සිනහවත් ඇත නිහඬ බවමයි
සොයා බැලුවේ මා දිවිමගයි
ඔබ මගේ දිවිකතර ඇරඹුමයි
ඉදීන් මා ජව බලයි, නිදහස අදහස සිත් දරයි
කිසිවිට නෑ උදහස, නිරතුරු ඔබ පෑ සෙනෙහසයි
ඉවසුවේ ඔබ නොවෙද, මා ඔබේ පුතු බැවින
මා ඔබට ණයගැතියි, සැමදා ඔබ ගුණ පුදයි
එදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේ
මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ
සැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ
මා තුරුණු වියටයි
ඔබ මහලු වියටයි
මේ සසර ගමනයි
ඔබ මගේ ජීවයයි
වැප්
පුංචි කාලේ මතක මංපෙත් නැහැනෙ අමතක වී ගියේ....
ReplyDeleteනුඹේ සුරතේ වෙලී දැවටී පොඩි දෙපා එහෙ මෙහෙ ගියේ....
තරුණ දිවියේ උතුම් සේවය පුදමි එක්කර මගෙ සෙනේ....
පියතුමානනි මවුනි ආදර ඔබ දෙපල මගෙ නෙත් වගේ....
ස්‍රරතල් වෙමින් ඔබළඟහුන් ඒ අතීතේ
ReplyDeleteඅමතක කරනේ කෝමද මා වැඩු අම්මේ...
මරු වැප්..!!
පුදුම ලස්සන පදවැලක් මල්ලී..... ඇත්තමයි,
ReplyDelete“මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ“
මොකද බැරි, ඔයාගෙ දියුණුව එයාලගේ සතුට වෙනකොට....
අන්න මනුස්ස පුත්තු. එයයි සිදුවිය යුත්තේ.
ReplyDeleteලස්සනයි... ඈත්තටම...
ReplyDeleteමා තුරුණු වියටයි
ඔබ මහලු වියටයි...
මේ ටික හරිම ලොකු ගෑඹුරක් තියනව !
ජය වේවා!
මා ළමා වියේදි
ReplyDeleteනුබ පෑව සෙනෙහේ.....
නුබ මහලු වියේදි
මම පාමි බැතිනේ........
මා රැක්ක නෙත් සේ
නුබ රකිමි සිත් සේ...
වැපා ගේ පුතා විසින් වැපාට ලියපු කවියකි..
ReplyDelete:)
ඇත්තටම ලස්සනයි.
දවසේ කියමන
ReplyDeleteවැපා ගේ පුතා විසින් වැපාට ලියපු කවියකි..
:D huh....huh.....huh....huh....
ඒ ගුණ මෙහෙම කියලා ඉවර කරන්න පුලුවන්ද නේද වැප්!
ReplyDeleteකොපමණ ගුණ කියුවද
ReplyDeleteගෙවිය නොහැකිය
ඔබට ඇති ණය මම
උපදින හැම භවයකම
මගේම වේවා ඔබ දෙමවුපිය
එදා අපෙ පොඩි හිතට
ReplyDeleteමහමෙර වගෙ දැනුනෙ
මව් පියො දෙදෙන...
තාම එහෙමයි
කර දඬු උස්ව ලොකු වුවද...
එකම වෙනසකි ඇත්තෙ
දැනෙනවා ඒ සෙනෙහෙ
රැකවරණෙ අමිළ බව
තව තවත් වැඩියෙන්ම...