Thursday, February 25, 2010

සවස 5.30 න් පසසේ කොළඹ නගරය

දහසක් බලාපොරොත්තු මැද උදැසනින්ම දවස පටන් ගන්න අපි, ඔහේ දුවන්නං වාලේ දුවනවා. අඩුම ගනේ දැන් මොකද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. මේක පොදු ගුණාකාරයක්. තවත් ටික දෙනෙක් හරි ඇති දවස හරියට පිළිවෙලට වැඩට යොදාගන්න.මොහතකට හිතන්න ඔය කාණ්ඩ දෙකම අපි හමු වෙන තැනක් ගැන. එහමෙත් නැත්නම් ලංකාවේ ඉතාම ජනා කීරණ නගරය මෙන්ම වානිජ නගරය වන කොළඹ. විවිධාකර පුදගලයන්, නානාවිද මොස්තර , නොයෙකුත් කඩ සාප්පු වලින් එහෙමත් නැතිනම් අහස උසට ගිය ගොඩ නැගිලි වලින් වට වුනු ගෙන්දගම් පොළවක්. සවස හතාරහමාර පහ වෙද්දි කොළඹ මොකද වෙන්නේ? හිතලාවත් තියනවා? සමහරුන්ට මේක දැනිලා ඇති.

රස්සා හොයාගේ කොළඹ එන බොහෝ දෙනේක් පදිංචියත තදාසන්න නගර වල. තදා සන්න කිව්වාට රැ 8 න් විතර පස්සේ එම පෙදෙස් වලට කිසිදු මඟි ප්‍රවාහන සෙවක් වැඩකරන්නේ නැහැ. එත් ඉතින් බදුල්ල,අනුරධපුර, යාපනය ඇතුලු ලංකාවේ හතර කොනට යන්න ඔන වෙලාවක බස්. කොළඹට පහ ගහපු හැම දෙනාම වගේ ඔය කාරනාව දන්නවා. එදිනේදා, තාවකාලික හෝ තම ස්තිර නිවසේ සිට රැකියාවට එන බොහොදෙනෙක් තම ගමන් පහසුව සපයා ගන්නේ බස් රථ වලින්. කොහෙමත් රජ්‍යය සේවකයේ සවස 4.30 සිටත් පුද්ගලික අංශය සවස 5.30 ට පසසේත්, ඊටත් අමතරව, වෙනත් ලෙස සැලකිය හැකි විශ්වවිද්‍යල හා අනේකුත් සිසුන් සවස 5 නුත් පස්සේ කරන්නේ මොකක්ද කියලා ඒ අයවත් දන්නේ නැහැ. හැමොම හදන්නේ ඉක්මනට තම නවාතැන් පලට යන්න. පළමු ඉලක්කය පදිංච් තැනට යන්න බස් රථයක් දෙවන්න කොහෙම හරි අසුනක් එහෙම අවස්තාවක් නැත්නම් කරදරයක් නැතුව හිටගෙන යන්න. අනේ කිසිදවසක ඔය කාරණාව හැම කෙනාටම ඉෂඨ කරගන්න බැහැ. ඒ හන්ද කරන්නේ තමුන්ගේ මුලික ඉල්කකය හබාගේන යන්න, කිසිම වටපිට ගැන සැලකිල්ලක් නැතුව, පාර මාරුවෙනවා. බස් වලට දුවනවා, කොච්චියට දුවනවා, එහෙමත් නැත්නම් හියියෙන් ගමන් කරනවා.

මේ දෙවල් ඇත්තද කියලා බලන්න නිකමට වගේ කොටුවේතියන මඟි පාලම උඩ සවස 5 ට විතර ඉන්න. හොදට බලන්න මිනිස්සු මොකද කරන්නේ කියලා. ඔක්කොම බස්වල නාමපුවරු බලාගේ ඔහේ යනවා. තවත් අය කොච්චියට දුවනවා. සමහර අම්මාල තාත්තලා බඩු මලු අරගෙන දරැවන්ව ඇදගේන දුවනවා. ඇත්ත, මොකද ඉක්මන් උනේ නැත්නම් ගෙදර යන්න වෙන්නේ නැහැ. එත් හිතන්න මේ හදිස්සිය අනතුරකට අතැවණිමක් නෙමෙයිද? හොදම දේ ඇත්තමට හවස මොකද වෙන්නේ කියලා ඔබම ඇවිත් බලන්න. වැඩිය ඔනා නැහැ. ටිකක් උස තැනකට වෙලා බලන් ඉන්න කොහොමද ජනතාවගේ හැසිරිම කියලා. එක් අයෙක්වත් සිනා මුසු මුහුනින් නැහ. ඔකකොම විඩා පත් මහා කරදර ගොන්නක් කර තබාගෙන යන විලාසයක් තම මුහුණු වලින් පෙන්නනවා. අදුරන කෙනෙක් හමු උන්ත තම ඉලක්කය වෙච්ච බස් රථය ගැන තමයි වැඩි අවදානය.

මෙවා ඉතින අපි අපිම හදා ගන්න ඔන කායලා කියන්න අමාරුයි. පවතින රජය මේවා ගැන ටිකක් උනන්දු වෙන්න ඔනා. මිනිස්සුන්ටත් අයිති කොටස්ක තියනවා, කිසි කල්පනවාක් නැතුව දුවන එකම විතරක් නෙවෙයි ජීවිය කියන්නේ. මේ ලිපිය අද ලියන් වෙච්ච හේතුව තමයි. කොළඹ කොටුව ටෙලිකොම් හරියේ තියන බස් නැවතුව ලඟ [මහජන බැංකුව ලඟ] බස් එකක් එනකල් මාත් ඔය විදිහට බලන් හිටිය. එක පාරට බස් රථයක් තිරිංග තද කරන හඩ ඇහිලා බලපුවහම. පිරිමි මනුස්සයෙක් බස් එකට හැප්පිලා. එතන කොහෙමත් එක් පසකට පමණක් වාහන දාවනය වන පාරක්. කොහෙමත් වාහන ධාවනය පෙඩ්ඩක් හෙමින් තමයි මෙතන වෙන්නේ. එත් පාර පනින් ආපු මේ මනුස්සයා මේ බස් රථයේ හැප්පිලා. මෙතන ඉතින් තනි වැරැද්දක් පටවන්න කෙනෙක් නැහැ. මනුස්සය දැනගන්න ඔනා ගමන් කරනේ අධීක වාහන ගමන් ගන්න පාරක කියාලා. එවගේ බස් රියැදුරුත් දැනගන්න ඔනා මේ හවස මිනිස්සු වැඩ ඇරිලා ගෙදර යනවා කියලා. එතන හිටපු කට්ටිය අර හැප්පුණු කෙනාව තුන්රියක දාලා යැව්වා. එත් තව පැය බාගයක් විතර අර බස් එක එතනම තියනවා මුලු පාරම ඇහිරිලා. නිතිය හා සාමය රකින පොලිස් නිලදාරින්, අපේ හමුදාවේ කට්ටිය ඔකොම වට වෙලා ඉන්නවා. දගටම දැඩි වාහන තද බදය.

ඉතින් මතක තියාගන්න ඔනා කරනය තමයි. අපි ඉතාමත් සැලකිලිමත් වීම, නැත්නම් අපෙන් වෙන කෙනෙකුට හෝ අපේන් අපිටම අනතුරක් වෙන්න පුලුවන්. තව දෙයක් මේ කොළඹ නගරයේ සාමන්‍ය මිනිස්සුන්ගේ හවසට ඇතිවන තත්වයන්ක් පමණි. මීට වඩා වෙනස් ලෝකයක් කොළඹ නගරය තුල අදිරි වැටෙන විට පටන්ගන්වා. කොහොමත් සවස 8 හෝ 9 වන විට නැවත කොළඹ නගරය පාලු ස්බාවයක් උසුලනවා. සමහරක් කට්ටිය වැඩ පටන් ගන්නේ මේ වෙලාවට ...............

වැප්

8 comments:

  1. වැපා මමත් කාලයක් කොළබට ආවා ගියා. මෙ දෙවල් මමත් දැක්කා. මම දැක්කෙ අතෘප්තියෙන් පිරුනු මුහුනවල් ගොඩක්, තරෙගෙට බැහැලා, දුක් ගිනි කදන් මැද ඇවිදයන මිනිසුන් රංචුවක්, කොටින්ම කියනවානම් බඩදරු අම්මාකෙනෙක් දුම්රියක නැග්ගහම නිදිමත හැදි නිදන තිරිසන් මිනිසෙකු සහ ගැහැනිකුත්. තවත් විදියකට කියනවා නම් ඇත පෙට්ටියක දොරෙ ගමන් කරන කනස්සලෙන් මුහුන පුරො ගත්ත මහලු කෙනෙකු දැකලා එයාට එන්න කියලා ඉදගන්න දිලා, හවස බෙකරියෙන් බාපු උනු උනු බනිස් ගෙඩියකින් සංග්‍රහා කරන මිනිසෙකුත්. තවත් විදියකට කියනවා නම් දුම්ඉයෙ හිගා කන කූලී හිගන්නට රුපියලක් නොදි තමුන්ගෙ දරුවන්ට් හැම් බෙකන් ගෙනියන මහත්තයෙක්...
    වැපා රජය ..රජය කියන්න එපා..
    අපියි වැපා අපියි... හැම තැනම ඉන්නෙ..
    අපියි රජය..
    උගත්තු බුද්දිමත්තු රට ගැන හිතනවානම්...
    එතනයි....

    ReplyDelete
  2. ඹය කියන ගොඩේ සමහර දවසට මමත් ඉන්නවා
    හවස 5ට 6 ට ගේදර යන්න :)
    අලව්වට කියන්නේ පොඩි දුරක් නෙවේනේ
    එත් ඹයා මාව දැක්කොත් ඔය වෙලාවට පුදුම වෙයි
    කිසිම හදිසියක් නැතුව පාර දිගේ හිමීට හිමීට ඇවිත් බස් තිබුනත් නැතත් ඉදගන්න සීට් එකක් තියන බස් එකක් එනකම් ඉන්න :P
    රෑ 10 11 ගෙදර එන

    ReplyDelete
  3. චතුරංග වගේ තමයි මාත්. කැම්පස් ලෙක්චස් ඉවරවෙලා තුම්මුල්ලෙ ඉඳං පාමංකඩට යන්න මොන හදිස්සියක්ද. හැබැයි එහෙම නිස්කලංකව යන අයට තමයි අනිත් අයගෙ හදිස්සිය නිරීක්ෂනය කරන්න පුළුවන් වෙන්නෙ. මමත් ඕන තරං හද්ස්සි කාරයො දැකලා තියනවා. වාසනාවට අනතුරු නං තාම දැකලා නෑ.

    ReplyDelete
  4. මම නම් කරන්නෙ ඔය කලබල වෙලාවල් මග අරින එක. ඒත් ඉතින් සමහර වෙලාවල් වලට ඕකට මාත් අහුවෙනව තමා.

    ReplyDelete
  5. @රවා
    ඇත්ත අපිම තමයි රජය... එත් අපි වෙනුවෙන් හොයා බලන්න යවන කට්ටිය මීට වඩා දැක්මක් තියෙන කට්ටයක් වෙන්න ඔනා [ලංකාවට මෙක කවදා අදාල වෙයිද දන්නෙනෙ නැහැ]

    @චතුරංග රූපසිංහ
    ඔව් සමහරු හෙමන් ගමන් යනවා ... එත් මම නං ට්කක් හදිස්සි කාරයා එත් .. හොදට සැලකිලිමත් ...

    @දොඩන්
    හ්ම ඔක් දවසක බලන්නම ඔනා මිනිස්සු හැසිරෙන විදිහ

    @තරිඳු
    එක හොදයි එත් හදිස්සි මග අරින එක ... මම හිතන්නේ අපි කවුරු කොයි මොහෙතෙත් කලබල කරිව හැසිරිලා තියනව ... බස් වලට දුවනකොට ...

    ReplyDelete
  6. කතාවනම් සහතික. එක එක වෙලාවට එක එක විදිහටනෙ කොටුවෙ.උදේටත් මිනිස්සු කාර්‍යබහුල වුනාට උදේට මිනිස්සුන්ගේ මුන ටිකක් හොදයි. දවල් වෙනකොට දකින්නෙ හැමෝම අව්වේ ටිකක් වැඩ වගේ.(මුට්ට කරගහගෙන එහෙම නේද?).හවස් වෙනකොට තියෙන්නෙ ගෙදර යන්න හදිස්සියෙන් ඉන්න (බස් එකට) පිරිසක්.

    ඒ අතරේ චතුරංග වගේ අය දකින කොට මට හිතෙන්නේ ඒ රෑ වැඩ තියෙන අය කියලා.(night shift එකේ වැඩ කරත අය).කොටුවට එක අයගේ හදිසියක් නැනෙ ඒ වෙලාවට.

    තරිදු මම කිව්ව වෙලාවල් දැකලා ඇති.තරිදු කිව්වා වගේ මගහරින එක හොදයි.ඒ වෙලාව බොහොම පොඩි වෙලාවයි මම හිතෙන්නෙ තියෙන්නෙ.කොහෙද ඉතින් ඒක බලන්න අපි රැදෙන්නෙ නැනෙ කොටුවෙ....:).

    දොඩන් ට තියෙන අවුල බස් එක එනකල් ඉන්න පරක්කුව නෙමෙ. බස් එකේ ඉන්න වෙලාව(වාහන වැඩි නිසා යන්න අමාරුයිනෙ).

    ReplyDelete
  7. අනික දන්නවද වැප්,
    මේ ගාලු පාර දෙපසට වෙන්න අඩි කිහිපයක් උසට විෂ දුමක් තියෙන බවත්.
    මේක රෑ වුනාම් ටිකක් පහලට එනවලු. මේකට මේ වාහන වග කියන්න ඕනෑ.

    පුදුම තද බදයක් තමා තියෙන්නේ. මම නම් 5.00 ට පනිනවා. නැත්නම් ඉතින් හරිම ඇනයක් බන්


    /බිඟුවා...!

    ReplyDelete
  8. @බිඟුවා...!
    අම්මට සිරි එහෙමද? හපොයි එහෙනම් ඉක්මනට කොළඹින් පිට වෙන්න ඔනා රැ වෙන්න කලින්

    කිව්වාහම මොකද මම පනින්නේ 5.30 ට හි හි

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....