Saturday, January 29, 2011

බස් ගාය

මේක හැදෙන්නේ ගුගුල් බස් පදින අයට නෙමෙයි. හැබැහින් පාරේ යන බස් ඩයිවර්ලට තමයි මේ ලෙඩේ තියෙන්නේ. මේකට බේත් නැහැ. හේත් විතරයි තියෙන්නේ. ඒ කිව්වේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේ බොහෝම සංයමයක් තිබුණොත් ලෙඩේ ටික දවසකට ගොඩ දාගන්න පුලුවන්. මේක වැඩිපුර හැදෙන්නේ පුද්ගලික අංශයේ රියැදුරු මහත්වරුන්ට තමයි. හෙමින් ගිහින් හයියෙන් යන එක තමයි මූලික රෝග ලක්ෂණය. මේක වැඩි උනාම පිට දාන්නේ පොඩි සද්ධයක් ඇවිත්. පොඩි කිව්වට සද්දේ පොඩිමත් නැහැ. මේ ලෙඩේ ඉස්සර අපේ පැත්තේ ගොඩක් රියැදුරු මහත්වරුන්ට තිබුණා. ඒත දැන් නම් මගින් මගට දොස්තර මහත්තරු වගේ බස් චැකර්ලා දාලා හින්දා ලෙඩේ හැදුනත් පිටට පෙන්වන්නේ නැහැ.

මේ ගාය හැදෙන්නේ පිටපස්සේ ආපු බස් එකක් හරි තව ඒ පාරෙම යන වෙන බස් එකක් හරි සයිඩ් කණ්නාඩියකින් දැක්කම විතරයි. එතකල්ම බස් එක යන්නේ කරත්තයක් යන වේගෙටත් සුට්ටක් විතර අඩු වේගයකින්. සමහර දාට මේ ‍යන වේගය ඇලජික් වෙලා ඇතුලේ ඉන්න මගීන් පොඩි පොඩි ලොකු සද්දත් දානවා. ඒ වෙලාවටත් දශමයක් විතර බස් එක වේගයෙන් යනවා. මේ සෙල්ලම හුඟාක් වෙලාවට මං අත් දැකලා තියෙන්නේ 154 කියන බස් මාර්ගයේ. මං හිතන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් මේ බස් මාර්ගෙයේ අනිවාර්යයෙන් ගිහින් ඇති. මේක යන‍්නේ කිරිබත්ගොඩ ඉඳලා ගල්කිස්ස හෝ අඟුලාන දක්වා. හැම නැවතුමකම මගීන් හිටියා හෝ නොහිටියා මේ බස් රථය නවත්වන එක නවත්වනවාමයි. එම නිසා‍ මේ 154 බස් වලට බෙල් උනත් අනවශ්‍යයි කියලා හිතෙනවා. හැබැයි ඉතින් මුන්ට ගාය හැදෙනවා ඊලඟ ටර්න් එක මතක් උනාම හරි තවත් 154 ක් දැක්කමා හරි. ඔන්න ඉතින එතකොට කරන්නේ හැම හෝලට් එකකම බාගෙට නවත්වනවා. ඒ කිව්වේ යන ගමන්ම මගීන් ගොඩ කරගෑනිම හා බැස්ස වීම.

මේ බස් ගායට නිට්ටාවට සුව වෙන බෙහෙත් නැහැ. ෆාමසියෙන් ගන්නවා වගේ ඊලඟ ටර්න් එක කැන්ස්ල් උනාම ටිකක් විතර අඩුවෙලා නැවත අයේ සුපුරුදු විදිහට උඩු දුවනවා

වැප්

8 comments:

හා පැටික්කි (MS) said...

ඇ‍‍‍‍ඟේ ‍ලේ වතුර වන බස් ගාය හා ඇ‍‍ඟේ ‍ලේ කුපිත වන බස් ගාය.........

හසී said...

ඔය ගායටනම් බේතක් හොයන්න වෙන්නේ නෑ :@

අභීත said...

ඇඟ කිලිපොලා යන මහ පාරේ දරුනු සටන් බස් ගායෙන්..

nawammawatha said...

අයිත් නෑ අපේ පාරෙත් ඔහොම්මම තමයි. ඊලඟ බස් එක ඇවිල්ල පස්සෙන් තල්ලු කරනකං කලින් බස් එක නෙමෙයි හෙල්ලෙන්න.

සසීන්ද්‍ර වීරසිංහ said...

අපිටනං පාරක් නෑ. තිබුනනං ටිකක් හයියෙන් යයි.
ඔය ගායට එක බේතක් තියනව. බස් එකට විනාඩි පහකට කලින් ලංගමයෙක් දැම්මනං හයියෙන් යනව

ජේ.ඩී said...

ආන් ඊයේ බස් ගාය වැඩිවෙච්ච එකෙක් හින්දා සුට්ටන් කෙලිපැටික්කියකුත් මැරිලලු :(

Hasitha said...

154 ටත් වඩා ඔය අසනීපේ තියෙන්නේ 234 බස්කාරයින්ට :))

Lankapriya said...

ඇයි තව තියෙනවා.. තමා ළඟ වීදුරුව ඇරෙනවද ? තමාට ඉස්සරහ සහ පස්ස වීදුරුත් ඇරෙනවද ? නැත්නම් අනුන්ගේ වමනය තමාගේ ඔඩොක්කුවට... එක පාරක් මට උනා වගේ !

Post a Comment