Tuesday, March 8, 2011

සරසවි පෙම - සත්‍ය සිදුවිමක්

ඇයත් ඔහුත් හමුවූයේ සරසවිය තුලදීය. ඔහු ඇයට බෙහෙවින් අදරය කරන ලදී. ඇයද පණට පණ මෙන් සිටියාය. සරසවියෙන් සමුගත් ඔහු බදුල්ල ප්‍රදේශයේ රැකියාවකට ගියේය. ඇයට හෙද රැකියාව හමු වි හම්බන්තොටටට යන ලදී. ඉන් මාස හතරකට පසු විවාහය සඳහා සියල්ල සුදානම් කෙරිණි. කලින් සැලසුම් කරගත් පරිදි ඒ සුබ මොහොත උදා විය. ඇයත් ඔහුත් අතිනත ගෙන, පෝරුවේ චාරිත්‍ර අවසන් කර මධුසමය ගත කිරිමට නුවරඑලිය බලා පිටත් විය. ඊට දින දෙකකට පසු නිවස බලා ඒම හෙවත් හෝම්කමින් එකට සියල්ල සූදානම් වී තිබුණි. නැදෑ හිතවතුන් මග බලමින් සිටියෝය. නිවසට පැමිණිමේ නැකත දැන් ඉක්ම ගොස් ඇත. තවමත් නැත. හැම තැන කසු කුසු පැතිරයයි. ඥාතින් නව යුවල එනතුරු දෑස් දල්වා සිටිති. නමුත් ඇය රෝහල් ගත කර ඇත. කෙසේ හෝ සුබ හෝරවා පසුවි පැය ගනණකට පසු නව යුවල නිවසට පැමිණීයහ.

දින සති මාස ගනන් ගෙවුනේ ඇය හම්බන්තොටද, ඔහු නුවර එලියේද රස්සාවල් කරමින්ය. සති අන්තයේදි පමණක් දෙදෙනා හමුවෙයි. එක් දිනක් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ ඇයගෙනි.

"මට ඔයාගෙන් දික්කාසද වෙන්න ඔනේ"

එදිනම ඔහු හම්බන්තොට බලා නික්ම ගියේය. ඇය වෙනත් අයකු සමග ඔහු හමුවට පැමිණෙයි.

ඇය

"මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි."

 වසර ගනනාවක ප්‍රේමයේ අවසන් ප්‍රථිපලය මෙයදැයි ඔහුට සිතුනා දැයි නොදනිමු. ඔහු ඒදිනම කොළඔ බලා විත් මාස කිහිපයකට පසුව දික්කාසද විය.

වසර ගනණාවක සරසවි පෙම, හාරමාසයක රැකියාව වෙනස් කලේය. මධුසමයට යන විටත් ඇයට දරු ගැබක් තිබූ බවට සැකය ඔහු තුල නිසිකයෙන්ම හටගත්තේ ඇය ඒ සුබ දිනයේදි රෝහල් ගතකරන්නට සිදුවුනු හෙයිනි.

රංග විසින් ලියූ "අසම්පූර්ණ ආදර කතාවක්" කියවිමෙන් මේ කතාව මතක් විය. වසර ගණනාවකට පෙර සිදුවූ සත්‍ය සිදුවිමකි.


වැප්

24 comments:

පූසා said...

අනේ මන්දා රංග ගේ පෝස්ට් එක හවස කියෙව්වා. මේකත් ඒ වගෙමයි. මේවා කියවනකොට කෙල්ලෙක් එක්ක යාළුවෙන්නත් බයහිතෙනවා :(

Bunny said...

හප්පච්චියේ.. උබ කියන බොරු වලට හැටියට මේක විශ්වාස කොරන්නත් බැ නොකරන්නත් බැ.. කෙල්ලො නම් ඔන්නැ ආයේ.. :-/

තාරක Dilsh@n said...

මේ වගේ කතා ගොඩක් තියෙනවනේ..

රත්ගමයා said...

මුන් ඔක්කොම දාන්නේ අබිලික් ලව් ස්ටෝරි......
මෙහෙම කෙල්ලො ඔහොමතමා..ඒත් හැමෝම නෑ නේ....
(පච නෙමේ නේ බොලේ සිරානේ..වැපා මාමා බීලා නෑ නේ...)

Kanishka | කණියා said...

ඕවා සාමාන්‍ය සිද්ධි බං.. අත්දැකීමෙං කියන්නේ..

තිස්ස දොඩන්ගොඩ said...

පව් බං...

රවා said...

එහෙම කෙල්ලො ගැනවත් කොල්ල ගැනවත් මෙතන අනුමාන කරන්න දත්ත මදි .

AmilaArt said...

මම මේ කතාව දන්න ලෙස හැගේ. විශ්වවිද්‍යාලය ජ'පුරද?

lakmal8888 said...

mekatah kiyanna thiyenne 1 ka ekanage DIWAYA thama api ape jeewitha ape uthsahayen kochara wenas karagathat samahara dewal apita wenas karanna ba eka hari pudumakarai kiyala kata hari hitenwada netnam mata pissuda???

මාරයාගේ හෝරාව said...

වැප් මල්ලි උඹ දැන් ඔය ගැන නොහිතා ජීවත් වෙයං මලේ...:p

ඕනයා said...

වැපෝ . . . . ජීවිතේ හැටි ඔහොම තමයි . . . . වෙන එකක් හොයා ගනිං . . .

හසී said...

අනේ මන්දා..........

nawammawatha said...

සල්ලිවලට, එහෙමත් නැත්නං ලස්සන නහයකට, ලස්සන කකුලකට, එහෙමත් නැත්නං ලොකු xxxxx ට ආදරේ කරන්න ගියාම ඔය වගේ දේවල් අනන්තවත් වෙනව වැපෝ.

ජේ.ඩී said...

මාර කේස් එක :O

රංග - මගේ ලෝකය said...

මේ වගේ නැති කෙල්ලොත් ඉන්නව බං

dishanrajapaksha said...

කෙල්ලොත් එපා වෙනවා අප්පා :ද

හිස් අහස said...

කාන්තාවෝ කියන්නේ තහනම් ගස්වල ගෙඩි කන්න කැමති කට්ටියනේ .

පබලු said...

මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි."
හපොයි....
එතකොට බැදපු කෙනාට මොකද වෙන්නේ.
ඇත්තම සිද්දියක්ම කියල දිවුරල කියන්න වැප්..

@හිස් අහස...ඔන්න ඔන්න මල්ලි වැරදි කතාවක් කිව්වා

අනුරාධ said...

තවත් වැප් ස්ටෝරියක්ද?

prasanna86k said...

වැප්, ගෑනුන්ට බයිනවා නෙමේ බං... ඒත් සමහර ගැහැනු අය ගැන නම් ගන්න දෙයක් නෑ... මගේ යාළුවෙක් ඉන්නවා, ඌ ස්පෙයාර් වීල් එකට කරන්නේ බැඳපු කෙල්ලෙක්ව, මට හිතාගන්න බැහැ බං, ​ඒ කෙල්ල බැඳපු මිනිහාට බොරු කියලා අරුත් එක්ක කොහොම එනවද කියලා...

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

මෙහෙම කතා අපේ සමාජය තුල විරල නෑ.... ගැහැණු පිරිමි කියලා වර්ග කරලා බලන්න අමාරුයි දෙගොල්ලොම ඉන්නවා...මගේ මතය නම් වැඩිහරියක් ගෑණුන්ව අමාරුවේ දාන්නෙ සීමිත වූ අශික්සිත පිරිමි. ඔය අතරේ අමාරුවේ වැටෙන්න බලන් ඉන්න මෝඩ තකතීරු ගැහැණු උදවියත් ඉන්න බව කියන්ට ඕනි. කොහොම වුණත් වැප් මල්ලියා ඕවා ගැන නොහිතා අනාගතය සාර කරගත්තොත් තමා හොඳ...

තීර්ථ යාත්‍රිකයා said...

අනේ මන්දන්නෑ වැප්. මාර දේවල් තමයි මෙව්වා.මනුස්සයෙක් විස්වාස කරන්නත් අමාරුයි දැන් කාලෙ හැටියට නම්

..ChAnDiKa.. said...

දෙයියයො දනී...

ජීවිතේමල් said...

'ඌ ස්පෙයා වීල් එකට කරන්නෙ බෑඳපු කෙල්ලෙව'
එතකොට "ස්පෙයාවීල්" එකක් තියා ගන්න පිරිමියාගෙ අතේ වරදක් නෑම නෑද ????

Post a Comment