Saturday, November 27, 2010

කෑවේ නැති හෙලුවෙන් හිටපු ජාතියක්

ලඟ ලඟ එනවා සීතල උඳුවප් මහ. ඒ එක්කම වර්ෂයක අවසානය, නැවුම් අදහස් එකක් අලුත් වර්ෂයක උදාව. දෙසැම්බරය, නත්තල් සමය රටම උත්සව සිරියක් ගන්වන කාලයක්. මේ කාලෙට ලංකාවේ ඔක්කොටම නත්තල් තියනවා.  සෑම නගරයකම පෙට්ටි කඩ, පේමන්ට් කඩ බිහි වෙනවා. නගර තද බදය වැඩි වෙනවා. මිනිසුන් මොන මොනවාදෝ හොය හොයා හන්දි ගානේ දුවනවා. යනවා මලු පුරවා ගන්නවා එනවා. හරියට අර වැහි කාලෙට කලින් කූඹී කෑම රැස් කරනවා වගේ.

ඇඳුම්, හරියට මේච්චර කල් ඇන්දේ නැහැ වගේ ඇඳුම් කඩ වල සෙනග, හවුස් ඔෆ් ෆෑෂන් එක ලඟ පෝලිසිය දානවා සෙනග හසුරුවන්න. ෆැෂන් බග්, නෝලිමිට් වලට සෙනග ගන්නේ කඩින් කඩ. මිනිස්සු පෝලිමේ බලං ඉන්නවා ඇතුලට යන්න, සමහර වෙළඳ සල් සඳහා උදෑසන සිට ගොස් පෝලිම් අල්ලගෙන. කොළඔට තදා සන්න නගර වෙච්ච නුගේගෙඩ, බොරැල්ල, වත්තල හා කිරිබත්ගොඩ ඇඳුම් වලින් පීරි ඉතීරි යනවා. හුස්ම ගන්න බැරිවෙන තරමට වත්තල, කිරිබත්ගොඩ කැන්ඩි එකේ සෙනග හින්දා දැන් කඩවතත් අලුත් එකක් විවෘත කරලා.
කිරිබත්ගොඩ තිලකවර්ධනය, අනුෂා මෙහෙමා, ගැමා හා නිමාලි බලං ඉන්නවා ඇඳුම් නැති අය එනකල්. සීඅයිබි සොපින් කියන්නේ තවත් ඇදුම් කඩයක්. තව ඇති ඕන තරම් මේ මං දන්න ප්‍රසිද්ධ ඒවවා. ආ අමතක උනා මාතර කොටුවේ කඩේ මේ වගේම වෙන්ට ඇති.

කෑම, කිව්ව ගමන් මතක් වෙන්නේ වාසනා කේක්, පුන්නක්කු කේක් කියලත් කියනවා. මං හිතන්නේ මේ කේක් ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. කඩේ පොඩියි බිස්නස් ගොඩයි. සෙනග ඉන්නේ පාර දිගට කේක් ගන්න. ගාන අඩුයි. මට නම් රහ පොල් කේක් එක විතරයි. අවුරුද්දක් පුරවාට සල්ලි පස්සේ දුවලා දුවලා අප්‍රයෙල් වලටයි දෙසැම්බරයටයි ඒ සල්ලි වියදම් කරන ක්‍රමය තමයි ශොපින් කරන එක. මේ කාලයට සුපිරි වෙළද සැල් වලටත් කල්ල මරේ.

ගොඩාක් වෙලාවට මං දැකලා තියනවා නෝනලා තෝරනවා ඇඳුම්, මහත්වරු පැත්තක් ගහගෙන වාඩියක් දාගෙන ඉන්නවා. පොඩි එවුන් හෙම්බත් වෙලා මලානික වෙලා. අද ඇඳුම් ටික ගත්තා කියමු. බිල් ගෙවන්න දඩ පෝලිමක ඉන්නවා, ටිකක් එහායින් ඊටත් වඩා දඩ පෝලිමක් ඇති. පොඩ්ඩක් විපරම් කලෝත් ඒ තියෙන්නේ මාරු කරන පෝලිම. මහලෝකුවට පොර කාලා අරං ගියාට අයෙත් එනවා පහුවදාට ගැලපෙන්නේ නැති හින්දා. මොකක් හරි ලාබයක් තිබුණා නම් ඉතින් ලාබේ සුන් තමයි ආයිත් මාරු කරන්න ආවොත්.

හැබැයි මාත් ඕවාට පොඩ්ඩක් රිංගලා උඩු මහලට ගිහින් පොඩ්ඩක් බලං ඉන්නවා මේ වෙන විපර්යාසය මොකක්ද කියලා :D

වැප්

12 comments:

සෝරෝ said...

ඔය අපේ රටේ මිනිස්සුන්ගේ හැටි බං.. අතේ සතේ නෑ කිය කිය ඉන්නේ ඒ වුනාට මේ වගේ වෙලාවට තමයි ඔය හැංගිච්ච සල්ලි එලියට එන්නේ..

ඒ වගේම තමයි කන්න බොන්න සල්ලි නෑ කිවුවට යන්නෙ එන්නේ ප්‍රාඩෝ, බෙන්ස් වලින්...

ඔහොම තමයි මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ.....

(උඹ මොනවද ඈදුම් ගන්නේ නැත්තන් ඕවා අස්සේ කොරන්නේ...)

ස්වප්නා said...

අනේද කියන්නෙ... නරලොව හොල්මන් කියන්නෙ ඔව්වට තමා !!

පිස්සා පලාමල්ල said...

අනේ මන්ද බොල... ඔය රැල්ලට නේ අපේ කට්ටිය වැඩ කරන්නේ. අවුරුද්ද... නත්තල් කියන්නේ රැල්ලට බඩු ගන්න කාලේ නේ. ඇති අඩුවක් නම් නැහ ඒ උනාට... ඒ කාලේට ගාන වැඩිද මන්ද...

රැල්ලට වැඩ කොරන්න අපි තරම් ජාතියක් හික් හික්

තිස්ස දොඩන්ගොඩ said...

හනේ අප්පේ... පමුණුව පැත්තෙත් එහෙමයි...!!
කේන්තිත් යනවා... පස්සේ දුකත් හිතෙනවා...
ඔය බෝනස් එකකින් හරි උස්සව අත්තිකාරමකින් හරි මොනවාහරි විසේස දෙයක් ගන්ට වෙන්ටෑති මලේ...
අලුත් පන්තිවලට ලමයින්ට බෑග්, මේස්, බැනියං ඔය වාගේ එව්වත් ඕනෑනේ....
ආණ්ඩුවේ රස්සාවක් කල හින්දා මාත් දන්නවා රෝල ගෙනියනකොට තියෙන අමාරුකං, පවුලක් නඩත්තු කරන කොට...
ආ... තෑගි දෙන්ටත් එපායෑ..!!!

බුද්ධි said...

බඩට නැති උනත් ලුණු කැද
ඈඟට ඕනැමයි විල්ලුද
ඒකයි ඉහලම සන්තොසෙ ඕයි
(දීපාල් සිල්වා )


-ඒවයින් වැඩක් නෑ. උඔ බ්ලොග් එකේ කඩවල්වල ඈඩ්දාන්න උන්ගෙන් කීය ගානෙ එක්කහු කලාද බං. හැබැයි මොනා උනත් සීසනල් බිසිනස් එක උඔ පටන් ගත්තෙ.

kolu said...

අවුරුද්දට දුක් විදලා අලුතෙන් ඇදුම් ගැනීම පමණක් නොවෙයී, ලමයී වැදීමද, ලමයී හැදීමද පලක් නැති, කරදර කාරී දෙයක්. බ්ලෝග් ලිවීමත් පලක් නෑ. සින්දු ඇහීමත් පලක් නැහැ. නමුත් මේ පලක් නැති දේ නිසා තමයී ජීවිතය රසවත් වන්නේ.

wath said...

මාතර කොටුවෙ කඩේ.... වැපා කොහෙද එහෙ.... බොරු ඕනෙ නැහැනෙ මාතර කොටුවෙ කඩේ නම් එහෙමට සෙනඟක් නැහැ.ඔන්න දැන් කියන්න එපා මාතර ඉන්නේ ඇදුම් අදින්නෙ නැති අය කියල..

අභීත said...

අර පොඩි කුමාරිහාමිට ඇප්ලිකේෂන් එකක් දාපන්.... එතකොට තේරෙයි යස අගේට....

Pasan said...

උඹ උඩමහලට වෙලා බලන් ඉන්න විපර්යාසය මොකක්ද බං..:-D

..::| පොජ්ජේ |::.. said...

මොනවා කියන්නද බන්.මෙව්ව දකිනකොට ෆිස්සු බම්ප් වෙනවා... ඔව්වට තමයි කියන්නේ
ලෝකෙට පරකාසේ
ගෙදරට මරගාතේ
කියලා....

raala said...

අනේ මන්ද අෆ්ෆ
මේ විදිහට රැල්ලට මිනිස්සු රටට සේවයක් කොරන්ටත් මාසයක් දෙකක් තිබ්බ නම් පංකාදුයි නේද.

අනුරාධ said...

මතකද කැන්ඩි එකේ...හික් හික්....

Post a Comment