Sunday, July 18, 2010

රාවණ රාජ්‍යයේ මහා උත්සවය

සඳින් සඳ මෝදු‍ වී අහස් කුස බබළවා සඳකැන් පොළව මත පතිත කරනා ඒ පුර සඳ පායා ඇති සොඳුරු රාත්‍රියේ ලක් වාසී පින්වන්ත ජනයා ලහි ලහියේ සැරසෙමින් සිටින්නේ, හෙට දිනට උදා වන්නාවු, අප මහා රාජෝත්තමයන් වුද, ලක් භුමියට භුපල් වූද, සකල ලංකාපුරයටම මහරජ වුද, මහත් වු තේජසින් ආඩ්‍ය වුද, ගාම්භිර වූද, වාසනාවන්ත පින්වන්ත වූද අපේ මහා රජානණ් වු අති ශ්‍රේෂ්ට, අති උත්තම රාවණ රාජෝත්තමයන්ගේ නැගෙණිය විදේස් සංචාරයකට පිටත්ව යාම නිමිති කොට ගෙන, සකල වාසී ලාංකීකයෝ සමගින්ද, ලාංකා රාජ්‍යයේ රාජ අනුග්‍රහය ඇතිවද, විදෙස් රාජ්‍යන්ගේ සම්භාවනීය ආරාධනයෙන්ද, එක් සිත්ව එකා මෙන්ම , ලාංකා මෑත ඉතිහාසයේ මහත් වු අලංකරණයෙන්ද, උත්වත්ශ්‍රීයෙන්ද, සැනකෙළියක අර්තයෙන්ද, රටවාසීන් සියල්ලම ප්‍රීති ප්‍රොමෝදයෙන්ද, අමන්නාදනයෙන්ද, මුසපත් කරන්නට සැරසෙන්නා වු ඒ මහා උත්සවය මුලු හදින්ම, හද බැතියෙන්ම, අප මහා රාවණ රාජෝත්තමයානන්ට කරන ගරු සැලකීල්ලක්, රාජ්‍යයට අවනත වීමක්, රාජ්‍යට පක්ෂපාති බව ඇඟවීම යන කරුණු එකා මෙන්ද, රට වැසියන් යන නියමයෙන්ද, ඒ අති උත්තම සකල විද ජය ගත් මහා බලැති, මහා බලානු සම්පන්න ලාංකා රාජ්‍යයේ මුල්ම පුරුවැසි වුද, රාවණ රජ්‍යයේ නිර්මාතෘ වුද, ලොව ජය ගත් මහා රජාණන් වු අප පින්වන්ත රාවණ රජුගේ රාජ මගපෙන්වීමනේද, මහාමත්‍ය ප්‍රමුඛ අන්‍ය රාජකීයන්ගේ අවසරයෙන්ද, ඒ වාසනාවන්ත පින්බර දිනය උදාවන්නේ, පෙර සිරිතට අනුව හෙවත් මෙතෙක් කල් රැකගත් සම්ප්‍රදායට ගරුකීරිම හෙවත් නිති සම්පාදනය වී ඇත්තේ මෙලෙසින් බැවින් නිසාමත්, එය පැහැදිලි කරනුයේ නම් මෙලෙසත්, "රජුගේ නැගෙණියක් යම් දිනක ප්‍රතම වතාවට විදේස් රටක සංචරනයක් යෙදෙන්නේ නම් එදිනට පෙරදින සකලවාසී රටවැසියනුත්, සියලු රාජකීයනුත්, විදෙස් මිත්‍රයිනුත්, ඒ පින්බර , මන පිනවන රූප ශ්‍රීයෙන් අග්‍ර වු වාසාවන්ත නැගෙණිය වෙනුවෙන් එක්ව එක් සිතින් එක් හඬින්, යොදාගත් සංචාරයට සුබ පැතීම, ආශිර්වාද කීරිම, උපෙදෙස් දීම හා එය සාර්තත්වයට පැමිණෙනු ඇතැයි කියන විශ්වාසයෙන්ද, අරමුණින්ද, ඒකායන පරමාර්තයෙන්ද උත්වයක් පවත්වන්නේය", එලෙස සඳහන් කල පරිදිම ‍තවත් මොහොතකින් ලාංකා භූමිය පතිත වන්නා වු අලුත් හිරු කිරණයෙන්ද, සූර්ය රශ්මියෙන්ද, නහවමින් ඒ සුබ දිනය සුබ නැකැතින් උදාවනු ඇත.




උදා හිරු කිරනින් හැඩ වැඩ දැමු ප්‍රධාන නගරය බබළවමින් දිලිසෙමින්, ලාංකා රජ්‍යයත් එහි වැසියනුත් බලාපොරොත්තු වුද, පැතුවා වූද ඒ මහා උත්සවය ඈරබුම සනිටුවන් කරනුයේ, අඩි 42000 ක් ඉහල ආකාසේ සිට මල් ඉසිමින් රාජකීය ලිලාවෙන් අඔර සිසාරා හැඩ වැඩ වෙමින් පියාසරන රාවණ රාජ්‍යයේ මහා නිර්මාණය වු දඬුමොනර හෙවත් ආකාසයේ ගමන් කල හැකි, අහස් කුස ජයගත් අහස් යනා ත්‍රිත්වයක් ලාංකා අහස් කුස තම ග්‍රහනයට ගෙන ඒ කොන මේකොන පියසර කරමිනි. 'කොහොම්බගම' වරියපොලින් එක් යානයක්ද, 'බිගන්තලාව' වාරියපොලින් තවත් යනා දෙකක්ද මෙසේ අහස්කුසට නැග හැඩ වැඩ දමද්දි, රටවැසියයෝ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දමයට පත්වී වැල නොකැඩී, එකෙක් පස එකා පොරකමින්, විසිවෙමින්, හනිකෙන් මේ නගරයේ ප්‍රදාන උත්සව භූමියට ගමන් කරති. මහා ජන සමුහය, එක් තැන් කරන්නටම සැකසු ඒ මහා භූමිය වු කලී වසරට පමණ පෙර උත්සවය සඳහා, උත්සව භුමිය සැකසිම පිණිස වසා දෑමු ප්‍රධන වරියපොලයි. එක් වර යාන සියයක පමණ මෙහෙයුම් කල හැකි මේම භුමියම මෙයට තොරාගනු ලැ‍බුවේ එහි ඇති ඉඩ කඩ නිසමය. ප්‍රධාන වරියපොල තාවකාලිකව වසා දැමිම කරනු ලැබුවේ එවැනි තවත් වරියපොල දෙකක් රජ්‍යයේ දෙකොනේ තැනීමෙන් අනතරුවය. නෙඑසේ නම් රට අභ්‍යන්තරයේ ගමනා ගමනය අඩාල වී රටවැසියා අපහසුතාවයට පත් විම නොවැලැක්විය හැකි විය. එහෙයින් අප රාජ්‍යයේ මහාරජු වු රාවණ රජුගේ දුර දක්නා නුවනින්, ස්තානොචිත ප්‍රඥ්ඥාවේ මහිමයෙන් ලංකා රජ්‍ය සඳහා තවත් 'වාරියපොල' දෙකක් හිමි විය.


හිරු පායා හෝරා දෙකක් ගෙවෙන තැන, ලාලිත්‍යයෙන් අග්‍රවුද, සියුමැලි බවින් සුපසන් වූද, නිහතමානීත්වයෙන් දෙවෙනි නොවුද, රූසපුවෙන් මෙතුවක් කල් ප්‍රථමයා වුද, ආඩම්බරය අතින් උසුලාගත්තා වුද, ලාංකා රාජ්‍යයේ සිරියාකාන්තාව වූද, ලක්රාජ්‍යයේ වාසනාවන්තිය වුද, පින්බර මනුසත් දෙවඟන වූද, අප මහා රාවණ රජුගේ නැගෙණිය පරිවාර කාන්තාවන් පිරිවරා, උත්සව භුමියම එකාලෝක කරමින්, බබළවමින්, වරිණවත් කරමින්, රට කොනින් පැමීන ජනයාද, රට අභ්‍යන්තරයෙන් පැමිණි ජනයාද, නගරවාසීන්ද, සියලු සකලවිද ජනී ජනයාද මොහොතකට තම ග්‍රහණයට ගනිමින් උත්සව භුමීය දැඩි නිශ්ෂබ්ද තාවයකට පත් කරමින් මෙසේ ප්‍රධාන පිටිකාවේ හිමි අසුනේ සීරුවෙන් අසුන් ගත්තේ, තම අයියණ්ඩය වූද රජ්‍යයේ භාරකාරයා වූද අප මහා රාජෝත්තමයානන් වූ රාවණ රජු කොහේ දැයි සොය බලමිනි. පොරකමින් තෙරපෙමින් බැන අඩගසිමන් සකලවිද ජනී ජන‍යා දුප්පත්, පොහොසත් කුල හීන, කුලවත් යන පුහුදුන් කරුණු පසෙක ලමින් මෙසේ ප්‍රධාන පිටිකාව දෙසට ගමන් කරනුයේ ඒ සුපින්වත් පින්වත් කරුණාබර ශ්‍රීයා කාන්තාව වූ රාවණ රාජ්‍යයේ රාජ කුමරිය වු රාවණ රජුගේ නැගෙනිය දැක බලා සතුටු වීමටය. තරුණ ගැටව් කල්ලි ගැසී, මැදි වියේ හා මහලු ජනයාට උසුලු විසුලු කරමින් පොරකමින් ඉදිරියෙන් ඉදිරියට යමින්, ලංකා රජ්‍යයේ පින්බර දෙවඟන දැක බලා සතුටු විමේ අරමුනින් හනි හනිකට ඉක්මන් ගමනින් අන් අය පසෙක ලමින් තව තවත් ප්‍රධාන පිටිකාව වෙත ලං ලං වෙයි. වචනයක් කතා කිරිමේ වාසනවා නොලත් තරණ කොල්ලලෝ, ඇය දැක බලා සතුටු වි පසෙක ඇති මතින් මත් වී භමණය වෙමින් රිසිසේ විනෝදයෙන්, සතුටෙන් හා මහත් වු විනෝදකාමිත්වයෙන් නැවතත් ප්‍රධාන පිටිකාවෙන් ඈත් වී යයි.



තරුණ මදයෙන්ද, රූප ශ්‍රීයෙන්ද අග්‍රගන්‍ය තරුණ වියේ සතුට බුක්ති විඳින ඇය, සිදුවන සියල්ල මෙසේ අසුනේ සිට දැක බලමින් සිටින මොහොතේ, ඉතා ඔනෑ කමින් පැමිණ සිටින, විනෝද වන , මහත් ප්‍රීතියෙන් සිටින ජනයා අතරින්, එක් රුවක් දෙස මහත් ඔනෑ කමින් බලා සිටිනුයේ, ඇය දෙස බලා සිටින තරුණ ගැටව් ඇස් පිය නොහෙලා බලා සිටින්නාක් මෙනි.


මෙය වුකලී ඇයගේ ප්‍රේමවෘතාන්තයේ පටන් ගැන්මද?

මෙම් කතාව මීටත් වඩා රසවත්ව රිසි පරිදි ගෙතීමට හැකි අයට ආරාධනා කරමි ....

වැප්

19 comments:

Shadow/හේමලයා said...

නියම ලියවිල්ලක්.......:))

wath said...

ආරම්භයක් පමණි. ඉදිරිය අවිනිශ්චිතයි.

Kanishka | කණියා said...

මෙලෝ බම්බුවක් තේරෙන්නෑ :D :D

Shiroshan Randika said...

අතිශයොක්තියේ උපරිමයට ගිහිල්ලා. මරු ලියවිල්ල!වෙනම වෙලාවක් වෙන් කරගෙන කියවන්න වෙනවා. ඊට පස්සේ තමා තේරුම් ගන්න වෙන්නේ. එළ!

ඉන්දික උපශාන්ත said...

තාම ටිකක් අන්ධභූත ගතියයි මේ එකල ද මෙකල කියල හිතාගන්න බැරුව! බස රසවත්...දිගටම ලියන්න.

වැම්පයර් said...

මරු.. පොඩ්ඩක් ඡේද බෙදිල්ල තව සුට්ටක් වැඩි කළා නම් මරේ මරු!

කර්තෘ said...

මේක කොපි කරගත්ත තැනත් සඳහන් කළානම් තමා වටින්නෙ. (යටින් කොමන්ට් එකක් විදියටවත් දාන්න)

sampathjt said...

අමුතුම ලිපියක්..මහාවංශයේ පරිච්ඡේදයක් ද මන්දා...මරු...
කියවද්දි මතක්වුනේ 11 සිංහල පොතේ තිඹුණ "නාලගිරි දමනය"... ඒකෙත් ඔය වගේ මාර අතිශෝක්තියක් තියෙන්නේ..
ජයවේවා!!!

හෙළයා said...

සාහිත්‍යමය යෙදීම් නම් උපරිමයි වගේ....

ඒත් මේ රාම - සීතා කතාවේ ආරම්භයද ?

වැප් said...

@Shadow/හේමලයා
ප්‍රතිචාරයට තුති
නිකමට වගේ අත්හදා බැලීමක් කරලා බැලුවා :D

@wath
ප්‍රතිචාරයට තුති
අවිනිශ්චිත අනාගතය ඉදිරියෙදී මන්ම තීරණය කරනවා

@Kanishka | කණියා
ප්‍රතිචාරයට තුති
ලිව්ව මට නොතේරුනු කල උබ ගැන කවර කතාද :D

@Shiroshan Randika
ප්‍රතිචාරයට තුති
අතිශෝක්තිය නැති දෙයකින් වැඩකුත් නැහැනේ

@ඉන්දික උපශාන්ත
ප්‍රතිචාරයට තුති
ම්ම් බස හැසිරිවීම තමයි වැදගත් ... තාම ඉතින් ඇල් බෝඩ් :D

@වැම්පයර්
ප්‍රතිචාරයට තුති
ජේද කඩන්න විදිහක් නැහැ එකම වාක්‍ය යනකොට. එත් ඉතින් කරන්න තිබුණ වැඩක් තමයි

@sampathjt
ප්‍රතිචාරයට තුති
කිව්වා වගේ ආභාෂය 11 වසර සාහ්‍යත පොත තමයි. එකෙත් උම්මග්ග ජාතකය තමයි.

@හෙළයා
ඉතිහාස කතාව මට ඔන විදිහට වෙනස් කරන්න කියලා බැලුවේ ... :D

සහන් said...

මේ යස්සයට අන්දකයිප්පු කැවිලද?

නිශාචරයා Nishacharaya said...

නියමයි මචෝ, හරියට 'ගුරුළුගෝමි' 'අමාවතුර' ලිව්වා වගේ. අමාවතුරෙත් තියෙන්නෙ මේ වගේ දිග වාක්‍යනේ.

RanDil said...

දිග කියන්නේ අම්මෝ අග හරියට යද්දි මුල අමතක වෙනවානේ. 11 පංතියෙන් පස්සේ ඔය වගේ එව්වා නොකියෙව්ව එකේ ආනිසංසේ තමයි. දැන්වත් කියවන්න ඕනේ.

RanDil said...

තරුණ මදයෙන්ද, රූප ශ්‍රීයෙන්ද අග්‍රගන්‍ය තරුණ වියේ සතුට බුක්ති විඳින ඇය, සිදුවන සියල්ල මෙසේ අසුනේ සිට දැක බලමින් සිටින මොහොතේ, ඉතා ඔනෑ කමින් පැමිණ සිටින, විනෝද වන , මහත් ප්‍රීතියෙන් සිටින ජනයා අතරින්, එක් රුවක් දෙස මහත් ඔනෑ කමින් බලා සිටිනුයේ, ඇය දෙස බලා සිටින තරුණ ගැටව් ඇස් පිය නොහෙලා බලා සිටින්නාක් මෙනි.

උසින් අඩි සයකට නොඅඩු වූද, වර්ණයෙන් කාල වර්ණයට වඩා මදක් තද වර්ණයකින් වර්ණවත් වූද, අක්බඹරුවන් කේෂ වලාවන්ගෙන් මුළු හිසම ගැවසී ගත් වූද,තීක්ෂණ දෙනෙතකට හිමි කරුවූද,වර්ණනා විෂයාන්ත්‍රිකර නොවූ ඒ රූපකායට හිමි කම් කී 'වප්‍රනිස' නම් වූ කුමරා අනෙකෙකු නොව අප කවුරුත් මෙකල්හී හොඳින් හඳුනන්නා වූද,පෙර ආත්ම භවයේ ලක්ෂණම මෙකලද ප්‍රකට කරන්නා වූද, එයින් මතු අන්තර්ජාලයේ නිරතුරු සරන්නා වූද, මේ කෙලි‍ තොල්ලා 'වැප්' මය. වැප් නිශාන්තයන්මය.

කුමරියගේ මිණි කැට මෙන් බබලන්නාවූද, සිහින් අක්ෂිබැමින් අලංකෘත වූද, කාල වර්ණ අඳුන් ගල්වන්නට යෙදුනාවූද, ඉතාමත් පාරිශුද්ධවූ පැන් සේ පැහැදිලි වූද, දෙනයනයත් කුමරාගේ බොර පැහැ ගැන්වී තිබුනාවූද, ඝණවූ ඇහිබැමින් තේජමාන වූද, කේසර සිංහයෙකුගේ සේ තීක්ෂණ වූද නයන යුග්මයත් එකිනෙක ගැටී පැටලී වෙලී සිටින මොහොතේ කුමරියගේ ‍සහෝදර වූ මහත් වු තේජසින් ආඩ්‍ය වුද, ගාම්භිර වූද, වාසනාවන්ත පින්වන්ත වූද අපේ මහා රජානණ් වු අති ශ්‍රේෂ්ට, අති උත්තම රාවණ රාජෝත්තමයන්ගේ දෙනෙතට මේ දසුන හසු විය. මෙයින් දණ්ඩෙන් පහරලත් ආශිර්විෂයයකු සේ කිපී ගත් අප මහා රජානන් වහන්සේ එක කඩු පහරින් ඒ කුල කුමරුවාගේ හිස කපා හෙලූ බැවින් උන් අසුරු සැනෙකින් දිව්‍යලෝක ගතවීය. අනතුරුව බොහෝ කාලයක් එහි සුර ලඳුන් හා කෙලිදෙලෙන් සැරි සැරීමෙන් පසු අන්තර්ජාලයේ සැරි සැරීමට අවැසි බැවින්ද, දිව්‍ය ලෝකයේ එවන් දේ නොමැති බැවින්ද, මෙපුර බැස ක්ෂීරබැතපුරවරයේ පිංවත් මව් කෙනෙකුගේ කුස ඔත්තේය. උන් අද දින මේ පවසන්නට යෙදෙන්නේ උන්ගේ අතීත බැව් පුවතයි.

තනෝජා රාජපක්‍ෂ said...

අනේ මන්දා යන්තම් එක් ඡේදයක් නම් කියව ගත්තා... :)

වැම්පයර් said...

අප්පටසිරි බොල.. තනි වාක්‍ය නේන්නම්... :)

änthräX said...

බලං ගියාම වැප් ළමයා multi talented පොරක් නෙ. ;)

වැප් said...

@සහන්
ප්‍රතිචාරයට තුති
එ‍කනේ බන්

@RanDil
ආ ඔය තියෙන්නේ මට මඩ ගහලා නියෙමෙට

@තනෝජා රාජපක්‍ෂ
ප්‍රතිචාරයට තුති
මදෑ එක්ක කියව ගත්තා :D

@වැම්පයර්
ප්‍රතිචාරයට තුති
එකනේ මචෝ ........

@änthräX
ප්‍රතිචාරයට තුති
හිකිස් :D

අනුරාධ said...

අපොයි කවුරු හ‍රි මට වතුර ටිකක් දීපියෝ.... මට කලන්තෙට එන්න වගේ....

Post a Comment