Wednesday, November 17, 2010

ලිපියකට වැඩි පාඨක සංඛ්‍යවක් ගෙන්වා ගැනීම

මේකයි අද කතාව ... අපි ලියන අලුත් ලිපියක් කොහොමද වැඩි පාඨක සංඛ්‍යවක් කරා රැගෙන යන්නේ. මෙතනදි වැඩි කමෙන්ට් ගානක් හෙවත් සටහන් ගානක් ලබා ගැනිමේ ක්‍රමය නම් දන්නේ නැහැ. හැබැයි වැඩි පාඨක සංඛ්‍යවක් අරගන්න පොඩි පොඩ් ඔත්තු ටිකක් දෙන්න පුලුවන්. මේවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

1 ක්‍රමය - බ්ලොග් කියවනයක් නැත්නම් සින්ඩියක් උපරිම ලෙස භාවිතය
මේක තමයි සිංහල කියවන අය අතරට යන්න තියන ලේසිම විදිහ. දැන් ඉස්සර වගේ නෙමෙයි සින්ඩි ‍දහයක් දොලහක් තියනවා. ඒ හැම එකක්ම අපි ලියන අලුත් ලිපි ලැයිස්තු ගතවෙනවා.මේවා හැම එකක්ම පැයකට සැරයක් අලුත් ලිපි හොයාගෙන අපේ බ්ලොග් වෙත එනවා. මෙන්න මෙතන තමයි අපි කල්පනා කාරී වෙන්න ඔනා. ඒ කියන්නේ මෙයාලා අපේ ලිපි හොයාගෙන එන වෙලාව. ඒක දැනගත්තහම අපිට පුලුවන් තීරණය කරන්න ලියපු ලිපිය කීයටද පබ්ලිෂ් කරන්න ඔනේ කියලා. මෙතනදී මතක තියාගන්න හැම තිස්සෙම පබ්ලිෂ් කරන වේලවා ඒ අදාල වෙලාවට මාරු කරන්න.

උදහරණයක් විදිහට මෙහෙයුම කරන්නේ 10.00 නම් සියලු අඩවි වලට ගොස් අලුත් ලිපි සොයා බැලීම 10.15 වෙන කොට ඉවරයි. බැරිවෙලාවත් ඔබ 10.20 ට අලුත් ලිපියක් දැම්මොත් අර 10.00 කරපු මෙහෙයුමට ඔබ අහුවෙන්නේ නැහැ. ඊලඟ ඔබව අහුවෙන්නේ 11.00 කරන එකට. හැබැයි ඒ වෙනකොට 10.20 න් පස්සේ ලියපු වෙනත් අලුත් ලිපි ගොඩාක් තියනවා. එවිට ඔබගේ ලිපිය ටිකක් විතර පහළට යනවා.

2. ක්‍රමය - ලිපි ලියන දවස හා වේලාව
සමන්‍යයෙන් සෙනසුරාද ඉරිද අලුත් ලිපි තියෙන්නේ 100 කට අඩු ගානක්. මෙදාට ලිපියක් ලියන එකේ වාසියක් තියනවා. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය වෙච්ච සින්ඩියක් තුල ලිපිය පහළට යන වේගය අඩුයි. ඒ හින්දා මේ දවස ලිපියක් ලියන එකේ විශාල වාසියක් තියනවා. හැබැයි මෙතනදී අපිට හමුවෙන්නේ වෙනස් පාඨකයන් පිරිසක්. ඒ කියන්නේ නිවාඩු දවස් වල විතරක් වැඩිපුර අන්තර්ජාලය යොදාගන්න පිරිස. වෙලාව ගැන නම් එතරම් පැහැදිලි විශ්ලේෂනයක් කරන්න බැහැ. ඒත් උදෑසන හා හවස් වරුව යෝග්‍යයයි සිතනවා.

3. ටුවිටර් / බස් / බුකි භාවිතය
සින්ඩියක ලැයිස්තු ගත වෙච්ච ගමන් කවදාවත් ඉහත සඳහන් කල තැන් වල ප්‍රචාරය කරන්න යන්න එපා. ඒක අවාසියි. මොකද ලිපිය උඩින්ම මේ තැන්වලත් තියනවා. එතකොට එකම පාඨක පිරිසක් මේ තැන් දෙකෙදිම මේක දකිනවා. ඒක අවාසියක්. යම් හෙයකින් සින්ඩියක පල්ලෙහාට හෝ සින්ඩියේ මුල්පිටුවෙන් ඉවත්ව ගිය විටෙක ඉහත ප්‍රචාරණ මාධ්‍ය යොදගන්න. මේ ඉහත සඳහන් කල ස්තාන තුනේ ඉන්නේ එකම යාලුවෝ අඩු වැඩි වශයෙන් සමානයි. මේවා තුල ඉදිරිපත් කරද්දිත් වෙනස් වෙලාවල් වල දානවා නම්, නොදැකපු ඇයට මේ පණිවුඩය ක්ෂනයෙන් දිස් වෙනවා. නැත්නම් තැන් තුනේම අපේ පණිවුඩය පහළට යනවා.

4.මාතෘකාව
ලිපියකට යොදන මාතෘකාවේ තියන ආකර්ෂනය ඉතාමත් වැදගත්. ඔබම දැකලා ඇති සමහර මතෘකා තියනවා ලිපිය රසවත් කියලා හිතෙන නමුත් ඇත්තටම අන්තර්ගතය තියෙන්නේ වෙන දෙයක් ගැන. ඒ වගේම සමහර මාතෘකා දැක්කාම යන්න කම්මැලියි. හැබැයි ගිහින් බලපුහාම තමයි, ආපූ එකා කොච්චර හොඳද කියලා හිතෙන්නේ.

5.අන්තර්ගතය
ඔය මොන ක්‍රමවේදය යොදාගත්තත් වැඩක් නැහැ අන්තර්ගතය දුර්වල නම්. ඒම නිසා පුලුවන් තරම් වෙනස් වූ දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ කීරිම තමයි හොඳම දේ. අන්තර්ගතය හොඳනම් ඔබ නොදන්නා අය පවා එම ලිපිය වෙනත් මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා.

ඉහතින් තියෙන්නේ අනුන්ට කරදයක් නැතිව තමුන්ටම කරගන්න  පුලුවන් පුංචි පුංචි ක්‍රම කිහිපයක්. සමහර විට කාලයත් එක්ක මේවා ප්‍රායෝගික නොවෙනන් පුලුවන් .... නමුත් වර්තමානයට සුදුසුයි කියලා හිතනවා. ඊට අමතරව කරන්න ඔනේ ගොඩක් දේවල් පොඩ්ඩක් ගුගුල් කරොත් හොයාගන්න බැරි වේනනේ නැහැ. මීට අමතරව මට විශය නොවුනු කාරනා තියෙන්න පුලුවන්.

27 comments:

Anonymous said...

ලිපියක් ලියලා දාලා බලපන් ලාංකීය බ්ලොග් කියවනයේ නම් ලියපු ගමන් පටස් ගා ලිපිය සිංඩියේ. මොක ලිවාත් උබේ ලිපිය ඇත්ත.

Kanishka | කණියා said...

හික්.. මේ ලිපියට කී‍ දෙනෙක් ආවද දන්නෑ නේද? :D මම නං ආවෙ මාතෘකාව නිසා :D

Dar[K] said...

හොද ලිපියක් වැප් අය්යේ !! බලමු මේව්වා එකක් දෙකක් කරා

said...

ඔය සති අන්තේ එක එච්චරම සාර්ථක නැහැ මන් හිතන විදිහට. මොකද ගොඩක් අය බ්ලොග් ලියන්නේ කියවන්නේ කාර්යාලයේ ඉඳලා ඒක නිසා. සින්ඩියේ තිබ්බට බලන පිරිස අඩුනම් ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපලයම ලැබෙයිද මන්දා

මයියා said...

හොද උපදෙස් ටික...ස්තුතියි තොරතුරු වලට

blog gadol said...

ම කියපු එක ඇත්ත.වැඩිපුර පාඨකයන් එන්නේ සතියේ දවස් වලටයි

තරිදු පමල් said...

වැදගත් ලිපියක්.. ස්තූතියි...

Kenny Dematagoda said...

ඉතාමත්ම හොද ලිපියක්. මේ වගේ දේවල් අනිත් අයත් එක්කලා බෙදා හදා ගන්න එක නම් බොහෝම වටිනා දෙයක්. ස්තුතියි ඔබට

Anonymous said...

මාර ලිපියක්. මැක්සා. දිගටම ලියන්ඩ..

Geeth | ගීත් said...

නියම අයිඩියා ටිකක්. !!!

Gaminda said...

එල එල. කොරල බලමුකෝ ෆේමොස් වෙන්න පුලුවන් වෙයිද කියල :D

බුද්ධි said...

"ම" කියන කතාව ඈත්ත කියලා මමත් හිතනවා.

ලාංකිය සිතිවිලි වල පටස් කලොත් අපි පෝස්ට් එක ලියන වෙලාව බලපාන්නෙ නෑ නේද?

ඔබ කියලා තියෙන පළමු කාරණා 3 නම් පොදුවෙ ගත්තම කාටත් වටිනවා.

වැප් said...

ඔව් සතියේ දවස් වල තමයි වැඩි පිරිසක් ඉන්නේ නමුත්............ මගේ අත් දැකිම් අනුව ........ ලිපි තුන හතරක් ඇරෙන්න අනික් ඔක්කොම ලියලා තියෙන්නේ සෙන හෝ ඉරිද ..... ඊට පස්සේ මං කරන්නේ සඳුදා බුකිය හා බස් හරහා ප්‍රචාරය කරනවා ........... සින්ඩි හා අනික් ප්‍රචාරන මාධය වෙනස් වෙලාවල් වල යොදාගන්න නිසා බොහෝ පිරිසකගේ අවධානයට ගන්න පුලුවන්

බුද්දි - ඔව් පටස් යොදාගත්තෝත් වාසියක් තියනවා ...... ඒ උනාත් හොදම දේ පටස් කිරිමත් මෙහෙයුම සිදුකලාට පස්සේ කරනවා නම් තමයි ...........

Kaniskha Dilshan said...

නියම ලිපිය...
නොදන්න දෙයක් ඉගෙන ගත්තා.
ස්තුතියි වැප් අයියා!

දයියා said...

හොඳ තොරතුරු ටිකක් ස්තුතියි.

පැතුම්..... said...

බ්ලොග් ලිව්වට කවදාවත් නොහිතපු පැති ටිකක්.. ස්තූතියි මලයෝ...

wath said...

තව හොද ක්‍රම තියෙනවා... අනිත් අය ලින දේවල් බලල. කමෙන්ටු ලියන එකත් හොදදෙයක්... එතකොට ඒ ලිපි අයිතිකාරය ඇවිත් බලනව කවුද මේ මොනද කරන්නේ කියල...

සහයෝගය වැඩි වෙන එකත් ඒ එක්කම සිද්ද වෙනවා කියල හිතෙනවා..

වැප් said...

@වත් - ඔව් එවාගේ ප්‍රසිද්ධ ක්‍රම නම් ගොඩක් තියනවා ........ ඒත් මං මෙතන කියන්න උත්සාහ කලේ අපේම ක්‍රම ටිකක් :D

සසීන්ද්‍ර වීරසිංහ said...

හිහ් හිහ් මමනං ඔහොමම තමයි කරන්නෙ, බ්ලොග් ලිපියක් ලියල ඵලකරන්න පස්මහ බැලුං බලන්න ඕනෙ :D

තිසර ප්‍රියංකර said...

කටිටිය ගෙන්නගන්නත් කපටි කම තියෙන්න ඕන නැද්ද පොඩි මල්ලී.... කියපන්කෝ කෙල්ලො ගොඩාක් අපි බලන්න ගෙන්න ගන්නෙ කොහොමද කියල

෴ හසියා ෴ said...

නියමයි වැප් අයියා.....නියම ලිපියක්....තැන්කූ හොදේ‍‍....

priyantha.ඒබී said...

වැදගත් තොරතුරු ටිකක්. මමත් ඉරිදට නම් වැඩි‍පුර හිට්ස් එන බවක් දැකනෑ. එත් එදාට සින්ඩිකේටර් වලට ලිපි වැටෙනවානම් අඩුයි.

දුකා said...

හොද ලිපියක්.
ස්තුතියි . . .!!

iSaman said...

Ummmm... balamu karala... :)

RanDil said...

සේරටම කලින් ගූගල් බස් නවත්වන්න ඕනේ. එතකොට කට්ටිය ආපහු එයි........

;D

වටිනා ලිපියක් ස්තුතිය වැප්..........

ජීවිතේමල් said...

හොඳ අදහස් ටිකක්... ස්තූති

රන්දිල් අක්කා... ++++1 තමා...:)

ස්වප්නා said...

මම දන්නෙ සින්ඩි 3ක් විතරයි නෙ :(
අනික් ටික කියන්නකෝ අපිටත් එකතු වෙන්න

Post a Comment