Friday, April 15, 2011

නහ බලය - බල ශක්ති අර්බුදයට විසඳුමක්

වර්තමානය වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි ඇත්තේ සමාජ බියකි. ඒ හේතුව නිසා ලෝකයේ කිසිඳු රටක අලුතෙන් න්‍යෂ්ටික බලාගාර  ඉදිකිරිමක් අනාගතයේදි සිදු නොවනු ඇත. බල ශක්ති ප්‍රභව අතර ස්භාවික භාවිතය දැන් දැන් ක්ෂය වෙමින් යයි. එහෙයින් විකල්ප බල ශක්ති ප්‍රභව දෙසට විද්වතුන්ගේ දෑස් යොමුව ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීක විද්‍යාඥ්ඥයින් පිරිසක් නව බල ශක්ති ප්‍රභවයක් පිළිබඳ මේ දින වල පරික්ෂණ සිදුකරමින් පවතියි. තමාට අවැසි බල ශක්තිය තමා නිපදවා ගැනිම නොහොත් "ස්වශක්තිකරණය" නමින් හැඳින් වෙන මෙම නව සංකල්පය පිළිබඳ ඔවුන් දැඩි විශ්වාසයක් තබා ඇත.

වර්තමානයේ බොහෝ මිනිසෙකුම පාහේ ජංගම දුරකතනයක්, අත් ඔරලෝසුවක් හෝ පරිගනකයක් භාවිත කරයි. දැනට   මේ සඳහා බලශක්තිය ලබා ගන්නේ රටක ප්‍රධාන විද්‍යුත් ධහරාවෙනි. නමුත් නහ බලය භාවිතයට ගෙන ස්වශක්තිකරණයට ලක්වූ ජනයාට එසේ විදුලි බිලක් ගෙවා මුදලට විදුලිය ලබා ගැනිමට උවමනා නොවනු ඇත. ඉතා සාර්තක ක්‍රමයක් ලෙස දැනටමත් පරික්ෂන මට්ටමේ ඇති මෙම ක්‍රමයේ ප්‍රධාන බල ශක්ති ප්‍රබය වනුයේ අපේ නාසයයි. මිනිසා උපන්දා සිට ‍නාසය හරහා හුස්ම ගැනිමේදි වායු ධහරාවක් එහා මෙහා යයි. මෙම ක්‍රියාවලිය උපයෝගිත්වයෙන් විදුලිය නිපදාවා ගැනිම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.

මේ ගැන අදහස් දක්වමින්, මෙම ව්‍යපෘතිය භාරව සිටින මහාචාර්යය විපුල සිරිසේන මහතා පවසා සිටියේ, නුදුරු අනාගතයේ ඇති වන බල ශක්ති අර්බුදයට නියම විසඳුම මෙය බවත්, පැති කිහිපයකින් මෙම ක්‍රමය අති සාර්ථක බවත්ය. පරිසර හිතකාමි, කවුරුන් හෝ මත යෑපිමකින් තොරව නිකරුනේ අපතේ යන බල ශක්ති ප්‍රබයක් මෙලෙස ප්‍රයෝජනයට ගෙන ස්වශක්තිකරණය මෙහි ඇති විශේෂතා ලෙස ඔහු තව දුරටත් පැවසුවේය. දැනටමත් බොහෝ තරුණ‍යින් නාසයට පලඳනාවන් හෙවත් කරාබු භාවිත කරයි. එයට වටිනා කමක් එකතු කරමින් නහ බල උපකරණයක් සවිකර ගැනිම තමාගේ මුහුණට අලංකාරය මෙන්ම බලශක්ති වාසියක්ද එක් කරයි.

බොහෝ විට මෙම නහ බල උපකරණයක් ග්‍රෑම් පහක් හෝ හයක් වන අතර එය නහයට අනවශ්‍ය බරක් නොවනු ඇත. ශරිරයට හිතකර සමාන්‍යය සුලං මෝලක ක්‍රියාකරිත්වය පදනම් කර ගෙන නිපදවා ඇති නිසා මෙහි තාක්ෂණික බැරෑරුම් බවක් ද නැත.  ලබන වසර අග වන විට වානිජ මට්ටමින් මෙම උපකරණ නිපදවිමට දැනටමත් මූලික අඩිතාලම දාම ඇති බවත් රජයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලැබි ඇති බවත් මහාචාර්ය වරයා වැඩි දුරටත් අප සමග පැවසීය.


වැප්

29 comments:

  1. හුටා....... ඉස්සරහට නහය විදින්නම වෙයි වගේ නේද... :D

    ReplyDelete
  2. අලේ නහය විදල කෝමද.........

    ReplyDelete
  3. මලා.. නහයට හරි වගේ :P

    ReplyDelete
  4. දැන් ඉතින් නහයත් විදිමු ..........:D

    ReplyDelete
  5. දවස් 14 ක් පරක්කු වෙලා දාපු ලියමනක්..?

    ReplyDelete
  6. හොටු හූරන කොට ඇතිවිය හැකි පවර්-සර්ජ් වලින් භාවිතාකරන විදුලි උපකරන බේරා ගැනීමට සර්ජ්-ප්‍රොටෙක්ට්රස් භාවිතා කිරීමට ද සිදුවෙනු ඇත.

    කිවිසුම් ඇරීම සපුරා තහනම් ය.

    ReplyDelete
  7. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  8. @පූසා - ඈ නෙමෙයි ලැහැස්ති වෙන්න දැන් නහය විදින්ට

    @සෝරෝ - අනිවා ඩෙෆා මේක නීතියක් විදිහට සම්මත වෙනවා

    @සිරකරු - අලේ නහය නෙමෙයි සහෝ ඔයාගේ නහය

    @හසි - නහයට හරි වගේද ස්වශක්තිකරණය , විදුලි බිල

    @ශාමින්ද - දැන් නෙමෙයි තව අවුරුද්දකින් විතර විදිමු

    @තිස්ස පුතා - නහය විදිනකොට බලමු කාගෙද දවස් මාරු උනේ කියලා

    ReplyDelete
  9. @කතාන්දර - මේම උපකරණයත් සමග අතුරු නිශ්පාදන මෙන්ම වක්‍ර රැකිය උත්පදානයක් වි රැකියා ප්‍රශ්නයටද විසදමුක් ලැබෙනවා

    ඒවගේම ඔබටත් ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් වේවා !!!!!!!!!!!

    ReplyDelete
  10. අඩේ එහෙනං හචිං වැඩියෙන් යන දවසට අතිරික්ත විදුලිය විකුණන්නත් ඇහැකි.. :D

    ReplyDelete
  11. මේ .... මේ වගෙ වියත් ලොකු ලිපි දානකොට , මූලාශ්‍රය සඳන කලා නම් තමා හරි... දෑන් ඔය මහාචාරිය අන්කල් වෑපා එක්ක සම්මුඛ සාකච්ඡාවක් කලා නම් වෙන්න බෑනෙ....

    හූ හූ... හී හී......

    අලේ වෑපෝ.. හාපෝ මෙහෙමත් බේගල් රාජයෙක්.. හිකිස්...

    ReplyDelete
  12. පස්ස පැත්තට එකක් හයි කොරගන්න බැරිද ?

    ReplyDelete
  13. මෙක බොරුද ඇත්තද??
    බොරුනන් නහය විදපු අය ලනු දාගන්න...

    ReplyDelete
  14. මෙවැනි විද්වත් ලිපියකට කරුණු දැක්වීමට තරම් මා විද්වතෙකු නොවෙන නිසා මා කරුණු දැක්වීමෙන් වැලකී සිටිමි....

    ReplyDelete
  15. නහ බලයෙන් විදුලි බලය... නරක නෑ අදහස නම්... වැපෝ, උඹට පීනසද ?

    ReplyDelete
  16. :-o :-o :-o මහාචාර්ය වැප් ගේ නිර්මාණයක් ද ? :P

    ReplyDelete
  17. අනේ මන්දා මූව ආණ්ඩුවෙ ඇමති කමකටවත් ගයිද දන්නෙ නෑ මේවා දැකල

    ReplyDelete
  18. ෂුවර් විද්වතෙක්ගේ බ්ලොග් එකක් හැක් කරලා... :D

    ReplyDelete
  19. ඕවට අහුවෙයි මම නම් ... අද කියයි නහය විදින්න කියලා .. හෙට ?

    ReplyDelete
  20. මේක හොද වස්තු බීජයක් තව තව නිර්මාණ කරන්න.. ඔය නහනේ.. තව තැන් කීයක්නම් ඇත්ද අපේ ඇඟේ බලාගාර ගහන්ට.. හික්.. කියන්ටත් ලැජ්ජයි.. සමහර එව්වයෙන්නම් උදේට විතරයි කරන්ට් එක ගන්ට ඇහැකි.. බඩේ රුජාවක් වගෙ හැදුනොත් නම් දවසම ගතහැකි..
    එතකොට සමහර එව්වායින් රෑට විතරයි.. ඒත් ටික වෙලාවකට.. මෙහෙමයි අලුත බැඳපු ජෝඩු වලට වගෙනම් ගමටම ලයිට් දුන්නහැකි..
    අනේ වැපෝ උඹ ඔව්වයින් මොකක් හරි හයි කරගත්ත දවසට අපෙ ගෙදරටත් කේබල් එකක් ඇදපන්...

    (මේකත් නිකන් අර ටකේ කතාව වගේ.. දන්නො දනිති ටකේ කවිය.. හික්..)

    ReplyDelete
  21. @..ChAnDiKa..
    මෙහෙමයි මේකත් එක්ක දෙනවලු තව බැටරියක් ...ඒකට අතිරික්ත විදුලිය තැන්පත් කරන්න ඇහැකිලු

    @ජීවිතේමල්
    බේගල් නෙමෙයි බොල ... දැන්මම නහය විද ගන්ට

    @Thusitha Jayasinghe
    අන්න හරි බොරු නම් ලණුව ඇත්ත නම් නහබලය

    @Pasan
    විද්වතෙක් නොවුනට කමක් නැහැ නහය විද ගන්ට

    @දුමී
    පීනසය තියන අයට පීනස්බල උපකරණයකුත් ‍නොමිලේ දෙනවා

    @පබලු
    නැහැ නැහැ මේක මහාචාර්යය විපුල සිරිසේන මහතා ඇතුලු කණ්ඩායමේ අප්‍රතිහත ධෙරයෙන් හොයාගත්ත දෙයක්

    @නිශ්
    ඇමති කමක් නෙමෙයි මට ජනමාධය හැඳුනුම් පතක් දෙනවා කිව්වා

    @සුදු හංසි
    බොරු නෙමෙයි හංසියෝ නහය විදගන්ට දැම්ම

    @හිස් අහස
    අද නහය විද්දා හෙට ඉදන් ලැප නහ බලයෙන් :DDDD

    @සුදර්ශන බංඩාර හේරත්
    අන්න දැක්කද ලෝක්කට විතරයි තේරුනේ ... අතුරු යෝජනාක්‍රම ගොඩක් තියනවා මේ සම්බන්දිත :DDDD

    ReplyDelete
  22. @සුදර්ශන

    මචෝ ටකේ කතාව මන් දන්නේ නැහැනේ ..මෙතන කමෙන්ට් කරලා මකලා දාන්න මට මෙයිල් එක එනවා

    ReplyDelete
  23. අ‍ා තව පුළුවන් වැඩ සෑහෙන්න තියේ..ඕනනං ජීවවායුව මගින් ලාම්පු පත්තු කොරන්ට හෙම

    ReplyDelete
  24. මොකක් හරි කමක් නැ රටට හොදක් වෙනවනම්

    ReplyDelete
  25. නහන වැඩක්ද, නැහෙන වැඩක්ද?

    ජපානෙ න්‍යෂ්ටික බලාගාරෙට කෙළවෙන්න දශක ගානකට කලින්නෙ අපේ න්‍යෂ්ටියටම කෙළ උනේ!

    අනික නහයට උඩිං ගලල තීන අපිට මොන විකල්ප බලශක්තිද? ණය දෙනකල් සැප තමා!!

    ReplyDelete
  26. අම්මප මටනං හොඳටම පීනස. ඉතිං හැම තිස්සෙම වැඩ කරෙන්නෙ නාස් පුඩු දෙකෙන් එකයි, අනිත් එක ගොඩක් වෙලාවට බ්ලොක් වෙලා. මේක මට හරියයිද මන්ද. අධෝ බලය නරක් වෙයිද ? ඒකෙන් නං ඔය නහ බලයට වැඩිය සෑහෙන ශක්තියක් තියෙනෙව නෙව.

    ReplyDelete
  27. එතකොට ඔය වගේම ගැජට් එකක් අහවල් ස්ථානයට හයි කොලානමි ජල විදුලියත් ලබා ගන්න පුළුවන්

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....