උදා හිරු කිරනින් හැඩ වැඩ දැමු ප්‍රධාන නගරය බබළවමින් දිලිසෙමින්, ලාංකා රජ්‍යයත් එහි වැසියනුත් බලාපොරොත්තු වුද, පැතුවා වූද ඒ මහා උත්සවය ඈරබුම සනිටුවන් කරනුයේ, අඩි 42000 ක් ඉහල ආකාසේ සිට මල් ඉසිමින් රාජකීය ලිලාවෙන් අඔර සිසාරා හැඩ වැඩ වෙමින් පියාසරන රාවණ රාජ්‍යයේ මහා නිර්මාණය වු දඬුමොනර හෙවත් ආකාසයේ ගමන් කල හැකි, අහස් කුස ජයගත් අහස් යනා ත්‍රිත්වයක් ලාංකා අහස් කුස තම ග්‍රහනයට ගෙන ඒ කොන මේකොන පියසර කරමිනි. 'කොහොම්බගම' වරියපොලින් එක් යානයක්ද, 'බිගන්තලාව' වාරියපොලින් තවත් යනා දෙකක්ද මෙසේ අහස්කුසට නැග හැඩ වැඩ දමද්දි, රටවැසියයෝ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දමයට පත්වී වැල නොකැඩී, එකෙක් පස එකා පොරකමින්, විසිවෙමින්, හනිකෙන් මේ නගරයේ ප්‍රදාන උත්සව භූමියට ගමන් කරති. මහා ජන සමුහය, එක් තැන් කරන්නටම සැකසු ඒ මහා භූමිය වු කලී වසරට පමණ පෙර උත්සවය සඳහා, උත්සව භුමිය සැකසිම පිණිස වසා දෑමු ප්‍රධන වරියපොලයි. එක් වර යාන සියයක පමණ මෙහෙයුම් කල හැකි මේම භුමියම මෙයට තොරාගනු ලැබුවේ එහි ඇති ඉඩ කඩ නිසමය. ප්‍රධාන වරියපොල තාවකාලිකව වසා දැමිම කරනු ලැබුවේ එවැනි තවත් වරියපොල දෙකක් රජ්‍යයේ දෙකොනේ තැනීමෙන් අනතරුවය. නෙඑසේ නම් රට අභ්‍යන්තරයේ ගමනා ගමනය අඩාල වී රටවැසියා අපහසුතාවයට පත් විම නොවැලැක්විය හැකි විය. එහෙයින් අප රාජ්‍යයේ මහාරජු වු රාවණ රජුගේ දුර දක්නා නුවනින්, ස්තානොචිත ප්‍රඥ්ඥාවේ මහිමයෙන් ලංකා රජ්‍ය සඳහා තවත් 'වාරියපොල' දෙකක් හිමි විය.
හිරු පායා හෝරා දෙකක් ගෙවෙන තැන, ලාලිත්‍යයෙන් අග්‍රවුද, සියුමැලි බවින් සුපසන් වූද, නිහතමානීත්වයෙන් දෙවෙනි නොවුද, රූසපුවෙන් මෙතුවක් කල් ප්‍රථමයා වුද, ආඩම්බරය අතින් උසුලාගත්තා වුද, ලාංකා රාජ්‍යයේ සිරියාකාන්තාව වූද, ලක්රාජ්‍යයේ වාසනාවන්තිය වුද, පින්බර මනුසත් දෙවඟන වූද, අප මහා රාවණ රජුගේ නැගෙණිය පරිවාර කාන්තාවන් පිරිවරා, උත්සව භුමියම එකාලෝක කරමින්, බබළවමින්, වරිණවත් කරමින්, රට කොනින් පැමීන ජනයාද, රට අභ්‍යන්තරයෙන් පැමිණි ජනයාද, නගරවාසීන්ද, සියලු සකලවිද ජනී ජනයාද මොහොතකට තම ග්‍රහණයට ගනිමින් උත්සව භුමීය දැඩි නිශ්ෂබ්ද තාවයකට පත් කරමින් මෙසේ ප්‍රධාන පිටිකාවේ හිමි අසුනේ සීරුවෙන් අසුන් ගත්තේ, තම අයියණ්ඩය වූද රජ්‍යයේ භාරකාරයා වූද අප මහා රාජෝත්තමයානන් වූ රාවණ රජු කොහේ දැයි සොය බලමිනි. පොරකමින් තෙරපෙමින් බැන අඩගසිමන් සකලවිද ජනී ජනයා දුප්පත්, පොහොසත් කුල හීන, කුලවත් යන පුහුදුන් කරුණු පසෙක ලමින් මෙසේ ප්‍රධාන පිටිකාව දෙසට ගමන් කරනුයේ ඒ සුපින්වත් පින්වත් කරුණාබර ශ්‍රීයා කාන්තාව වූ රාවණ රාජ්‍යයේ රාජ කුමරිය වු රාවණ රජුගේ නැගෙනිය දැක බලා සතුටු වීමටය. තරුණ ගැටව් කල්ලි ගැසී, මැදි වියේ හා මහලු ජනයාට උසුලු විසුලු කරමින් පොරකමින් ඉදිරියෙන් ඉදිරියට යමින්, ලංකා රජ්‍යයේ පින්බර දෙවඟන දැක බලා සතුටු විමේ අරමුනින් හනි හනිකට ඉක්මන් ගමනින් අන් අය පසෙක ලමින් තව තවත් ප්‍රධාන පිටිකාව වෙත ලං ලං වෙයි. වචනයක් කතා කිරිමේ වාසනවා නොලත් තරණ කොල්ලලෝ, ඇය දැක බලා සතුටු වි පසෙක ඇති මතින් මත් වී භමණය වෙමින් රිසිසේ විනෝදයෙන්, සතුටෙන් හා මහත් වු විනෝදකාමිත්වයෙන් නැවතත් ප්‍රධාන පිටිකාවෙන් ඈත් වී යයි.
තරුණ මදයෙන්ද, රූප ශ්‍රීයෙන්ද අග්‍රගන්‍ය තරුණ වියේ සතුට බුක්ති විඳින ඇය, සිදුවන සියල්ල මෙසේ අසුනේ සිට දැක බලමින් සිටින මොහොතේ, ඉතා ඔනෑ කමින් පැමිණ සිටින, විනෝද වන , මහත් ප්‍රීතියෙන් සිටින ජනයා අතරින්, එක් රුවක් දෙස මහත් ඔනෑ කමින් බලා සිටිනුයේ, ඇය දෙස බලා සිටින තරුණ ගැටව් ඇස් පිය නොහෙලා බලා සිටින්නාක් මෙනි.
මෙය වුකලී ඇයගේ ප්‍රේමවෘතාන්තයේ පටන් ගැන්මද?
මෙම් කතාව මීටත් වඩා රසවත්ව රිසි පරිදි ගෙතීමට හැකි අයට ආරාධනා කරමි ....
වැප්
නියම ලියවිල්ලක්.......:))
ReplyDeleteආරම්භයක් පමණි. ඉදිරිය අවිනිශ්චිතයි.
ReplyDeleteමෙලෝ බම්බුවක් තේරෙන්නෑ :D :D
ReplyDeleteඅතිශයොක්තියේ උපරිමයට ගිහිල්ලා. මරු ලියවිල්ල!වෙනම වෙලාවක් වෙන් කරගෙන කියවන්න වෙනවා. ඊට පස්සේ තමා තේරුම් ගන්න වෙන්නේ. එළ!
ReplyDeleteතාම ටිකක් අන්ධභූත ගතියයි මේ එකල ද මෙකල කියල හිතාගන්න බැරුව! බස රසවත්...දිගටම ලියන්න.
ReplyDeleteමරු.. පොඩ්ඩක් ඡේද බෙදිල්ල තව සුට්ටක් වැඩි කළා නම් මරේ මරු!
ReplyDeleteමේක කොපි කරගත්ත තැනත් සඳහන් කළානම් තමා වටින්නෙ. (යටින් කොමන්ට් එකක් විදියටවත් දාන්න)
ReplyDeleteඅමුතුම ලිපියක්..මහාවංශයේ පරිච්ඡේදයක් ද මන්දා...මරු...
ReplyDeleteකියවද්දි මතක්වුනේ 11 සිංහල පොතේ තිඹුණ "නාලගිරි දමනය"... ඒකෙත් ඔය වගේ මාර අතිශෝක්තියක් තියෙන්නේ..
ජයවේවා!!!
සාහිත්‍යමය යෙදීම් නම් උපරිමයි වගේ....
ReplyDeleteඒත් මේ රාම - සීතා කතාවේ ආරම්භයද ?
@Shadow/හේමලයා
ReplyDeleteප්‍රතිචාරයට තුති
නිකමට වගේ අත්හදා බැලීමක් කරලා බැලුවා :D
@wath
ප්‍රතිචාරයට තුති
අවිනිශ්චිත අනාගතය ඉදිරියෙදී මන්ම තීරණය කරනවා
@Kanishka | කණියා
ප්‍රතිචාරයට තුති
ලිව්ව මට නොතේරුනු කල උබ ගැන කවර කතාද :D
@Shiroshan Randika
ප්‍රතිචාරයට තුති
අතිශෝක්තිය නැති දෙයකින් වැඩකුත් නැහැනේ
@ඉන්දික උපශාන්ත
ප්‍රතිචාරයට තුති
ම්ම් බස හැසිරිවීම තමයි වැදගත් ... තාම ඉතින් ඇල් බෝඩ් :D
@වැම්පයර්
ප්‍රතිචාරයට තුති
ජේද කඩන්න විදිහක් නැහැ එකම වාක්‍ය යනකොට. එත් ඉතින් කරන්න තිබුණ වැඩක් තමයි
@sampathjt
ප්‍රතිචාරයට තුති
කිව්වා වගේ ආභාෂය 11 වසර සාහ්‍යත පොත තමයි. එකෙත් උම්මග්ග ජාතකය තමයි.
@හෙළයා
ඉතිහාස කතාව මට ඔන විදිහට වෙනස් කරන්න කියලා බැලුවේ ... :D
මේ යස්සයට අන්දකයිප්පු කැවිලද?
ReplyDeleteනියමයි මචෝ, හරියට 'ගුරුළුගෝමි' 'අමාවතුර' ලිව්වා වගේ. අමාවතුරෙත් තියෙන්නෙ මේ වගේ දිග වාක්‍යනේ.
ReplyDeleteදිග කියන්නේ අම්මෝ අග හරියට යද්දි මුල අමතක වෙනවානේ. 11 පංතියෙන් පස්සේ ඔය වගේ එව්වා නොකියෙව්ව එකේ ආනිසංසේ තමයි. දැන්වත් කියවන්න ඕනේ.
ReplyDeleteතරුණ මදයෙන්ද, රූප ශ්‍රීයෙන්ද අග්‍රගන්‍ය තරුණ වියේ සතුට බුක්ති විඳින ඇය, සිදුවන සියල්ල මෙසේ අසුනේ සිට දැක බලමින් සිටින මොහොතේ, ඉතා ඔනෑ කමින් පැමිණ සිටින, විනෝද වන , මහත් ප්‍රීතියෙන් සිටින ජනයා අතරින්, එක් රුවක් දෙස මහත් ඔනෑ කමින් බලා සිටිනුයේ, ඇය දෙස බලා සිටින තරුණ ගැටව් ඇස් පිය නොහෙලා බලා සිටින්නාක් මෙනි.
ReplyDeleteඋසින් අඩි සයකට නොඅඩු වූද, වර්ණයෙන් කාල වර්ණයට වඩා මදක් තද වර්ණයකින් වර්ණවත් වූද, අක්බඹරුවන් කේෂ වලාවන්ගෙන් මුළු හිසම ගැවසී ගත් වූද,තීක්ෂණ දෙනෙතකට හිමි කරුවූද,වර්ණනා විෂයාන්ත්‍රිකර නොවූ ඒ රූපකායට හිමි කම් කී 'වප්‍රනිස' නම් වූ කුමරා අනෙකෙකු නොව අප කවුරුත් මෙකල්හී හොඳින් හඳුනන්නා වූද,පෙර ආත්ම භවයේ ලක්ෂණම මෙකලද ප්‍රකට කරන්නා වූද, එයින් මතු අන්තර්ජාලයේ නිරතුරු සරන්නා වූද, මේ කෙලි තොල්ලා 'වැප්' මය. වැප් නිශාන්තයන්මය.
කුමරියගේ මිණි කැට මෙන් බබලන්නාවූද, සිහින් අක්ෂිබැමින් අලංකෘත වූද, කාල වර්ණ අඳුන් ගල්වන්නට යෙදුනාවූද, ඉතාමත් පාරිශුද්ධවූ පැන් සේ පැහැදිලි වූද, දෙනයනයත් කුමරාගේ බොර පැහැ ගැන්වී තිබුනාවූද, ඝණවූ ඇහිබැමින් තේජමාන වූද, කේසර සිංහයෙකුගේ සේ තීක්ෂණ වූද නයන යුග්මයත් එකිනෙක ගැටී පැටලී වෙලී සිටින මොහොතේ කුමරියගේ සහෝදර වූ මහත් වු තේජසින් ආඩ්‍ය වුද, ගාම්භිර වූද, වාසනාවන්ත පින්වන්ත වූද අපේ මහා රජානණ් වු අති ශ්‍රේෂ්ට, අති උත්තම රාවණ රාජෝත්තමයන්ගේ දෙනෙතට මේ දසුන හසු විය. මෙයින් දණ්ඩෙන් පහරලත් ආශිර්විෂයයකු සේ කිපී ගත් අප මහා රජානන් වහන්සේ එක කඩු පහරින් ඒ කුල කුමරුවාගේ හිස කපා හෙලූ බැවින් උන් අසුරු සැනෙකින් දිව්‍යලෝක ගතවීය. අනතුරුව බොහෝ කාලයක් එහි සුර ලඳුන් හා කෙලිදෙලෙන් සැරි සැරීමෙන් පසු අන්තර්ජාලයේ සැරි සැරීමට අවැසි බැවින්ද, දිව්‍ය ලෝකයේ එවන් දේ නොමැති බැවින්ද, මෙපුර බැස ක්ෂීරබැතපුරවරයේ පිංවත් මව් කෙනෙකුගේ කුස ඔත්තේය. උන් අද දින මේ පවසන්නට යෙදෙන්නේ උන්ගේ අතීත බැව් පුවතයි.
අනේ මන්දා යන්තම් එක් ඡේදයක් නම් කියව ගත්තා... :)
ReplyDeleteඅප්පටසිරි බොල.. තනි වාක්‍ය නේන්නම්... :)
ReplyDeleteබලං ගියාම වැප් ළමයා multi talented පොරක් නෙ. ;)
ReplyDelete@සහන්
ReplyDeleteප්‍රතිචාරයට තුති
එකනේ බන්
@RanDil
ආ ඔය තියෙන්නේ මට මඩ ගහලා නියෙමෙට
@තනෝජා රාජපක්‍ෂ
ප්‍රතිචාරයට තුති
මදෑ එක්ක කියව ගත්තා :D
@වැම්පයර්
ප්‍රතිචාරයට තුති
එකනේ මචෝ ........
@änthräX
ප්‍රතිචාරයට තුති
හිකිස් :D
අපොයි කවුරු හරි මට වතුර ටිකක් දීපියෝ.... මට කලන්තෙට එන්න වගේ....
ReplyDelete