Thursday, April 1, 2010

සංචාරක කර්මාන්තය

කතාව පටන් ගන්න කලින්
http://hotellanka.lk/ හා http://sinhala.hotellanka.lk/ ගිහින් බලලා එන්න. අපේ රට දුප්පත්. එහෙම දුප්පත් කියනනේ දියුණුව කියලා සලකන විශාල ගොඩ නැගිලි මං මාවත් හා එකී මේකී විවධ වු සාධකය පමණක් සලමින්. නමුත් දැනුම හා නව නිපැයුම් අතින් ලාංකීක අපි බො‍හෝම ඉදිරියෙන් ඉන්නේ. ඊට අමතරම අපිටම විශේෂ වු පරිසර තත්වයන් හෙවත් ස්බාදහමෙන් ඉදිරියෙන්ම ඉන්න රටක්. ඊට නොදෙවෙනි වු අපේ ඉතිහාසයේ ‍පෞඩත්ව ලොවට විදහා දක්වනේ අපේ මුතුන් මිත්තන්ගේ දැනුමේ චායාවයි. රට වටා වු නිල් වන් මුහුද, අපේ රටට එක් කර ඇත්තේ විශාල වටිනා කමකි.

ත්‍රස්තවාදය තුරන් වු අපේ රට දැන් ලොවටම විවර වී හමාරයි. මේ මහඟු අවස්තාවේ රටට විදේශ විනිමය ඇද ගැනීමට සංචාරක කර්මාන්තය ඉදිරියටම ගෙන යා හැක. මෙයට රුකුලක් වෙමින්, වසර දෙකකට පෙර දවසක ඇරඹි ඉහත කී අඩවිය අද වන විට සංචාරක හෝටල් ක්ෂේත්‍රය තුල ඉදිරය ගොස් ඇත. සම්පුර්නයෙන්ම නොමිලේ සේවා සපයන අඩවික් වන මෙය සංචාරක ව්‍යපාරයට විශාල රුකුලක් සපයා ඇත. ඔනෑම හෝටලක්, නිවාඩු නකේතනයක් හෝ බංගලාවක් සම්පුර්ණයෙන්ම නොමිලේ මෙතුලට ඇතුලත් කල හැක.

මෙහි විශේස වාසි වනුයේ
1. ඔබම හෝටල් විස්තරය ඇතුලත් කල හැක
2. සිංහල හා ඉංග්‍රීසි යන ද්වි භාෂවෙන්ම තොරතුරු ලබා දිය හැක
3. ගුගල් සිතියම හා ආසන්න නගරයේ සිට ඇති මාවත සලකුණු කල හැක
4. පින්තුර 12 ක් උඩුගත් කල හැක
5. බොහෝ දෙනෙකු බැලු හෝටලය
6. අවසනට බැලු හෝටය

නොමිලේ සපයන සේවවක් වු මෙහි තවමත් සමහර නිකේතන වල සියලු තොරතුරු සපයා දීමට නොහැකි වි ඇත්තේ එම බොහෙමයක් හෝටල් වල තොරතුරු නොමැති නිසාමය. සියල්ල වානිජ කරණය වු සමාජයක, නමුත් රටට වැඩදායි ලෙස යොදගෙන නොමි‍‍ලේ පවත්වාගේන යන මෙම අඩවියට ඔබත් සහාය දක්වන්න. මෙහි දිස් වන සමහර හෝටල් වල දුරකතන අංක හෝ වෙනත් සම්බන්ද කරගැනීමේ හැකියව ඇති තොරතුරු ඇත්නම් hotelsrilanka@gmail.com දන්වන්න.

ඔබගේ සහාය අපේක්ෂා කරන්නෙමු.

වැප්

9 comments:

  1. වැපා මමත් උබ කලින් කිව්ව දෙට ගොඩාක් කැමතියි බන්.. උන්ගෙ අපිට කියන්නෙ දියුනු වෙමින් පවතින කියලා... තාමත් අපි දියුණුයි බන්.. උන්ගෙ අදහස් තියන කලු සුද්දො කරන වැඩ වලින් තමයි බන් මෙහෙමවත් විනාශ වෙලා තියන්නෙ.. හොටෙල් ගැන නම් මම දන්නෙ නැහැ.. හැබැයි උඹෙ පොස්ට් එකෙ තිබුනු කොටසක් දැක්ක හම මාව සිතල වෙලා ගියා..කිප දෙනෙක් විනාශ කරද්දි ගොඩක් දෙනෙක් නිශ්ශබ්දව ඉද්දි කිපදෙනෙක් බෙරගන්න උත්සහා කරනවා.. හරිම ලස්සන රටක්

    ReplyDelete
  2. @රවා
    එක් තමයි බං මාත් මේ කරනේ ... අතින් වියදම් කරන් .. කොහෙම කොහොම හරි අපේ රටට උදව්වක් වෙන්න ... එත් ඉතින් වෙන එකෙක් කරන ‍කැත වැඩකින් මුලු රටමයි අපි කරපු වැඩේයි දෙකම වැඩක් නැතුව යනවා

    ReplyDelete
  3. මට උබේ මෙයිල් එක දිපං කෝ ... දන් මං දවස් කිහිපයක්ම ඉල්ලුවා

    ReplyDelete
  4. Did you provide those links as a positive example or a negtive example?

    Because the quality of Sinhala site was very poor. I guess it was translated from English version (not vice versa) by a non Sinhala speaker...

    But I also agree that it's better to improve the quality (and completeness) of the content.

    ReplyDelete
  5. ෂෙක්.. මටත් හෝටලයක් වත් තිබ්බ නං :D

    ReplyDelete
  6. good work මචං මමත් විස්තර හොයලා දෙන්න try එකක් දෙන්නං

    ReplyDelete
  7. ඉහලින්ම අගය කරනවා. ඇත්ත කථාව. සම්පූර්ණ ඇත්ත.
    නුඹට ජය

    ReplyDelete
  8. හැමෝම තමන් ගන හිතද්දි, ලියද්දි..රට ගැන හිතන, ඒ වෙනුවෙන් ලියන, සුලු පිරිසක් අතර හිඳින තවත් කෙනෙක් හඳුනා ගන්නට ලැබීම ලොකු සතුටක්.

    මේ සත්කාර්යයට මගේ සුභ පැතුම්....

    ReplyDelete
  9. මටත් තියෙනවා හෝටලයක්...
    හැබැයි ඉතින් හොඳට බොන්න ඕනේ ඒක ඕපන් කරන්න කලින්...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....