Sunday, September 26, 2010

මට මතකයි .......................

කතාවක් නැහැ ගාම්භීරයි
සිනහවත් ඇත නිහඬ බවමයි
සොයා බැලුවේ මා දිවිමගයි
ඔබ මගේ දිවිකතර ඇරඹුමයි


ඉදීන් මා ජව බලයි, නිදහස අදහස සිත් දරයි
කිසිවිට නෑ උදහස, නිරතුරු ඔබ පෑ සෙනෙහසයි
ඉවසුවේ ඔබ නොවෙද, මා ඔබේ පුතු බැවින
මා ඔබට ණයගැතියි, සැමදා ඔබ ගුණ පුදයි


එදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේ
මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ
සැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ 


මා තුරුණු වියටයි
ඔබ මහලු වියටයි
මේ සසර ගමනයි
ඔබ මගේ ජීවයයි


වැප්

11 comments:

අභීත said...

පුංචි කාලේ මතක මංපෙත් නැහැනෙ අමතක වී ගියේ....
නුඹේ සුරතේ වෙලී දැවටී පොඩි දෙපා එහෙ මෙහෙ ගියේ....
තරුණ දිවියේ උතුම් සේවය පුදමි එක්කර මගෙ සෙනේ....
පියතුමානනි මවුනි ආදර ඔබ දෙපල මගෙ නෙත් වගේ....

සෝරෝ said...

ස්‍රරතල් වෙමින් ඔබළඟහුන් ඒ අතීතේ
අමතක කරනේ කෝමද මා වැඩු අම්මේ...

මරු වැප්..!!

තනෝජා රාජපක්‍ෂ said...

පුදුම ලස්සන පදවැලක් මල්ලී..... ඇත්තමයි,

“මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ“
මොකද බැරි, ඔයාගෙ දියුණුව එයාලගේ සතුට වෙනකොට....

ගීත් (සහෘදයා) said...

අන්න මනුස්ස පුත්තු. එයයි සිදුවිය යුත්තේ.

ජීවිතේමල් said...

ලස්සනයි... ඈත්තටම...
මා තුරුණු වියටයි
ඔබ මහලු වියටයි...
මේ ටික හරිම ලොකු ගෑඹුරක් තියනව !
ජය වේවා!

පබලු said...

මා ළමා වියේදි
නුබ පෑව සෙනෙහේ.....
නුබ මහලු වියේදි
මම පාමි බැතිනේ........
මා රැක්ක නෙත් සේ
නුබ රකිමි සිත් සේ...

Ansh Lucky Sri Jay said...

වැපා ගේ පුතා විසින් වැපාට ලියපු කවියකි..
:)

ඇත්තටම ලස්සනයි.

ගීත් (සහෘදයා) said...

දවසේ කියමන

වැපා ගේ පුතා විසින් වැපාට ලියපු කවියකි..


:D huh....huh.....huh....huh....

බුද්ධි said...

ඒ ගුණ මෙහෙම කියලා ඉවර කරන්න පුලුවන්ද නේද වැප්!

පුබුදුවා said...

කොපමණ ගුණ කියුවද
ගෙවිය නොහැකිය
ඔබට ඇති ණය මම
උපදින හැම භවයකම
මගේම වේවා ඔබ දෙමවුපිය

udaya.jayawardhana said...

එදා අපෙ පොඩි හිතට
මහමෙර වගෙ දැනුනෙ
මව් පියො දෙදෙන...
තාම එහෙමයි
කර දඬු උස්ව ලොකු වුවද...

එකම වෙනසකි ඇත්තෙ
දැනෙනවා ඒ සෙනෙහෙ
රැකවරණෙ අමිළ බව
තව තවත් වැඩියෙන්ම...

Post a Comment