Sunday, February 14, 2010

සිංහල කරණය

පුර්විකාව
දේශපාලන ලිපි ලියන බ්ලොගයක් තුල තිබූ නිසදැසක උරුවට ලියන ලදී.....
[සමා වුව මැන .... කමා වුව මැන ... දේශපාලණයට හිත් ලෑමක් ... මගේ ලඟ නැත .... ]

හෙව්වේ හෙව්වේ හැම තැනකම
තිබ්බේ නැහැනේ කොහේවත්ම
අපේ කමට ඉඩක් නැතිද?
නැතිනම් මට වැරදිලාද?

අන්තිමටම හුමු උනේ
ඉංගිරිසිය අත්හරින්න
අපේ වැඩම පේනවන්නට
සිංහලටම ලංවන්නට

ඉඩක් ඇතේ අපේ කමට
දැනගත්තේ ගිය වසරේ
පටන් ගත්තේ මේ වසරේ
හද ගත්තේ හැම පැත්තේ
හැම එකාම මගේ පැත්තේ
අපි ඔක්කොම රට පැත්තේ
සිංහලමයි අරගත්තේ

ලියන එවුන් ලොව වටේම
බලන එවුන් හැම අතේම
බනින එවුන් නැතුව නෙමේ
මෝඩ අයත් සිට්න ලොවේ

ඔක්කොම උන් එක වගේය
හැම තැනකම හොයා ඇතේ
හෙළ බසටම දිරි දෙන්නට
මව්බසමට ඉඩ දෙන්නට

එක එකාගේ දැනුම අනේ
හැම එකාට පෙන්නන්නේ
තරහක් නැහැ ගැටුමක් නැහැ
අපේ එවුන් තැන ගන්නේ
කෝකා උනත් අපේ එකෙක්
සිංහලෙනුයි ලියන්නේ

වරේව් වරේව් කොල්ලනේ
ලියව් ලියව් කෙල්ලනේ
සිංහලටම ලංවෙයල්ලා
අපේ කමට දිරි දියල්ලා ......

කොහෙවත් නැහැ අපේ එවුන්
මෙහෙ විතරයි අපේ එවුන්
ගනින් උන්ගේ හොඳ දේවල්
එක් කරපන් අපේ කමට ....

ලියපල්ල ලියපල්ලා
සිංහලෙන්ම ලියපල්ලා
ඔන දෙයක් ලියපල්ලා
කියවන්නට ලියපල්ලා

වැප්

7 comments:

  1. එලකිරි සහ ජලය. ලියමු ලියමු සිංහලෙන්ම.

    ReplyDelete
  2. මව්බසමට ඉඩ දෙන්නට.........
    ඕක තමා මාත් කට කැඩෙනකල්ම කියන්නේ.

    ReplyDelete
  3. ඉංග්‍රිසියෙ තියන දෙවල් සිංහලෙන් ලියලා කස්ටියට උගන්නලා අලුතෙ අපෙ කස්ටිය සිංහලෙන් ලියන දෙවල් කිපයක් ඉංග්‍රිසියට ලියමු. අනිත් එවා බලන්න සුද්දො සිංහල ඉගෙන ගනි නෙද... කස්ටිය මහන්සි උනොත් බැරිවෙන එකක් නැහැ නෙද.....

    ReplyDelete
  4. @දසයා
    උබත් අපු එක හොදයි

    @සහන්
    එලස් එලස්

    @රවා
    නියම අදහස, කිව්වත් වගේ බැරි වෙන එකකුත් නැහැ .... අපේ දක්ෂ එවුන් ඔය ඉංගිරිසියට හරවන වැඩේ කොරයි එළටම ....

    ReplyDelete
  5. ලියපල්ල ලියපල්ලා
    සිංහලෙන්ම ලියපල්ලා
    ඔන දෙයක් ලියපල්ලා
    කියවන්නට ලියපල්ලා....

    අනිවා............

    ReplyDelete
  6. නියමයි මචන්......

    ReplyDelete
  7. wow..........ela ela....wap tath ehenam kawi liyanna puluwan ah....


    e wageema warthamaanaye sinhala blog karanayath ekka sinhala bawithaya nawa parapura athare wedi wela thiyenawa kiyela hithenawa. wisheshayen IT th ekka.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....