Sunday, March 14, 2010

ලීන් මැනිෆැක්චරිං - lean manufacturing

අපිට අපේ ක්‍රම තිබුණට පුරුදුවෙලා ඉන්නේ වෙනත් රටකින් එන එකක් බදගන්න. එහෙම උනට හොඳ දෙයක් නම් ගත්තට කමක් නැහැ. මතකනේ කාලයක් අපි එස් 5 [S - 5] ගැන කතා කලා. ලීන් මැනිෆැක්චරිං - lean manufacturing කියලා කියන්නෙත් ඒවගේ එකක්. පොඩ්ඩක් ගුගල් කලොත් ඔන තරම් විස්තර හොයා ගන්න පුලුවන්.

ලීන් මැනිෆැක්චරිං - lean manufacturing ලෝකයට හඳුන්වා දුනනේ ටොයොටා කම්පැණිය. මේහි අරමුණ වන්නේ කරන ඔනැම නිෂ්පාදනය නාස්තිය අවමකර ගැනීමයි. ඔනෑම නිශ්පාදන ක්‍රියවලික සිදුවන්නේ අමුද්‍රව්‍ය භණ්ඩ බවට පත් කරන එක හෝ යම් සේවාවක් බවට පත් කිරිමයි. මෙහිදි එම ක්‍රියවලියේ යම් යම් ස්තානවල පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලට මිලක් හෙවත් අගයක් එකතු කරනවා. එහෙත් යම් කිසි ක්‍රියාවන් තියනවා එසේ අගයක් එකතු නොවන අවස්තා. ලීන් මැනිෆැක්චරිං - lean manufacturing වලින් කරන්නේ අන්න ඒ කිව්ව මිලක් හෝ අගයක් එකතු නොකරන අනවශ්‍ය අතරමැදි අවස්තා ඉවත් කරන එකයි.

ටොයොටා සමාගම හඳුන්වා දීපු මෙම ක්‍රමයට කියනවා. ට්පිඑස් - TPS [ටොයොටා ප්‍රඩක්ෂණ් සිස්ටම් Toyota Production System] වැඩි විස්තර මෙතන තියනවා http://en.wikipedia.org/wiki/Lean_manufacturing

මෙහිදි එසේ අගයක් එක් නොකර අවස්තා පහත සඳහන් වෙනවා
1. අනවශ්‍ය ප්‍රවානය - Transportation
2. අනවශ්‍ය තොග - Inventory
3. අනවශ්‍ය චලනය - Motion
4. අනවශ්‍ය බලාසිටිම - Waiting
5. වැඩි ක්‍රියාවලි - Over Processing
6. වැඩි නිශ්පාදන - Over Production
7. කැඩිච්චා - Defects

කෙටියෙන් TIMWOOD ලෙස මෙම අවස්තා 7 හඳුන්වා දෙනවා. මේක ලංකාවට අලුත්මත් නැහැ. මෙම ක්‍රමය ලංකාවේ දැනට යොද ගන්නේ අඟලුම් ක්ෂේත්‍ර‍යේ. කවුරුත් දන්නාව අඟලුම් කිව්හම මාස්- MAS එහෙමත් නැත්නම් බැරැන්ඩික්ස් - Brandix තමයි ඉදිරි පෙළ ඉන්නේ. ඒ දෙකෙනුත් MAS ආයතනය තමයි ලංකාවට මෙම ක්‍රමය හඳුන්වලා දුන්නේ. මේහි නම තමයි MOS - Mas Operating System. මෙය සාර්තකව ක්‍රියත්මක වන එක් ස්තනායක් තමයි. බියගම ලිනිය ඉන්ට්මෝ කියන කර්මාන්ත ශාලාව [වැපත් කාලයක් හිටියා].

මෙම ක්‍රමය යොදා ගැනීමට ප්‍රදානම හේතුව තමයි නිශ්පාදන මිල අඩු කීරිම. චීනය තමයි ඇඟලුම් වෙලඳ පොල තුල වැඩි ප්‍රතිශතයකට හිම්කම් කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ශ්‍රමයත් අඩුමිලට ගන්න පුලුවන්. ඉතින් අපි වගේ රටවලට එම තරඟකාරිතවයට යන්න තියන එකම ක්‍රමය තමයි නිශ්පාද මිල අඩු කරගන්න එක. වැදගත්ම දේ දැන් අපිට අර මොකක්ද ජිඑස්ට් ප්ලස් එහෙමත් නැහැනේ. ඒ අතින් ගත්තාහම MAS ආයතනය ඉදිරියෙන් ඉන්නවා මොකද අනාගත අභියෝග හඳුනගෙන වැඩ කරලා තියනවා.

මෙය එම ආයතනය තුල යොදා ගත් ආකරයා විස්තර ඇතුව ඊලඟ ලිපියෙන් දාන්නම්.... ඒ එක්ම මේක මේ අඟලුම් විතරක් නෙමෙයි පරිගනක පැත්තටත් අදාලයි... හිතලා බලන් පොඩ්ඩක් "අනවශ්‍ය බලාසිටිම" කොච්චර අපි කරනවාද කියලා


වැප්

14 comments:

  1. ඔබට බොහෝම ස්තූතියි මේ ගැන කීවට. ඇහුවෙත් අදයි මම නම් කොහොම උනත් මේ ගැන තවත් විස්තර දෙන්න පුලුවන්නම් හොන්දයි.

    ReplyDelete
  2. කොහෙද ඉන්නෙ ලොඩ් ස්ටාර් ද...?

    ReplyDelete
  3. @චතුරංග රූපසිංහ
    අනිවා අනික් ටිකත් ලියන්නම්

    @රවා
    නැහැ මං ලිනිය ඉන්ටිමෝ හිටයේ 2008 දි විතර

    ReplyDelete
  4. අනේ මන්ද මේක මොනා කියවනවද කියල.....
    ලියපන්කෝ තේරෙන එකක්. අර කිරිල්ල, බිම්පොල් වගේ. ඕන නම් බිම්කුණ්ඩෝ ගැනවත් ලියපිය විකාර නොකියා. එහෙම බැරිනම් අර සින්හල බ්ලොග් අවකාශේ ජෝකර් වගේ හොර ඊ මේල් එකක් හදාගෙන ඒකෙන් තමන්ටම ඊ මේල් එවාගෙන ඒ ගැන ලියපන්.

    ReplyDelete
  5. මම මෙක ලොඩ්ස්ටා එකෙදි දැනගත්තෙ. එයාලා 2005 හෙ ඉදන් මෙක එයාලගෙ production line වල ක්‍රියාත්මක කරනවා. මෙකත් එක්ක ගොඩාක් ජපන් සංකල්ප එයාලා ක්‍රියාත්මක කරනවා. ඇත්තටම ටොයොටා එක තමයි පුර්වාදර්ශය.. අනික පහුගිය දශකයෙදි ලොකයෙ සිද්ද උණ අර්ථක විපර්යාසයන් එක්ක ගොඩාක් මහා පරිමාණ සමාගම් පසු බැවා. නමුත් ටොයොටා එක තම ව්‍යාප්තිය බටහිර තුල වැඩි කරගත්තෙ මෙ හරහා කියලා මම දැනගත්තා.

    ReplyDelete
  6. මචන් මෙන්න උබට

    http://xinio.info/?http://ifile.it/ce1gud5/157444297X.zip

    ඔක අරන් කියවපන්...

    ReplyDelete
  7. @ තරිඳු
    අර කිව්වත් වගේ, මේ තේරෙන්නෙ නැති අණ්ඩර දෙමළ ලියන්නෙ නැතුව, බලල දෙකොණෙන් හිනා වෙන්න පුළුවන් ලස්සන ස්ටෝරියක් ලියන්නකො.

    @ වැප්,
    මේ ඒක නෙවෙයි, ඔයාගෙ ඩොමේන් එක විකුණන්නෙ නැද්ද? මම ඒකට 15,000 ක් දෙන්න කැමතියි. මොකෝ කියන්නෙ?

    ReplyDelete
  8. වැප්, උඹත් ලීනියා ඉන්ටිමෝ එකේ ජංගි මැහුවද...
    (තරහ වෙන්න එපා මචෝ)

    ReplyDelete
  9. @Anon

    මම wapnishantha.blogspot.com ඩොමේන් එක 20000 ගන්න හිටියේ ඒ උනාට naXXXXX@gmail.com එකෙන් ඊ මේල් එවනව ගන්න එපා කියල. ඒ නිසා මම wapnishantha.lk එක ගන්න හිතන් ඉන්නෙ.

    ReplyDelete
  10. @ තරිඳු
    මේ... අපේ සයිට් වලට ඇවිත් ක්‍රමෙන්ට් දාලා අහුවෙන්න එපා හරී..! මගේ චූන් මටම චූන් හරී....!!

    ReplyDelete
  11. @ත‍රිඳු
    ලියන්න දෙයක් නැති කමට මේක ලිව්වා ... පොඩි වැදගම්මක් තියනවා .. මේක අපිටත් පාවිච්චි කරන්න පුලුවන් ... ගනන් ගන්න එපා වෙන දවසක ලියන්නම් වෙන මොකක් හරි තේරෙන දෙයක්



    @රවා
    මචෝ උබ ලෝඩ්ස්ටර්ද? මට කලින් අහන්න බැරි උනා ... ඔව් හැම එකේම ඔක දාගෙන ගියා ... ඒ දවස් වල කිව්ව විදිහට s-5 සිම්ලයන් අදාර්ශය විදිහටත් ලීන් වලට ලිනීය ඉන්ට්මෝ අදර්ශ විදිහටත් ගන්නවා කියලා .... දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ

    එත් මේ ක්‍රමය මට නම් පොඩි පොඩි වාසි තියනවා.....


    @Anonymous
    ඒකකාරි බවෙන් මිදෙන්න තමයි මේක ලිව්වේත් .... බලන් ගිහාම මේක අන්ඩර දෙමළයක් තමයි

    @nadeesthoughts
    මැහහැව්වා මැහැව්වා .... මොකද නැත්තේ එක එක සයිස් වල එක එක විදිහේ එව්වා මැහැව්වා .. එව්වා දැක්කත් ඇති ...xxxxx හිකිස්. මොන එකකට තරහ වෙනවාද ...... කරපු දේවල් කියන්න

    @ත‍රිඳු
    බැහැ බැහැ මට විකුණන් බැහැ ... මට විකුණන් එපා කියලා තර්ජනාත්මක ඊමේයල් එවනවා ... මං බයායි ..... වෙන දවසක කියන්නම් එව්වා කව්ද එව්වේ කියලා මං ලඟ ඒ එවපුවෑ හඬපටත් තියනවා ....

    @Anonymous
    ඒක තමයි කවුද මේ අනියාගේ චුන් කඩන්නේ .... උබ උබේ ආතල් එක ගනින් .... මං මේක විකුනන්නේ නැහැ ... එත් මාර ඉල්ලුමක් තියෙන්නේ....

    ReplyDelete
  12. නියමයි මචං. හරිම වටින වා මේ ගැන ලියපු එක.
    වටිනා පෝස්ට් එකක්.

    ReplyDelete
  13. 5S , Super 5S , kaizen , Fish bone..... දැනන් වුන්න lean manufacturing නම් ඇත්තෙන්ම දන්නෙ අද. රාජ්‍ය සේවයේ manufacturing අඩුයි නේ .. සේවාවන් තමයි වැඩි. ඒත් අනවශ්‍ය බලා සිටීම්.. අනවශ්‍ය පුවාහනය, අනවශ්‍ය චලන ( කඩේ පිළේ යන ඒවා කාර්යාල වෙලාවේද . සමහර පයිල් වෙන වෙන ස්ථාන වලට යන ඒවා... ) ඒ වගේ දෙවල් නම් කාර්යාලයේ තියනව... හිහ්..

    දැනුවත් කිරීමට ස්තූතියි.

    ReplyDelete
  14. ම්ම් රාජ්‍ය සේවයට ඇත්තටම මේ ක්‍රමය වටිනවා ....

    ඒත් කොහෙද අපිව ඔකට ගන්නේ නැහැනේ ....

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....