දේ අනුව තීරණය වෙනවා. කියු ලෙස පරණ කතා බැලීමට ලිනක් දැමීම සුදුසු දෙයක්. නමුත් තව අයෙක් විකීපිඩියාවක් ලෙස ලින්ක් දමන්න හෝ ‍වක්‍ය 4 න් 4 ට කතාවක් කුට්ට් කරන්න ගියොත් එහි පැවැත්මක් නැතිව යනවා.

@.::පිස්සා::.
ප්‍රතිචාරයට තුති
ඔව් මම මෙතන කලේ තව අවු 5 කින් යම් කිසි තැනකට පැමිණිය යුතු බ්ලොග් කරණයට ඉතා කුඩා විවේචනයක් මා‍ගේ අත්දැකීම් වලින් පල කීරීම පමණි.

රවා said...

වැපා උබ ජිවිතෙ හැමදාම වෙනසක් හොයන එකෙක් වගෙ පෙනෙන්නෙ.. යකො අපිත් හොයනවා තමයි... නමුත් උඹ හොදට බැලුවොත් පෙනෙවි, අලුතෙ සයිට් ගොඩාක් එකතුවෙලා දැනුම, අවබොදය, සිතිමෙ පරාසයන් හැමදාම මෙ ඉන්න සෙට් එක වෙනස් කරනවා.. ලියන දෙවල් හොදට කල්පනා කරද්දි මට නම් මෙ කට්ටියගෙ අල විමක් පෙනෙන්නෙ නැහැ..

Anonymous said...

Taboota langakadee sita amuthuma ..K amaruwak sadee atha. hama thanama ..Ka di dee yayi.

what is the reason?

Anonymous said...

WAP said
"... ඒත් මේවා ගැන කතා කලේ නැත්නම් නවකයන් හිතන්නේ සිංහල බ්ලොග් කරණය කියන්නේ මේක තමයි කියලා ...."

අනේ වැපෝ, බ්ලොග් ලියන්න පටන්ගෙන අවුරුද්දක්වත් නැතුව උඹ හිතුවද මහ ලොකු පොරක් කියල. අලුතින් එන අයට උපදෙස් දෙන්න :D
සිංහල බ්ලොග් මේ තරමට ප්‍රචලිත කරන්න හුඟ දෙනෙක් වෙහෙසෙද්දි උඹ කොම්පුටරේට කිරි දරුවෙක්. අනිත් මිනිස්සුගෙ වැඩ ප්‍රතිපල දකිනකොට ඒකෙ ලකුනු දාගෙන නිකන් කෘතිමව පොරක් වෙන්න හදන්න එපා.

තිස්ස දොඩන්ගොඩ said...

@Ano: ඇනෝ මේ තරහකින් ද ලියන්නේ...? කාට වුනත් වටින අදහසක් තමා නේද වැප් කියලා තියෙන්නේ... අපේ රස්සා කරන තැන්වලදී වුනත් crisis / emergenccy cases වලදී ඊලඟ පියවර සාකච්චා කරද්දී කිසිම අත්දැකීමක් නැති තරුණයෝ සමහර වෙලාවට පිලිගත හා ක්‍රියාත්මක කල හැකි වටිනා අදහස් ඉදිරිපත් කරනවා... මම ඒක අත්දැකීමෙන්ම දන්නවා... වැප් කියපු දේ (සමස්ත අරුතෙහි) ගැටලුවක් නෑ නේද...? එහෙමනම් එක ගමු... ලකුණු තම තමන් නඩත්තු කරපුවාවේ ...

wath said...

ඔවු ඒක ඇත්ත.... බ්ලොග් ලියන කාට වුනත් හොඳ අදහස් ටිකක්.. අලුතින් හිතන්න... මේව කීව කියල වැප් ලොක්​කෙක් වෙන්නෙත් නැහැ අනිත් අය සොක්කො වෙන්නෙත් නැහැ..

වැප් said...

@තිස්ස දොඩන්ගොඩ්‍/wath

මට පෙන්නේ ඒක තරහකින් ලියපු එකක් නෙමෙයි වගේ

මට නෙමෙයි ඒක කියලා තියෙන්නේ .... :D

තිස්ස දොඩන්ගොඩ said...

@වැප්: කාටද අප්පා ඉතින් ඔව්වා තේරෙන්නේ... අපි මේ ඉතින් වචන අරුතින් අරන්නේ සංවාදයට එක්වෙන්නේ. ... ඇනුම් පදයක්වද එහෙමනම්...? එහෙනම් ඉතින් මොට උත්තර බඳිනවද... හ්ම්ම්...

Anonymous said...

බ්ලොග් ලියන වැඩිදෙනා අමුතුවෙන් ප්‍රාඥයෝ කියලා හිතන්න එපා.
එලකිරි.කොම් වගේ ෆෝරම් එකකට ගිහින් බලන්න, අලුතෙන් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තු, ඒත් ඒකෙන් කරන්න වැඩක් නැතිව ඉන්න එවුන්ගේ ගොන්පාට් බලන්න පුලුවන්. බ්ලොග් ලියන්න එන අලුත් අයගෙන් වැඩි පිරිසකුත් ඉතිං ඒ ගණයෙම තමයි. ලියන දේවල් වල කිසි හරයක් නෑ.

වැප් said...

@තිස්ස දොඩන්ගොඩ
නැහැ නැහැ තිස්ස අයියා ...... මොකක්ද කියන්න මං දන්නේත් නැහැ

මං අර බණකාතවක තියෙන්නේ ....... ඒ වගේ ඒ සංග්‍රහය මං භාර ගත්තේ නැහැ ....

අනික අද වෙසක් දවසනේ :D

Taboo Subjects said...

මා බබාලගෙ සින්ඩියෙන් ඉවත්වූයේ නැවත සිංහලෙන් නොලියමියි සිතා ගෙනය. සින්ඩියක සාමාජිකයකු නොවී සිංහලෙන් ලිවීම විහිළුවකි. නමුත් අළුත් සින්ඩියක් නිර්මාණය කිරීමට වැප්ගේ හා ඔහුගේ සගයින්ගේ උත්සාහය දුටු විට, එයින් මගේ ප්‍රශ්නය එක්තරා දුරකට විසඳුනු නිසාත්, "ලාංකීය සිතිවිලි" සින්ඩියට දිරි දීමක් වශයෙනුත් යළි සිංහලෙන් ලිවීමට මට උනන්දුවක් ඇතිවිය. වැප්ගේ උත්සාහය මම එදත් අගය කරමි. අදත් අගය කරමි. මින් අදහස් කරන්නේ අප අතර සියළු දේ සම්බන්ධව එකඟතාවක් ඇති බව නොවේ. ඔහුගේ දේශපාලන මති මතාන්තර මගේ ඒවායින් ඉඳුරා වෙනස් විය හැකිය.

සින්ඩියක admin කෙනකුට සාමාන්‍ය බ්ලොග්කරුවකුට නොමැති අධිකාරී බලයක් ඇත. එසේ වූ පමණින්ම බ්ලොග් අවකාශය කන්ට්‍රෝල් කිරීමට එය භාවිතා කළ යුතු නොවේ. තනි කැමැත්තට දේශපාලන බ්ලොග් දෙවැනි තැනකට පත් කිරීමෙන් කාලිංග "අයියා" කළේ ඒ අධිකාරී බලය වැරදි ලෙස භාවිතාවකි. ඒ ගොන් වැඩේ නිසා දේශපාලන බ්ලොග් ගණනාවක් අකර්මන්‍යව ගියේය. වැප් එවැනි "අයියා" කෙනකු නොවී තම සේවාව බ්ලොග්කරුවන් උදෙසා තවදුරටත් සපයනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

වැප් said...

@ටැබු

මං හිතන්නේ ටැබු ..... ඔය කියන කාරනවා හා මේ ලිපිය අතර සම්බන්දයක් නැද්ද කොහොද?

අමනයා said...

ටැබුවෝ මම උඹට උඹේ බ්ලොග් එකේදි දාපු කින්ඩිය මකාගන්න දැන් මෙතන ලැජ්ජ නැතුව ආයෙ වැප්ට දෙන්න ආව නේද?
උඹ කුජීතයි :D

බුද්ධි said...

මෙවැනි ලිපි හා සංවාද අපගේ සිංහල බ්ලොග් කලාවේ දියුණුවට මහත් පිටුවහලක් වෙනු ඈති. වැප්ට මගේ ප්‍රණාමය!

RanDil said...

අදයි මම දැක්කේ මේ ලිපිය. මට වැටහෙන විදිහට මුල් කාලයට වඩා දැන් සිංහල බ්ලොග් කරණය තුල වෙනස් කම් තියෙනවා. සමහර ඒවා හොඳ පැත්තට වගේම සමහර ඒවා එහෙම නොවන පැත්තට. මං ගැන කියනවා නම් පෑනක් අරං කොලයක ලියන්න හිතාගෙන, ඒත් කම්මැලි කමට නොලියා මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණු බොහෝමයක් අදහසුත් තව අළුත් අදහසුත් ගැට ගහලා කාට හරි කියවන්න පෙන්වන්න පුළුවන් කමක් ලැබුනු එක ගැන මට නම් අප්‍රමාණ සංතෝසයි. ඒ වගේම මට දැනෙන විදහට (අනිත් අය කොහොම දකිනවාද දන්නේ නැහැ) මගේ ඒ හැකියාව ගොඩක් දුරට වර්ධනය වුනා මේ බ්ලොග් ලිවිල්ල නිසා. ඒ වගේම සමහර වැරදි අදහස් දුරු වුනා අනිත් සහෝදර බ්ලොග් කරුවන්ගේ සමහර ලිපි නිසා. නව මානයකින් හිතන්න අත්වැලක් ලැබුනා. කිහිප දෙනෙකු හැර අනෙක් හැම බ්ලොග්කරුවකු පිළිබඳවම මගේ හිතේ තියෙන්නේ ඉතාමත් හිතවත් මිතුරු පිරිසකගේ ඇසුර ලබනවා වගේ හැඟීමක්. දැනට තියෙන අන්තර්ජාල මිතුරු හවුල් වලින් නම් ඒ හැඟීම ලැබෙන්නේ නැහැ. මොකද අපි හැමෝම අපේම භාෂාවෙන් අපේ හැඟීම් බෙදා ගන්න තැන මෙතැන නිසා. වැප් ගේ කථාවට මට එකඟ වෙන්න පුළුවන් වන්නේ 50%කින් පමණක් වන්නෙත් ඒ නිසායි. ඇත්තටම බැන ගන්න, ඇද කර ගන්න, අනෙක් කෙනාගේ මොකක් හරි වැරැද්දක් අල්ලගෙන ඒක ප්‍රදර්ශනය කරන බ්ලොග් ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මම ඒවා දුටු මතින් නොබලා හරින බවයි. මා දන්නා පරි‍ද්දෙන් දැන් බොහෝ දෙනෙක් ඒ නම් දුටු පමණින් ම නොබලා හරිනවා. ඒ ප්‍රවණතාව මත එම බ්ලොග් ඒ වගේ සමහර බ්ලොග් වලට සිදු වුනා සේ කාලයකදී වැහිලාම යයි.

dawkinssdodo said...

මේකට නං එකග වෙන්න බෑ, උඩින් පල්ලෙන් බලා කරන ලද විග්‍රහයක්.

වැප් said...

@RanDil
ප්‍රතිචාරයට හා ඔබ‍ගේ අදහස් දැක්විමට තුති

@dawkinssdodo
ප්‍රතිචාරයට තුති
මම ආරාධනා කරනවා මීට වඩා නිවැරදි එකක් ලියන්න කියලා

වැප් said...

@බුද්ධි
ප්‍රතිචාරයට තුති

සෝරෝ said...

වැප් ඔයාගේ කතාවත් එක්ක සමහර තැන් වලදි එකඟ වෙන්න පුළුවන්.. සිංහල බොලොග් වල වර්ථමානය හා අතීතය සන්සන්දනය කරන්න තරම් අත්දැකීමක් නැ මට.. මොකද මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මේ මැත් කාලයේ නිසා.. කොහොම උනත් වැපාගෙ විචාරයෙන් ගන්න දෙයක් තියෙනවා.. වැප් කියන්න වගේ සමහර බ්ලොග් තියෙනව වැඩකට නැති ඒවා.. කොහොම උනත් දැනට පවතින තත්ත්වයට වඩා ඉස්සරහට වෙනස් වේවි කියල මමත් හිතනවා..

මේ වගේ දෙයක් පෙන්නලා දුන්නට ස්තූතියි වැප් [සමාවෙන්න අදයි දැක්කෙ]

වැප් said...

@සොරෝ
ප්‍රතිචාරයට තුති

මම මෙතනදි කලේ මගේ අත්දැකීම් එක්ක විවේචනයක් පමණයි.....

[ කවදා අවාහම මොකෝ ... ]

Post a Comment