Monday, January 24, 2011

ලංගමේ සීසන් එක

කම්මැලි කම පැත්තකින් තියලා. බස් බ්ලොග් සතිය  මංම ප්‍රකාෂයට පත් කරගෙන මේ හදන්නේ එක දිගට දවස ගානේ ලිපි ලියන්න. හැබැයි 2010/01/24 - 2010/01/31 විතරයි. අද මුල්ම ලිපිය. හැබැයි ඔක්කොම ලියන්නේ බස් කතා.

ඉස්සර ඉතින් මාත් ඉස්කෝලේ ගියා. ගියා කිව්වට එලෙව්වා. එලෙව්වේ පොඩි පන්තිවල ඉන්න කොට. ඒ දවස් වල ඉතින් අපිටත් ස්කූල් බස් එකක් තිබුනා. ඒ හන්දා මාත් සීසන් ගත්තා. සීසන් දෙන්න කැලණිය ඩිපෝවෙන් ඉස්කෝලට එනවා. කැලණිය කිව්වාම බය උනා නේද. බය වෙන්න එපා. මේ පරණ කතාවක්. ඒ දවස් වල කැලණිය හොඳා. මට මතක විදිහට සිසන් එකට රුපියල් 13.50 ක මුලු මාසික වියදමක් ගියා. මං ගිය ඉස්කෝලේ තිබුණේ කැලනි පාලමෙන් මෙහා. ඒ කියන්නේ මං ගියේ කොළඔ ඉස්කෝලයකට නෙමෙයි :D හැබැයි ගඟ උතුරපු කාලයට අපිත් කොළඔ තමයි කියලා අපේ පාසලේ අයියලා කෑ ගහනවා. අදටත් එය මට ගැටලු සහගතයි :D. [ හැබැයි කවදාවත් ගඟ ඉතුරුවේත් නැහැ. අයියාලා එහෙම කෑගැහැව්වේත් නැහැ. ]

සීසන් ගත්තේ ස්කූල් බස් තියන හින්දා. ඒත් ස්කූල් බස් එක එන්නේ මං ඉරිදා දහම් පාසල් යනවා වාගේය. අද අවොත් හෙට නැහැ. හෙට අවෝ ‍පළමුදා ඇවිත් නැහැ. සීසන් එකේ බස් රථ වල අංකයන් දාන්න ඔනේ. ඩිපෝ මාමලාට වැඩ වැඩි නිසා එවා හිස් තමා. පුරවන්නේ මම තමා. සිසන් එක ගන්නකොට පාසල් ඒමට හා යාමට යොදාගන්නේ තනි  බස් රථයක් බව කියනවා. මොකද බස් රූට් කැඩේන්නේ නැහැ. එතකොට ගාන අඩුයි. හැබැයි බස් රූට් කැඩුනෝත් ගාන වැඩියි කියා මට වැටහුනා. දැන් සිසන් එක අතට අරං කල්පොනා කරනවා. දැමිය යුතු බස් අංක. හරි නම් දාන්න පුලුවන්  234 කියන බස් නොම්බරය විතරයි. ඒත් මට තේරෙනවා බස් යන්නේ එකම පාරේ නම් ඇයි මට බැරි 154 / 138 / 193 / 235-1 /200 /180 කියන බස් රථ අතුලත් කරන්න කියා. පෑනක් හොය ගෙන දැන් මං මේ බස් අංක ටික අර සුට්ටං ඉඩේ පුරවා ගත යුතුය. ඔව් මං ඒක කරනවා. දැන් මට ඕන බස් එකක යන්න පුලවන්. මට හරි සතුටුයි.

අවාසනාවට ඇත්ත කතාවක් ස්කූල් බස් නැහැ. දැන් යනවා මහ පාරට. ඈත තියා දකිනවා රතුපාට ලංගම බස් එනවා. අනේ එහෙමත් ඩයිවර් මාමලා අපිව දකිද්දි පරේ වැරදි පැත්තෙන් බස් එක අරන්  යනවා. අපිත් බස් එකට ගොඩ වෙන එක අත අරින්නේ නැහැ. ඒ ලඟම කහ ඉරක් තියනවා. ඒතන බස් එක නතර කරනවා පාසල් යන අයට පාර මාරු වෙන්න. අන්න එතකොට අපි අර බස් රථයට ගොඩ වෙනවා. ඩයිවර් අංකල් නම් කෑගනවා. අවුලක් නෑ අපිට ඔව්වා ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙතනදි සීට්බී එකකට ගොඩ වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ දැන් 2 ක් පහු වෙලා. තවත් බලා සිටිය නොහැක. ලංගම කට්ටක් කෙසේ හෝ අල්ලා ගැනිමේ අරමුණින්, අප සිටිනා තැනට මීටර් 700 විතර දුරින් තිබෙන දුම්රිය හරස් මාර්ගය ලඟට යනවා. අනිවා ඩෙෆා එතන නම් සීට්බි කාරයා නවත්වනවාම තමයි. මොකද ඔය අපේ කෝච්චි වලට සිග්නල් නැතුව මහ පාර හරහා ගොඩක් වෙලාවට කොච්චි නවත්වලා තියනවා. සමහර දවස් වල ගිනි අව්වේ එච්චර දුරක් පයින් යා නොහැකි නිසා හෝලට් එකට වී සිටන් සිටින විට, කොළඔ ඉස්කෝල වල ස්ත්‍රි පාරණ යන බස් අපගේ හෝලට් එකත් පසු කරන් යනවා. එලෙසම පිරිම පාරණ බසුත් පසු කරන් යන්නේ  සද්දයක් දමාගෙනමයි. සීසන් බස් වල යන්නට එච්චර දුකක් වින්දා. හැබැයි එදා ඒක දුක්ක විදිහට පෙනුනේ නැහැ. ගොඩ දෙනෙක් සීසන් හින්දා. අද නම්, එදා සිසන් බස් එකේ යාම මතක් වන විටත් සතුටුයි.

ඉස්කෝලේ ගියේ සීසන් එකට, ලංගම කාරයෝ බස් නවත්වන්නේ නැහැ. අපි කහ ඉර ලඟදි හරි දුම්රිය හරස් මාර්ගයේදි හරි සීට්බි එකට ගොඩ වෙනවා කියන එක තමයි අද කතාවේ සාරංශය :D

වැප්

15 comments:

  1. හැබැයි ගඟ උතුරපු කාලයට අපිත් කොළඔ තමයි කියලා අපේ පාසලේ අයියලා කෑ ගහනවා. අදටත් එය මට ගැටලු සහගතයි :D. [ හැබැයි කවදාවත් ගඟ ඉතුරුවේත් නැහැ. අයියාලා එහෙම කෑගැහැව්වේත් නැහැ.

    මේ මොන හරුපයක්ද බන් මේ ....


    මම නම් සීසන් බස් වල ගියේ නැහ.. මොකද අපිට එල්කිරි ප්‍රයිවට් බස් එකක් තිබ්බා ස්කූල් බස් කියල. ඒක නිකන් අනංගයාගේ බවන වගේ. ගාස්තුවත් නියමිත ගානෙන් 50%.

    ඒ ගැන ලියපු ලිපියක්..



    ස්කූල් බස් ( school bus ) ඉනිමගේ ස්කොලේ ගිය හැටි...

    ReplyDelete
  2. මේ වගේ හ‍ර සුන් කතානම් ලියන්න බැරියැ දවසට 1ක් නෙවෙයි 10ක් උනත්.... :D

    ReplyDelete
  3. @පිස්සෝ

    නැහැ බන් ඒ කැල්ල අතින් දැම්මේ ... :D


    එල මචන් උබේ ලිපිය පැත්තෙත් ගියා

    ReplyDelete
  4. ආ පෝ ලංගම මතක් කරන්න එපා...... අපිත් ප්‍රයිවට් බස් එකක භාගෙ සල්ලි දීලා ගියේ. ඉස්කෝලෙටම ගිහින් බස්සනවා. ඉස්කෝලේ ළඟම තමා හවසට තියෙන්නේ.

    ලංගම වලත් අර භාග ගන්න කියපු කාලේ මං නම් වැරදිලාවත් ලංගමකට නැග්ගේ නැ. අම්මා නැග්ගත් මං ඕන්නම් යන්න මං නම් එන්නැ කිව්වා. අපිව දැක්කම වහ කඳුරු වගේ කොන්දලා එක එක ඒවා කියනවා. ඕවා අහන්න නඟින්නේ බස් නැතුවටයැ. පැයක් පරක්කු උනත් මං නඟින්නැ දැනටත් ලංගම වල නිකමටවත්......

    ReplyDelete
  5. මචං මගේ අලුත් ලිපිය ලාංකීය සිතුවිලි වල පලවෙලා නෑ. මොකක්හරි අප්සට් එකක් ඇති. පොඩ්ඩක් බලපන්

    ReplyDelete
  6. හික්ස්! දැනුයි කතාව කියෙව්වෙ. එලකිරි මචෝ :)

    ReplyDelete
  7. @blog godol
    මචෝ හැදුවා 12.35 විතර බලපන් හොදේ ... ඊලඟ පාර බ්ලොග් සින්ඩිකෙට් කරන වෙලාවට සෙට් වෙයි

    ReplyDelete
  8. අපිනම් ඉතින් ප්‍රයිවට බස් වල තමා ගියේ... :)

    ReplyDelete
  9. හෆොයි සීසන්! ඕක නිසා මම දෙපාරක් බස් එකෙන් වැටිලා තියෙනවා. බස් එකට නගින්න පොරකාලා... :D

    හැබැයි ඒ අත්දැකීම් හරිම සුන්දරයි!

    ReplyDelete
  10. සමහර දවස් වල ගිනි අව්වේ එච්චර දුරක් පයින් යා නොහැකි නිසා හෝලට් එකට වී සිටන් සිටින විට, කොළඔ ඉස්කෝල වල ස්ත්‍රි පාරණ යන බස් අපගේ හෝලට් එකත් පසු කරන් යනවා. එලෙසම පිරිම පාරණ බසුත් පසු කරන් යන්නේ සද්දයක් දමාගෙනමයි. සීසන් බස් වල යන්නට එච්චර දුකක් වින්දා.

    පව් අප්පා............ කොළඹට කිරි අපොට කැකිරි කිව්වේ එතකොට වෙන්න ඇති නේද‍ ? :(

    ReplyDelete
  11. හික්ස්..
    අපි සීසන් පාවිච්චි කරපු කාලෙ අපිව නොදැක්කගානට බස් පදවපු ගොඩක් ctb drivers ලා දැන් බස් එක කකුල් 2 ළඟම නවත්තලා බස් එකට ගොඩවෙනකන් ඉන්න හැටි දකිනකොට මට නම් දුකත් හිතෙනවා.. මොකද අපි දැන් සීසන් පාවිච්චි කරන් නෑ නෙව..
    හැබැයි දැන් නම් ගොඩක් ctb drivers ලා සීසන් කියලා හිතන් නැතිව පාසල් යන අයට බස් නවත්තනවා..

    ReplyDelete
  12. වැපෝ, සින්ඩියට මොකෑ වෙලා තියෙන්නෙ ?

    ReplyDelete
  13. දුමි - සර්වර් අවුලක් බන් ..................

    ReplyDelete
  14. ඉස්කොලෙට හෝල්ට් දෙකයි තිබ්බෙ ඒත් මමත් සීසන් එකක් අරගෙන තමයි ගියේ. මාසෙටම සීසන් එකට 8.50යි ඒ කාලෙ. දැන් බස්ගාස්තුවම 6.00යි. අනේ කාලෙ ගතවෙන ඉක්මණ. :D

    ReplyDelete
  15. අපිටත් උනේ ඕකම තමයි. සුදු ඇඳුමටත් බස් නවත්වන්නේ නෑ. දැනුත් එහෙමද මන්දා....

    ReplyDelete