Saturday, October 16, 2010

නිදි මැරීම ...............

මං ඉස්ස ඉස්සෙල්ලම නිදි මැරුවේ අපේ ගෙදර තිබුණු පිරිත් පින්කමකට .... ඒ කියන්නේ මීට වසර දහයකටත් හෝ පහලොවකට වඩා අතීත දවසක ......... එලි‍වෙනකල් හිටියා ..... පහුවදා දානේ බෙදන්නවත් ....... දානේ කන්නවත් මං නැහැ. හොඳටම පොඩි එකාට නින්ද ගිහින්. ඊලඟට දෙවෙනි පිරිත් පින්කම ........ එදත් ඔය සන්තෑසියමයි. ඔය අතර මළගෙවල් වල දෙක තුනක විතර පොඩි පොඩි නයිට් දෙක තුනක් ගැහැව්වා. කවදාවත් පාඩම් කරනන් නම් නිදි මැරුවේ නැහැ. ඒවා බොරු වැඩ කියලා සක් සුදක් සේ මං ඒ කාලේම දැනගෙන හිටියා.


ඊට පස්සේ කාලයක් අවා උසස් අධ්‍යපනය කියන එක ලබාගන්න. ඔය කාලේ නම් ඉතින් කිසි ගැටලුවක් නැතුව හෝ ගලා නිදි මැරුවා. හැබැයි එලිවෙනකල් නම් නෙමයි. ඔය දෙක තුන විතර වෙනකල්. දන්නේ නැද්ද ඒ කාලේ ඉතින් :D. කීයක් හරි හොයගන්න කියලා පළමු රැකියාව විදිහට කරන්න හම්බුනේ ඇඟලුම් ක්ෂේත්‍රය. ලංකාවේ විතරක් නෙමෙයි ............. ලෝකයේ ඇඟලුම් අංශයේ නමක් දරා සිටින අති ප්‍රසිද්ධ සමාජ අගයක් ඇති ආයතනකයක් තමයි ඒක. හැබැයි ෂීෆ්ට් එකට තමයි වැඩ. උදේ 7 හවස 7 / හවස 7 උදේ 7 තමයි වෙලාවන් වැටිලා තිබුණේ. සාමන්‍ය අපි භාවත කර කැලැන්ඩරයේ නිවාඩු මුකුත් නැහැ. දිවා වැඩ මුර 3 යි - රාත්‍රී වැඩ මුර 3 යි - නිවාඩු දවස් තුනක් විදිහට තමයි ඒක පුනරාවර්තනය උනේ. අප්පේ එහෙම කා‍ලයක්. නිදි මරනවා කියලා එහෙමත් නිදිමැරීමක් අයේ නම් ජීවිතේට හම්බ වෙන්න එපා කියන ප්‍රර්ථනවා මේ මොහොතෙත් කරනවා. ඒ තරම් එපා කරපු කාලයක් මගේ ජීවිතේට සැට් වෙලා නැහැ. දිනයක් - වේලාවක් - අහල පහළ වෙන්නේ මොනවද කියලා මුකුත් දන්නේ නැහැ. හරියට හුඔහෙන් ඇදලා ගත්තා වගේ. තෝන්තු වෙලා උන්නේ. [ දැන්තු එහෙම තමයි :D ] . මේ කියන්නේ 2007 - 2008 වගේ කාලේ.

ඔය නිදි මැරීම කියන කාරණව මතම, මගේ රැකියා ජිවිතය සම්පූරුණයෙන්ම අනික් පැත්ත ගැහැව්වා. ඒ කි‍ව්වේ .. කලමණාකරන අංශයේ ඉඳලා, තොරතුරු තාක්ෂණයට මාරු උනා. රැකියවක් නැතිව උනත් අර කියපු නිදි මරණ ජොබ් එකෙන් අයින් උනා. අදත් මං එදා ඒ ගත්ත තීරණය ගැන බොහොම සතුටු‍ වෙනවා. ජීවිතය කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක තදින්ම විශ්වාස කරන මට, ඒ තීරණය ගන්න එච්චර අමාරු උනේ නැහැ. දැනට උනත් මං අහම්බෙන් දවසක තමයි ඔය එක දෙක විතර වෙන කල් ඇහැරිලා ඉන්නේ. ඒත් ඉතින් පසුගිය සතිය පුරාවට සම්පූර්ණ නිදි වැරිම් තුනක් කලා. ඒ අපේ සමීපතම ඥාතියෙක්ගේ මරණයක් කරන කොට ගෙනයි. එහි අවසාන අදියර වූ ඊයේ රත්‍රිය, ඒ කියන්නේ බණ දේශනවා හා අද දින දහවල් දානය සඳහා. ඊයේ රාත්‍රී සිට අද දින සවස 2 වන තුරු නන්ස්ටොප් නිදි මැරීමක් සිද්ද කලා.

මට දැන් හොඳටම නිදි මතයි .......... මං යනවා නිදා ගන්න ..................

වැප්

14 comments:

තිස්ස දොඩන්ගොඩ said...

සහතික ඇත්ත තරුණ වයසෙදී අසාමාන්‍ය විදිහට නිදිවැරුවම ගන්න දෙයක් නැතිවෙනවා....
හැබැයි රජෝ බඩු මග එනවා....
නැපි මාරුව... කිරි සෑදීම... වමන අස් කිරීම...
හා හා දැන් නිදාගනින්කෝ මලේ....

ජීවිතේමල් said...

අයියෝ... අද නිදි පෝස්ට්... මේක කියවල අපිට නිදිමත වෙයිද මන්ද .... :)

ජීවිතේමල් said...

ප්‍රශ්න කිහිපයක් තියේ,,,,
ප්‍රශ්නාන්ක 1. : මීට අවුරුදු 15කට පෙර වෑප් පොඩි එකෙකු වූයේ කෙසේද ??????????
ප්‍රස්න අන්ක 2: හොඳටම පොඩි එකාට නින්ද ගිහින්... මේකෙන් අදහස් වෙන්නේ වෑප් හොඳටම පොඩි බවද ? නෑත්නම් වෑප් ලොකු (මහලු) මුත් ඌට හොඳටම නින්ද ගොස් ඈති බවද? :)
අන්ක 3 :
"දිනයක් - වේලාවක් - අහල පහළ වෙන්නේ මොනවද කියලා මුකුත් දන්නේ නැහැ. හරියට හුඔහෙන් ඇදලා ගත්තා වගේ. තෝන්තු වෙලා උන්නේ. [ දැන්තු එහෙම තමයි :D ] "
දෑන් දන්නවද අඩු ගානෙ ඔරලෝසුවෙ කටු දෙක කියවන්නවත් ????????
4: කලමණාකරන අංශයේ ඉඳලා, තොරතුරු තාක්ෂණයට මාරු උනා""""""
මේකට කියන්නේ හිසේ ඈම්මට කොට්ට මාරු කිරීමද ????? හිකිස්

සෝරෝ said...

හෆ්ෆොයී ගිහින් නිදා ගනිං..
උඹේ ඇස් දෙකේ හැටී..!!

[මීට අවුර්දු 10 - 15 විතර කලින් ඔයා පොඩි එකෙක්ද...]

ෆා said...

අනේ අම්මේ... මේක කියවලා අර කම්මැලි ලිපිය කියවලා වස් වැදුනා වගේ වෙයිද දන්නෑ. කොහොමත් ඔන්න ඔක්කොම කියෙව්වා.මං නම් නිදි මරන්නේ ගෙදරට ජාලේ ගත්ත දවසේ ඉඳලා. හිකිස්!!

Dodger said...

අන්න ෆා අක්කියා පොයින්ට් එකට ආව.
අපේ ගෙදරටත් ජාලෙ ගත්ත දවසෙ ඉඳල මගේ කාමරෙත් බොහෝ විට පැය 24ම ආලොකමත්.

දවල්ට මම නිදි.
රෑට මම ඇහැරලා. ඒ කියන්නේ ලයිට් දාල.

slk2010 said...

හී හී.... හ‍නේ හනේ මම දන්නවනේ බන් කෝහොමත් සමහ‍ර දවස් වලට උබ‍ට නින්ද යන්නේ නැති බව.....

දයියා said...

මට නං හැමදාම නිදිමරන්න වෙනව මොනව හරි දේකට ඒක දැං පුරුදු වෙලා කොච්චරද කිව්වොත් අනේ නිදිමැරුවෙ නැත්තං මට නින්දයන්නෙත් නෑ .

ගීත් | Geeth said...

බයි බයි බයි, බයිය බබා...!!!

අනුරාධ said...

මට තියෙන ප්‍රශ්නේ උබ නිදි 'මැරුවෙ' කොහොමද කියන එකයි. අපිනම් කරන්නෙ නිදි වරන එකනේ.

Anonymous said...

ඒකනෙ....අනුරාධ හරි.....කොහොමද බං නිදි මරන්නෙ..පුළුවන් වුනත් ඒක කරන්න එපා...

චමිදේවා said...

අඩේ උඹ ඔය කියන්නෙත් මම වැඩකරපු කොම්පැණියමද දන්නේ නෑ...බියගම පැත්තේ තියන එකක මම වැඩකලේ අවුරුද්දක් විතර... හෆොයි මතක් වෙනකොටත් මාර නිදිමතක් එනවා බන්...

රොකියා | Udara said...

ඒ මොකද්ද බන්z මේ ලිපිය ලියලා තියෙන්නෙ 7:32 PM නේ, බොට ඒ වෙලාවටත් නිදි මතයිද ?
මගේනම් ඉතින් කොහොමත් කාලසටහනේ නිදා ගැනීමේ වෙලාව සටහන් වෙන්නෙ 12 ත් 1 ත් අතර තමයි.

Hasitha said...

නිදිමරන එකෙත් අමුතුම ගතියක් තියෙනවා

Post a Comment