Tuesday, June 22, 2010

ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු

ස්ථානය :- ෆිෂින් හට් - මස්කෙලිය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 358 ආසන්නව
නැරඹිය හැකි දේ :-
  1. ෆිෂින් හට් අසල ස්භාවික සෞන්දර්යය
  2. ඇබඩීන් දිය ඇල්ල
  3. ලක්ෂපාන
  4. සප්ත කන්‍යා කඳු වැටිය
ගනන් හිලව් :- එක් නිවසක් සඳහා රු 7000/- කි. එවැනි නිවස්න දෙකක් ඇත. [ මෙම ගනන් සීසන් ඕෆ් සීසන් මෙන්ම සති අන්ත, සතියේ දින අනුව වෙනස් වෙයි ]
  1. සීසන් 9000/-
  2. සති අන්ත 7000/-
  3. සතියේ දින 5250/-
වෙන්කර ගනීම :- මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය- නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල
වැඩි දුර තොරතුරු :- http://sinhala.hotellanka.lk/21-181-651/fishing_hut.html
වාහනය :- 4වීල් වාහනයක යාම දැඩි ලෙස අවධාරණය කරමු
රැගෙන යා යතු දේ :-
  1. සීත කබා
  2. කූඩැල්ලන් සඳහා - ලුණු/ දෙහි හෝ වෙනත් සුදුසු දෙයක්
  3. ආහාර පාන
ඔවුන් සපයන දේ :-
  1. ඇදන් හා කොට්ට
  2. පිඟන් කෝප්ප හා ගැස් උදුන්
  3. අවැසි ලාම්පු- [ විදුලි බලය නැත ]
ජංගම දුරකතන :- එටිසලාට්

මෙන්න පින්තූර ටිකක්


















28 comments:

  1. මං දන්න තරමින් මෙතන ඉඳන් ටිකක් දුෂ්කර මග ගෙවාගෙන ශ්‍රීපාදස්ථානයට යන්නත් පුලුවන්.
    අවාරෙ ගිහින් ඇඩ්වෙන්චර් එකක් ගන්න කැමති නං කියාපු පාර. හැබැයි සෑහෙන්න අනතුරුදායකයි කියලයි ආරංචි.

    ReplyDelete
  2. “කූඩැල්ලන් සඳහා - ලුණු/ දෙහි හෝ වෙනත් සුදුසු දෙයක්“

    ඒ කිව්වෙ? එහේ ඉන්න කූඩැල්ලටන්ට පගාවක් දෙන්නත් ඕනෙද? :D

    ReplyDelete
  3. @ඉන්දරේ
    ඔව් උබ කියපු හින්දා මං ඒ පින්තුරයත් දම්මා ඔන්.... කිව්වා වගේ ගමන දුෂ්කර ඇත.

    කුඩැල්ලෝ
    ඔව් බන් හැමතැනම කුඩැල්ලෝ .. ලුණු දාපු ගමන් ඩයල් ‍ෆුල් කොට්‍රෝල් දඩ බඩ ගාලා බිමට බහිනවා ....

    ReplyDelete
  4. ඔක්කොම හොදයි කූඩැල්ලෝ තමා කේස් එක. අනික අර නැරඹිය හැකි දේවල් වලින් තුන් වැනියට තියෙන්නෙ මොකද්ද? මං නං ජීවීතේ​ට ගිහින් නැ!!

    ReplyDelete
  5. @බුද්දි
    අඩේ අකුරු වැරදිමක් ඒ ලක්ෂපාන ......

    ReplyDelete
  6. සිරීපාදෙ යනවනම් ලඟම පාර මේකද??කොහොම උනත් මරු ෆොටෝ ටික...

    ReplyDelete
  7. @රාජිත අනුරාධ
    දන්න තරමට සිරිපාදේ යන්න ලඟම හා ලේසිම පාර හැටන්

    ReplyDelete
  8. මැක්ස පිංතූර ටික :x

    ReplyDelete
  9. ඔක්කොමත් හරි.. අපේ 3වීල් එක 4වීල් කරගන්න එක තමා බැරි :D

    ReplyDelete
  10. අපිට තියෙන්නෙ 2වීල් එකක්.

    ReplyDelete
  11. ඔක්කොම හරි ඒත් fun විකුනන්න තියෙන තැන මොකද්ද කියලා නැහැ නේ. අපි යනකොට අරන් යන්න ඕනෙද?

    ReplyDelete
  12. Mr.Ekenma
    මාර ලස්සනයි අවට පරිසරය තව පින්තුර ඇත... FB වල දමා ඇත

    Kanishka | කණියා
    අයියෝ හරි ‍ලේසියි තව ස්පෙයාර් විල් එකක් දාගෙන යන්න :D

    Dinesh_Silva
    හි හි ... ඒ ලඟ කඩයක් තියේ .... මතක ඇතුව එකක් ගන්න ...හිකිස්

    ReplyDelete
  13. ඉස්තිරී පාර්ශවය සමඟ යා හැකි තැනක් ද? කොල්ලන් සඳහා පමණ ද?

    ReplyDelete
  14. @පැතුම්.....
    හැක හැක ..... ඔනෑම අයෙකුට යා හැක ... අප සමගත් ඉස්ත්‍රිරියෝ දෙන්නෙක් ගියා ....

    හැබැයි අපේ ෆන් එක ඔවුන් නිසා මොහොතකටවත් අවප්‍රමාණ වුයේ නැත ... හිකිස්

    ReplyDelete
  15. උඹ මාර්කටින් කරන්න පටන් ගත්තද මොනව උනත් වටින විස්තර ටික කීයක් හරි ඉල්ලල බලපන් මාර්කටින් වලට...... හික්ස්..

    ReplyDelete
  16. @Pasan

    හි හි ඔව් මට ගානක් එනවා හිකිස් .... ඊලඟ පාර අපිට නොමිලේ හිකිස්

    ReplyDelete
  17. මම ලක්ශපාන නම් ගියා... ගියහම නවතින තැන් තමා අවුල. මේක වටිනවා.
    නිවසක් කියන්නේ කී දෙනෙක්ට ඉන්න දෙනවද එකක ??

    ReplyDelete
  18. @පිස්සා පලාමල්ල
    එහෙම ගානක් නැහැ
    හට් #1
    කාමර එක - සින්ගල් ඇඳන් දෙකයි
    කාමර දෙක - සින්ගල් දෙකයි ඩබල් එකයි

    හට් #2
    කාමර එක - ඩබල් ඇදන් එකයි
    කාමර දෙක - සින්ගල් දෙකයි ඩබල් එකයි

    සෑම නිවසකම කුස්සියක් හා හැම කාමරයකටම නාන කාමරයක් ඇත

    ReplyDelete
  19. කෝකියෙක් ලැබෙනවද? නැත්නම් අපිටම ඉවුම් පෙහුම් කරන්න වෙනවද?

    ReplyDelete
  20. @Tharaka Weerasekara
    කැමති නම් අපිට උයාගන්න පුලුවන් ...

    නැත්නම් එහෙ කොකියෝ ඉන්නවා ... අපි නම් එයාලට කියලා උයා ගත්තා ...

    [ ඉස්පිරිතාලයක් අහල පහල නැහැ :D ]

    ReplyDelete
  21. එහෙනම් ඒ ගානට වටිනවා.

    ReplyDelete
  22. @පිස්සා
    හට් #1 == නිවස්න 1
    හට් #2 == නිවස්න 2

    ReplyDelete
  23. පව් අප්පා උඹලත් එක්ක අර ගිය ස්තිරී ප‍රාන දෙක....

    ReplyDelete
  24. මේ දවස්වල මට යනව බොරු...
    ආතල් වගෙයි...
    ලබන අවුරුද්දේ බලමු...

    ReplyDelete
  25. ෂා........... නියම පොට් එකක් නේ........ මරු මරු.....

    ReplyDelete
  26. නියම ප්ලේස් එක, මේ ගගේ නාන්න පුලුවන්ද?

    ReplyDelete
  27. @ඉන්දරේ: අපි යමුද බං ෆිසිං හට් එහෙනම්. ඇඩ්වෙන්චර් එකක් අරගෙන අවාරෙ සිරිපා කරුණාත් කරල එමු.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....