Monday, February 15, 2010

උබට කියන්නේ ඔව් ඔව් උබට තමයි .... ඇවිත් බලපං

කාලිංග, ශාකුන්තල ප්‍රමුඛ ඇඩ්මින් එවුන් ටිකට වෙන වැඩ නැද්ද... මේ එක එකාගෙන් බැනුම් අහන්න. උන් විතරද? නැහැ උන්ගේ පරම්පාරවම බැනුම් අහනවා. උබලා හිතනවාද උන්ට වෙන වැඩ නැහැ කියලා මෙව්වා කර කර ඉන්න. සමහරවිට අධ්‍යන කටයුතු, පවුලේ වැඩ එහෙමත් නැත්නම් පුද්ගලික වෙනත් වැඩ. තව මෙව්ව නිකන් වෙන්නේ නැහැ, මුදල් කාලය හා මහන්සිය. එව්වට තමයි මුන් බැනම් අහන්නේ. මතක තියාගනිල්ලා, අඩුම ගනේ මේ ලිපියවත් උබලට කියවන්න පුලුවන්ද ඔය සින්ඩ්ය නැත්නම්. මෙව්ව හදලා අන්තර්ජාලයට දැම්මටද ඔය උබල එක එක තැන් වල ගිහින් බනින්නේ? මෙතන උන් ටික එකාධිකාරයක් පවත්වාගේන යන්නේ නැහැ. දන්න වදිහට විශේෂ කණ්ඩායමක් මේ හැම දෙයක්ම කතා කරනවා. එහෙම කරලා තමයි යමි කිසි තීරණයක් හරි නිගමනයක් හිරි ගන්නේ.සමහර විට එව්වා වැරදි හෝ අඩු පාඩු තියෙන්න පුලුවන්. එත් එව්වට බැනලා වැඩක් නැහැ. නියම දේ කතා කරලා බේරගන්න ඔනා. එත් සමහක් කරන්නේ, උන් ටිකට බනිනනවා. තවත් එවුන් කට වහගේ ඔහේ ඉන්නවා අපිට නෙමෙයි බනින්නේ ඇඩ්මින්ලාට කියලා. බනින එවුන්ට වඩා නරකයි කතා කරන්න ඔන වෙලාවේ කට වහගෙන ඉන්න මැටි මෝල්ලු ටික.

මතක තියා ගනිල්ලා මෙක මේ එක දවසකින් දෙකකින් උනු වැඩක් නෙමෙයි කියලා. මහා ලොකුවට සිංහල ගැන කතා කරනවා එත් වැඩක් නැහැ. කරන වැඩ බලු වට්න්නේ නැහැ. සිංහල බ්ලොග් වල ලියවෙන ලිපි නිකම්ම නිකන් ලිපි නෙමෙයි. දැන් මේකත් එක්ක සාහිත්‍යක් බිහි වෙලා තියනවා. කවදා හරි දවසක මෙව්වා බලලා අද සමාජයේ හැසිරීම අනාගතය මිනිස්සු තීරණය කරයි. එදාට උන් කියයි මුන් සිංහල වලින් ලිව්වට වැඩිය හොදයින නිකන් හිටියනම් කියලා. ඇයි දෙයියනේ කාලිංග හරි ශකුන්තල කියලා මොකක් හරි හෙව්වොත් අනාගතයේදි ලැබෙන්නේ, උනගේ පරම්පාරාව මතක් කරපු දේවල්. මේක වෙන්න දෙන්න පුලුවන්ද? උන් මේ දර දිය ඇදලා මේකට මහන්සි වෙන්නේ මේ ටික අහාගන්නද? සමහර විට වැරදිවෙන්න පුලවන් එත් උබට වටින්වද මේ විදිහට උන්ට කතා කරන්න.

දැන් කවුරුත් දන්නවා, මුල් පිටුවේන් දේශපලාණ ලිපි අයින් කරලා කියාලා, කවුරුත් අදහස් දක්වලා තිබුණා දේශපාලණය නිසා සින්ඩ්ය පැත්තේ කාටවත් එන්න බැහැ කියලා. ඒ වෙලාවේ කවුරුත් කට වහං ඉදාලා දැන් කියලා මෙන්න මේක අයින් කලා වෙන තැනකට දැම්මා කියලා. දැනට ඒ තීරණය උනාට ඒක කතා කරලා වෙනස් කරගන්න මීට වඩා හොද දෙයක් තියනවන්ම ඒකත් කරන්න පුලුවන්. සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න කියවන්න ආසා හා කැමති හින්දා කවුරුත් මේ සිංහල කියවනයට එන්නේ. අද අලුත් බ්ලොග් 100 ක් එකතු වෙලා හෙට එකෙන් 2-3 එලියට යන එක නෙමෙයි වෙන්න ඔනා. හැම එකාම මේකත් එක්ක රදවගන්න එක කරන්න ඔනා. මොකක් හරි උනා කියලා උබලා මහා ලොකු වීරයෝ වගේ කෑ ගහනවා සින්ඩියෙන් අයින් කරන්න කියලා. ඊට පස්සේ අයින් කරහාම උබලගේ බ්ලොග් එකට බලු බල්කේ නැහැ.

මතක තියා ගනිල්ලා සින්ඩ්ය නැත්නම් තොපි එකෙක්වත් නැහැ. ඒක යෝජනා කරපු හා මෙච්චර කල් අදං ආපු එවුනට හිමි විය යුතු ගරුත්වයක් තියනවා. මෙක ලියන මටත් තම මාස 4 කවත් අද්දෑකිම් නැහැ. එත් උන් මේක කොච්චර ආමරුවකින්ද මේ දක්නවා ඇදගෙන අවේ. උන්ට අමාරුවකට හරි ලෙඩකට හරි නෙමෙයි මෙව්වා කරන්නේ. අපේ දෙයට තැනක් දෙන්නා. එහින්ද මතක ඇතුව එක එක තැන් වල ඇඩ්මින්ලාට බනින එක නවත්තපල්ලා. අනික මේකත් එක්ක පොඩ් එවුන් ලොකු එවුන් ඔක්කොම ඉන්නවා. උබලා ඒ ගැනවත් හිතලාද කතා කරන්නේ.

වශේෂයෙන්ම හැම එකේකම මේකට කතා කරපල්ලා නැත්නම් උබලටත් දවසක තේරේයි අපි එදා කටවහගෙන හිටුප එක වැරදියි කියලා. හැබැයි මේකට කමෙන්ටුවක් දානවනම් නිකන්ම නිකන්, ෂා නියමයි /ෂොක් / එළ කිරි / දිගටම ලියන්න / ඔව්වා එහෙම එකකව්ත් දාන්න එපා. උබලාට ඇත්තටම හිතෙන දේ කියපන්. අපේ අඩ්මන්ලාට බනින එක හරිද? වැරදිද? මේක මේවිදහට කරන්න පුලුවන්ද කයලා ලියපල්ලා. බකමුණෝ වගේ කටවල් වහගෙ ඉන්න එපා.


මෙන්න වැප්ගේ යෝජනාව -
යෝජනා -1
ඔනෑම බ්ලෝගයක් සින්ඩ්ය ඇතුලත් කරන වර්ගයම තුලම දාලා, මුල් පිටුව තුල දක්වන ඒව්ව යම් කිසි රෙටිං ඒකකට පෙන්නන්න. රෙටිං වැඩ් එක මුල් පිටුව එන අයුරින්. මෙහිද් වැඩ් දෙනේක් බලපු ලිපිය එදවසට අදලාව උඩින්ම දැක්විය හැක.
IP ඒක මාර්ගයෙන් rating කිරිම - මෙයිනුත් හොරවැඩ කල හැකි මුත් එයින් කිරිමේ හැකීයාව ඉතා අල්පය

යෝජනා -2

මුල් පිටුව යම් වෙනසකට භාජනය කීරිම
පුවත් හා දේශපාලන හා අනෙකු යන පරිදි මුල් පිටුව බෙදා දැක්වීම. එවිට පුවත් හා දේශපාලන කුඩා ඉඩ ප්‍රමාණයකට සීමා කරන්න. එලෙසම ඔනෑම අලුත් ලිපියක් මුලට එන ලෙස පෙන්වන්න. එවිට පුවත් තුල එම අඩව් අතර තරගකාරිත්යක්ද, දේශපාලන ලිපි වලට එම බ්ලොග් අතර තරගයක්ද ඇතිවනු මිස අන් අයට කරදරයක් නොවනු ඇත.


තව දෙයක් දැනටමත් දේශපාලණය මෙන්ම තාක්ෂණය හා ආගමික දේවලුත් කාලෙකින් ලියන ලිපියක් පස්සට දාන්වා. එහන්ද ඉදිරයේදි මේවත් වෙන් වෙන්ව දක්වන්න වෙයි.

[දේශපාලණය කැතයි ජාරවයි කිව්ට කවුරුත් ඔවාවා බැලුවා හරියට ජෝතිෂය එපා කියනවා වගේ. අන්තිමට මේ වැඩේන් බැනුම් අහන්නේ ඇඩ්මින් එවුන් ටික]

උබ බ්න් බොලං කියලා ලිව්වේ අපිට හිතට වදින හින්දා මිසක් කාත් එක්කවත් තරහකින් වෙයරයකින් නෙමෙයි හරිද ...

නැත්නම් මෙතනට ගොස් අදහස් දක්වන්න http://blog.sinhalabloggers.com/political-blogs-to-be-separated/


තව කස්ට්යක් ඉන්නවා ලිපියේ වෙලාව වෙනස් කරලා ලිපිය සින්ඩිය තුල උඩට ගන්නවා. මම අනන්තවත් දැකලා තියනවා

අඩුම විදහට ලිපියක් ලියපල්ලා නැතිනම් ADMIN ඒවුන්ව දිරිගන්ව පල්ලා

වැප්

23 comments:

  1. බනින උන්ගේ කොන්ද පන නැතිකම බලන්න අර ටැබූ කාරයා ගාවට ගියානම් හරි... මහදවාලේ මහපාරේ පහරන එකෙක් දිහා කවුරුත් වටවෙලා බලනවා කියලා පහරන එකා ආඩම්බර වෙනවා වාගේ කතා තියෙන්නේ... මෙතෙක් කල් ඇඩ්මින්වරු කල සේවයෙන් තැනකට ආවහම... මුල අමතකයි... ජාතියක් ජම්මයක් නැති උන්ට කියන දේ වැප් මලයා දන්නවා ඇතිනේ....

    ReplyDelete
  2. උඹ හරියට හරි වැප්. මම සින්ඩියට ආවෙ පෙබරවාරි 04. ඊට කලින් ඉදලා සින්ඩියට ඈවිත් බිලොග් කියෙවිවා. මටත් තේරුණා දේශපාලනය නිසා තව ටික දවසකින් සින්ඩියත් මඩ ගොඩක් වෙයි කියලා. ඒත් ඊයෙ හරි පෙරේදා හරි ඈඩිමින් කටිටිය කෙලින් තීරණයකට ආව නිසා මට සින්ඩිය ගැන ලොකු විශ්වාසයක් ඈති උනා. අනික උඹ අද දැමිම වගේ පෝස්ටි එකක් දාන්න මට හිතිලා තිබුනත් මම තාම සින්ඩියට අලුත් හින්දා ඒ අදහස අත ඈරලා දැමිමා. අනික මම නමි විශ්වාස කරන්නේ සින්ඩියෙත් ඉන්නෙ එක්කරා කලාකරුවන් පිරිසක්. මෙක ඈතුලේ දේශපාලනය උනත් කෙරෙන්න ඔනි කලාත්මකව. නිකං මඩ පොස්ටි සින්ඩියට ආවොත් අපේ ටීවී රේඩියෝ වලට වෙචිච වැඩෙම සින්ඩියක් වෙනවා. ඒක තේරැමි ගත්තු ඈඩිමින් කටිටිය ගත්තු තීරණේට බහුතරයක් කැමතියි මම හිතන්නෙ. යකෝ වැප්, ඔය බල්ලෙක් දෙන්නෙක් බිරුවට කදු කඩා වැටෙන්නෙ නැහැනේ. උඔ බය නැතිවහිටහං? කොහොම උනත් උබෙ පෝස්ටි එක ඈඩිමින් කටිටිය කරන සේවයට පොඩි මල් මිටක්. ඔන්න මගෙනුත් ඒකට මලක්.

    ReplyDelete
  3. මම නම් සින්ඩිය දැන් තියෙන විදිහට කැමතියි. දේශපාලන සහ පුවත් කියන දෙක වෙනම පෙනෙනවා. අනිත් එක රේටින් වගේ දේකට යන්නෙ නැතුව මේ තියෙන විදිහටම තියෙන්න අරිනවා නම් හොදයි. මොකද සින්ඩිය ඇතුලෙ තරගයක් තියෙන්න ඕනෙ නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ.

    ReplyDelete
  4. මටත් බොහොම කණගාටුයි thread එකේ යන දේවල් දැක්කම. තමන් යෝජනා කරන දේ කොයිතරම් ප්‍රායෝගිකද කියල හිතන්නේ නැතුව තමන්ගෙ හිතට එන හැම දේම සටහන් කරලා. ඔවුන් ලැබිල තියෙන දේ ගැනවත් ඒ දේවල් ලැබෙන්න යම් යම් පුද්ගලයන් කරන ලද සහ කරන කැපකිරීම් ගැනවත් නෙවෙයි නොලැබුනු දේ ගැන තමයි කතා කරන්නේ. මම පෞද්ගලිකව පුදුම වෙනවා adminවරුන්ගේ ඉවසීම පිළිබඳව. අන්තර්ගතය සම්බන්ධ නීතිය නිසා මගේ බ්ලොග් අඩවියත් අද ඉවත් උනා. ඊට මම ප්‍රතිචාර දක්වපු ආකාරය ගැන අවශ්‍ය නම් කාලිංග අයියා සාක්ෂී දරාවි. කිසිම ලාභ අපේකෂාවකින් තොරව තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරගෙන ඔවුන් මේ දේ කිරීම ගැන මම තවමත් පුදුම වෙනවා. කවුරු උනත් යමක් කියන්න කලින් තමන්ට එහෙම කියන්න තියෙන අයිතිය ගැන සිතා බැලිය යුතුයි. බොහෝ වෙලාවට කිසිම දායකත්වයක් නොදක්වපු අය තමයි මේ ආකාරයෙන් හැසිරෙන්නේ. මේ ගැන කියන්න බොහොම දේ තිබුනත් thread එකක ලිව්වෙ නැත්තෙ ඒකත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබුනු නිසා. තමන්ගේ වෙබ් අවකාශයේ සංවාදයට ඉඩ සැලසීම ගැන වැප්ටත් මගේ ප්‍රණාමය!

    ReplyDelete
  5. I'm a sinhala blog reader from the days of blog marathon. people like us who are not lucky to be live in there motherland reading blogs bring us the feelings that we are not alone. there are people who made lot of noise in the google group and left the group with a big bang when other didn't agree to there terms. but they are still keeping there blogs in the sinhala blog reader. i don't have to point finger to who they are.

    there will be people like that who are trying to get there views pushed. with that fail to happen they balm the admins. thats the human nature.

    where ever we go, there will be people like that.

    ReplyDelete
  6. මමත් සින්ඩිය දැන් තියෙන විදිහට කැමතියි.....

    ReplyDelete
  7. @3Idiot
    Your wish granted.

    ReplyDelete
  8. මුල් පිටුවට වැඩිම දෙනෙක් කියවන ඒවා එන විදියට රේටින්ග් සිස්ටම් එකක් හදන්න පුලුවන් නම් හොඳයි. ඒක වැදගත්, කිව්ව වගේ තාක්ෂණික, ආගමික ලිපි වලටත් ඔය වැඩේම කරන්න වෙයි, අපි කරන ත්‍රිපිටකය සිංහලෙන් බ්ලොග් එක සින්ඩිකේටරඑන් අයින් කර ගත්තේ ඔය හේතුව නිසා තමා. නැත්තං සින්ඩිය අපේ පෝස්ට් වලින් පිරෙනවා මොකද සමහර වෙලාවට දවසට ලිපි 7 -8 දාන නිසා.

    ගූගල් සමූහයක් තියෙන්නෙ සාමාජිකයන්ගේ අදහස් බෙදා ගන්න, සාකච්චා කරන්න. ඉන්බොක්ස් පිරෙනවා කියන ප්‍රශ්නෙ තියෙනවනම් කරන්න තියෙන්නෙ එක්කො ෆිල්ටර් එකක් දාගන්න, එහෙම නැත්ත්නම් ඊ මේල් එන්නෙ නැති වෙන්න හදාගන්න.

    මම ඔය කාරණා ගැන කතා කරන එක පුලුවන් තරම් අඩු කරනවා කියල හිතුව. මම සුහද හමුවක් තියන්න කතා කරපු එක අන්තිමට ඉවර උනේ ඒකට පක්ෂව කතා කරපු අයට VIP මෙම්බර්ස්ල වෙන්න ඕනවෙලා කියන හැඟීම හැම දෙනා තුලම ඇති කරල. නිකන් මොකටද ඉල්ලගෙන කන්නෙ.

    ඇඩ්මින්ලට බනින එකනම් වැරදී. උනුත් මනුස්සයොනෙ. මොකක් හරි දෙයක් තියෙනවනම් කරන්න ඕනෙ සාකච්චා කරන එක. බැනල වැඩ කරගන්න පුලුවන්නම් ඉතින් අපේ රටේ කොච්චර වැඩ සිද්ධ වෙන්න ඕනෙද ? හැමෝම කරන්නෙ කාට හරි බනින් එකනෙ.

    ReplyDelete
  9. ෂා නියමයි /ෂොක් / එළ කිරි / දිගටම ලියන්න / ඔව්වා එහෙම එකකව්ත් දාන්න එපා. උබලාට ඇත්තටම හිතෙන දේ කියපන්

    අනේබන් මොකුත් කියන්න නෑනේ කියන්න ඔන දේවල් වැඩියෙනුත් එක්ක කියලනේ

    උඹත්එක්ක සම්පූර්ණයෙන් එකගයි

    එළ කිරි

    දිගටම ලියන්න

    ReplyDelete
  10. මම ඔය කාරණා ගැන කතා කරන එක පුලුවන් තරම් අඩු කරනවා කියල හිතුව. මම සුහද හමුවක් තියන්න කතා කරපු එක අන්තිමට ඉවර උනේ ඒකට පක්ෂව කතා කරපු අයට VIP මෙම්බර්ස්ල වෙන්න ඕනවෙලා කියන හැඟීම හැම දෙනා තුලම ඇති කරල. නිකන් මොකටද ඉල්ලගෙන කන්නෙ.

    ReplyDelete
  11. මේ මොකෝ අනේ මම ලියපු එක ආපහු කොපි කරල දාල තියෙන්නෙ ?

    ReplyDelete
  12. ඩප්පි සිරාFebruary 15, 2010 at 11:30 PM

    සෑර්, නිකං එක එකා ගොට්ට අල්ලන් නැතුව ඉඳහං. නැවෙන එවුන් අපේ බජාර් එකෙත් අපි දැකල තියෙනව සෑර්, ඒත් ඔයෙ වගෙ ලැජ්ජා නැතුව අංසක එකසිය අසූවට නැවිලා දෙන එවුන් අපෙ බජාර් එකේ තියා වයලට් ගේ පොට් එකේවත් නැහැ.

    ReplyDelete
  13. මලයා,
    කවදාවත් ආවේගශීලී වෙලා කතා කරන්න එපා. ඉතාහාසය පුරාවටම බැලුවම තමන්ගේ කැපවිමෙන් තම‍න්ගේ දේ පරිත්‍යාග කරල යමක් කරපු එවුන් මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වෙනවා. මේ සින්ඩියෙ වැඩේට මොනතරම් රාත්‍රී ගානක් නිදිමරන්න ඇත්ද කියල අපිට හිතා ගන්න පුළුවන්. ඒ හැඟීම අපි කතා නොකලට අපේ හදවත් වල තියෙනව. ඒක හැමදාමත් එහෙමමයි.බොහෝ දේ පරිත්‍යාග කරල යමක් කලාට පස්සෙ ඒ දේ ගැන විවේචන කරන්න ඒ තුළ දකින වැරදි වලට බනින්න බොහෝදෙනෙක් ඉන්නව. ඒත් අපේ කොල්ලන්ගෙ මේ උත්සාහය හෙට ඉහළ ජයග්‍රහණයක් දක්වා යන එක සක් සුදක්සේ පැහැදිලියි. ඒක වලක්වන්න බෑ.ගල් මුල් කොච්චර වටිනවද ඒවා තමයි ශක්තිය.අපේ මේ කොල්ලන්ගෙ ශක්තිය ආපහු හරවන්න කාටවත් බෑ.සින්ඩිය මේ විදිහ ඉතාම හොඳයි දේශපාලනය කියන්නෙ හැම තැනම ගඳගස්සන දෙයක් වෙලා සින්ඩියට මේක වෙන්න ඔන නෑ. බොහෝ දෙනෙක් හදවතින් කරන සුභ පැතීම් වලින් ඔය වගේ අනුම් බැනුම් ඉබේම දියවෙලා යනවා.
    සුභ දවසක්

    ReplyDelete
  14. @ තරිදු
    අනේ නෑ බන් ඔයා මම කියන්න ගිය එකම ලියලා තිබ්බ ඉතින් මං මක්කෙටයි ආයෙ ලියන්නේ කියල හිතුනා

    ReplyDelete
  15. අනේ මචං අපි ඉතින් බ්ලොග් කලාවට කෝඩුකායොනේ. ඔය "සංසදේ කචල්" ගැන මට මහලොකු දැනුමක් නෑ. මොනවා උනත් සංසදෙයි සින්ඩියයි නිසා සිංහල බ්ලොග් කලාවේ ලොකු දියුණුවක් උනා කියන එක අවිවාදිතයි. ඒක පටන් ගත්තු මෙච්චර දුර ගෙනාපු හැමටම මගේ ප්‍රණාමය. කවුරු කවුරුත් නම්‍යශීලී වෙලා ප්‍රශ්නයක් තියනවනම් දුරදිග යන්න නොදී විසඳගන්න එක තමා හොඳ. අපි එක රටක ඉපදුන එක භාෂාවක් කතා කරන කොල්ලො කෙල්ලොනේ.

    ReplyDelete
  16. රේට්න් ක්‍රමයක් කලින් තිබිලා නං අයින් කලා. දැං මේ සින්ඩිය තියන විදියට මාත් ආසයි.

    ReplyDelete
  17. මම දේශපාලනේ ගැන මෙලෝ මල හත්තිලව්වක් දන්නේ නෑ.. ඒ වුනාට ජන්දේ කාලෙට මම ඒ බ්ලොග් බලන්න කැමතියි. බොරුවට මරා ගන්න එකෙත් මට නම් ත්‍රිලක් තියෙනවා. මම ඉතිං ඔන්න දැන් වැනෙන තීරනයක තමා ඉන්නේ, දේශපාලන බ්ලොග් අඩවි වෙන් කිරීම ගැන.. වෙලාවකට කැමතියි, වෙලාවකට අකමැතියි.

    මොකටද අපේ බ්ලොග් වලට රේටින් සිස්ටම්? නිකං කට්ටිය තරහා කර ගන්නේ නැතුව, මේ සහයෝගෙන් යන විදිය හොද නැද්ද? එන එකා කොහොමත් ඇවිත් බලනවා. කමෙන්ට් කරන්න ලෝබ එකා කොහොමත් කමෙන්ට් කරන්නේ නෑ. තමුන්ගේ යාළු, නෑ හිත මිත්‍රාදීන්ට කමෙන්ට් කරන උත්තමයෝ ඒවට කමෙන්ට් කරනවා. මං වගේ පිස්සෝ ලියන බ්ලොග් මහා බහුස්‍රැත උදවිය බලන්නේ නෑ.

    ඉතිං ඕවා බං එකිනෙකාගේ කැමැත්තවල්.. අපිට අනිත් අයව වෙනස් කරන්න බෑ, කියවන දේවල් මොනවද කියලා තීරණය කරන්නේ කියවන කෙනා.

    අනිත් එක සංසදයක් කියන්නේ ඇඩ්මින්ලා විතරක් නෙමෙයි,අපි ඔක්කොමලා. ඉතිං අපි හැමෝම මේ සිද්ධවෙන හැම දේකටම වග කියන්න ඕනේ.. ම්ම්ම්ම්..උඹ මෙහෙම ලියපු එක ගැන නම් මට හිතෙන්නෙත් ඩප්පියා කියපු දේ තමයි.. හපොයි එහෙම කිව්වාට තරහා වෙන්න එපෝ!!

    ReplyDelete
  18. ටිකක් ආවේගශීලිව ලියල තිබුනත් ඔය කියන දේ ලොකු ඇත්තක් තියෙනවා..අපිට නෙවේ බනින්නෙ කියල කට පියගෙන හිටියම අපිට බනින දවසකුත් එනව. ඇඩ්මින්ලට බනින එකට මමත් ගොඩක්ම විරුද්ධයි.. එ තීරණය වැරදි නම් විකල්ප යෝජනා ගෙනත් ඒක වඩාත් හොඳ විදියකට සකස් කර ගැනීම කරගන්න ඕනෙ..
    කොහොමටත් වැඩිපුරම මඩ ගහගන්න දේශපාලනික බ්ලොග්වලට අකමැති අය වැඩී .. මේ විදියට තමයි මමත් කැමති..

    ReplyDelete
  19. අ‍ඩ්‍මි‍න්‍ අ‍ය‍ට‍ බ‍නි‍න‍ එ‍ක‍ ගො‍ඩා‍ක්‍ වැ‍ර‍දි‍යි‍. මො‍කද‍ එ‍යා‍ලා‍ ලො‍කු‍ සේ‍ව‍ය‍ක්‍ ක‍ර‍න‍වා‍.

    වැ‍ප්‍ ට‍ ගො‍ඩ‍ක්‍ ත‍ර‍හා‍ ය‍න‍වා‍ ව‍ගේ‍......(ත‍ර‍හෙ‍න්‍ නෙ‍මෙ‍ කි‍ව්‍ව‍නෙ නේ‍ද‍ )

    ReplyDelete
  20. මගේ කොමෙන්ටුව පොඩ්ඩක් වෙනස් කරනවා චැප් ඇඩ්මින්ලා ගැන කියන කාරනා සමග එකගවුනත් දේශපාලන ලිපි වෙන්කිරීම පිලිබද මගේ අපහැදීමක් තියනවා මම හිතන්නේ ඒක වැරදි තීරනයක්

    ReplyDelete
  21. අනුන්ට බැනලා බ්ලොග් එක ගොඩදාගන්නවා කියන්නේ මේකට තමයි. මකුණු දැල් බැඳිච්ච බ්ලොග් එකට හිට්ස් 200යි කමෙන්ට් 20යි. :D

    ReplyDelete
  22. ඵළ ඇති රුකටලු ගල් වදින්නෙ...

    ReplyDelete
  23. වැපා තරහා අරන් මුකුත් කරන්න බැහැ. භූතයො ටිකක් සෙට් වෙලා කස්ටියව කලකිරවන්න කරන වැයමක්. මෙවට තරහා අරන් බැනලා, ඉස්සරහට යන්න බැහැ. ඇඩ්මින් එවුන් ලස්සනට කල්පනා කරලා වැඩක් දෙයි.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....