Sunday, January 30, 2011

දුර බස් වල යනවා නම්

මට මතක විදිහට බස් වල යන්න පටන් ගත්ත දවස් වල, මං වැඩි පුරම ගිය දුර වෙන්ට ඇත්තේ හෝලට් හතරක් හෝ පහක් භගේ ටිකට් එක ශත 50 ට, ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ කිලෝ මීටර් 10 ක් විතර වගේ තමයි වැඩි පුරම යැවුනේ. හැබැයි උසස් අධ්‍යපණය ලබනකොට නම් කිලෝ මිටර් 100 විතර දුරක් යන්න උනා අවුරුදු පහක් විතර හැම සතියකම. ඊටත් පස්සේ වැඩිම දුරක් යන්න ඇත්තේ ඉඳලා හිටලා නුවරඑළී බදුල්ල වගේ පැතිවල. ඉතින් මේ දුර ගමන් යනකොට අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ මගී ප්‍රවාහන බස්  රථ. මේ ලඟදි දවසක මට නුවරඑළී යන්න උනා. ගියේ නම් කෝචිචියේ නැරබුන් මැදිරියක. අවේ බස් එකේ. අනේ එනකොට නම් එපා උනා. නුවරඑළී ඉඳන් බස් එකේ එන්න ගියාම පැය 5 ක් එපා වෙනවා. මේ එන අතරතුර කල්පනාවට අවා අපි දුර ගමන් බස් රථයකට මුලිනම් නගිනකොට සැලකිය යුතු කරුණු කිහිපයක්. ඔන් ඒ ටික මේ විදිහට ලැයිස්තු ගත කරනවා

  1. බස් එකේ රැක් එකක් තියනවද?
  2. සීට් අතර පරතරය කොහොමද?
  3. අර නවන සීටි හෙවත් ජම්පින් සීට් වල අසුන්ගෙන සෑහෙන දුරක් යන්න පුලුවන්ද?
  4. රියැදුරු ලඟ තියන ඇන්ද නැවිය  හැකි අසුනේ යන්න පුලුවන්ද?
  5. අන්තිම ‍අසුන් පේලිය හෙවත් පෙම්මුල්ල ගැලපෙනවද?
  6. අව්ව කොයි පැත්තේද?
  7. වායුසමනය කරන ලද එකක් නම් අසුන අසල එවා නියමිත පරිදි ක්‍රීයා කරනවාද
  8. තමා වාඩි වන අසුන ලඟ වීදුර ජනේල විවෘත කල හැකිද?
  9. තමා වාඩි ගන්නා අසුන යට ටයර් එක හෝ ශබ්ද විකාශණ හෝ වෙනත් කුමක් හෝ තිබේද?
  10. වාඩි ගන්නා ආසනය වෙන් කරන ලද්දක්ද? උදා - පූජ්‍ය,ආබාධිත හෝ ගැබිණී
  11. ඉදිරි අසුනේ කවුරුන් හෝ වාඩි වූ විට එහි ඇන්ද පසුපසට විත් තමාගේ කකුලේ වදින්නේද?
  12.  අසුනේ ඉඳ ගත් විට, කොන්දේ යම් යම් යකඩ කූරු ඇනේද නැද්ද?

ඉතින් ඔය ඉහත තියෙන්නේ මට දැනිච්ච කරුණු කිහිපයක්, තව ඕන තරම්  තියෙන්න පුලුවන්. දුර ගමනක් යනකොට අපි සුව පහසුව යන්න ඔනේ. නැතනම් ගමන අවසානය අපිට මහත් වදයක් වෙනවා. අන්තිමට ගමන් මහන්සිය කියන එක දෙගුණ තෙගුණ වෙලා යනවා. 

තව වැදගත් දෙයක් තමයි,මං දැකලා තියනවා කුලියාපිටිය කතරගම / මීගමුව කතරගම/ තංගල්ල යාපනය මගී ප්‍රවාහන බස්රථ. මේවෑ යන විට නම් අසුන් හොඳටම තියෙන්න ඔනේ. නැත්නම් ඉතින් වෙද ගෙදර තමයි නවතින්න වෙන්නේ.

වැප්

17 comments:

හා පැටික්කි (MS) said...

ඔක්කොම ඉවසතැකි අර කන් අඩි පුපුරන්න දාන බස් සිංදු තමා ඉවසන්න බැරි...........

අපි දුර තමන් යද්දි නොහිතන දේවල් කීපයකුත් දැක්කා.......

..ChAnDiKa.. said...

අනේ මගෙ අම්මෝ වැප්නි, මේ පරිප්පු අම්බානක කන එකෙක් මං. සමහර බස්නම් කම්බස්. එපාවෙනවා. වාඩිවෙලා යනවට වඩා ඊට හොඳයි හිටගෙන යන එක.

Praසන්ன said...

ඒසී වල යනවට වැඩිය දැන් නිකං බස්වල යනඑක සැපයි.

ෆා said...

මේ ඔක්කොමත් හරි......
මේ ලැයිස්තුව චෙක් කරලා ඉවරවෙද්දි අපට ඉඳගන්න සීට් තියෙයිද කියන එක තමා ප්‍රශ්නේ...... :D :D

blog gadol said...

දැන්නං ගැමුණුවා අස්වෙලා උඹට සභාපතිකම දෙනවා :))

සෝරෝ said...

මම නම් මුලින්ම බලන්නේ වාඩි වන අසුන ලඟ වීදුර ජනේල විවෘත කරන්න පුළුවන් ද කියලා... ඊටපස්සේ බලන්නේ කාටුන්(curtain) තියේද කියලා..
මම වැඩිපුර දුර ගමන් යන්නේ වයිකින්ග් බස්ව නිසා පස්සේ ෂීට් එකේ යන්නේ නම් හදීසියෙන්...

රත්ගමයා said...

අපේ තාත්තට කාර් 3යි වෑන් දෙකයි තියෙනවා..ඔක්කොම අලුත් ඒවා....ඉතින් මට බස් වල යන්න ඕන කමක් නෑ...අනික බස්....ඉකේයියා............

Naveen Madhawa said...

මාත් ළගදි ගත්ත ලිමෝ එකේ තමයි දුර ගමන් යන්නේ.. බාර් එකක් තියෙන නිසා කිසි අවුලක් නැ.. බස් ඒ මොනවද බන් ඒ......?

Dakshina said...

අෆෝ බස්.... මම දැන් මාස 7න් බස් එකක දුර ගමනක් ගිහින් නෑ. දුම්රියම තමා. කලින් ටිකටි එක බුක් කලාම කිසි කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන්.

කරුමක්කාරයා said...

ඔව්ව මොනාද ලොක්කා යමුකො මොනරාගල... 12බස් එකේ ගියොත් පැය 8යි... එහෙන් දවාලෙ ආවොත් පැය 10. ඔක්කොම හොදයි අර බස් සිංදුවගෙ අඬවැඩියාව තමා දිරෝගන්න බැරි...

තීර්ථ යාත්‍රිකයා said...

ඇත්ත තමයි.නුවර එළියෙ ඉඳල බස් එකේ එනකොට එපා වෙනවද බං.අපි ශ්‍රී පාදේ ගිහිල්ලා හැටන්වල ඉඳලා නුවරට බස් එකෙ ආව එපා උන්නෑනේ (හැබැයි සීන් එක කියන්නේ මට හොඳටම නින්ද ගිහිල්ල තිබුනෙ නුවරින් තමා ඇහැරුනේ)

Anonymous said...

Mam nam satha 3 ta bage ticket eken gihin thiyanawa wayasa keeyada kiyala ahanna epa.Ona kenekuta sathaa thune ticket eke photo ekak ewannam balaganna.Habai e kale thibune CTB bus witharai.

RoshanHerath said...

හික්ස්..
ඒ නිසා තමයි මමත් කොළඹ යද්දි වැලිමඩ/නුවරඑළිය ඉඳන් එන බස් එකක් එනකම් බලන් ඉන්නෙ..
ගම්පොලින් පටන් ගන්න බස්වල සීට් වල headrest නැතිනිසා හරියකට නිදාගන්න බෑ නෙව..

හසිත මදුශංක said...

@ෆා said...
මේ ඔක්කොමත් හරි......
මේ ලැයිස්තුව චෙක් කරලා ඉවරවෙද්දි අපට ඉඳගන්න සීට් තියෙයිද කියන එක තමා ප්‍රශ්නේ...... :D :D

අම්මපා මේ කථාවට නම් ෆා ගේ කටට මසුරන් දාන්න වටිනවා. හැබැයි දැන් ගොඩක් දුර ගමන් සේවා බස් වල කලින් සීට් බුක් කර ගෑනීමේ හැකියාව තිබෙනවා. මට මතකයි මං එකපාරක් පස්සර තිබුන මගුල් ගෙදරක ගියා මේ වගේ කලින් සිට් බුක් කරගෙන. ආතල් ගමන. බස් එකේ දාලා තිබුනා මරු ‍ෆිල්ම් එකක්. ඕකත් බලාගෙන ගියා තමයි බදුලු. (මේ... පස්සර යන අතරමග තමයි බදුල්ල තියෙන්නේ හොදේ) හැබෑයි සමහර බස් වලනම් ගමන එපා වෙනවා. "බස් අජිත්" සමග "අඩන පීරිස්" තමයි ඒකේ රජ කරන්නේ.

සහන් said...

හිටගෙන යන්නේනම්:
☺ අල්ලගෙන යන්න හෝ සීට් තියනවද?
☺ ලඟ පාත බීපු එවුන් ඉන්නවද?
☺ හිටගෙන ඉන්න තැන සීට් එකේ ලෝ කට් බ්ලවුස් ඇඳගත්ත ගෑනු ළමයෙක් ඉඳගෙන ඉන්නවද?
☺ ලඟ එලවලු මලු තියාගත්ත ආච්චිල ඉන්නවද?

Lankapriya said...

ඇයි තව තියෙනවා.. තමා ළඟ වීදුරුව ඇරෙනවද ? තමාට ඉස්සරහ සහ පස්ස වීදුරුත් ඇරෙනවද ? නැත්නම් අනුන්ගේ වමනය තමාගේ ඔඩොක්කුවට... එක පාරක් මට උනා වගේ !

අනුරාධ said...

අඩෝ උඹ උසස් අධ්‍යපනෙත් ලැබුවද? මාරයිනෙ. මන් දැනන් උන්නෙ නෑනෙ... :D

Post a Comment