මුලින්ම කියන්න උවමානම දේ තමයි මං මේවා ලියන්නේ, වෙන එවුන්ට බලලා ආතල් ගන්න නෙමෙයි. මට ආතල් ගන්න ... එ හන්දා කරුනා කරලා විශේෂයෙන්ම අපේ දොඩං ගොඩ මහත්තයට තමයි මේ අනතුරු ඇඟවීම. එයාට ආතල්ලු මං ලියන එව්වා..... මේ කරන අවසාන දැනුම් දිම හරිද දොඩං ගොඩ මහත්තයෝ ........ ........ :P හිකිස්
තැනක් ඇත කවි ලියන්න
එකෙක් නැත මං දන්න
එහෙව් තැන මගේ තැන
අන්න තැන උබේ තැන
මං එතන කවි ලිව්වා
තව එවුන් තව ලිව්වා
මගේ කවි වැකි කිව්වා
උන්ගේ කවි මරු කිව්වා
වැකි උනත් මගේ කවි
මට වටී මගේ කවි
මං ලිව්වා මගේ කවි
උන් බැලුවේ මගේ කවී
මං බැලුවා වෙන කවි
එව්වා නම් මරු කවි
මගේ කවි වැකි කවි
වලට සම වෙන කවි
ලොට් පිටින් ඇත කවි
ඔබත් කවි ලියන්න කැමති නම් හා මට වගේ අති දක්ෂ හැකියවාක් ඇත්නම් එක්වන්න ලාංකීය සිතුවිලි කවි මඩුව සමඟ
වැප්
මාතර බීච් එකේ බලු ශෝ එක
2 hours ago


29 comments:
මුලින්ම කියන්න උවමානම දේ තමයි මං මේවා ලියන්නේ, වෙන එවුන්ට බලලා ආතල් ගන්න නෙමෙයි. මට ආතල් ගන්න ... එ හන්දා කරුනා කරලා විශේෂයෙන්ම අපේ දොඩං ගොඩ මහත්තයට තමයි මේ අනතුරු ඇඟවීම. එයාට ආතල්ලු මං ලියන එව්වා..... මේ කරන අවසාන දැනුම් දිම හරිද දොඩං ගොඩ මහත්තයෝ ........ ........ :P හිකිස්
ර්‍රයා වැප් නරකාදියාගේ මුනේ කැත පල් හොරෙක් වගේ හිට්ස් වලටම කැ ගහලද මෙචර කැත උනේ :D
මමනම් කලු නැහැ
හිතේ ඇදි නේක කවි
ලියයි අපි නොයෙක් කවි
බලා සැම එහෙව් කවි
කියයි ෂා හොදයි කවි
ලිවු කවි නිසි ලෙස
විඳ ගතිමි රිසි ලෙස
ඔවදන් ද පිලිගෙන
සටහනක් තබමි මෙලෙසින....
@punchisamanalee
ස්තුතියි සමනළි
@Hipo
තැබු සටහනට තුති මෙන්න .............
ලියූ ඒ ඔබේ කවි
කියෙව්වා තුටු වෙවී
ලියමි මා මේ කවි
හැබැයි නොම වේවි
මම කාරයෙක් කවි
@peter bernard dolahamunage
නොවුවත් කාරයෙක් කවි
ඔබ ලියු පිළිතුරු කවි
වැකි නොවෙයිල් ඒ කවි
ලියමු අපි එක්වෙලා කවි
ඌත් ලියයි සිරාවට කවි
මූත් ලියයි සිරාවට කවි
තෝත් ලියයි සිරාවට කවි
ශික් මට බෑනෙ ලියන්න කවි
බොරු නොවැ ඒ කිවුයේ
අනුරාධ ඔය ලිවුයේ
බෑ කිය කියා කිවුයේ
ඇයි අපිව රැවටුයේ
රවටන්න නොසිතුවෙමි
බොරුවක් නොකිව්වෙමි
ගලපා නොලිව්වෙමි
වචන දාහත ඔහේ ලිව්වෙමි
@අනුරාධ / @Hipo
ස්තුතියි ලියමු අපි එක්වෙලා කවි ............
[ලියන්න පද හතරක් ගලප ගන්න බැරි උනෝ ..........]
@ අනුරාධ
එල...
@ වැප්
හිඃ හිඃ ඒකට මොකො.... පද හතරෙන් වෙනදේ එක පදෙන් කියල දාලා තියෙන්නේ.
මුගේ වැකි කවි
කියෙවු අපි තොපි
ලියයි කවි දැන් ලොට් පිටින්!
හිහ් හිහ් හී...
@ළමයා
කවි කියවු ළමයා
සටහනක් දමු ළමයා
නොවී නරක ළමයා
[ අනික් පදේ එන්නේ නැතෝ .....]
අග පදේ නොලීවාට ලියූ පද තුන හොදටෝම ඇති..
@ළමයා
ඒක හරි ඒ උනාට අන්තිම පදේං මම උබට බැන්නා ........ ඒක දිග වැඩියි ........ ගැලපෙන්නේ නැහැ ..... හිකිස්
[ මට කියන්න ඔනා උනේ ලියමු අපි කවි කියලා .... ]
යකෝ...!!!!
@දොඩං
ආ අයියේ උබ අදද අවේ ................ හොදා හොදා අහුවෙයංකෝ කවි මඩුවෙදි දෙන්නම් අට්ටි හැලේන්න හිකිස්
අනේ ඔව් මල්ලියේ පහුගිය දවස් ටිකේ offshore හිටියේ.... ෆුල් හාඩප්... වැඩ ගමකට... උඹල කොහොමද බන් රස්සාවල් කරන ගමන් මෙව්වා ඔක්කොම කරන්නේ....
@දොඩං
මේකනේ අයියේ ........... දැකලා ඇතිනේ මං වැඩ කරන්නේ කාල සටහනකට ........... ඒ කිව්වේ නිදන/ කන /බොන එව්වා එව්වා හරියට වෙන කොට මෙව්වා නිකන්ම වෙනවා .......... අනික සහායට රටක් වටින උන් ටිකක් ඉන්නවා
මොනවා උනත් ඉතින් මූලික දේවලුත් පාඩු කරගන්නේ නැතිව කරපල්ලා... පුලුවන් උදව්වක් මමත් දෙන්නම්... උඹලගේ වැඩේ ඇත්තටම ලස්සනයි....
@දොඩං
ඒක ඇත්ත අයියා .......
අපිව දිරිගැන්වුවාට තුති ....... කරන්න උදව්ව දැනටමත් කරලා තියෙන්නේ ..........
ආමි කවි කියන්නට
පදන් කොට නිසි ලෙසට
දොසක් නෑ කිසි කලෙක
වරෙව් දැන් කවි පොලට
ආ එක හොඳයි කවි කියන්නට
බලන් පදම හොඳදැයි කියන්නට
දොසක් කොයිදෝ කිවි කියන්නට
එන්නෙමි මාත් ඒ කවි පොලට
කන්ට්‍රෝල් ඒ නැතිව
කියෙවුවොත් සොරි තමයි
කවි කියන්න මම එනව
ලෙඩ නිවාඩු අයදිනවා
වේදිකාවේ හූ සද්දෙට
හීනෙන් මං බය වෙනවා...
හිහ්..
හා හා ctr+A
කවි කියන්න එන්න ඕනෑ
ලෙඩ නිවාඩු ඔනේම නෑ
වත් අක්කා ඇත්තෙම නෑ
හු සද්දේත් පැත්තෙම නෑ :D
උඹලගේ හිටගෙන කවි වැඩේ නැගලා යනවා වගේ . . එල එල . . .
ස්තුතියි අයියා
[ නොන්ඩියට දන්නේ නැහැ මු හිටගෙන කියලා කිව්වේ හිකිස් ... :D ]
Post a Comment