සිංහල බ්ලොග් අවකාශයේ මෙන්ම, අනෙකුත් අන්තර්ජාල භාවිතයන් හරහාත්, ඔබ දැනටමත් ඉලන්දාරියා හෙවත් දිලුම්ගේ ශෛල්‍යකර්මය ගැන දන්නවා ඇති. ඔහු අවසානයට පල කල ලිපිය අනුව දැනට ලක්ෂ 7 කට ආසන්න මුදලක් එකතූවී හමාරයි. නමුත් ඉලක්කය වෙන්නේ ලක්ෂ 30 කට ආසන්න මුදලක්. බින්කූ ප්‍රමුඛ කන්ඩායම පේපැල් හරහා කරන්න පුලුවන් උපකාරය කර අවසානයයි සිතිය හැක. එලෙසම දූමීගේ සහයෝගයෙන් මැදපෙරදිග සිදුවන පැදුරු සාජ්ජයන් තාමත් කෙරිගෙන යනවා. ඊට අමතරව ඉතුරු වෙලා තියෙන්නේ අභීතගේ නායකත්වයෙන් සිදුවන අවුරුදු උත්සවය. ඔය ප්‍රධාන වැඩ පිලිවෙලවල් වලට අමතරව, දිලුම් වෙනුවෙන් සැකසූ ආධාර ටිකට් පතක් අලෙවි වෙනවා මේ දිනවල. ඒ සඳහා ඔබ තවමත් සහභාගි උනේ නැත්නම් මෙතනට යන්න. ඔයිට අමතරව සිදුවන සුවීශේෂිම දේ තමයි ඔහුගේ බැංකු ගිනුමට හැකි පමණිනි මුදලක් බැර කිරිම.
අසීරු නොවන ඉලක්කයක් වෙත සීරුවෙන් යන ගමනට පුංචි තල්ලුවක් ලෙස මේ ලිපිය එක් කරන ලදී.
වැප්
මාතර බීච් එකේ බලු ශෝ එක
2 hours ago


6 comments:
අනිවා වැප්... මේක පටන් ගද්දි හිටපු ගොඩාක් අය දැන් නිකන් හැලිලා වගේ ඉන්නේ... ඔබට කරන්න පුළුවන් උපරිම උදව්ව කරන්න පුළුවන් කට්ටිය දුවගෙන එන්න..... අත්වැල් බැඳගන්න... ඔබට වාසියක් නොවුනත් සීමා රහිත ආත්ම තෘප්තියක් ඔබ තුල ඉතිරි වේවි මේ වැඩෙන්.......
@අභීත: තාම හැලිල නෑ මචෝ . . . ඒත් පොඩි පසුබෑමක් සිද්ද උනා තමයි . . මොනව කරන්නත් බඩ රස්සාව බේරගන්න එපැයි නේද ?? කොහොමත් 11වෙනිදයිං පස්සෙ දවසක මම උඹේ ගෙවල් පැත්තෙ එන්නං.
මම ඉල්ලපු ටිකට්පොත කෝ ...? සමාවෙන්න මම වැඩකරන තැන හා මම ඉන්න පලාත අනුව මට විකුනා දියහැක්කේ එක පොතයි . මට එකක් එවන්න ඒක විකුනන්න බැරි උනත් කමක් නෑ මම අතින් හරි සල්ලි දාන්නම් ..
@හිස් අහස
ඔයාගේ ටිකට් පොත සෙනසුරාදා තැපෑලට දැම්මා .................
ටිකට් පොත මට ලැබුනා අයියේ .... ඉකමනින් විකුනා ගත්තොත් තව එකක් ඉල්ලන්නම් ...
Post a Comment