උපාධි ධාරින් අපේක්ෂා කරන, රජයේ තියන ඉහළම විධායක ශ්‍රේණියේ රැකියව තමයි, පරිපාලන සේවා .... පහුගිය දවසක මේ සඳහා උපාධි ධාරින් 30000 ක් ඉල්ලුම් කලත් එහි බඳවා ගැනීම් සඳහා රජය මගින් පවත්වන විභාගය සඳහා පෙනී සිටියේ 15000 පමණි. මේවා මේ අතුරු කතා. කියන්න ඔනා උනේ ග්‍රාම සේවක කොහොමද හතරට කැඩුවේ කියලා.
ලාංකාව වගේ දියුණුවෙමින්[ අපේ සීයා / අම්මා / මම මෙහෙම තමයි ඉස්කෝලෙදි ඉගෙන ගත්තේ දැන් යන උනුත් මේකම තමයි .... :D ] පවතින රටක රැකිය ප්‍රශ්නය උග්‍රයි කියලා තමයි අපිට ඉගැන්වුවේ... ඒක ඒ විදිහටම හරි කියලා හිතුනේ .. රස්සාවක් නැතුව කට්ට කකා ඉන්න දවස් වල. කට්ටියක් ස/පෙළ සාපයක් කරගෙන අධ්‍යපනය නතර කරන කොට, උ/පෙළ තරඟය ජය ගන්න බැරුව හැලෙන පිරිසත් අත හැරියාම වසරකට උපාධි ධාරියෝ 10000 ක් විතර රැකියා වෙළඳපලේ කරක් ගහනවා.
නිදහස් අධ්‍යාපනයත් අරගෙන, නිල ඇඳුම හා ආහාර වේලත් නොමිලේම අරගෙන [ බනිස් ගෙඩිය /කිරි විදුරුව / රුපියල් 3 කාඩ් එක යන ඒවාට මම උරුම කම් කිව්වා.... දැන් ඉන්න, 00 දශකයේ උන්ට මේවා කොයින්ද? හිකිස් ], විශ්ව විද්‍යාලයට ගිහින් මහපොළ හෝ බර්සරියටත් උරුමකම් කියලා, සමහර විට විශ්ව විද්‍යාලයටත් කරන්න පුලුවන් ඔක්කොම අලාභ ටික කරලා, මෙන්න එලියට ඇවිත් රස්සා ඉල්ලනවා. සෙල්ලං වැඩක්ද ඡන්ද කොච්චරක්ද? උපාධි ධාරියාගේ මනාපේ විතරක් නෙමයි. ගෙදර අයගේ කතිරෙත් තියනවා. ඉතින් මොකෝ අපේ දේශපාලුවෝ වේදිකා දෙදරන්න කියනවා සියලු උපාධි ධාරින්ට රැකියා දෙනවා කියලා.
දීපු පොරොන්දු විශ්වාස කරන ජනතාවගේ මතින් බලයට එන දේශපාලුවෝ දැන් රැකියා හොයනවා මේ උපාධි ධාරිනට දෙන්න. මෙහෙම හොයන කොට හම්බවෙන්නේ ගමේ මනුස්සයා. ඒ කිව්වේ අපේ ග්‍රාම සේවක මහත්තයා. කිසි කරදයක් නැහැ ගමේ වැඩක් බලන් ඉන්න මේ මනුස්සයා තමයි, ඒ දවස් වල ගමේ සියලු වැඩ කලේ, ඒ කිව්වේ ගම සංවර්ධනය, කෘෂිකර්මයට අදලා දේවල් හා වෙනත් වෙනත් කටයුතු. දැන් මෙන්න මෙතන තමයි රැකියා උත්පාදනයට නියම තැන කියලා අපේ දේශපාලුවෝ නියමෙට අඳුන ගන්නවා. [ සමහර විට මේක NGO කාරයන්ගේ වැඩක්ද දන්නේ නැහැ :D ඉල්ලුමට සැපයුම කියලා කියන්නත් පුලුවන් ]
දැන් උපාධී ධාරියෝ ඉන්නවා විසි තිස් දාහාක්, ග්‍රාම සේවක වසම් තියනවා ඔන තරම්. දැන් හරි මෙන්න හැදුවා අලුත් තනතුරක් "ජන සභා" නියම නම තත්වයක් තියනවා. උපාධි ධාරියාට නියමයි. පඩිය කොච්චරද රු 17000 ක් විතර ඇති. ග්‍රාම සේවකට ඉහළයි ප්‍රදේශීය ලේකම්ට සමයිලු. [තනතුරු දෙකේම ලේකම් කෑල්ල තියනවා :D ]දැන් ගමේ වැඩ කරන්න ඉන්නවා හතර දෙනෙක්
- ග්‍රාම සේවක
- වගා නිලධාරි
- සමෘර්ධි නිලධාරි
- ජනසභා ලේකම්
මුලින්ම එක්කෙනෙක් කරපු වැඩේ දැන් හතරට බෙදලා හතර දෙනෙක් කරනවා. අහලා තියන විදිහට මේවාගේ බේදාගෙන කරන වැඩ වලට කියන්නේ, ශ්‍රම විභජනය කියලා. හැබැයි මේ ක්‍රමය භාවිතා කරන්නේ කාර්යක්ෂම තාවය වැඩි කරන්න එහෙම නැත්නම් ඵලදායීතාව වැඩි කරගන්න. ඒ අර්ථයෙන් ගත්තාහම මේ ක්‍රමය ගමට වඩාත් වාසී දායකයි. ඇයි දෙයියනේ ගමේ වැඩ කරන්න ගමේම ඉන්න උගතා එනවා. ඒ කිව්වේ අලුත් ජන සභා ලේකම් මහත්තයා.
කොහොමද ජන සභා ලේකම් තෝරන්නේ... හරි ලේසියි.... උපාධියක් තියෙන්න ඔනා, ඡන්ද කාලෙට කැන්වසින් ගිහින් තියෙන්න ඔනා. කැන්වසින් ගිහින් තියන සුදුසුකම බලන්නේ ගම ගැන අවබෝධයක් තියනවාද කියලා බලන්ට මිසක් ඡන්ද වැඩට නෙමෙයි. :D කිසියම් ගමක කැන්වසින් ගොස් නැති උපාධි ධාරියෙක් මේ සඳහා ඉල්ලුම් කලොත් ඔහුට මේ රස්සාව ලැබෙන්නේ නැහැ, මොකද ඔහුට ගම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා විදෙස් ආධාර පතලා අල්ලපු ගමේ කැන්වසින් ගිය උපාධී කාරයා ආනයනය කරනවා. වැරදියට තේරුම් ගන්න එපා මෙතන කිසිඳු දේශපාලනයක් නැහැ හරිද.
ඔන්න ඔය ටික තමයි ග්‍රාම සේවක තනතුරට උනේ, බෙදුවා හතරට, හැදුවා අලුත් රස්සා, වැඩි කලා කාර්යක්ෂමතාවය, දියුණු කලා ඵලදායීතාවය, ප්‍රතිඵලය ලස්සන ගමක්.
වැප්
ela ela
ReplyDeleteඅපේ මිනිස්සු ආණ්ඩුවෙ රස්සාවල්ම ඉල්ලන්නෙ, නිකං ඉඳන් පඩි ගන්න පුළුවන් හින්දා. රජයේ කාර්යාලවලින් මහජනතාවට ලබාදෙන සේවය කොයිතරම් කාර්යක්ෂමද කියල කාට කාටත් අත්දැකිම් ඇති. (ඒකනෙ අපි හැමදාමත් 'දියුණු වෙමින් පවතින රටක්' විදියට තියෙන්නෙ) අනිත් කාරණාව, ඉල්ලන්නෙ ආණ්ඩුවෙ රස්සාවල්ම නිසා මවල හරි දෙන්න වෙනවා. නැත්තං ඊළඟ පාර ඡන්දෙ දෙන්නෙ නෑනෙ. අපි හැමදාමත් පවතින ආණ්ඩුවට බැන බැන ඉන්නවා මිසක්, අපෙන් රටට වෙන්න ඕන දේ ගැන හිතන්නෙ නෑ. අපේ ආකල්ප වෙනස් කරගන්න අපි සූදානම් නෑ. (වෙනස් කරගන්න ඕන කියල අපි දන්නෙ නෑ)ඒකයි අපි හැමදාමත් 'දියුණු වෙමින්' ඉන්නෙ.
ReplyDeleteගමේ උගතා ගමට! ඒක නම් මරු අදහසක්. ගම් සභා ක්‍රමය තමා හරි යන්නේ.ගම් සභාවේ ගමට වැඩක් කරන්න පුළුවන් ගමේම පුද්ගලයො පත් කරලා ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න පුළුවන්. එතකොට ජනතා නියෝජනයත් වැඩි වෙනවා. එතකොට ගමට ඕනේ විදියට ගමේ වැඩක් කරගන්න පුළුවන්. අනික එතකොට ගමේ වැඩේ කරගන්න ලොකු ඇමතිලා ගමට එනකන් බලන් ඉන්න ඕනෙත් නෑ.
ReplyDeleteහැබැයි තව දෙයක්! කොච්චර ශ්‍රම විභජනනයක් ඇති කළත් කාර්යක්ෂමතාව වැඩි නොවෙන එක අපේ රටේ තියෙන ලක්ෂණයක්. එහෙම බලද්ද පිං පඩි දෙන්නේ නැතුව එක්කෙනා ඔක්කොම කරන එකත් එක අතකට හොඳයි.
අලුත්ම විස්තරේ දන්නෙ නැති අයත් ඉන්න නිසයි මේ කියන්නේ... දැන් අපේ ශ්‍රී ලංකාව තුන් වෙනි ලෝකෙ හෙවත් දියුණු වෙමින් පවතින කාණ්ඩයෙන් අයින් කරල ... මම මේක දැන ගත්තේ අර විදේශ ශිෂයත්ව දුන්නනේ ඉස්සර අපේ රටට තුන් වෙනි ලෝකේ ( තුන් වෙනි ලෝකෙත් කියෙන්නෙ මේ ලෝකෙම තමයි) රටවල් කියල. දැන් අපිට ඒ ශිෂයත්ව හමුවෙන්නෙ නැහැ. හේතුව තමයි නූතන දර්ශක වලින් අපි තුන්වෙනි ලෝකේ රටවල් අතරින් අයින් වෙලාලු. දැන් ඉතින් ශිෂ්‍යත්වත් නැහැ ඕං....
ReplyDeleteඅනිත් කාරණේ ගත්තොත් රජයේ සෙවයේ උසස්ම විධායක නිලය පරිපාලන සේවා විතරක්ම නෙමෙයි...
විදේශ සේවා
තක්සේරු නිලධාරි
බදු නිලධාරී
ගොවිජන සේවා නිලධාරී(ඩීඕ)
ගණකාදිතාරී
විද්‍යාත්මක සේවය
නගේ විවිධ අංශ තියනව..........
අනිත් කාරණේ තමයි දැන් දැන් නිකම් පුටු රත්කරන රජයේ නිලධාරීන්ට ගෙදර යන්න වෙන තත්ත්වයක් උූදාවෙලා තියෙනව...
පරිගණක වැජසටහන් රාජ්‍ය සේවයේ හැම අංශයකටම ස්ථාපිත වෙලා තියෙනව......
බය වෙන්න එපා පරණ උදවිය ටික යික යික විස්ථාපනය වෙලා ගියහම තමයි නියම ගුණාංග ටික දකින්න පුලුවන් වෙන්නේ......
හැබැයි ඉතින් ඔය කියන සහා ක්‍රමයෙන් නම් ගොඩාක් ගැටලු නිර්මාණය වේවි.........
ReplyDeleteමොකද ගැමියන්ගෙ වැඩ .. ආහ් ඕක මට නෙමෙයි ග්‍රා.නිට දෙන්න කියාවි. ග්‍රා.නි ගාවට ගියහම කියාවි ... ඉස්සර මම තමයි දැන් මගේ විෂයට ඕව නැහැ කියාවි.....අමාරුවෙ වැටෙන්නේ අහිංසක ගැමිය....
අනික ... අපි ආයෙත් ආපස්සට යැමක් වෙනව මෙතනදි... මොකද කියනව නම් ඔයා ගම් සඔා තිබ්බෙ ඉස්සර නේද...
අනික රජයේ කාර්යාල වල වැඩ නොකරනම කොටස තමයි ස්කීම් එකෙන් ගත්ත උපාධි දාරීන්...
ලියුමක්වත් හදාගන්න බැරි වුනාත් ගෙම්බර් නම් බලන්න ඕන...
මෙහෙම කියන මාත් උපාධිදාරී තමයි...:D
දනෙනෙත් නැහනෙ මේ වෙනකල්. ගමේ වැඩ කෙසේ වෙතත් අර සමුර්දි නියාමකලා වගේ දේශපාලුවන්ට කඩේ යන නිලයක් වෙයි වගේ මේකත්
ReplyDeleteආසියාවෙ සෑම රටකම ( සිංගප්පූරුවේ හැර ) රජයෙ සේවය යනු හොර ගුහා බව මම අවධාරනයෙන් කියමි. එයට හේතුව ජනතාවගේ ආකල්ප මිස ක්‍රමයේ වැරැද්ද නොවේ. රජයේ සේවයෙ හොරු ගැන කතා කරමින් අපි කරන සුළු සළු නීතිවිරෝධී වැඩ කොතෙක් ඇද්ද. සිතා බලන්න! මෙහි වගකීම අපගේමය. මෙය වෙනස් කරන්නේ කෙසේද යන්න මා නොදනිමි. එහෙත් පුද්ගලිකව මා අතින් සිදුවන හෝ සිදු කරණ වැරදි අඩුපාඩු අවම කරගැනීමට හැකි සෑම විටම උත්සාහ ගනිමි.
ReplyDelete"හැබැයි ඉතින් ආණ්ඩුවේ ජොබක් තියනවා නම් ආතල් එකේ ඉන්න තිබුණා. ආතල් කිව්වේ ෆුල් ෆන් එකේ හෙවත් එදා වේල ලෙව කාගෙන"
ReplyDeletewenasak nehe..
@mymrna
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට
@Shiroshan Randika
ඔය කියන එවා වෙයිද කියලා කවුද මල්ලි දන්නේ
@වත්
ස්තුතියි ප්‍රතිචාරයට
දිරිග අදහස් දැක්වීමට හා .... වත්මන් රාජ්‍ය ආයතන වල තත්වය පැහැදිලි කලාට තුති
@පිස්සා පලාමල්ල
ස්තුතියි ප්‍රතිචාරයට
ඔයිට වඩා දේවල් තියනවා රජයේ රැකියා දෙන විදිහේ
@ඉන්දික උපශාන්ත
ස්තුතියි ප්‍රතිචාරයට
ඒක ඇත්ත අපට පුලුවන් උපරිමය කරන එක තමයි වඩා හොඳ
අනේ අම්මපා නිකන් ඉන්න වෙලාවට අපේ වැපාටත් හිතෙන දේවල්. කොහොම උනත් කතාවෙනම් ලොකු ඇත්තක් තියෙනවා.
ReplyDeleteමමත් දන්න විදියට ලකාවේ අධ්‍යාපනය පොතට විතරයි කිසිම ආකාරයේ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නේ නැ ඒක මෙහෙමයි ඉස්සර ඒ කාලේට ගැලපෙන විදියට අධ්‍යාපන ක්‍රමය තිබ්බට වර්ථමානයට ඒක හැඩ ගැහිලා නැ ඒක ලොකු අඩුපාඩුවක් ලංකාවේ ප්‍රායෝගික පුහුණුව උපරිමව තියෙන ගුණාත්මක පාඨමාලා 2කයි තියෙන්නේ ඒ NDT පාඨමාලාව හා Lanka German Tech පාඨමාලාවයි මේ දෙකටම ලොකේ හොද ඉල්ලුමක් තියෙනවා ඒත් කාගේ හරි වැරැද්දෙන් දැන් Lanka German Tech එකත් වහලා NDT පාඨමාලාවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් අයින් කරන්න හදනවා HNDE/TTI කාර්මික විද්‍යාල වල පාඨමාලා තමයි අපේ රටට අවශ්‍ය අපි ඒ අනුවයි වැඩ කරන්න ඕන
ReplyDeleteග්‍රාමසේවක විතරක් නෙමෙයි රටේ තියෙන ඔක්කොම ආයතන වල තනතුරු කඩලා තමයි අලුතින් පත්වීම් දෙන්නෙ.. :D
ReplyDeleteගමක් බලාගන්න ඉන්න ගොඩාක් කට්ටිය දාල නේ තියෙන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ හිටිය රටට එක ගමක් බලාගන්න රජයෙන් මෙච්චර කට්ටිය දැම්මේ නැත්නම් තමා පුදුමේ :)
ReplyDelete@අනුරාධ
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට
හි හි අනික් දවසේ මොකක් හරි වැඩක් හොය ගන්න ඔනා හිකිස්
@ගයන්ත
ස්තුතියි ප්‍රතිචාරයට
ඒක ඇත්ත තමයි ... අලුත් එව්වා කෙසේ වෙතත් තියන එව්වා බෙදන්න දක්ෂයෝ
@Hasitha
ස්තුතියි ප්‍රතිචාරයට
හිහි ..එවාගේද අපේ ගම් දියුණු වෙද්දි ...
මෙහෙම බැලුවම පිට රස්සා නැති වේවි ලංකාවේ... හික්zZz
ReplyDelete@සෝරෝ
ReplyDeleteහිකිස්
මේකට වරද පටවන්න ඕනි ආන්ඩුවටද නැත්නම් මේ පිණටම අධ්‍යාපනය ලබලා රස්සාවලුත් පිණටම බලාපොරොත්තුවෙන අපේම බුද්ධිමතුන්ටද කියන එක තමයි ප්‍රශ්ණෙ. ස්වයං රැකියාවක් හරි තමුන් ඉගෙනගත් දෙයින් ව්‍යාපාරයක් හරි කරන්න කීයෙන් කීදෙනයිද කැමති? මේ පිනට කන මානසිකත්වය නැතිකරනකම් රට දියුණුකොරනව නම් බොරු.
ReplyDeleteWath කියන කතන්දරේ යම් ප්‍රමාණයකට ඇත්ත. අපේ රට දැන් මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්. ඒ හින්දා තමයි විදේශ ආධාර පවා අඩුවෙලා ණය හෙම ගන්න වෙලා තියෙන්නේ. හැබැයි ඔයා කියපු බදු නිලධාරීන්, කෘෂි නිලධාරීන් මාණ්ඩලික (staff) නිලධාරීන් මිස විධායක (executive) නිලධාරීන් නෙවෙයි. තාමත් උපාධිධාරි තරඟකාරී විභාග වලින් රජයේ ඉහලම පිලිගැනීම තියෙන්නේ වැප් කියපු පරිපාලන සේවාවට තමයි, මොකද ඒකෙන් තමයි ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යංශ ලේකම් වගේ තනතුරුත් පුරවන්නේ. ඒත් වෛද්‍ය, විදේශ වගේ තවත් ඒ හා සම මට්ටමේ සේවාවලුත් තියෙනවා.