මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ එක්කෙනක්වත් මට හොයාගන්නත් බැහැ. විප්ලව වලට මං අනික් අයට කතා කලාට කවුරුත් එන්නෙත් නැහැ. මට එහෙම කතා කරන්න උවමනාවකුත් නැහැ. මට විප්ලවවාදී අදහස් එන්නෙත් නැහැ. මං කියන ලියන එව්වා කාටවත් වටින්නෙත් නැහැ. ඒ වගේම එවෑ කිසිම වටිනාකමකුත් නැහැ කියලා මට තේරෙන්නෙත් නැහැ. එහෙම කියාලා මං අදහස් දැක්විම නවත්වන්නේත් නැහැ.
සමහරු අමුතු කතා කියද්දි මට කටවහන් ඉන්නත් බැහැ. තවත් අය සමාජයේ කාලයක් තිබුණු සම්මතයන් අභියෝගයට ලක්කරනවා බලං ඉන්නත් බැහැ. එවා එහෙමයි කියලා මං කටපියන් ඉන්නෙත් නැහැ. කොහෙත්ම මං විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. අදහස් හා මත වලින් විතරක් විප්ලවාදියෙක් වෙන්නත් බැහැ. එහෙමයි කියලා මට විප්ලවාදියෙක් නොවී ඉන්ඩත් බැහැ. මේකට කියන වචනය මට හිතාගන්නත් බැහැ. සමහර විට මේකට වචනයක් තියෙන්න විදිහකුත් නැහැ. විප්ලවවාදීයෙක් කියලා කොහෙත්ම කිය ගන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට නමක් හෝ වචනයක් ඕනෙත් නැහැ.
මං ලියලා තියෙන්නේ විප්ලවවාදී අදහස් කියලා මං කියන්නේ නැහැ. ඒ හින්දා මේ ලියමන කිසි වැඩකුත් නැහැ. එහෙමයි කියලා මේක ලියන එක නවත්වන්නෙත් නැහැ. මං මේක ලිව්වා නොලිව්වා කියලා වෙනසකුත් නැහැ. එහෙම වෙනසක් කරන්න මට අවශ්‍යත් නැහැ. කවුද මේක කියෙව්වේ කියලා මං හොයන්නෙත් නැහැ. මට මේකට කමෙන්ට් ඕනෙත් නැහැ. දාන කමෙන්ට් මට වැඩකුත් නැහැ. කොටින්ම මට මේ ලියමන වැඩක් නැහැ. මේ ලියමන තුල සැඟවිච්ච කිසිවක් නැහැ. එහෙම එවා හොයන්නත් බැහැ. හොයන්න අවාට මං කියන්නෙත් නැහැ.
වැප්
බසය සහ ගැහිල්ල
16 hours ago

24 comments:
ඔච්චර කියන නිසා අපි අහන්නෙත් නෑ.
මේක කියෙව්වට මට තේරුනෙත් නැහැ. මට තේරුම් ගන්න උවමනාවකුත් නැහැ."මට මේකට කමෙන්ට් ඕනෙත් නැහැ" කිව්වට වැඩක් නැහැ. මම මේකේ කමෙන්ට් කරන එක නවත්තන්න කවුරුවත් නැහැ. එහෙම නැවැත්තුවත් මට කමක් නැහැ. මේ ලියමන තුල සැඟවිච්ච කිසිවක් තිබුණත් මට වැඩක් නැහැ. මම ඒවා හොයන්න යන්නෙත් නැහැ. උඹට පිස්සුද දන්නෙත් නැහැ :D
අනේ මංදා මට මුකුත් හිතා ගන්නත් බෑ. හොඳට හිටිය එකා නිසා පිස්සු වෙන්නත් බෑ... ඒත් කමෙන්ට් එපා කියපු නිසාම කමෙන්ට් නොකරත් බෑ...
ඉඳල හිටල මටත් ඔහොම වෙනව, එහෙම උනාම මමත් ඔහොම දේවල් ලියනව. ලියාපු තව දෙකක් විතර ඩ්‍රාෆ්ට් එකේ තියනව. පෝස්ට් කරන්න හිතුනොත් දානව, නැත්නම් නොදාම ඉන්නව. උඹ විප්ලව වාදියෙක්වත් සාමාන්‍ය මනුස්සයෙක්වත් කියල කිසිම කෙනෙකුට ඉරක් ගහල වෙන් කරන්න බෑ. ඒ දෙන්නම උඹ. ඒ දෙන්නම මම, මේක තමයි ජීවිතේ. ලෝකය වෙනස් කරන්න බෑ කිව්වට අපි කරන හැම දෙයකින්ම ලෝකය වෙනස් වෙනව. ඒකට පෝස්ටර් අලවන්න ඕන නෑ. ලිප්ටන් එන්න ඕන නෑ. කවුරු මොනවා කිව්වත් උඹ නවතින්නෙත් නැ. මෙහෙම එකක් කියෙව්වම කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නෙත් නෑ මට.
එපා කියන නිසා නොලියා යන්නත් බැහැ.
ඇත්තෙන්ම "නැහැ" හා "බැහැ" ඝණ වනයේ අතරමං නේද කියලා නැවත මතක් කර ලියමනක් මලේ.
මට මේක කියෙවුව කියල ඇති වැඩක් නෑ . . . එහෙමයි කියල මම මේක නොකියව ඉන්නෙත් නෑ . . . කියෙවුවයි කියල මට මේකට කොමෙන්ට් කරන්න උවමනාවකුත් නෑ . . . . එහෙමයි කියල මම කොමෙන්ට් එකක් නොදා ඉන්නෙත් නෑ . . . . .මේක ලියපු උඹට පිස්සුද කියල මම හරියටම දන්නෙත් නෑ . . . .කියවපු මට පිස්සුද කියල දන්නෙත් නෑ . . . .
මූ මේ වෙලාවේ ඉන්නේ අංගොඩද දන්නෙත් නැහැ.....
මොකද යකෝ ඥැක්බැක් ගාන්නේ............. :D
වැප්නි සාන්ත ගොයිය බස් එක හප්පගනවත්ද ?
අනේ මන්දා මට මේවා තේරෙන්නෙත් නැ.ඒත් මම කියවන එක නවත්වන්නේත් නැ.
මේවා තේරෙන්නෙත් නෑ.. උඹට සිහියක් ඇත්තෙත් නෑ.. මටත් නෑ... මෙලෝ රහකුත් නෑ..ඒත් නැත්තෙත් නෑ... කල්ලල් ලෑ.. බොල්ලැල් ලෑ....
උඹ මොනා හරි අමුතු ජාතියක් බිව්වද බන්?
උබ මුකුත් ලියලා තියෙනවද මෙතන ? O_o
මට බැහැ මෙව්වා කියවන්න..............
සිරාවට මේකෙ නම් වැඩක් ඇත්තෙම නෑ. තිබුනත් අපිට වැඩකුත් නෑ :D
අන්න හරි...
උඹ ලෝකෙ හදන්න යන්නත් එපා... ලෝකෙට උඹව හදන්න දෙන්නත් එපා...
වැට උඩම හිටපන් බන් මල්ලී....
නැහැ කියන වචන විසි අටයි , බැහැ කියන වචන දහයයි... :D
http://bit.ly/dOCAMJ
මේලෝකෙ රහකුත් නෑ, එහෙම උනා කියල නොබල හිටියෙත් නෑ
එක පාරට වඩා සිරිපාදේ යන එකා මෝඩයා කියන්නා වගේ මෙකත් එක පාරට වඩා කියවන්න නරකයි. එහෙම කියෙව්වොත් පළවෙනි පාර කියෝලා තේරුං ගත්තුවා මඥ්ඤං වෙනවා.
බුද්ධි-සයිබර් යාය
මේකෙන් ඇති වැඩකුත් නැහැ. මේක කියවන්නත් බැහැ. ඒකියල එපා කීවට කියවන්නේ නැතුවත් බැහැ.
මෙලෝ මගුලක් තේරෙන්නෙත් නෑ.... එහෙමයි කියලා තේරුම් ගන්නත් බෑ.....
සහෝදරයා අවසානයේදී මට සතුටු වෙන්න පුළුවන් මං වගේම තව ඩයල් එකක් ඉන්නවා කියලා....මටත් තියෙන්නේ ඔය ලෙඩේම තමා....
මටනම් හිතෙන්නෙ මූ ඔව් නෑ බෑ තරගෙකින් පැරදිලා වගේ...
Post a Comment