අවුරුද්දට තව මාස තුනක් විතර තියනවා. අවුරුදු කටේත් නැතුව මං මොකද මේ ඔංචිලි කතාවක් මතෘකාවට ගත්තේ කියලා පොඩි කුකුසක් ඇති.සමහරුන්ට නම් බස් ඔංචිල්ලා කිව්ව ගමන් මොකක්ද අද කියන්න යන්නේ කියලා තේරෙනවා ඇති. කාලේ වෙනසක් පළාතේ වෙනසක් නැහැ අපි හැමෝම බස් ඔංචිල්ලා අනිවාර්යයෙන්ම පැදලා තියනවා. මේ ඔන්චිල්ලා වැඩිපුර දකින්ට ලැබෙන්නේ ප්‍රධාන බස් නැවතුම්පලවල් වල. තාමත් ටියුබ් ලයිට් වගේ නම් මේන් උදාහරණයක්
මේ කියන දවස අඟහරුවාදා දවසක්, පාසල් යන කලේ හවස අතිරේක පන්ති තියන දවසක්, පාසල අවසන් වෙන්නේ දෙකට, අමතර පන්ති පටන් ගන්නේ හවස හතර. එතකොට මට ගෙදර ඇවිත් හවස පන්ති යනකල් තියන කාලය පැය දෙකයි. ඔය පැය දෙක අතුලේ මං ගෙදර ඇවිත් නාලා කාලා පන්ති යන්නත් ඔනේ. සමාන්‍ය ක්‍රියා පිලිවෙල නම් ඔය මොනවා හරි බනිස් ගෙඩියක් කඩෙන් කාලා පන්ති යන එක. නමුත් මං ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා. මෙහෙම වෙන ගොඩක් දවස් වල මං බස් ඔංචිල්ලා පදිනවා. අතුරු කතා කිව්වා මිසක් තාම කියන්න බැරි උනානේ කියන්න ආපු කතාව. එහෙනම් මේන් ඔංචිලි කතාව
ඔන්න දැන් බස් නවත්වලා තියන බස් නැවතුම් පලෙන් අදලා බස් රථය පණගන්වලා ටිකක් ඉස්සරහට ගන්නවා. ඉතින් ඕන් මං ඒකට ගොඩ වෙනවා. ටිකකින් මේක පොඩ්ඩක් ආපස්සට ගන්නවා .... අයේ ටිකකින් ඉස්සරහට ගන්නවා ... ආපස්සට ගන්නවා ........ ඔන්න ඔහොම මං ඔංචිලි පැද්දි පැද්දි ඉන්න කොට, අපේ ගෙවල් පැත්තට යන තව බස් එකක්, නැවතුම් පලෙන් ඉස්සරහට ගන්නවා. පන්ති යන්න ප්‍රමාද වෙන හින්දා මං ටාං ගාලා ගිහින් ඒ බස් එකට ගොඩ වෙනවා. ඔන්න ඉතින් මේකත් යන්න හදලා අයේත් පටන් ගන්නවා ඔංචිලි සෙල්ලම. හපොයි දෙයියනේ මේන් අර මං කලින් නැගලා හිටපු බස් එක යන්න පිටත් වෙනවා. දැන් ඉතින් අයේ බහින්න යෑ, පදිනවා ඔංචිලි හිතින් ඩයිවරටයි කොන්දොස්තරටයි ඔංචිලි වාරම් කිය කිය. ඔන්න ටිකකින් මේකත් යන්නේ නැතුවාම තව එකකට නගිනවා. ඔහොම ඔහොම ගොඩක් දවස් වල මං බස් දෙක තුනක නැගලා අන්තිමට ලංගමය ගිහින් වාඩි වෙනාව ඕන වෙලාවක තෝ පලයං කියලා.
දැනුත් ඉඳලා හිටලා බස් ඔංචිල්ලා පදිනවා.
වැප්
රජාට ප්රශස්තියක්... 2 (රාජ කපුරු)
4 hours ago

6 comments:
හෙහ් හෙහ් ඒක නම් ඇත්ත අප්පා...... :D :D
උන්සිලි රජා...
කිරිබත්ගොඩ සිට කොටුව - කැලණි විහාරය හරහා...
හම්මේ...එහෙම පැද්දිල්ලක්...
බස් ගැන නම් කතාකරල වැඩක් නෑ මචන් ...... ඔඋන් ඔහොමම තමයි............
මග යන ගමනුත් පදිනව ද............. :D
120 කොළඹ හොරණත් ඔය වගේ ඔන්චිල්ලා තමයි...........
අඩේ මම අදයි මේ වැඩේ තේරුණේ... කොහොම වුණත් ඔන්න මමත් තව ඩිංගකින් පෝස්ට් දාන්න පට්ටාන් ගන්නවා.. මගේ පෝස්ටුත් පොඩ්ඩක් ඔය අදාළ බස් එකකට දාන්ට..
Post a Comment