Wednesday, January 26, 2011

හිඟා කෑම නැවතිලාද

මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන තුන්වන ලිපිය

ගමනා ගමනය පහසුවෙන් සපුරා ගත හැකි ක්‍රමය මගී ප්‍රවාහන බස් රථයි. එලෙසම හිඟා කන්න හොඳම තැනත් බස් රථයයි. ලඟදි සිට නම් බස් රථ වල සිඟා කෑම සපුරා තහනම් කාරනාවකි. ඒත් මොවුන් හිඟන්නෝ නොවෙයිද?


  1. බෝදිපූජා පොත් විකිණිම - මෙහිදි යටි අරමූණ හිඟා කෑමයි. නමුත් රියැදුරු හා කොන්දොස්තර මහතාගෙන් හිඟාකෑමට අවසර නොලැබෙන නිසා ඔවුන් මේ කපටි වැඩේ නිරත‍ වෙයි. බොහෝ විට හැම අසුන් ගත් මගියෙකුටම මෙසේ පොතක් ලබා දෙන්නේ, දුකක් සටහන් කර ඇති තවත් කොල කැබැල්ලක් සමගය. එලෙසම මොවුන් ඇඳ පැලඳ සිටින්නේද හිඟන ක්‍රමයට නොවෙයි.

  2. උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක් - බොහෝ විට තරුණ වියේ පසුවන තරුණයින් මේ ක්‍රමය යොදාගනියි. මොවුන් අත ඇත්තේ ධර්ම චක්‍ර/සිංහ කොඩි හෝ වෙනත් කුඩා ස්ට්කරයකි. ඉලක්කයද සියලු බස් මගීන් නොවෙයි. තරුණ තරුණියන් හා පාසල් ළමුන් මොවුන්ගේ  ඉලක්ක ගත ‍කොටස වෙයි. ලඟට විත් මල්ලි අපි මෙහෙම මෙහෙම මෙහෙම කියා වැල් වටාරමක් දොඩවා ........... බලපන් මචන් උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක් ඒ හන්දා ස්ට්කරයක් ගිනිං කියා පවසයි.

  3.  අත්කම් භාණ්ඩ විකිණීම - දූර ඈත සිටින බවත්, ජීවත් වන්නේ එයින් බවත්, හා  මෙය අවසන් එක බවත් පවසමින් මගින් ගෙන් මුදල් ලබා ගැනිම මොවුන් හිඟා කන විදිහයි

  4. සින්දුවක් කීම - එක  සින්දුවක් කියා හැම දාම එකම තැටියක් ‍වාදනය කරයි. එනම් අද හරි මහන්සියි. ගොඩාක් බස් වල සින්දු කිව්වා. ඔයාලගේන් තමයි ජීවත් වෙන්නේ. එක අතකට එක් සින්දුවක් වත් නොකියා සිටින්නේ නම් වඩා හොඳ යයි සිතෙන වාර අනන්තය.

  5.  කැම්පස්/පාසල් / NDT/ TTI /HNDE - ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න, කලා උළෙවල් කරන්න, උද්ගෝෂන තියන්න උපවාස කරන්න කැටයක් අරන් නගින තරුණ හිඟන ජවය? 

ඔන්න ඔය කට්ටියත් හිඟන ගොඩට නේද වැටෙන්නේ?.............

වැප්

17 comments:

  1. ඒ උනාට බං ඔය බස්වලට නගින සමහරක් ගායකයෝ ඉන්නවා බං ඇත්ත එකාටත් වඩා හොඳට වැඩෙ දෙන..
    ඉස්සර පිටකොටුවෙ සීටීබී ස්ටෑන්ඩ් එකෙන් නගිනවා 200 ගම්පහ බස් එකට තුන් දෙනෙක්ගේ සෙට් එකක් බහින්නේ කිරි බත්ගොඩ හරියෙන්..මොනවද බං ජෝති ටත් බැහැ උං තරං හොඳට ජෝතිගේම සිංදු කියන්න..ඇඩෙනවා...
    අපරාදේ කියන්න බැහැ මුළු බස් එකම නළවලා හඩවලා තමයි යන්නේ...

    ඩෝල කාරයෙක් හිටියා මල්ලි මතක් වෙනකොටත් ඇග සලිත වෙනවා..
    අන්න ඒ වගේ උන් බස්වලට නැග්ගට මම නං අකමැති නැහැ..කීයක් දුන්නත් පාඩුත් නැහැ...

    ReplyDelete
  2. මුණුත් හිඟන්නෝම තමා
    වැපා දැන් උඹ කොහොමද බිස්නස් එක කරන්නේ? :-D

    ReplyDelete
  3. මම නම් ඔය එක්කෙනෙක් වත් ගේන ඒව ගන්නෙත් නෑ.. සල්ලි දෙන්නෙත් නෑ..

    අපි සල්ලි දෙනවා කියන්නේ ඒ අය තව තවත් මේ වැඩේට උනන්දු කරවන එක කියලයි මට හිතෙන්නේ..

    කවුරුවත් මේ අය ගනන් ගන්නේ නැත්තන් මේ වගේ අය බිහි වෙන්නේ නෑ..

    ReplyDelete
  4. උන් ඔක්කොම හිඟන්නෝ....... අපි ඊටවඩා හිඟන්නෝ කියලා තමා මට හිතෙන්නේ :D

    ReplyDelete
  5. මේ ගැනනම් මට කියන්න නොතේරේ.... කාට දෙන්නද? නොදෙන්නද?

    ReplyDelete
  6. ඒ කස්ටිය වැදගත් හිඟන්නෝ

    ReplyDelete
  7. හිඟන්නන්ට සල්ලි දීම නොදීම සෝරෝ කියල තියෙන්නෙ ඩිංගක් විතර බරපතල කාරනාවක්. ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන කීප දෙනක් ඇරුනම ගොඩක් දෙනා හිඟාකන්නෙ එදා වේල හම්බකරගන්න. ඒ අතින් බැලුවම අපි වගේම රස්සවක්, ඒත් වෙනස්ම සමාජ පිලිගැනීමක් තියෙන.

    සල්ලි නොදීම කියන එකෙන් ඒ මිනිස්සුන්ගෙ බඩ ගින්දර නිවෙන්නෙ නෑ නෙ. එතකොට වෙන ක්‍රියා මාර්ගයකින් හරි සල්ලි හම්බකරගන්න බලයි. සමහර විට ඒක හිඟාකෑමට වඩා දරුණු දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නං ස්වයන් ‍රැකියාවක් වගේ දෙයක් කරයි. ඒත් එහෙම දෙයකටත් මූලික ප්‍රාග්ධනයක් නැතුව අමාරුයි.

    ඔවුන්ගෙ තමන් ගැන තියෙන ආකල්ප වෙනස් කරල, යම් කිසි තැනකට උස්සල තියන්න මුළු මහත් සමාජයම උර නොදුන්නොත් මේ ක්‍රමය වෙනස් කරන්න අමාරු වෙයි.

    හිඟන්නත් අපි කවුරුත් උපන්න විදියටම ඉපදිලා, දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි විසින්ම හින්ගන්නන් කරපු අය. අපි වගේම උණුහුම, හීතල, බඩගින්න දැනෙනෙ ඇයො. අපි හැමෝම වගේ ජීවත් වෙන්න අරගල කරන මිනිස්සු.

    ReplyDelete
  8. @නවම් - අර නවම් මාවතේ බට නලාව ගහන කෙනා ගැන වැඩි දුර තොරතුරු දන්නවද? ....

    ReplyDelete
  9. නිකන්ම නිකන් හිඟා කනවට වඩා ගීතයක් ගයලා තමන්ගෙ හැකියාව පෙන්නලා කීයක් හරි හොයාගන්න එක ගැන නම් වරදක් කියන්න බැහැ. එහෙම අයට මම නම අතේ තියෙන කීයක් හරි දෙනවා.

    කාලයක් මමත් ඔය සංගීත කණ්ඩායමකට බැඳිල බොහෝම දුක් මහන්සියෙක් කීයක් හරි හොයාගත්ත කාලයක් තිබුනා. ඒ කට්ට කාපු හින්ද මම දන්නවා ඒකෙ තියෙන දුක. ඒකත් හරියට හිඟා කනවා වගේ තමයි.

    ReplyDelete
  10. ඇයි අර පොතයි ලිතයි පොඩිත්තගේ පාට කරන පොතයි විකුණන අය.......

    හැබැයි අයියා එකක් තියනවා මෙහෙම පොතක් හරි විකුණලා අත්කම් භාණ්ඩයක් හරි විකුණලා කීයක් හරි හම්බ කරන එක හොඳයි සාක්කු වලට විඳින වගේ වැඩ නැතුව.

    ReplyDelete
  11. අප්පේ මටත් උදේ හවා හම්බු වෙනවා සින්දු කියන අය..එයාලානම් මෙලෝ රහක් නෑ..තියෙන සින්දු කනවා :(

    ReplyDelete
  12. මේ ලඟදි අමුතු හිඟන්නෙක් ගෙදරට ආව. ගං හතකින් හිඟාකාල දානයක් දෙනව කියල බාරයක් උනාලු! අනේ මන්ද මේව !

    ReplyDelete
  13. පුත්තලම කෝච්චියේ උදේටයි දවල්ටයි ගිය කපල් එකක් හිටියා... මම දැකපු හොඳම දෙන්නා. මනුස්සයා ඩෝලේ ගහනවා නෙමෙයි පලනවා.. ඒ වගේමයි සින්දු කිවිල්ලත්. ජෝතිපාලගේ සින්දු පට්ට විදිහට කියන්නේ. එයාගේ පවුලත් එහෙමයි. අඩුම ගානේ සින්දු 8 ක් 10 ක් වත් කියනවාමයි....

    ReplyDelete
  14. නෑ වැපෝ. මං සමහර දවස් වලට දැකල තියෙනෙව අරලිය කඩේ ලඟට වෙලා බටනළා පිඹිනව. කව්ද කිව්ව මිනිහ වර්ල්ඩ් ට්‍රේඩ්සෙන්ටර් එක පැත්තෙත් ඉන්නව කියල. ඊට එහා විස්තරයක් දන්නෙ නෑ මචන්.

    ReplyDelete
  15. ආ එහෙමද ...


    මචන් නවම්,
    උබව නම් මට මුණ ගැහැලත් ඇති .... ඒත් අඳුනන එකක් යැ :D මාත් ඉතින් ඉන්නේ ඔය අහල පහළම තමයි :D

    ReplyDelete
  16. @nawammawatha

    ඇත්තටම ආබාධිත අය ඇරුනම අනිත් හිගන්නෝ කම්මැලියෝ. රස්සාවල් නෑ කියන එක බොරු කතාවක්. අපේ තාත්තා කරන්නේ constuction බිස්නස්. බාස්ලට අත් උදව් දෙන්න ගෝලයෝ හොයන්න ගියාම එපා වෙනවා. ඔය හිගන්නෝ කම්මැලිකමට හිගා කනවා මිසක් ඇග මහන්සි කරලා වැඩ කරන්න කැමති නෑ.

    ReplyDelete
  17. මං නං ඔහේව ගොඩක් දවස් වලට දකිනව ඔපීසියෙදී. මූනු පොතෙත් ඉන්නව නෙව. දැං ඉතිං ලෝකෙ පෙරලනව නෙවෙයි කවුද කියල හොයන්න.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....