Friday, December 19, 2014

මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

අවංකෙන් ගත්තොත් මං හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒක කිසි දවසක හැබෑ වන හීනයක් නොවන වගත් හොඳටම මම දැනං හිටියා. ඒත් මට පට්ට සතුටුයි. MY3 ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම  සමස්ථයක් විදිහට ගත්තාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන රටක් දාකින්න බොහොම කැමැතියි. ප්‍රතිපත්ති ප්‍රකාශනයයි, ඇත්තම වේදිකාවල කතා වෙන දේවලුයි සන්සන්දනය කරන්න මම කොහෙත්ම කැමැති නැති උනත්, රනිල්ගේ ප්‍රතිපත්ති හා චන්ද්‍රිකාගේ අදූරදර්ශ ක්‍රියාදාමයන්ට මෙහි ලැබිලා තියෙන්නේ බොහොම සුළු තැනක්. පරිච්ජේද 11 කින් සමන්විත මෙහි, වැඩිපුර දකින්නට ලැබෙන්නේ බොහොම වටින දේවල්, ඒ බෝහෝ කරුණු චම්පික මහත්තයා මේච්චර කාලයක් සමාජ ගත කරන්න හදපුවා. ඒ අතින් බැලුවාම මේක ක්‍රියාත්මක උනොත්, මම අපේක්ෂා කරපු වෙනස මෙතන තියනවා.

විධායක ක්‍රමය- මේක තමයි පොදු සන්ධානයේ ප්‍රබලම මාතෘකාව උනේ. රනිල් කියන්නේ විධායකය අහෝසි කරනවා කියලා, රතන හාමුදුරුවෝ කිව්වේ විධායකය අවුරුදු හයක් යනකල් MY3 ලඟ තියනවා කියලා. පරස්පරතා මඟ හරිමින් මේ ප්‍රකාශනයේ තියනවා, විධායකය සංශෝධනය කරලා එය අධිකරණයට යටත් කරනවා කියලා. අපි වගේ පොඩි රටකට විධායක හරිම වැදගත් කියන තැන මම එන්නේ, සිංහලයා සල්ලිවලට කෙල හලන ජාතියක් හින්දා, එහෙම බලපුවාම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් ගැබ් වෙලා තියෙන්නේ රතන හාමුදරුවෝ කියපු එක.

ජාති හා ආගම් - මේක සංවේදි කාරනයක්. චන්ද්‍රිකා රනිල් කියන්නේ ලංකාවට ගැලපෙන්නේ නැති යූරෝපියන්ටත් වැඩිය පට්ට යූරෝපි කපල් එකක්. ඒ දෙන්නාගේ ජාතිය කියන්න මම දන්නේ නැහැ. ඒත් මම සිංහලයෙක් හින්දා මම මගේ ජාතියට ආදරෙයි. ජාතිය හා ආගම මත නිතිය වෙනස් නොවි හැමෝටම එක සමානව සලකනවා කියන්නේ. සිංහල ගැනියෙකුටත් බුර්කාව දාගෙන බැංකුවට යන්න පුලුවන් කියන එක කියලා මම හිතනවා :DDD

ඒකිය භාවය - ඍජුව කොහෙවත් සඳහනක් නැති උනත්, දැනට පවතින කිසිම දේයක් වෙනස් කරන්නේ නැහැ කිය ලා ශේප් න්‍යයනේ වැඩේ ගොඩදාලා තියනවා. අහිමි උන ඉඩං එහෙම දෙන එක ගැන බොහොම සතුටුයි, යාපනේ ඉඩම් අහිමි උන සිංහලයට ඒවා ලැබෙයි. ඒත් කොහෙවත් නැහැ තේසවලාමි නිතිය අහෝසි කරනවා කියන එක

කැරට් අල - නගර වල අන්තර්ජාලය නිකන් දෙනවා, මොටර් සයිකලේ ණය ආයිත් දෙනවා, සුරා සැල් අයින් කරනවා, වැටුප් වැඩි කරනවා,  මත්කඩු අඩු කරනවා,  බ්ලා බ්ලා

අවශේෂ කරුනු - අනික්වා බොහොමයක් එව්වා චම්පිකගේ අදහස්, බලශක්තිය, ජත්‍යන්තර පාසල්, බ්ලා බ්ලා බ්ලා ...

මට පුද්ගලිකව ලැබෙන ලාබය තමයි ඉතින් මේක ක්‍රියාත්මක උනොත් ඉන්ධන මිල අඩුවිම. මහින්ද මාමිගේ එකත් එනකල් බලං ඉන්නේ තීරණයක් ගන්න

වැප් 

6 comments:

  1. ආන්න සෝක් මල්ලි.. දැන් මල්ලිට විස්වාසයි නේද මෛත්‍රී මහත්තයා රනිල් උන්නැහේටයි.. සැටලයිට් නැන්දිටයි කොකා පෙන්නලා චම්පිකලව කිට්ටු කරං ඉස්සරහට යයි කියලා... මේ ප්‍රතිපත්ති මෙව්වා එක දැක්කම මල්ලිට විතරද මෙහෙම හිතෙන්නේ නැත්තං අනිත් හැමෝටමත් වගේ මෙහෙමම හිතෙනවද..? :D

    ReplyDelete
    Replies
    1. උඹට කියන්ඩ අයියේ යුද්දේ දිනවල දීපු ඒ උත්තමයට එරෙහිව උඹ ඔහොම කතා කොරන එක වැරදියි නේ. කුඩ්ඩෝ, එතනෝල් කාරයෝ, සුදු වෑං, නුවර රේස් කාර්, මැර්වින්ලා, රත්තරං ලා, නැව් නැති වරාය, අලි කොටි එන එයාර් පෝට්, රජ ගැහිලි, ඔය ඔක්කොමත් හරි, යුද්දෙ දිනපු එකත් එක්ක ඔය ඔක්කොටම සමාව දෙන්ඩ බැරිද අයියේ??

      Delete
  2. මෛත්‍රීගෙ ආණ්ඩුව කොහොම වෙයිද කියන්න බෑ.ඒත් දෙමළ සංධානය හා මුස්ලිම් පක්ෂ එහි තීරකයන් වනු ඇත.චම්පිකලා ප්‍රදර්ශන භාන්ඩ ලෙස සිටියත් හෙළ උරුමය කියන්නෙ දේශපාලන වශයෙන් මිය ගිය පක්ෂයක්.ඔවුන්ට උගත් මධ්‍යම පාන්තිකයන් අතරපිළිගැනීමක් තිබුනත් ඔවුන් පුද්ගලයන් පමනයි.එහෙත් විශාල ඡන්ද පදනමක් සහ ජාත්‍යාන්තර බලයක් සහිත දෙමළ සංධානය රිමෝට් කොන්ට්‍රෝල් එක වේවි.ඊලඟ මහ මැතිවරණයෙන් පසු සිංහලයන් එජාප ශ්‍රීලනිප ලෙස බෙදී යාවි.වෙන දේ ඕකයි.

    අන්තරජාලය නිකම් දෙන එකයි පඩිවැඩිකරන එකයි මට නම් ඕකෙ වැදගත් එකකට තියෙන්නෙ.
    ඒකීය භාවය ගැන ලිස්සල ගිහින් තියෙන්නෙ ෆෙඩරල්,කොන්ෆෙඩරේෂන් මොඩල ගැන දැන්ම කියන්න බැරි නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. මේක තවම හරියට තේරුම් ගන්න බෑරිවුණා.. ඒත් පොල්ලෙන් ගැහුව වගේ කෙලින්ම තියෙන ඒව බලමු [ ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවට අදාලව] ...

    ජනමත විචාරණයකට යන්න ඕන ඒවට අතවත් තියෙන්නෙ නෑ කිව්වම... මෙන්න මේ ටික වෙනස් වෙන්නෙ නෑ..

    // 1. ශී ලංකාව නිදහස්, සෛවරී ් , ස්වාධීන, පජාතාන්තික සමාජවාදී
    ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුෙවන්
    හඳුන්වනු ලැෙබ්.
    2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.
    3. ශී ලංකා ජනරජෙය් පරමාධිපතɕය ජනතාව ෙකෙරහි පිහිටා ඇත්ෙත්
    ය. පරමාධිපතɕය අත්හළ ෙනොහැක්ෙක් ය. පරමාධිපතɕයට පාලන බලතල,
    මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්ෙන් ය.

    6. ශී ලංකා ජනරජෙය් ජාතික ෙකොඩිය, ෙදවැනි උපෙල්ඛනෙයහි නිරූපිත
    සිංහ ෙකොඩිය වන්ෙන් ය.
    7. ශී ලංකා ජනරජෙය් ජාතික ගීය “ශී ලංකා මාතා” ගීය වන්ෙන් ය.
    ජාතික ගීෙයහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපෙල්ඛනෙයහි
    දැක්ෙවන්ෙන් ය.
    8. ශී ලංකා ජනරජෙය් ජාතික දිනය ෙපබරවාරි මස හතරවැනි දිනය
    වන්ෙන් ය.
    9. ශී ලංකා ජනරජය බුද්ධාගමට පමුඛසථානය ් පිරිනමන්ෙන් ය.
    එෙහයින් 10 වැනි වɕවසථාෙවන් ් සහ 14 වැනි වɕවසථාෙව් ් (1) වැනි අනු
    වɕවසථාෙව් ් (ඉ) ෙඡ්දෙයන් සියලු ම ආගම්වලට පිරිනැෙමන අයිතිවාසිකම්
    ආරක්ෂා කර ෙදන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත ෙකොට ෙපෝෂණය කිරීම
    රජෙය් වගකීම විය යුත්ෙත් ය.
    10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීෙම් ෙහෝ වැළඳ
    ගැනීෙම් නිදහස ද, ලබ්ධියක් ෙහෝ විශවාසයක් ් දැරීෙම් ෙහෝ පිළිගැනීෙම්
    නිදහස ද ඇතුළුව සිතීෙම් නිදහසට, හෘදය සාක්ෂිෙය් නිදහසට සහ ආගමික
    නිදහසට හිමිකම් ඇත්ෙත් ය.
    11. කිසිම තැනැත්තකු වධ හිංසාවලට ෙහෝ කෲර, අමානුෂික ෙහෝ
    අවමන් සහගත සැලකිල්ලකට නැතෙහොත් දඬුවමකට යටත්
    ෙනොකළ යුත්ෙත් ය. //

    ඊ ළඟට 30 හේ 2 සහ 62 කේ 2

    // 30.(2) ජනරජෙය් ජනාධිපතිවරයා ජනතාව විසින් ෙතෝරා පත්කර ගත
    යුත්ෙත් ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්ෙන් ය.//

    - මේක වෙනස් කරන්නෙ නෑ කියන්නෙ ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන කතා , නාම මාත්‍රික කතා ලොල් තමා.

    // 62 (2) සෑම පාර්ලිෙම්න්තුවක් ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන්
    සාවුරුද්දකට ෙනොවැඩි කාලයක් පවත්ෙන් ය. එෙහත් නියමිත කාල සීමාව ඉකුත්
    වීමට ෙපර පාර්ලිෙම්න්තුව විසුරුවා හැරිය හැක්ෙක් ය. එකී සාවුරුදු කාලය
    ඉකුත්ව ගිය විට ම පාර්ලිෙම්න්තුව විසිර ගියාක් ෙසේසැලෙකන්ෙන් ය. //

    - මෙන්න ජනාධිපතිට පාර්ලිමේන්තුවට වගකියනව වෙනුවට , පාර්ලිමේන්තුවට "වගකියන්න" :D පුලුවන් වගන්තිය. මේකත් වෙනස් කරන්න බෑ ජනමත විචාරණයක් නැතුව.

    [[මීට අමතරව මේව වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕන බව සඳහන් 83 වෙනි ආටිකල් එකත් වෙනස් කරන්න බෑ ජනමත විචාරණයක් නැතුව]]

    දැනට ඔය මදෑ.. ඉතුරු හරිය පස්සෙ බලමු..



    ReplyDelete
  4. මමත් හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒ උනාට උනේ වෙන දෙයක්. අපේ දේශපාලන දැක්මේ තරම තමා නේද ඔය....!

    ReplyDelete
  5. මල්ලී ජනවාරි 18 නුගේගොඩදී හම්බවෙමු ඈ
    වැඩේ කියන්නේ බොලාගේ ලොක්කා දන්නේ නෑලු එහෙම එකක් ගැන

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....