Sunday, November 28, 2010

ශත පනහට හෝල්ට් 4ක් පයින්

මේ කියන කාලේ, එකදාස් නමසිය බර ගන්න වල, අපේ ගෙදර සීත පෙට්ටියක් තිබුණේ නැහැ. [ දැන් නම් ඉතින් විදුලි බිලට ඒකක 50 ක් එකතු කරන එක විතරයි ඒකෙන් ගන්න එකම වැඩේ ] අහල පහලටම තිබුණේ එකම එක ගෙදරකයි. ඒ ගෙදර තියනවා විකුනන්න ඉරට්ට ගහපු අයිස් කැට. අයිස් කට කිව්වේ ඇත්තටම ඒවවා අයිස් කැට තමයි. බොරුවට දිවුල් හරි අන්නාසි හරි කියලා තමයි කියන්නේ. ඔයින් එකක් සත පනහයි. අඬලා අඬලා කොහොම හරි සත පනහක් ඉල්ලගෙන ගෙදරින් මේ අයිස් කැටයක් ගෙනත් කනවා. පුදුමේ කියන්නේ සුටුස් ගාලා මේක ඉවර වෙනවා. හැබැයි ඉරට්ට ඉතුරු වෙනවා. කාපු අය දන්නවා ඇති ඉරට්ට කොච්චර රහද කියලා. අම්බෝ එහෙමත් රහක්. පොල් ඉරට්ටක් කියලා කියන්නවත් බැහැ. පැණිම පැනි රහයි.

ඔය කියන කාලේම තමයි මං පන්තියකට ගියා ටිකක් විතර ඈත. නමින් කිව්වොත් සභාව පාරේ. බස් එකේ යන්න ඔනේ. මට මතක හැටියට සති අන්ත දවසක තමයි තිබුණේ. අහල පහල එවුනුත් එක්ක කොහොම හරි අපි පහක් විතර මේ පන්තියට යනවා. ගෙදරින් දෙන්නේ රුපියලයි. ඇයි බන් ඉස්සර භාග ටිකට් අවම ගාස්තුව සත පහනයි නොවැ. යන්න සත පනහයි එන්න සත පනහයි. එහෙමත් කාලයක්. දැන් ඉතින් සතපනහට පොල් ටොපියක් වත් නැහැ නොවැ. අම්මා රුපියල මගේ අතේ තියන්නේ පුතේ උභ අදත් අයිස් පැකට් එකක් කාපන් කියලා වගේ මට ඒ කාලේ හිතුනා. ඔය කියන ඉස්සර කාලෙත් අයිස් පැකට් එකක් රුපියලයි. දැන් නම් හුඟ කාලෙකින් කෑවේ නැහැ. පන්ති යන අනික් උනුත් අයිස් පැකට් පප්පෝ. කට්ටිය කතා වෙනවා දැන් බස් එකේ ගියොත් හවහට අයිස් පැකට් කන්න වෙන්නේ නැහැ. ඉතින් මොකෝ සෙට් එකම පයින් අදිනවා පන්තියට. යනකොට හොඳටම පරක්කු වෙලා පන්තිය පටන් අරං. අවුලක් නැහැ සෙට් එකම ඉන්න හින්දා සර් සුපුරුදු ප්‍රශ්ණය උනූ කොච්චි පරක්කුද අහන එක ඇහුනු නෑහුනු ගානට ගිහින් [අන්තිම පැත්තෙන්] මුල්ම පේලියේ ඉඳගන්නවා. අයිස් පැකට් මෙහෙයුමේ මුල් අදියර  ඉවරයි. දැන් ඉතින් ඇඟලි ගැන ගැන ඔරලෝසුව දිහා බලං ඉන්නවා පැය එකාහමාරක් ඉවර වෙනකල්. මේ වෙලාවට තමයි හිතෙන්නේ ඔරලෝසු කට්ට කරකවන්න.

කොහොමින් කොහොමින් හරි පන්තිය ඉවර වෙලා දෙවෙනි මෙහෙයුම උනු නැවත බස් [ ගුගුල් බස් නෙමෙයි ඕන්] නැතුව පයින් එමේ ඔපරේෂන් එක පටාන් ගන්නවා. වැඩිය නැහැ හෝල්ට් හතරක් විතර වගේ තියෙන්නේ. කට්ටිය එක්ක, එදා උගන්නපු පාඩම් ගැන අවබෝදයෙන් කතා කර කර දැනුම් සාගරයක ගිලි ගිලී එන හින්දා කකුල් දෙකට අමාරුවක් නැහැ. මොකද පුරුදු නැති වැඩක් යෑ පයින් යන එක. දැනුත් කිලෝමිටරයකට වඩා  පයින් යන මට :D

අපේ ගෙවල් පාරට හැරෙන තැනට කලියෙන් ඔපරේෂන් එක ඉවරයි. මොකද හන්දියෙන් තමයි අයිස් පැකට් එක ගන්නේ. හරියට  ගේවල් ගාවට එනකොට අයිස් පැකට් එක ඉවරයි. ගෙදර මිනිස්සු දැන ගන්න ඔනයෑ අපි එක්සසයිස් එකට පයින් යනවා කියලා. ඔය වැඩේ මට මතක විදිහට අවුරුද්දක් විතර උනා. කොහොමින් හරි ඒ පන්තියේ සර් හරියට උගන්වන්නේ නැහැ කියලා අපේ සෙට් එකට තේරුනු දාට පහුවෙනිදා ඉඳන් අපි ඒ පන්තිය වර්ජනය කලා. පස්සේ කාලෙක නම් ගෙවල් වලින් දැන ගත්තා මුන් ටික පයින් තමයි යන්නේ එන්නේ කියලා. මොකද වාර විභාග වලින් අන්ජනම් එලි බලනවා වගේ එව්වා පේන්න පටන් ගන්නවා නොවැ.


මෙච්චර පල් හැලි ලියන්න ඕනේ නැහැ. රුපියලේ අයිස් පැකට් කන්න තියන ලෝබ කම හින්දා හෝල්ට් 4 ක් පයින් ගියා කිව්වා නම් මේ ලිපිය වක්‍ය දෙකෙන් ඉවරයි. නැද්ද මං අහන්නේ ?

වැප්

26 comments:

අභීත said...

මුගෙ දැන් තියෙන කෑදර කම පොඩි කාලෙ ඉදන්ම ආපු එකක්....

මාරයාගේ හෝරාව said...

මෙම ලිපියෙන් අපහට කරුණු දෙකක් ඉස්මතු කරවා පෙන්වනු ලබයි..

1) අභීත කියූවෙ ඉන් එකකි...
අනික...

2) ඒ දිනවල බස්වල නොගිහින් පයින් ඇදීමෙ ක්‍රියාවලිය නිසා අතපසු වූ බසයේ යෑමෙ රික්තකය සම්පූර්ණ කර ගැනීම සඳහා දැන් මෙකා ගූගල් බස්වල නිතර එහෙ මෙහෙ යන වගයි...

හිහ් හිහ්..බස්පියා නාමධාරී වැප්ට අපගේ ආචාරය...

sameerausa said...

අර ඉරට්ටේ රස නම් අප්පා කියල වැඩක් නෑ..

Anonymous said...

Happo bus eke bage ticket eka satha thunatath thibuna .Satha thune langama ticket ekak thawama mage langa thiyanawa.

Sachin said...

මොනා උනත් හොඳ මවුබිමට ආදරේ කරන කොල්ලෙක්

blog gadol said...

ha ha ...well said Abheetha :D

බුද්ධි said...

උඩ පැනලා බලහං, සද්දයක් ඈහෙනවද කියලා පිට කොන්ද පැත්තෙන්.
මොකද අපේ මාම කෙනෙක් නං කිව්වෙ, ඒකාලේ අපි අයිස් පැකට් කන විදිහට ටික දවසකින් වකුගඩු දෙක කඩං වැටෙනවා සුවර් කියලා. උඔත් ඒ ජාතියෙ හින්දා උඹෙත් ගැලවිලා වැටිලද දන්නැ.

ඔය ඉරට්ට සූප්පලා අන්තිමට ඒක පතුරු ගැහෙනකං හප කරන්නත් අපි නං ඒකාලේ අමතක කොලේ නැ......

nan said...

nice one vap....keep up

ගයාන් තාරක said...

ඒකනං හැබෑව මාරයියේ. ඒකාලේ බස් එකේ නොගියපු ටික කවර් කරන්න ගිහින් නේන්නං බස්පියා සම්මානේ මේකා අරගත්තේ.

ඉලංදාරියා said...

හේ හේ ..අයිස් පෑකට්....අවුරුදු ගානකින් මාත් කාලා නෑ නොවෑ..

ඔහොම තමා කොල්ලන්ගේ වෑඩ..

නිශ් said...

ඔය ඇනුම් පද කියන උන් පන්ති ඇරිල ගෙඩර එන ගමන් අයිස් පැකට්ටෙකක් කන එක ආතල් එක දන්නෙ නැද්ද කොහොද බන්

udaya.jayawardhana said...

ඈ... මේ වැපා මගේ කතාව ලියලා වගේ. හෙහ් හෙහ්.....
මේ ලඟකදි පරණ ස්කෝලෙ යාළුවො ටිකක් සෙට් වුන වෙලාවක අපි ඔය ටියුෂන් පංති ගිය එක ගැන කතා කලා, බලනකොට මම එක පංතියකින් දෙකකින් ඇරෙන්න අනිත් පංති වලින් ඉගෙනගත්ත දෙයක් නෑ. ගිහින් තියෙන්නෙ ඇවිදින්න තියෙන ඕනිකමට, අයිස් පැකට් සූප්පුකරන්න වගේ එකී මෙකී නොකී දහසකුත් එකක් වැඩ වලට කියල තේරුණාම මටම පුදුම හිතුනා..... :D

RanDil said...

මම නං දැනුත් ඉඳ හිටලා අයිස් පැකට් එකක රස බලනවා. සමහරවිට සෙනසුරාදාට වැඩ ඇරිලා කෝච්චියේ යන්න වෙනවා. කෝච්චියෙන් බැහැලා ත්‍රී වීල් එකකින් රු. 50ක දුරක් යන්න තියෙනවා. ඉස්සර වගේ නෙමෙයිනේ දැන් ටික ටික ලෝභකම් පහල වෙන කාලෙනේ. රු. 50ට බබාට මොනවා හරි අරං, රු. 5කට අයිස් පැකට් එකක් අරං කමින් හිමින් හිමින් ගෙදරට යනවා. ආ කියන්න බැරි වුනා දැන් රු.1ට අයිස් පැකට් නැහැ. එව්වා දැන් රු. 5යි.

priyantha.ඒබී said...

" රුපියලේ අයිස් පැකට් කන්න තියන ලෝබ කම හින්දා හෝල්ට් 4 ක් පයින් ගියා කිව්වා නම් මේ ලිපිය වක්‍ය දෙකෙන් ඉවරයි."
ලෝබකම නෙවේ බන් පෙරේත කම.....
අපිනම් අයින් ගිහින් අයිස් පැකට් කෑවේ දවසක් හැර දවසක්
ඉතුරු දවසේ ගල්සියඹලා..වෙරළු...

priyantha.ඒබී said...

@ RanDil
තාම අයිස් පැකට් තියනවද? හොයල ගන්න ඕන...
රු 5ක් නෙවේ 10ක් උනත් තන්නම ඕන...

අයිස් පැකට් said...

අයිස් පැකට් දැන්නම් ඉතින් ඔව්වට පොඩ්ඩක් ඩයි ටිකකුයි සිනි ටිකකුයි දලා විකුනන එකනේ කරන්නෙ ඔව රස නැ

අනුරාධ said...

රුපියලේ අයිස් පැකට් කන්න තියන ලෝබ කම හින්දා හෝල්ට් 4 ක් පයින් ගියා කිව්වා නම් අපේ වටිනා කාලෙ මොන ත‍රම් ඉතුරු වෙනවද......

Uthpala Nagahawatte said...

ඇත්තටම ලස්සනයි මටත් මම පොඩි කාලේ තාත්තට හොරෙන් ඉස්කොලේ ගාවට එන පොප්සිකල්කාරයාගෙන් පොප්සිකල් කන්න විදපු දුක මතක් වුනා.මොනවා වුනත් වැප් අයියා අද වගේම එදත් කෑමට පෙරේත බව නම් පෙනුනා :D :D :D :P

Gaminda said...

හික්ස්. සභාව පාරෙ ඉඳන් ඔයාලගෙ ගෙදරට මහ දුරක් වගේනෙ කථාව කිව්වෙ ? :පී

Kaniskha Dilshan said...

බලාගෙන ගියාම හැමෝගෙම පොඩිකාලෙ එකම වගෙයිද කොහෙද...

prasanna86k said...

හප්පේ තියෙන පෙරේත කම. තාමත් එහෙම වෙන්න ඇති නේද? වැපාට කියන්න මාත් ඔහොමම කලානේ. බීම පැකට් කන්න නෙම්, මොනද මන්දා අමුතු අයිටම් එකක් කන්න. පැනි මැද්දට දාලා වටේට පෑන් කේක් එක වගේ ඔතාල. අම්මෝ ඒකෙ රහ. මම නම් ඉතිං වැප් තරං පයින් ආවේ නෑ. කිලෝ මීටර් 4ක් විතර තමා ඕං. හෝල්ට් නං කීයක් තියෙනවද මන්දා?

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

මං දන්නෑ උඹලෑපැත්තේ තිබ්බද කියලා. ඒත් අපේ පැත්තේ නම් අයිස් යෝගට් කවලං පැකට් ජාතියක් තිබ්බා. ඒකනං පට්ට රහයි බං. අයිස් පැකට් නං මට දිරවන්නේ නෑ. 6 වසරේදී යෝගට් පැකට් එක රැ 2යි. 7 දී 3යි. 8 දි 5යි. ඊට පස්සේ ඒක කන එකත් නැවැත්තුවා බං...
බස් පියතුමණි, එක එකා කී පලියට බස්යාම උඹ නවත්තන්න එපා. සැමදා අපි ඔබ සමගයි... :)

Ranga said...

මමත් ඔය වැඩේ ඔහොමම කරල තියෙනව. හැබැයි, බස් ගාස්තු වලින් නෙමේ. ගෙදරින් පන්ති යන්න සල්ලි දුන්නට අපි ඇත්තටම පන්ති යනවද කියල බලන්න අම්මල තාත්තල එනවද? හි හි

nawammawatha said...

හපොයි මෙහෙම බඩජාරියෙක්. කකුල් කෙටි දෙක ගෙවුනෙ නැතෙයි ඔය අයිස් පැකට් වැඩෙන්?

Ansh Lucky Sri Jay said...

තියෙන බඩජහරි කම, වෙන මොකක්වත් නෙමෙයි..
:D

Anonymous said...

"හික්ස්. සභාව පාරෙ ඉඳන් ඔයාලගෙ ගෙදරට මහ දුරක් වගේනෙ කථාව කිව්වෙ ? :පී "

පී ? mona huththakda e ?

Post a Comment