Sunday, April 17, 2011

සයිබර් සැණකෙලියේ සංවිධානය

අප්‍රේයල් 3 වෙනිදා පැවැත්වුනු සයිබර් සැණකෙලිය පිළිබඳ ලිපියක් ලියන්න කියලා හිතාගෙන හිටියත් ඒක ඕන කමින්ම ටිකක් පහු කරලා අද තමයි ඒ ගැන ලියන්නේ. පහුකරන්න හේතුව උනේ මේ ගැන ලියවෙන සෑම ලිපියක්ම හා පින්තූර ‍ගොන්නක්ම මේ ලිපියට දාන්න ඔනේ හින්දා. ගොඩක් අයගේ සහයෙන් ඒ ලිපි හා පින්තූර ටික බස් එකකට එකතු කරගත්තා.

අභිත ගේ සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්‍රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනා‍ගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා

1.උවමනාව
සිහින උළෙල ගැන ලියවුනු පළමු ලිපියේ සිට මෙය අවසන් වන තෙක්ම සහභාගි වන්නන්, අනුග්‍රහකයින්, මෙන්ම සංවිධයක කණ්ඩායම් මේ පිලිබදව ඉතා උනන්දුවෙන් සිටිම මෙය සාර්තකත්වයේ අඩිතාලමයි. එදිනට නියමිත වැඩසටහන් කෙසේ විය යුතුද යන්න කියන කාරණවා, සංවිදායක මන්ඩලය දැඩි ලෙස අවධාරණයට ගත්තා. බොහෝ දුරට අවුරුදු උස්වය ගැන කතා බහ උනේ ගුගුල් බස් එකේ. මුල් දවස් වල විවෘත්ත බස් ලෙස මෙම කතා බහ ගියත්, පසුව ඒගැන අදහස් දැක්වූ සියලු දෙනා එකතුවෙන් ගුගල් ගෘප් එකක් හදලා ඒක ඇතුලේ විතරක් කතා කලා. කොච්චර උනන්දුද කිව්වොත් කවුරුත් එකතු වෙලා වැඩකරන රටාවක් තිබුනේ . හොඳම උදාහරණය ගුගුල් ගෘප් එක හැදුවේ එක්කෙනෙක්, ඒකට කට්ටිය අතුලත් කරගත්තේ තවත් කෙනෙක්. කතා කල යුතු මාතෘකා දාන්නේ වෙන වෙන අය. මේවා එකක්වත් කවුරුත් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ගියේ නැහැ. තමුන්ට මතක් වෙන දෙයක් තිබුණා නම් මේක සාර්තක කරගන්න, ඒ වැඩේ ඒ අදලා කෙනා පටන් අරන් කරන් ගියා.

2. සාක්ච්චාව
ඉතාම වැදගත් කරුණක්, මූලිකම සාකච්චා මාධ්‍ය උනේ ගුගල් ගෘප් එක, දවසට මෙයිල් සීය දෙසිය එහා මෙහා ගියා, ඒ වගේම මේ ගැන කතා කරන්න හමු විම් තුනක් විතර තිබුණා. විහාරමහා දේවි උද්‍යානයේ තිබුණු එක රැස්විමක් ආරම්භ උනේ උදේ 8 ට. ඊට අමතරව ගුගල් ඩොක් කියන මාධ්‍යත් යොදාගත්තා. මේ සාකච්චා පැවැත්වුනේ බොහෝම සුහදව, මට නම් මතක නැහැ කෙහෝවත් මත ගැටිමක් තිබුණු බවක්.

3.ධනාත්මක චින්තනය
මා දුටු අපූරුව කරණය තමයි මේක, කවුරුත් නැහැ බැහැ කියන වචන යොදාගත්තේ නැහැ. අභිත අයියාගෙන් ගෙන් මොකක් හරි ඇහැව්වොත් කවදාවත් කිව්වේ නැහැ ඒක ගැන දන්නේ නැහැ කියලා. කිව්වේ "හරි හරි ඔක්කොම හරි" කියලා. දෙයක් තමුන් දන්නේ නැත්නම් කරපු එකම දේ ඒ ගැන ගෘප් එකට මෙයිල් එකක් දාලා දන්න අයගෙන් අදහස් ගැනිම තමයි.

4.විවධ කණ්ඩායම් එකතු විම
සංවිධායක මණ්ඩලය තුල විවිධත්වයක් තිබුණා. අපි කවුරුත් දන්නවා බ්ලොග් අවකාශ තුල විවිද අදහස් තියන කණ්ඩායම් ඉන්නවා කියලා. මේ හැම කණ්ඩායමක්ම එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් කටයුතු කලා. විවධත්වය තුලින් සාර්තක ගමනක් යා හැකි උනු බව කිව යුතුමයි.

5. කණ්ඩායම් බෙදිම
එදිනට පැවැත්වෙන තරඟ හා අනිකුත් වැඩ කණ්ඩායම් වලට බෙදලා තිබුණේ. ඒ ඒ අය ඒ ගැන හොයලා බලලා කටයුතු කලා. ඒ ගැන අයේ අමුතුවෙන් තවත් අයෙකුට හොයන්න උනේ නැහැ. ඒ වගේම කියන්න ඔනේ එදිනත් මේ වැඩ වලට සංවිධයකයන්ට අමතරව තවත් පිරිසක් සහාය දැක්වුවා. නම් වශයෙන් සඳහන් කිරිම නොකලත් පින්තූර බලපුවාම කාටත් ඒ ගැන දැන ගන්න පුලුවන්.

තවත් බොහෝ කරුණු තියෙන්න පුලුවන් මේ සාර්තකත්වය පිටුපස. නමුත් මේ මට දැනිච්ච දේවල්. පහලින් තියනවා මෙතෙක් මට හමු වෙච්ච ලිපි හා පින්තුර, යම් කිසි මග හැරිමකින් ඔබේ ලිපිය හෝ පින්තූර ගොන්න එකතු වි නැත්නම් සමාවන්න

පින්තූර
ඉන්දරේ - http://www.facebook.com/album.php?aid=281824&id=740955417
බුද්ධි - http://www.facebook.com/album.php?fbid=206475906037635&id=100000256806646&aid=52687
හසිත් - http://www.facebook.com/album.php?fbid=162901480435427&id=100001467292675&aid=36690
නෙරන්ජි - http://www.facebook.com/album.php?fbid=214116681937332&id=100000170040967&aid=64872
ගෙහාන් - http://www.facebook.com/album.php?fbid=144908185576720&id=100001726177649&aid=30172
සුදු පුසා - http://www.facebook.com/album.php?fbid=212142338812791&id=100000510783440&aid=66347
සුදු පුසා -http://www.facebook.com/album.php?id=100000510783440&aid=66347
වල් හාවා - http://www.facebook.com/album.php?fbid=1482844969705&id=1791270075&aid=55543
වල් හාවා - http://www.facebook.com/album.php?id=1791270075&aid=55545
වල් හාවා -http://www.facebook.com/album.php?id=1791270075&aid=55546
චමිල - http://www.facebook.com/album.php?aid=58117&id=100000568016356
රන්දික - http://www.facebook.com/album.php?id=1442041342&aid=119380
ඉනෝෂා - http://www.facebook.com/album.php?fbid=10150215475122845&id=778127844&aid=351557
හසියා -http://www.facebook.com/album.php?id=1269435580&aid=2114918
දනුල - http://www.facebook.com/album.php?aid=32226&id=100001700315858
මල් ෂාන් -http://www.facebook.com/media/set/fbx/?set=a.1939554084436.2112571.1109910872
ලීෂාන් - http://www.facebook.com/media/set/fbx/?set=a.1495615490154.55772.1827109480&l=46075dc8b6

බ්ලොග් ලිපි
මාරයා - http://ctkumara.blogspot.com/2011/04/blog-post_03.html
රංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_04.html
ඉෂාර - http://blog-ishara.blogspot.com/2011/04/blog-post.html
ගෝල්ඩ් ෆිෂ් - http://goo.gl/NfrZ4
හාවා http://freeanushka.blogspot.com/2011/04/buzz-fb-bloger-gtg.html
ගෝල් සෝන් http://goldzone-tc.blogspot.com/2011/04/blog-post.html
මාලිගාව - http://kumaraya-maligawa.blogspot.com/2011/04/blog-post.html
රත්ගමයා -http://sun-ge-lookaya.blogspot.com/2011/04/blog-post_03.html
ටින් ටින් - http://goo.gl/SWlnI
විවේචන - http://wiwechana.blogspot.com/2011/04/2011.html
පිසාචයා - http://goo.gl/7zkCt
හසී - http://hashikahettige.blogspot.com/2011/04/blog-post.html
සිහින තවලම - http://kaveej.blogspot.com/2011/04/blog-post.html
කොටි - http://kotajeewithe.blogspot.com/2011/04/2011.html
රංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_08.html
තාරක -http://kpgtharaka.blogspot.com/2011/04/cyper-1.html
දුකා -http://dukaa.blogspot.com/2011/04/2011.html
සුදු පුසා -http://sudupoosa.blogspot.com/2011/04/blog-post.html
සංකල්පනා - http://dileepas.blogspot.com/2011/04/blog-post_04.html
මිත්‍යාදෘෂ්ඨිකයාගේ - http://ananmanansrilanka.blogspot.com/2011/04/blog-post.html
සයිබර් යාය - http://cyberyaya.blogspot.com/2011/04/blog-post.html
නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.com/2011/04/72.html
තනෝජා - http://thanojar.blogspot.com/2011/04/blog-post.html
අභීත - http://tikakhinawenna.blogspot.com/2011/04/blog-post_09.html
එලකිරියේ විස්තරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1099634
http://www.elakiri.com/forum/showthread.php?t=1100634 - බුද්ධිගේ ලිපියේ පිටපතක්



වැප්

19 comments:

  1. මගේ බුදු ෆිට් වෙච්ච එක මිත්‍යාදෘෂ්ඨිකයාගේ පෝස්ට් එකත් දාන්න වැප් අයියේ .. ඌ මගේ ගමේ හිටපු එකෙක් ..

    http://ananmanansrilanka.blogspot.com/2011/04/blog-post.html

    ReplyDelete
  2. කෝ මං ලියපු පෝස්ට් එක මාමේ! මාම ගැන ලියලා තියෙන හින්දද ඒක කපලා තියෙන්නෙ....... හොරගෙඩියා!

    http://cyberyaya.blogspot.com/2011/04/blog-post.html

    ReplyDelete
  3. දැම්මෝ.... සමාවෙන්ඩඩඩඩඩ

    ReplyDelete
  4. එතනත් අසාධාරණේ..ලිපි දෙකක්ම දාපු මගේ එකයි දාලා තියෙන්නේ මෙතන...

    ReplyDelete
  5. උඹ ඉඳලා ඉඳලා මාර වැඩ තමා කරන්නේ.... එල එල

    ReplyDelete
  6. මේ බව කලින් දන්නව නං මාත් ලිපියක් ලියල දානවා!

    ReplyDelete
  7. දැන් එතකොට මම මොකුත් ලිව්වේ නෑ....

    ReplyDelete
  8. එතකොට අලුත්ම අංගයක් විදියට ඉදිරිපත් උන . . . ප්‍රදාන අමුත්තාට ඇතුල්වීමේ අවසර පත් නිකුත් කිරීම . . . . ඔය කිවුව එවුවායිං කෝකටද අයිති වෙන්නෙ ???? (මේ නොදන්න කමට අහන්නෙ)

    ReplyDelete
  9. @මාරයියා - එකක් දැම්මා මදිද
    @කතාන්දර - ඒකනේ දැන් උනත් පරක්කු නැහැ
    @අභීත - කවුද බන් අයියේ උබ?
    @ඕනයා - ඒක ගැන වෙනම කතා කරන්න ඕනේ

    ReplyDelete
  10. මරු වැප් අයියේ... ඔක්කොලෙගේම ලිපියි...ෆොටෝයි බැලුව හැකි දැන්..

    ReplyDelete
  11. වැප් ගෙ ටිකිරි මොලේ..
    මග හැරුනු පින්තූර ටිකයි පෝස්ට් ටිකයි බලාගත්ත හැකි

    ReplyDelete
  12. මමත් පින්තූර වගයක් දාලා තිබුණා හැකිනම් post එක update කරන්න
    http://www.facebook.com/album.php?fbid=1495615490154&id=1827109480&aid=55772&l=46075dc8b6

    ස්තූතියි. :)

    ReplyDelete
  13. ලීෂන් - අප්ඩේට් කලෝ :D සොලි හොඳේ :D

    ReplyDelete
  14. අපි වෙසක් එකටත් අවුරුදු උත්සවයක් තියමුකෝ.... (මම නෙමෙයි කිව්වේ...)

    ReplyDelete
  15. මාත් අපේ අම්මාගේ බ්ලොග් එකේ ලිපියක් ලියලා දැම්මා. ඇයි මාමේ මේක මෙතැන දැම්මේ නැත්තේ? මං මාමාට මාමා කිව්ව නිසාද? එහෙනං (දැනට විතරක්) අයියේ කියන්නම්කෝ...... හි හි

    http://ranrandil.blogspot.com/2011/04/72.html

    ReplyDelete
  16. ඔන්න දැම්මා අම්මාගේ බ්ලොග් එකේ ලිපියයි තනෝජා නැන්දාගේ එකයි දෙකම :DDD

    ReplyDelete
  17. හානේ මෙහෙම එකක් තිබ්බාද මට එන්න බැරි උනානේ අපරාදේ :P

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....