Sunday, February 21, 2010

කවුරුත් දනනවා නේද අලුත් සහෝදරයා ගැන

සයිට් එක වැඩ කරන්නේ නැහැ ....
දවස් දෙකක් යන්තම් ජිවත් උන හොදට, එත් දැන් නිසි පෝෂණය නැතුව දැඩිසත්කාර එකකයට ඇතුල් කරලා. කාටත් බලන්න යන්න දෙන්නෙත් නැහැ. මොනවා කරන්නද? හපොය් වෙච්ච දෙයක් ...


මේ ඉන්නේ අලුත් සහෝදරයා ලාංකීය සිතුවිලි. ඔක කියවන්නේ බලොග්.අයිනේට්ලංකා.කොම් කියලා හරිද ....

ලාංකීය සිතුවිලි සඳහා අඩිතාලම වැටුනේ සිංහල බ්ලොග් කියවනය එම නිසා ප්‍රතම ස්තුතිය එයට යනවා. එහන්දා එයා තමයි ලොකු අයියා.

සින්ඩියක් කියන්නේ මොකක්ද? මෙකෙන් කෙරෙන්නේ මොකක්ද? එවගේ අඩවි කොහෙමද දිගහැර පෙන්වන්නේ? ලිපියක් එකතු කරපුවහම කොහෙමද එම ලිපිය සින්ඩියක් තුල දක්වන්නේ?

ඔන් ඔය ප්‍රශ්ණ ටිකකට උත්තර හොයන්න කියලා අලුත් බ්ලොග් කියවනයක් හැදුවා. තාම තියෙන්නේ ගොඩ නැගෙමින් පවතින අවදියේ. සමහර විට තෙරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන් මොකද දැනට අපිව කවුරුත් එකට සම්බන්ද කරපු සිංහල බ්ලොග් කියවනය තියනවා.

අලුතෙන් හදපු ලාංකීය සිතුවිලි සහොදරයා, දැනට සෑම විනාඩි 40 වරක් ඔබගේ බ්ලොග් අඩවියට ඇවිත් අලුත් ලිපි තියනවාද කියලා බලනවා. එහෙම තියනවා නම් ලාංකීය සිතුවිලි එකතු කර ගන්නවා. තව පොඩි අත්හදා බැලීම් තත්වයේ රේටිං ක්‍රමයකුත් එක් කරලා තියනවා. එවගේම අදසක් තියනවා මෙක හදපු SOURCE CODE නිදහස් කරන්න එහෙමත් නැත්නම් ඔන කෙනෙකුට ගන්න පුලුවන් විදිහට එලියට දාන්න. හැබැයි ඉතින් එහෙම එලියට දැම්මොත් බලොග් වලට වඩා සින්ඩි තියෙයිද දන්නෙ නැහැ? ඒ කොහෙම උනත් කාටත් දැනගන්න කැමති ඇති මෙවගේ එකක් කරන්නේ කොහෙමද කියලා. එහින්දා ඉදිරි කාලයෙදි සියල්ල නිදහස් කරන්නම්.

පොඩි දල අදහසක් ගන්න කියන්නම්
1.සියලු අඩවි දත්ත ගබඩාවක් තල තබාගනී
2.අඩවි වලට අදාල RSS ය වඩා වැදගත්ම කොටස වන අතර එය හරහා ඔබ අඩවියට පිවිසෙයි
3.CRON කියන දේය හරහා සෑම විනාඩි 40 කට සැරයක් අලුත් ලිපි සොයා මෙහෙයුමක් අරබයි
4.අලුත් ලිපි අත්නම් එම තොරතුරු ලාංකීය සිතුවිලි තුල ගබඩා කරගනියි
5.ලිපිය ලීයු වෙලාව අනුව පෙළ ගැස්ම දක්වයි

යොදාගත් තාක්ෂණය
PHP / MYSQl තමයි ඉතින්

කිසිම තුන්වන පාර්ෂවිය ප්ලගින් හෝ කොම්පොනනට් පාවිච්ච නොකර පියෝ PHP වලින් ගොඩ නගන ලද ලාංකීය නිර්මාණයකි. බර වැඩිද මන්ද ඒ කැල්ල ..



බලමු මෙක වැඩක් තියෙයිද කියලා.

පසුව ලියම්
02-22-2010
inetlan8 inetlanka.com 7.86 0.28 0.3
Top Process %CPU 95.9 /usr/local/bin/php -f /home/inetlan8/public_html/
blog/rss_feeds/index_1_wap.php
Top Process %CPU 92.4 /usr/local/bin/php -f /home/inetlan8/public_html/blog/rss_feeds/index_1_wap.php
Top Process %CPU 92.0 /usr/local/bin/php -f /home/inetlan8/public_html/blog/rss_feeds/index_1_wap.php

02-21-2010
inetlan8 inetlanka.com 10.03 0.23 0.1
Top Process %CPU 99.0 /usr/bin/php /home/inetlan8/public_html/blog/test/index_1_wap.php
Top Process %CPU 96.1 /usr/local/bin/php -f /home/inetlan8/public_html/blog/rss_feeds/index_1_wap.php
Top Process %CPU 94.6 /usr/local/bin/php -f /home/inetlan8/public_html/blog/rss_feeds/index_1_wap.php

02-20-2010
inetlan8 inetlanka.com 6.59 0.35 0.1
Top Process %CPU 92.5 /usr/local/bin/php -f /home/inetlan8/public_html/blog/rss_feeds/index_1_wap.php
Top Process %CPU 78.0 /usr/local/bin/php -f /home/inetlan8/public_html/blog/rss_feeds/index_1_wap.php
Top Process %CPU 0.3 httpd [joomlacomponent.inetlanka.com] [/templates/rhuk_milkyway/images/mw_content_t_r.png

ඔන්න ඔය කාරනවා හින්ද මාව අයින් කරලා ..



වැප්

25 comments:

  1. ආ මමත් මේ අළුත් සින්ඩිය බලන්න ඊයේ ගියා ඒ ගැන අපේ උත්තම සහෝදරයගෙන් පොඩි ඔත්තුවක් බැලුණා. ඒක තාම ගොඩ නැගෙමින් තිබෙන සින්ඩියක් කියලා ඊයේ මටත් වැයහුනා. තව මම ඒ සින්ඩියට මගේ බ්ලොග් එකත් දැම්මා :D වැඩේ නම් නියමයි. අයියා කොහොම වුණත් සින්ඩි වැඩි වෙන එකත් හොඳයි මොකද කොහෙන් කොහෙන් හරි අපේ බ්ලොග් එකට පොඩි publicity එකක් එනවනේ ඒ ඇති :D . අළුතින් ආ සින්ඩිය ගැන දන්නේ නැති අයට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි

    ReplyDelete
  2. හොඳ වැඩක්.. හදපු විදිහ දැනගන්න ආසයි.. ඒත් ඉතිං ඔය PHP අරවා මේවා අපිට බෑනෙ..

    ReplyDelete
  3. හොහ් හොහ් හෝ........... එල

    ReplyDelete
  4. නියමයි වැඩේ... මගේ බ්ලොග් එකත් දැම්මා.

    ReplyDelete
  5. මගේ බ්ලොග් අඩවියත් එකතු කරා. දිගු ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
  6. ඔබට බොහෝම ස්තූතියි. උදව් කරන්නම්...ප්‍රචලිත කිරීම සඳහා.
    වර්ෂා.

    ReplyDelete
  7. වැපා අපිවත් ඔබපන් ඔකෙ ඇතුලට. පුලුවන්නම්.... එතන ෆොර්ම් එකක් එහෙම තියන්වද ඇතුලට ගන්න නැත්නම් දැනට සිමිත පිරිසකට විතරද....

    ReplyDelete
  8. එල කිරි. ඔන්න මමත් ගොඩවුනා.

    ReplyDelete
  9. @sithija
    ඔව් තාම පොඩි එකා... තාමත් හැදෙනවා

    @Kanishka | කණියා
    PHPවෙන්න ඔනා නැහැ. ක්‍රමය දැනගන්න. කොයි භාශවෙනුත් කරන්න පුලුවන්

    @සහන්
    තුති

    @බිඟුවා...!
    :(

    @සම්පත්
    එලිකිරිස්

    @CD Athuraliya
    ආසිරි පැතුමට තුති

    @වර්ෂා.
    නියමයි

    @රවා
    තියනවා තියනවා ෆෝමි එකක්. ඔන කෙනෙක් ගන්නවා. එත් හුදේක් අසභ්‍ය දේ පමණක් නම් දෙපාරක් හිතන්න වෙනවා

    @දසයා
    ගොඩ වෙච්ච එක හොඳයි

    ReplyDelete
  10. මාත් ඇප්ලයි කලෝ....

    ReplyDelete
  11. hiii vapp What happ to Syndy to day ...says Suspended

    වර්ෂා

    ReplyDelete
  12. අනේ බලන්න... Over consuming of server හින්ද එක suspend කරලා ... බලමු අපි මොකක් හරි කරන්න ...

    මොනවා කරන්නද ...

    ReplyDelete
  13. මචං දැන් වෙලාව 2010-02-22 7.12PM මෙහෙම වැටිලා තියෙනවා.
    This Account Has Been Suspended
    උඹ කොහෙන්ද මේ Hosting ගත්තේ? ලංකාවේ තැනකින්ද?
    මේ ටිකේ සිංහල බ්ලොග් දෙක තුනකටත් ඕකම වෙලා තිබ්බ. හැමෝම ගන්නේ එකම කෙනාගෙන්ද?

    ReplyDelete
  14. @ම
    නැහැ මචෝ මේ උනේ code එක හින්ද. මොකද විනාඩි 40 පාරක් script එකක් run වෙනවා.. ඒක හින්ද සර්වර් computer එක හිර වෙනවලු. විසදුම තමයි මගේ account එක suspend කරන එක..

    බලමු මොකක් හරි කරන්න ... සමහර විට dedicated server ගන්න වෙයි

    ReplyDelete
  15. කොහොම හරි ගොඩදාගන්න බලන්න ලොක්කා..

    ReplyDelete
  16. මොකක් හරි වෙන වැඩක් දාලා හදන්න බලමු නේද?

    ReplyDelete
  17. @කොමා
    දන් අයිත් හරි ... එත් කොයි වෙලාවේ එලවලා දායිද ද්න්නෙ නැහැ


    @isaman
    ඔව් මොකක් හරි කරන්න ඔනා .. නැත්නම් අතඇලාවත් දානවා ...

    ReplyDelete
  18. ඉතාමත් යපත් වැඩක්. උදව් කරන්නම් අපි..

    ReplyDelete
  19. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    ස්තුතිය ... ඔව් අපි බලමු මොකක් හරි ...

    ReplyDelete
  20. සින්ඩියක් කරනව කි​යන්නෙ ලේසි නෑ. අනිත් බ්ලොග්ස් වල feeds ටික ආවර්තිකව කියවන එකට සෑහෙන්න server resources ප්‍රමාණයක් වැය වෙනවා. බ්ලොග් කීපයක් නම් ඔය සාමාන්‍ය hosting account එකකින් කරන්න පුලුවන් වෙයි. නමුත් බ්ලොග් ගණන වැඩි වෙනකොට වැය වන රිසෝස් ප්‍රමාණයත් වැඩි නිසා ඔබේ වෙබ් ස්පේස් සේවාදායකයාගේ TOS violate වෙන නිසා ඔබව සස්පෙන්ඩ් වේවි.

    ReplyDelete
  21. @ඉන්දරේ
    ඒක ඇත්ත කරලම බලන්න ඔනා .. මෙකට කෙච්චර කැප කිරිම් කරන්න ඔනානද කියලා ...

    ඔව් මචෝ ඒත තමයි උනේ ... එත් මම ටිකක් තදට හිටියා :) දැන් අවුලක් නැහැ ... එත් කොයි වෙලාවේ දොට්ට දායිද දන්නේ නැහැ

    ReplyDelete
  22. උඹට මාර වියදමක් කරන්න වෙයිනේ.. O_o
    මගෙ බ්ලොග් එකත් එකතු කළා.... ඒ වගෙම මගේ බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දෙනවා. :-)

    ReplyDelete
  23. @ශාකුන්තල
    දැනට ලොකු වියදමක් නැහැ ... තිබ්බ එකකටම සබ් ඩොමෙයින් එකක් ඇඩ් කලා :)

    ඒක මම ඇක්සෙප්ට් කලා ... සහායට ගොඩාක් තුති ... තාම මගේ එකේවත් දාලා නැහැ :)

    ReplyDelete
  24. @බිඟුවා...!
    දැනට හරි කොයිවෙලේ දොට්ට දායිද දන්නේ නැහැ ... :)

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....