Saturday, August 21, 2010

ත්‍රීවීල්කාරයෙක් වන්නට කැමැත්තෙමි .............

හන්දියේ ඉඳන් .......
ගමේ ඔපා දූප ටික සොයන්න ........
මිනිස්සුන්ගේ හැසිරිම් අධ්‍යනය කරන්න ...........
රටේ සියලුම සංවර්ධන කටයුතු වලට උපදෙස් දෙන්න ...........
බජාර් එකේ පක්ෂ විපක්ෂ මතවාද මත ගැටුම් ඇති කරගන්න ..............
වෙසක් එකට ගැන්සි ගැහිලා මහා බත් දන්සල් දෙන්න ..........
අතර මගදි  තවත්  හයර් එකක් යන්න ..............
ක්ෂණයෙන් උදව්වට යන්න ...........
කැමතියි මන් ...........

කොහෙද තියෙන්නේ ත්‍රීවිල් ඇබැර්තුවක්
කොම්පියුටර් කාරයෙක්ට?
කෙනෙක් ඉන්නවද ත්‍රීවිල් එකේ හයර් යන්න
හිකිස් ලොල් විතරක් දන්න?
හයර් හොයන්න පුලුවන්ද ගාස්තුව 
පේපැල් වලින් ගෙවන?
හදිස්සියට උදව් ඔනා අය ඉන්නවද
ටුවිටර් පාවිච්චි කරන?
කාටහරි ගමේ රස ඔපාදුපා ඔනේද
මේ දැන් ගුගල් කරපු?


පාර ගුගල් මැප් එකෙන් හොයන්
සින්දුවක් යුට්යුබ් එකෙන් දාගෙන
චැට්ටයක් FB බිත්තියෙන් දමාගෙන
හයර් යන්න එන්න මාත් එක්ක :D

වැප්

32 comments:

සසීන්ද්‍ර වීරසිංහ said...

හිකිස් එන්නං එන්නං

Kanishka | කණියා said...

අපේ ත්‍රීවීල් එකක් තියේ.. දවසට කීයක් දෙනවද? :D

Shadow/හේමලයා said...

පටම පට්ට...මතකද ඉස්සරෝම ආපුවායේ සවුන්ඩ් එක...."කරවල කට්ටක් කට්ටක් කට්ටා"....:)))))

Shiroshan Randika said...

වැඩේ නම් හොඳයි! හයර් එකකට ගාණ කොහොමද දන්නේ නෑ???

සසීන්ද්‍ර වීරසිංහ said...

ෆිරි කියන්නෙ

kumaraya said...

ඕක කැමැත්තෙමි .... විතරනෙ බං ....
මම ඇත්තටම වුණා ....
මට අතින් කෙලවෙන හයර් තමයි ලැබුණේ.....
බැරි තැන මම මම මිනිසුන් නිකං ගිහින් දැම්මා ....
විනෝදෙට පැදපං මං වාගේ ....
ලාබ ගැන නොහිතා ......

nimanthi said...

පාර ගූගල් එකෙන් බලන්න මහන්සි වෙන්න ඕනේ නෑ දැන් ලංකාවෙත් ජී.පී.ස්. තියනවලු.

෴ හසියා ෴ said...

පට්ටම පට්ට.....අහ් ඇවිදින කැෆේ එකක්....ඇයි දුවන රේඩියෝ වැඩේ හරියන්නේ නැද්ද......

ඉලංදාරියා said...

හේ ජොබෙක මරුකරන්න වගේ අදහස හේ ......

එකත් මරුබන් ෆන් එකේ ඉන්න් අපුලුවන්..හේ..

මේ පෙපැල් වලින් ගෙවන්න් අවිතරයි ලන්කාවේ පුලුවන් බන්......

එහ්ටකොට උබ සල්ලි ගන්නේ කොහොමද..?

හේ///

දුකා said...

adahasa hodai pahadili madi wage . . . hi hi heeeee

සම්පත් / jt said...

හ්ම්...පට්ටයි ආ....
ජයවේවා!!!

හෙළයා said...

මචං. මෙහේ ඉඳලා දිව්‍ය ලෝකෙට කීයක් ගන්නවද ?( එතන්ටම නැතත් මඟට හරි.... )


ත්‍රීවීල් රියදුරන්ට අපි හැමවෙලේම බනිනවා. ඒත් හදිස්සියකදි කවුරැත් අතදානේ වීල් එකකට තමයි. අනතුරකදි වුනත් ඉස්සෙල්ලම ඇවිත් කතා කරන්නේ ඒ මිනිස්සු. ඒකත් එක්තර විදිහක අතුරැ සමාජයක්.හොඳ නිර්මාණයක් මචං ( ඒත් අන්තිම පද කිහිපයෙන් මොකක්ද කියන්න යන්නේ කියන එක මට පොඩ්ඩක් මීටරේට ගියේ නෑ ).ඔබට ජය !

වැප් said...

@සසීන්ද්‍ර වීරසිංහ
ඉක්මනට එන්න නැත්නම් ලිස්ට් එකේ ඉඩ නැතිවෙයි

@Kanishka | කණියා
හම්බ කරන ඔක්කොම දෙනවා :D

@Shadow/හේමලයා
මතකයි මතකයි මොකද මතක නැත්තේ .....

@Shiroshan Randika
ෆීරී ‍ෆීරි ෆුල් ෆීරී

@kumaraya
එක්ත අමුතුම ජීවිතයක් වෙන්න ඇති බන්

@nimanthi
ආ ඔව්නේ එත් ඉතින් අපිට පුලුවන්ද ඒ යන්‍තර ගන්න :D

@෴ හසියා ෴
අන්න උබට තේරුණා අන්තිම කවිය ...

@ඉලංදාරියා
හැබෑ නේනම් .............. මොනවද කරන්න හයර් යන එවුන්ට මං ගෙවනවා :D

@දුකා /@හෙළයා
මම අදහස් කලේ
පළමු කවිය - ත්‍රීවිල් හැබෑ ජීවිතය
දෙවන කවිය - අපිට පුලුවන් ඒ ජීවන රටාවට අපේ දැන් ක්‍රමයත් එක්ක අනුගත වෙන්න
තුන්වන කවිය - ඉදිරියෙ එන තරුණ පරම්පාරව කොයි විදිහට ඒ ජීවිකාව කරයිද


@සම්පත් / jt
එලඑල හිටු මං උබව ෆිරි ටුවර් එකක් හෙළයත් එක්කම දිව්‍ය ලොකෙට එක්කන් යන්නනම් :D

@හෙළයා
එහෙ ගිහින් ඉතින් අයිත් යන්න වෙනවානේ අපායේ ඔන්න ඔහේ අපායටම යමු සහෝ :D දුරත් අඩුයි ගානත් අඩුයි[මම දන්න තැනනේ ] :D

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

එලකිරි concept

තිස්ස දොඩන්ගොඩ said...

මාත් ඩැයිවර් කෙනෙක් නම් සොයනවා... ඒත් වයිෆයි කොනෙක්සන් එකේ බිල, 3වීලර් ආදායමට වඩා ඉහල යයිද...?

හෙළයා said...

එහෙනම් එහාටවත් යමු. අඩුගානට යන එකේ කොහාට ගියාම මොකෝ.

වැප් said...

@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
එලකිරි වැඩක් නැහැ වරෙන් අපායට ටුවර් එක්ක යන්න හෙළයත් එක්ක

@තිස්ස අයියා
හිකිස් .......මාර සින් ... ඒ කියන්නේ මට ඒ ජොබ හරි යන්නේ නැහැ

@හෙළයා
යමු යමු .........අපි දෙන්නා විතරක් මොකෝ ........ උඩ සේට් එකමත් දාගෙන යමු :D

blog gadol said...

එලකිරි මචෝ!...අපිත් එන්නංකො ඔය ත්‍රීවීල් එකේ රවුමක් යන්න

Ansh Lucky Sri Jay said...

මගෙත් කැමැත්තක් තියෙනවා ඔය කියන ත්‍රීවිලර් එකේ ත්ව්තිසාවට යන්න.
:P

ළමයා said...

මොඩ් වූ ත්‍රීවීල් රියදුරන්ට ඇබෑර්තු නැත.. ඔවුන් තුල ඇත්තේ වෑර්ලස් එක කන පැලෙන්න දමාගෙන රෝද තුනෙන් ඉගිලෙන්නට ආසාවය.. නමුත් 205- කබල් ත්‍රීවිල් තියෙන අන්කල්ලා ඊට වඩා හොදයි!

කොළඹට අලුතින් ඇවිත් ත්‍රීව්ල් එකක යන ඈයන්ගේ අතට ජී.පී.එස් එකක් දීමනම් හොදයි.. හික්ස්

ත‍රිඳු said...

මෝල හොඳටම තද වෙලා වගේ

හසී said...

අපොයි මේ ත්‍රීවිල් එකේ යන්න පුදුම සෙනගක්නේ...මටත් ඉඩ තියේද?

වැප් said...

@blog gadol
යමු යමු මුල්ම ට්‍රිප් එක අපායට :D

@Ansh Lucky Sri Jay
ඔයාගේ කැමැත්ත පැත්තකින් තියලා ඔන්න ඔහේ යමු අපායට පුංචි ටුවර් එකක් ........ ලඟත් එක්ක අනික ෆුල් ෆීරි ............. දන්න කියන තැනනේ :D

@ළමයා
හේ හේ යමු යමු කොළඔ ගියත් එකයි අපායට කිව්ට්ටු කලාත් එකයි :D

@ත‍රිඳු
හිකිස් ....... යා යා තද වෙච්ච එකේ උබත් යමු පොඩි ටුවර් එක්ක :D

@හසී
ඉල්ලුම වැඩි අපායට හින්දා :D ඔයාටත් ඉඩ තියනවා ......

පිස්සා පලාමල්ල said...

මේක නම් පට්ට. මොඩ් වූ ත්‍රී වීල් රියදුරෙක් හි හි.... දවසෙ ගානට වඩා උබේ නෙට් කොනෙක්ශන් එකට බිල එයි යූ ටුයුබ් දාගෙන ගිහින් හික් හික්

sameeramls said...

අන්තර්ජාලයෙන් අපි හොයන්නෙත් අනුන්ගේ ඔප-දූපම තමා එක අතකට..ඒ අය මූනටම..අපි දුරින් ඉදගෙන

වැප් said...

@පිස්සා පලාමල්ල
හිකිස් ඒ වගේද මොඩ් ත්‍රීවීල් එක

@sameeramls
ඒක නම් සහතික ඇතත ......... සැරෙන් සැරේ මුහුණු පොතේ හොයන්නේ ඔපා දූප ඒ මදිවට ලැජ්ජ නැතුව ලයික් පාරකුත් දානවා :D

දුමී said...

තව අවුරුදු කීපයකින් ඔය කිව්ව වගේ ත්‍රී වීලර් එයි. ගූගුල් මැප් එකෙන් නැවිගේට් වෙන, ට්විටරේ සහ එෆ්.බී මැසේජ් වලින් හයර් හම්බවෙන සහ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවන . . . . ඉස්සර බ්ලේක් සෙවෙන් හරි ස්ටාර් ට්‍රෙක් හරි බලත්දි අපි හිතුවද මේ මොබයිල් ෆෝන් කවදාවත් එයි කියල ?

සෝරෝ said...

හෆොයි මට නම් බැහැ උඹත් එක්ක හයර් යන්න එන්න... හික්ස්... :Z

ෆා said...

අඩේ මාර සිතුවිල්ලක් නේ.. හැබෑටම අයිටී පොරක් ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් උනොත් කොහොමට තියේද?
නියමයි! හැබැයි ලොක්කෝ හයර් යන ගමන් චැට් තහනම් කොරන්ඩ වෙනවා..

බුද්ධි said...

පාර ගුගල් මැප් එකෙන් හොයන්
සින්දුවක් යුට්යුබ් එකෙන් දාගෙන
චැට්ටයක් FB බිත්තියෙන් දමාගෙන
හයර් එක ගිහිල්ලා
ඈඩ්සෙන්ස් වලින් සතේ සතේ එකතු වෙන
කවදාවත් ඉහල නොයන
පුංචි ඩොලර් දෙක තුනෙං
ගෙවලා දාන්න පුලුවං වෙයිදැ!

මාරයාගේ හෝරාව said...

යකෝ මට මෙක මග ඇරුනේ කොහොමද..?

තැන්කූ වැපෝ..බස් කතා ඉවර වෙලා පටන් ගන්න ඔන ආටා කතා..

සහන් said...

හිකිස්............. මරේ මරු

Post a Comment