Thursday, July 22, 2010

වසර තුනකට පෙර සිංහල බ්ලොග් අවකාශය.

තෙරක් තොරක් නොපෙනෙන අන්තර්ජාලය තුල එහෙ මෙහෙ යනකොට අහම්බෙන් වගේ පරණ බ්ලොග් එකක් හම්බ උනා ... ඒක දිගට තව තව යද්දි තව තව එව්වා හම්බ උනා ....

එහෙම මට අහුවෙච්ච හොදයි කියලා හිතුණ ටිකක් මෙන්න.....

මේ දාල තියන ගොඩාක් අඩවි දැනට වසරක විතර වෙලේ ඉදන් කිසිම ලිපියක් ලියපු නැති එව්වා. තව ගොඩක් හම්බ උනත් මට හොදයි කියලා හිතුන ටික තමයි මේ.

දැන් මෙයාලට මොකද වෙලා තියන්නේ කියන එක තමයි මට තියන ප්‍රශ්ණය. මේවා බලපුවාහම ඒ දවස් වල ඒ කියන්නේ මීට වසර තුන හතරකට උඩදි කොහෙමද සිංහල බ්ලොග් අවකාශය හැඩ උනේ කියලා හොය ගන්න පුලුවන්. ඔවුන් එදා අමාරුවෙන් පටන් ගත්තට අද කොයි තරම් පහසුකම් අපිට තියනවද?


තව දෙයක් මට හම්බුණ ඒ පරණ බ්ලොග් අතර මං දන්න හා දැනුත් සිංහල බ්ලොග් ලියන දෙන්නෙක් ඉන්නවා

තව අය ඉන්න පුලුවන් මේ මගේ දැනුමේ හැටියට ......

වැප්

13 comments:

Shadow/හේමලයා said...

කාලය සමග හැමදේම වෙනස්වෙනවා නේද යාළුවේ......

nimanthi said...

කාලය මැව් වෙනසක අරුමේ...

හෙළයා said...

වටිනා සොයාගැනීමක්. ඉස්සරහට තව තව සිංහල බ්ලොග්කරැවෝ අන්තර්ජාලයට එකතුවෙයි. සිංහල බ්ලොග්කරණයේ පරිණාමය බලාගන්න මේවා වැදගත් වෙයි.

කාංචන said...

ඉස්ඉස්සෙලාම සිංහලෙන් blog එකක් ලියන්න පටන් ගත්තේ කවුද දන්නේ නෑ නේද? සොයාගත්තනම් වටිනවා.

පාඨකයා said...

ඒදා ලියූ බ්ලොග් සටහන් සහ අද ලියවෙන (බොහෝ) බ්ලොග් සටහන් අතර පැහැදිලි වෙනසක් දකිමි. භාෂාව, අන්තර්ගතය ක්‍රම ක්‍රමයෙන් සෝදා පාළුවට ලක් වී ඇති හැටි බලන්න...!! මේ ටික කාලයට මෙහෙම නම්.... ඉදිරියේදී මොනවා වේවිද...!?

lankablogger.info said...

අයියා ඔය සිංඩි වල නැති බ්ලොග් ගොඩක් තියෙනවා ඉස්සර ලියපුවා. ඒ සයිට් එකක මම කොමෙන්ට් දැම්මා දවසක් පසුව මට මසකට පසුව රිප්ලයි E-mail අවා මම ඔහුන්ව Gtalk add කරා අදුරගන්න. කියලා එයා කිවා බ්ලොගයට කවුරැවත් එන්නේ නැති නිසා ලියලා වැඩක් නැ කියලා එදයි මට හිතුනේ internet හිටියත් පැය 24 ම සිංඩි ගැන දන්නේ නැති අය ඉන්නවා කියලා. මිට පසු බ්ලොග් බැලුවොත් පරන අපි හැමෝම දැන් තියෙන සිංඩි වල ලින්ක් දාලා අවොත් මම හිතනවා එයාලා නැවත බ්ලොග් අවකාශයට ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා

වම් ඉවුර said...
This comment has been removed by the author.
පිස්සා පලාමල්ල said...

වටිනා සොයා ගැනීමක්, ඔව් මමත් බලන්නෙ සින්ඩි වල තියෙන ඒව විතරයි. ඒත් සින්ඩි වල නැති හුඟක් හොඳ බ්ලොග් තියෙනවා.

සෝරෝ said...

මරු හොයා ගැනීමක් නේ..
ඉඳල ඉඳල වැප් කලොත් කරන්නෙ ඔය වගේ වැඩක් නේ..

[මමත් බොහො දුරට බලන්නෙ සින්ඩි වල තියෙන බ්ලොග් විතරයි හදිසියෙන් හරි සින්ඩියක නැති බ්ලොග් එකක් දැක්කොත් නොබලා යන්නෙත් නැහැ.. මෙහෙම සින්ඩි ගැන දන්නෙ නැති අය දැනුවත් කලා නම් ලංකාබ්ලොගර් කියුවා වගේ එයාලා ලියන්න තව තව උනන්දු වේවි නේ..?]

දුකා said...

වෙලාව අඩු වැඩියෙන් ලැබෙන හැටියට තමයි ඉතිං බ්ලොග් කෙරුවාවත් මළේ . .

ගීත් (සහෘදයා) said...

මුල අමතක කට්ටියට මුල හොයා දෙන එකත් වැදගත් වැඩක්

වැප් said...

@සියල්ලටම

ප්‍රතිචාර දැක්වු සියල්ලටම තුති.

එවගේම මුලින්ම සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත කෙනා හොයාගෙන යන්න ඔනේ.

Anonymous said...

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

Post a Comment