Sunday, January 23, 2011

එදා මහ අමුතු දවසක් :D

මේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලේ මතකද මං ලිව්වා බස් කතා වගයක්. එකක් තමයි කොන්දොස්තර හා මහත්තයා, ඕකට කලින් ලිව්වා බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක. ඔය කතා දෙකට අමතරව තවත් බොහෝ බස් සංවාද තිබුණත් දැඩ් කම්මැලි කම හින්දාම ලියන්න බැරි උනා. ඒත් මේ පහුගිය දොහක අපේ මාරයා  මහත්තයා ඇහැව්වා කෝ බන් බස් කතා කියලා. ඕන් ඒපාර තමයි මට මතක් උනේ, බිබිසි එකේ වැඩ කරපු බව. ඒ එක්කම මගේම වහනයක  රැකියා ස්තථානයට යන හින්දා මේ බස් කතා මගේ කන තුලට සේව් කර ගන්නා බවත් ඔබ සැම දන්නා කරුණක්. ඉතින් නෝනා වරුණි මහත් වරුණි මේ පාරත් මං බස් කතාවක් ලියන්න කියලා යන්නේ. හැබැයි මේක ගුගල් බස් කතාවක් ‍නෙමෙයි. ගුගල් බස් ගැන කතා කලොත් අපේ එවුන් දැන් ගුගුල් කාරයත් එක්ක ‍මුහුණට මුහුණ ගේම ඉල්ලනවා නොවැ.  ඒ ගැන වැඩි දුර තොරතුරු මගේ ලෝකය, ලියන රංග පුතා කියලා තිබුණා. මාත් ඒ ලිපියෙන් තමා දැන ගත්තේ ගුගල් කාරයත් එක්ක සිංහලෙන් කතා කරපු සිංහලයෝ ඉන්නවා නේද කියලා :D

නගරය - කිරිබත්ගොඩ ( නගරය කියලා කිව්වේ එහෙම බෝඩ් වල ගහලා තියන හින්දා හරිද :D )
ස්ථානය - නව බස් නැවතුම් පලෙන් නුවර පාරට ඇතුලත් වන තැන
වේලාව - උදෑසන 7.40 ට පමණ
සිද්ධිය - ක්ෂණිකව බසය නතර විය

නැගෙනහරින් ඉර පාය එන මේ සොඳුරු, සීතල බර, අඳුරු - ගුප්ත, හැඟම්බර , සුන්දර හිමිදිරියේ බසය පුරවාට කසු කුසුවක් පැතිර යන්නේ හාත් පස මහා මූසල ගතියක් ඇති කරමිනි. මාගේ මාධ්‍ය දිවියට මේවා කෙසේවත් සැඟවිය නොහැකි නිසා, ක්ෂනයෙන් සියලූම සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක කෙරුණි. එක් කණක් ඩයිවර් දෙසටද අනික් කන මහජනයාගේ කටවල්‍ දෙසටද සුසර කරමින් ඇස් දෙක හතර වට කරකවන්නට පටන් ගැනීම අහඹුවක් නොවිනි. තව කණක අඩුව දැනුනේ පොලිස් කාරයාගේ කට හෙල්ලෙන බව වම් ඇසේ දකූණු කොනින් ගත් චායා රූපය මා මවිතයට පත් කල නිසාවෙනි. කණේ අඩුව පිරවීමට කට අයාගෙන ඒ දෙස බලා සිටියෙමි. දුප්පත් මා වැනි මාධ්‍ය කරුවන් වහා එක් විය යුතු බව මා හට මොනවට පැහැදිලි විය.

තලතුනා වයසේ, මැදි වියේ මහත් වරු තම තමුන්ගේ කටවල් ක්‍රීයත්මක කරන්නට පටන් ගත්තේ ඩයිවරයා දෙසට ඇඟිල්ල දික් කරමිනි. ගිලෙන නැවටත් පෝසත් වන්නට ගොඩවන්නා සේ සමහර මිනිසුන් පිටුපස දොරින් බසයට ගොඩ වූයේ හිස් ආසන දෙස කෑඳර බැල්ම දමමිනි. එලෙස බසටය ගොඩ වූ තරණියන් දෙදෙනෙකු ක්ෂණයෙන් අසුනක් වෙත ගොස් අසුන් ගත්තද, බසය කොළඔ බලා නොයන බව තේරුම් ගත් බැවින්දෝ, කිසි දෙයක් නොවූ ලෙසට සේප් එකේ ඉස්සරහා දොරින් බැහැලි ගියා ඕයි. උන් හිතනන් ඇති මං දැක්කේ නැහැ කියලා. කොන්දොස්තර මහතා සිටින ඉසව්වක් සොයාගැනිමේ අරමුණින් ගුගල් සර්ච් පාරක් දැම්මා බන්. ඒත් මූ ගිය දිහාවක් නැහැ. ඒ මහතා හොයාගන්න එපෑ සල්ලි ඉල්ල ගන්න:D

සිනහා උපදවන කරුණ නම් බසය නැවතී ඇත්තේ තෙල් ඉවර වී ඇති බැවිනි. මේ බව කවුරුන් හෝ මගියෙක් ශබ්ද නගා කීවේ අවට සිටි සියලුම හූදි ජනතාව සිනහා සාගරයක ගිල්වමිනි. මේය කන වැකුණු අපේ බසයේ ගිය මහත් වරුන්ට  යක්ෂයා අවේෂ වි බැනිය හැකි සෑම සභ්‍ය වචනයකිනම් සංග්‍රහ කළහ. සිදූ වූ සියල්ල පටිගත කරගත් මා බසයෙන් බැස කොන්දොස්තර මහතා සිටින ඉසව්වක් නැවත පිරක්සා බැලූ කල, ඔහු මුහුණු බිමට හරවං සල්ලි බෙදනවා හලෝ. මාත් ගියා ඔතනට ගිහින් කිව්වා කොළඔ ටිකට් කියලා. කොතරම් අවංක නිහතමානී මිනිසෙකුද කියතොත් බිම් බලාගෙනම ,කොළඔ යාමට සරිලන මුදල් ප්‍රමාණයක් මා අත තැබුවේ මහත්මා ගති පෙන්වමිනි.

ඔන්න ඕකයි බස් කතාව. වැල්වටාරම් ගොඩයි වෙලා තියෙන්නේ බස් එකේ ඩීසල් නැතුව හිටපු එක තමයි

වැප්

19 comments:

සෝරෝ said...

අඩෝව් උඹ කොළඹට යන්න සල්ලි ඉල්ලුවාට මුලින් ටිකට් ගත්තේ කොළඹට ම යන්න නෙවෙයි නේ............ :D

පූසා said...

පට්ට සරල කතාව නියමෙට සංකීරණ කරලා ලියලා තියනවා :D

තිස්ස දොඩන්ගොඩ said...

මේකා මේ ගූගල් බස් එකක් ගැනම නේ ලියලා තියෙන්නේ...!!!

කසුන් නදීශන said...

හික් වැපාටත් වෙන දේවල්.මටත් ඕවාගේ අද්දැකිම් ගෙඩාක් ඇත. එර්ත් සන්නිවේදන උපරකරණ වල දොෂ නිසා මට මතක නෑ ඒවා :D

෴ හසියා ෴ said...

මරේ මරු සිරා (හැ)රිපෝටර්....ආයේ ඉතිං දැං ජනමාධ්‍ය ආයතනවල ඉන්න උන්ටත් වඩා ෂුපිරිද මන්දා....

නරකද වැපෝ බැස්සොත් ඔෆිෂියලි වැඩේට....

අනුරාධ said...

අයියා කූමද මෙච්ච‍ර ලස්සනට ලීන්නෙ... අනී..... මටනම් හිතාගන්නත් බේ...... මාරම ලස්සනයි අයියා........ කොයින්ද අයියා ඉගෙන ගත්තෙ මෙහෙම ලීන්න.... වෙලාව යනවා තේරුනේ නෑ.... එක හුස්මට කීවගෙන ගියා අයියා....
(අනේ මගේ කට) :D

Uditha Umesh said...

සෙයාර් කරන්න බටන් ටිකක් දැම්මනම් හොඳයි නේද?

Bugs Bunny said...

මටත් උනානේ ඕක..බස් එක නැවතුනා...අයියේ ඉතිරි සල්ලි දියං කියලා සල්ලි ඉල්ලවා මල්ලි කොදාටද බහින්නෙ කියලා කොන්දයියා ඇහුවා..ඉමදුවට... රු25 ද කොහෙද මට ලැබුනා...කේස් එක කියන්නෙ ඊට පොඩ්ඩක් එහා හෝල්ට් එකෙන් තමා මචං අපේ ගෙදරට යන්නෙ ;-) :D :D

උබටත් වෙන වැඩ හැබැට :D

ජීවිතේමල් said...

හප්පා.... නියම රිපෝටල් :) බී බී සිය නෙමෙයි රොයිටර් නෙමෙයි චෑප් දි කම්මෑලි රිපෝටර් :)

Pasan said...

මේකා කිරිබත්ගොඩ ඉදන් හතරෙ කනුවට ටිකට් අරන් .. පිටකොටුවට ගත්තා කියලා සල්ලි ඉල්ලගෙන.. හප්පා තාමත් මූගෙ පුරුද්ද අතහැරගන්න බැරි හැටියක්........:-D

udaya.jayawardhana said...

එල... මරු කතාව... :)

priyantha.ඒබී said...

ඕවා වෙන්නෙත් වැපාටමනේ....

මාරයාගේ හෝරාව said...

හරි මල්ලියා උඹට තෑන්ක්ස්...
ඔන්න මටත් දැන් තමයි බස් කතන්දර මතක් වෙන්නේ...බලමු හෙට දිහාවෙවත්...

හා පැටික්කි (MS) said...

අමුතුම දවසක්...... මේක හොඳයි සාරාංශ කරන්න දෙන්න..... :D

blog gadol said...

හික් හික්!!! මචං ඇත්ත කියපං, අර සෝරෝ කොලුවා කියපු දේ ඇත්ත නේද?

..ChAnDiKa.. said...

අප්පා...... තෝව හම ගහල කොට්ට මහන්න වටිනවා. :D

පිස්සා පලාමල්ල said...

යකෝ උබ ටිකට් නොගෙන නේ බස් වල යන්නේ... ඉතුරු සල්ලිත් ඉල්ලන් බහිනව කියලයි ආරංචිය.. එහෙව් එකේ පව් බන් අසරණ කොන්දා...

ඔක්කොමත් හරි තෙල් නැතුව බස් එක නතර වෙල.. උන්නම් මහ පුදුම රියදුරෝ... මම වගේ අන්තිම බිංදුව තෙක්ම දුවල තෙල් ගහන්න ඉන්න ඇති හික් හික්

blog gadol said...

මචං මගේ අලුත් ලිපිය ලාංකීය සිතුවිලි වල පලවෙලා නෑ. මොකක්හරි අප්සට් එකක් ඇති. පොඩ්ඩක් බලපන්

Niroshan said...

අද තමා මුලින්ම මේ පැත්තට ආවේ.....
ලස්සනට ලියලා තියෙනවා..ඒ වගේම කිරිබත්ගොඩත්, මකොලත්...234 බස් එකත් මට හොදට හුරු දේවල්

Post a Comment