Monday, August 16, 2010

අපරාදේ ඒ හීනේ .....................

එකලෙස දැනුනට හදේ තනිකමක් - කෙලෙසට පවසම් හිතේ පාලුවක්
නැතිකල සිත තුල දුක් බර හැඟුමක් - කොහොම කියන්නද රසකර ගීයක්

වෙනදා දැක නැති හැමදා විඳ නැති -   රසබර අමුතුම පැතුම් පොදක්
හෙමිහිට ගෙන මා දෝත දරා - සොයනෙමි  ඇය බව සසර පුරා

ගී පද හෙව්වා කවි පද ගෙතුවා - සිත මා හැඟුමන් ගඟුලක පා කරලා
සුලඟත් හැමුවා සුවඳත් දැනුනා - හද මා පොපියන සුසුමන් නහවා

කවදා හමු වේ කෙලෙසක හමු වේ - නිම නැති කැරකෙන සසර පුරා
හිතුවා මා හද, පැතුවා මා සිත - සැනකින් හමුවට ඇය එන්න කියා

ආ විට පවසමි, සැමදේ කියනෙමි - ලං වී හෙමිහිට ඇගේ කණට හොරා
සුව නින්දේ සුභ සිහිනේ මග අතරේ - හනිකට ගැස්සි අහැරුණි රැ තද නනිදේ :D


වැප්



17 comments:

හා පැටික්කි (MS) said...

අපරාදෙදත් අහනව.............:D :D

තිස්ස දොඩන්ගොඩ said...

ඒ කලබලේ බ්ලොග් එකට ඈවිත් බෙදා ගත්තට ස්තූතියි...!
shut down කලා නේද යනකොට...?

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

හීන මාලිගා තනන්න - සුර ලොවින්ම ඉගිලි එන්න
සැදූ මාලිගා බිදින්න - නින්දෙන් නැගිටලා එන්න..

Ansh Lucky Sri Jay said...

අයියෝ...
අපරාදේ..!

Shadow/හේමලයා said...

හීන කවදත් අහංකාරයි
මතුල විට නිදි මංතරේ....:)

මාරයාගේ හෝරාව said...

හීනෙන් ඇහැරුනාළු නේද...?හා..හා..

මට උඹෙන් දෙයක් අහන්න තියෙනවා..එක්කෝ පස්සෙම අහන්නංකෝ...

චමිදේවා said...

මේ... ඉතුරු ටික ඊයේ දැක්කේ නැද්ද...?

ලස්සණයි මචෝ අදහස.....

ජීවිතේමල් said...

ලස්සන පද ටිකක් වෑප්! ජය වේවා!

ඉලංදාරියා said...

අපරාදේ මචෝ තවටික්ක නිදා ගන්න තිබුනේ....

ඉතුරු ටික්කත් බලගන්න තිබුනනේ.....

෴ හසියා ෴ said...

හෆ්ෆා අපරාදේම නොවැ....
පද පෙල නම් පට්ටම පට්ට......

දුමී said...

සිහිනෙන් ගෑ සුවඳවල් හරිම මිහිරියි . . . !

තනෝජා රාජපක්‍ෂ said...

අනේ! කනට කරල හැමදේම කියන්න හදනකොටම ගැස්සුනේ මොකද කියල මට හිතාගන්න බෑ.... කොහොම වුනත් එක හීනයක් අස්සෙ තව හීනයක් පේන්න ඇති අනිවාර්යයෙන්ම......

පද පේළි කීපයක් ගොඩාක්ම හොදයි මලේ... පළවෙනි කව ඉස්තරම්... ඔයා අගට යද්දි හදිසි වෙලා වගේ අන්තිම කවිය හෙම ටිකක් විතර දුර්වලයි... ඒත් සාපේක්‍ෂව ගොඩාක් හොදයි දරුවො... මගෙන් සුභපැතුම්!

ප.ලි. ඔය හීනෙ බාගෙට දැක්ක එක හොදයි... :) නැත්නම් ඔහොම හීනයක් දැක්කයි කියල අපට කියන්නෙ නෑනෙ....

අනුරාධ said...

හොදම වැඩේ තොට....

සහන් said...

හා හා ඉතුරු ටික මතු සම්බන්දයි කියල හිතාගෙන අද රෑට බලාගන්න...

ගීත් (සහෘදයා) said...

මල් 7යි

nimanthi said...

සිහින හතක් දුටුවද ඔබ
සත් දවසක් එක විලසට
හැම හීනෙක ඇය සිටියද
කුමාරියක සේ
සොයා ගන්න හැකිවේවී
ඒ කුමරිය මතු දවසක
තාම හමුවෙලා නැත්තත්
අනාගතේදී...
All the best...!!

හෙළයා said...

වැප් බලන මේ අනියම් හීන දැක
නිදි කුමරියට මලම පැන ඇත
ඔය මඟුල ඔතනින්ම නවත්තැන්නයි කියා
හොඳම තැනදී මැදින් පැන අවදි කර ඇත...

කමක් නෑ මචං. ට්‍රයි කරපං. දවසක ආපහු ඒකේ ඉතිරි කොටස පෙනේවා. :P

Post a Comment