Monday, October 31, 2011

නිර්ආගමික විමේ රහස සෙකියූලර්

මෙම ලිපිය ලියවෙන්නේ ලංකාව මූලික කරගෙන බව කරුණාවෙන් සලකන්න.

මෙම ලිපිය කියවිමට පෙර "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද? ලිපිය හා කමෙන්ට් කියවා එන්නේ නම් යෙහෙකි

ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ කොයි කාලේද කියලා ඉතිහාස වේදියෝ හොයාගෙන යයි. ලංකාවට බුදු දහම ආවේ මහින්දාගමනට පෙර බව දැනට පිළිගැනෙන තවත් මතයක්. මේ මත කොයික වෙතත් බුදු දහම ලංකාවට සම්ප්‍රාප්ත වි ඇති බවට විස්වාස කරන්නේ මීට වසර දෙදහස් ගනනකට කලින් බව පොදු පිලිගැනිමයි.

දැන් දැන් අලුත් ප්‍රවණතාවයක් නම් නිර්ආගමික විලාසිතවට අතුලුවිමයි. මෙහි අරමුණ අවසානවෙන්නේ සෙකියූලර් කියන තත්වයෙකි. ලිපිය පටන් ගනිද්දිම සෙකියූලර් කියන එක ඔවුන්ට අනුවම අරථ දැක්විම යෝග්‍ය යැයි සිතමි

එනම්,
//රජ්‍ය හා ආගම වෙන් කිරිම‍\\
//ආගමක් ඇදහීමේ අයිතිය මෙන්ම ආගමක් නොඇහදීමේ අයිතිය හෙවත් නිර්ආගමික විම තහවුරු කිරිම\\

වෙන්කිරිමේ ඉතිහාසය
මූලික අරමුණ තමයි රජයන් මගින් ආගමට දෙන සහායත්, ආගමික සංස්ථාවෙන් රජයට වන බලපෑමත් ඉවත් කිරිම. ලංකාවේ ඉතිහාසය  හොඳට පිරික්සා බැලුවොත්, ජාතියක් විදිහට යටත් විම් යුද්ධ කිරිම් පරාජය වීම් කොතෙකුත් තියනවා. නමුත් ඒ සෑම ජය ගැනීමක් යුද්ධ කිරිමක් පරාජයක් පිටපුසම තිබුනේ පන්සල. ඒක මොහොතක නැත්තට නැති වි ගොස් පරාජය වන ජාතිය ඊට නොබෝ කලකින් පන්නරය ගන්නේ පන්සල මූලික කරගෙන සංඝයාගේ ආශිර්වාදයෙන්. ඉතිහාසය පුරවාට පමණක් නොව, නාමමාත්‍රික නිදහස ගන්න 48 ට පසුවත් සිදු වන්නේ මේ දේමයි. ඉතිහාසය පුරාවට විවිද අන්‍ය ජාතිය නොයෙකූත් කූට උපක්‍රම යෙදුවා පන්සලත් මිනිස්සුත් වෙන් කරන්න. ඔබ දන්නවා ක්‍රෝටන් කියන ශාකය ලංකාවට හදුන්වා දෙන්නේ ඇයි කියලා. ගෙවල් වල ඉස්සර වැව්වේ සුදු මල්, මල් කඩන් හවස පන්සල් යනවා. මිනිස්සු ආගමයි අයින් කරන්න නම් මල් නැති කරන්න ඕනේ කියන පහත් මානසිකත්වයේ ප්‍රතිඵලයක් විදිහට ගේ දොර වැවිමට ක්‍රෝටන් එනවා. මේ වගේ අපේ ජනසාමජය නොහිතන මානසික අවි වලින් අපිට පහර දෙන්න ගත්තේ අද ඊයේ දවස් වල පමණක් නොවෙයි. මෑත ඉතිහාසය, එහෙත් නැත්නම් ඔබටත් මටත් මතක ඉතිහාසය තුල අපිට විරුද්ධව යොදාගත් මානසික අවිය තමයි සුදු නෙලුම කියන සංකල්පය. මේ ආකරයා අපිට හොරා අපේ මනසත් එක්ක සෙල්ලම් කරන එක එක යෝජනා ක්‍රමිකව ක්‍රියත්මක වෙනවා. ඉතිහාසය පුරා ආගම  මිනිසුන්ගෙන් වෙන් කිරිම බැලුවේ රජ්‍යත්වය හුදකලා කර අඩපණ කර, ඔනෑම මොහොතක දුර්වල කර බලය අල්ලා ගැනිමට පහසු නිසයි. නමුත් මේ පොදු මහජනතාවගේ ඇටමස් ලේ නහර කරා පැලපදියම් වූ බුදු දහම ජනතාවගෙන් ඉවත් කරන්න කොහොත්ම හැකි උනේ නැහැ. මෙහි දියුණු තත්වය හෙවත් වර්ථමාන තත්වය තමයි ආගමික බලෑපැමෙන් තොර ආන්ඩුක්‍රම ව්‍යවස්තාවක් සෑදිම. 

වර්ථමාන තත්වය
වරින් වර ගන්න ලද උත්සහයන් ව්‍යර්ථ වෙලා යනවා ආන්ඩුක්‍රමය තුලින් ආගම ඉවත් විම යන ක්‍රියාදාමය. ඊට පසු මේ ක්‍රමය සමාජ ගත කිරිමේ වැඩපිලිවෙලේ ප්‍රධාන සැපයුම් කරු තමයි නිර්ආගමික වීම. මේක විලාසිතාවක්. බෞද්ධ වන අප ආඩම්බරයෙන් කියනවා අයියෝ වෙසක් එකටවත් පන්සල් ගියේ නැහැ කියලා [ මාත් ඇතුලුව]. මේ විලාසිතාව වැඩිදියුණු වෙලා නව පන්නරයකින් එලියට එන්නේ නිර්ආගමිකයා කියන සංකල්පයත් එක්ක. නිර්ආගමිකයා කියන්නේ හරියට පලිහක් වගේ. ඕන දෙයක් කරලා කටපුරා සිනා සි කියනවා නිර්ආගමිකයි කියලා. ඉතිහාසය පාසල් විශයෙන් අයින් කරනවා. එත් දැන් කියනවා එදා ඉතිහාසය විශය අයින් නොකලා නම් අද මෙහෙම වෙන්නේ නැහැ කියලා. 


පාසල් විශයෙන් ආගම අතිරේක විශයක් කිරිම
මේ සම්බන්දව කාරනා දෙකක් තියනවා මුල් එක තමයි, යම් කිසි දරුවෙක් ඉගෙන ගන්න පාසල තුල ඔහුගේ හෝ ඇයගේ ආගම විශයක් විදිහට තිබුනේ නැත්නම් අපහසු තාවයට පත් වෙනවා. මේක නම් එකම ගැටලුව මේකට විසඳුම් දෙකක්  තියනවා. මුල් එක තමයි එහෙම දැන දැනත් වැරදි පාසලකට ළමයාව දැම්මේ ඇයි කියන එක. දෙවනි එක රජය දැන ගන්න ඕනේ ඒ පහසු කමදෙන්න.

අනික් කාරණය තමයි එම දරුවා නිර්ආගමිකයෙක් වීම, හුදෙක් නිර්ආගමිකයන් නිසා ආගම විශය අතිරේක විශයක් කරනවා නම් ඒක සම්පූර්ණ වැරදියි. මොකද නිර්ආගමිකයා කියන්නේ ආගමක් අදහන්නේ නැති පුද්ගලයා. සමහර විට එකට කියන නම තමයි නිර්ආගම. ඔබ දන්නවද මේකටත් දැන් දිනයක් තියනවා. නුදුරේදි ඒ දිනයත් නිවාඩු දවසක් වෙයි. [ අම්මපා එදාට මාත් නිර්ආගමිකයෙක් වෙනවා ]. දැන් ඔබම කල්පනා කරන්න මම නිර්ආගමිකයෙක්. ඒ කියන්නේ ආගමක් නැහැ. හිතන්න එතකොට පාසල තුල බුදුදහම උගන්වනවා එහෙමත් නැත්නම් කතෝලික දහම උගන්වනවා. නිර්ආගමිකයට ආගමක් නැහැ එහෙනම් මේ උගන්වන එක ඔහුට හෝ ඇයට විශයක් පමණයි. එහෙම කල්පනා කරපුවාම මොන එකකට ආගම කියන විශය අතිරේක ගොඩට දානවද?

ආගමක් තියන පුද්ගලයා ඒක අදහයි ඉගෙන ගනියි භාවිතයේ යොදවයි. නිර්ආගමිකයා ඒක පාඩම් කරලා D/A එකක් දාලා විභාගය පාස් කරයි. එතනින් ඒ ගනුදෙනුව ඉවරයි.

නමුත් නිර්ආගමික කියන සංකල්පයේ යටි අරමුණ තියෙන්නේ රාජ්‍යට විදිම. එහෙම යටිකූට්ටු වැඩ වලට ආගම පාසල් විශයෙන් අයින් කරන්න හදනවා නම් ඒකට එක හෙලා විරුද්ධ විය යුතුයි. ඇත්තටම මේ පටන් ගන්න හදන්නෙත් ඒ වැඩේම තමයි.

නිර්ආගමිකත්වය වෙළඳාම් කිරිම
ආගම කියන සංකල්පය තියෙන්නේ මිනිසෙක්ගේ හිතේ. මම දෙවියෝ අදහන්නේ නැත්නම් නැහැම තමයි. හැබැයි  නිර්ආගමික සංකල්පය තියෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ. එකනේ මේ ඒකට දිනයක් දාගෙන රැස්වම් තියාගෙන වෙබ්සයිට් හාදාගෙන සම්මන්ත්‍රණ තියාගෙන් ගෙයින් ගෙට යන්නේ. තමුන් ආගමක් අදහන්නේ නැත්නනම් ඕක ආයේ ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේද? ඒ ඕනා කෙනා නොකර ඉන්නේ නැතැ. ඊටත් මේ හදන්න හදන්නේ ලෝකය. ගෙදර හෝ ඒ අවට ජනතාව හදාගන්නේ නැතුව ලෝකය හදන්න හදනවා. 

නිර්ආගමිකත්වය හා බැඳුනු ගැටලු
1. නිර් ආගමිකයන් එක් රැස් වන්නේ ඇයි?
2. නිර් ආගමිකයන්ට දිනයක් කුමකටද?
3. නිර් ආගමිකයන් සම්මන්ත්‍රණ තියන්නේ ඇයි?
4. නිර් ආගමිකයෙක් විමේ අරමුණ කුමක්ද?
5. නිර් ආගමිකයන් ව්‍යවස්තා සංශෝදන ඉල්ලන්නේ ඇයි?
6. නිර් ආගමිකයෙකුගේ ආගමක් නොඇදහිමේ අයිතයක් තහවුරු කරන්නේ කෙසේද? [ වෙන ආගමක නම් ස්ථානයක් තියනවා පූජ්‍ය හෝ පූජකයෙක් ඉන්නවා? මේකෙත් එහෙම ඉන්නවද දන්නේ නැහැ තහවුරු කරන්න කියන්නේ] 
7. නිර් ආගමිකයෙකුට තියන එකම ගැටලුව යම් පෝරමයක ආගම කියන කොටස පිරවිම නම්, ඔහු නිර්අගමිකයෙකුත් නම් එතන බොද්ධ / හින්දු / ඉස්ලාම් යන එවායින් කැමති එකක් දැම්මාට වරදක් ඇතිද?
[ මන්ද නිර්ආගමිකයි කියා දැම්මොත් එය ආගමක් වනවා නොවේද? ]
8. නිර් ආගමිකයන් වෙනත් ආගම් විවේචනය කරන්නේ ඇයි?

ඉහත ප්‍රශ්න වලට සෑහිමකට පත්විය හැකි පිළිතුරු අපේක්ෂා කරමි. තව ඕනෑ තරම් ප්‍රශ්න ඇතත් එවා දැනට අවශ්‍ය නැත.

හුදෙක් මෙම ලිපිය ලිවිම හේතු පාදක වූයේ රංග විසින් ලියූ "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද?" ලිපියයි

වැප්

43 comments:

  1. යකෝ මොකෙක් හරි මේකට කමෙන්ට් එකක් දාපියවුකෝ මුලින්ම..මටම එක දාන්න තියන්නේ නැතිව...

    ReplyDelete
  2. කමෙන්ට් දාන්න මෙව්වා කියවන්න එපැයැ..!!

    ReplyDelete
  3. බෞද්ධයින් ධර්මානුකූලව ජීවත් වෙනවනම්, බුද්ධාගම කටපාඩමට සීමා නොවෙනවනම් උප්පැන්නෙ බෞද්ධ කියල සඳහන් නිර් ආගමිකයො ඇතිවීම නවතිනව මට හිතෙන විදියට.

    ReplyDelete
  4. ඇත්තටම මගේ පෝස්ට් එකෙන් මම නිර් ආගමිකත්වය ප්‍රමෝට් කරන්න ගියේ නෑ. මම කිවුවේ ආගමක් ඇදහීමට හෝ නො ඇදහීමට කෙනෙක්ට මානව අයිතිවාසිකම් යටතේ අයිතියක් තියෙනව නම් තව කෙනෙක්ට හෝ රජයකට බලහත්කාරකමින් කෙනෙක්ට ආගමක් පටවන්න පුලුවන්ද කියන එක.

    ඒත් කමෙන්ට්ස් වලදි සහ මම භාවිතා කරපු උදාහරන වලදි නිර් ආගමිකත්වය කියන එක ගැනත් කතා උනා තමා. ඒත් ඒ ගැන මට වැඩිපුර කතා කරන්න බැරි මම ඒ ගැන නොදන්න නිසා සහ සොයන්න උනන්දු නොවුන නිසා.

    මම උපතින් බෞද්ධයෙක්. මගේ ආගම කියනදේ හිතේ තියෙනව. හරි වැරදි දේ දන්නව. ඒත් 4 පෝයට සිල් ගන්නෙවත් පන්සල් යන්නෙවත් නෑ. මට පුලුවන් ආකාරයට හරි විදියට (මම කරන දෙයින් මට මොනා උනත් අනිත් මිනිස්සුන්ට අඩුවෙන්ම කරදරයක් වෙන විදියට) ජීවත් වෙනව.

    ඔන්න ඔච්චරයි මගේ ආගම. හරිම සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
  5. වැප් මහත්තයා ලවුකික රාජ්‍යකාරයන්ට ගොඩ දාන්න අමාරු පුරස්න ටිකක් අහල තියන්නෙ. ලවුකික රාජ්‍ය හදන්න කියල නාහෙන් අඬන්නෙ තමුන්ගෙ විස්වාසයට ප්‍රමුකතැන දෙන්න කියන එක වෙන වචන වලින් කීමක්. ඕක වහෙන් ඔරෝ කියන්න ඕනයැ? එහ්!
    -පොඩිගමයා

    ReplyDelete
  6. ආගම :- අනුව ගමනේ යෑම... අනුගමනය ...

    එහෙමනම්.. ආගමක් අදහන්නෙ කොහොමද... ??

    ක්‍රිස්තියානි බක්තිකයින්.. කතෝලික බැතිමතුන් මුස්ලින් බක්තිකයින්... අන්න එයාලනම් තමන්ගෙ දේ අදහනවා...

    නමුත් බුද්දාගම කියන එක අදහන්න නෙවෙයි අනුව යන්නයි තියෙන්නෙ... ඒ කියනෙ බුද්දාගමේ ඉගැන්වීම අනුගමනය කරන්න...

    අන්න ඒක නිසා මමත් ආගමක් අදහනෙ නෑ... අනුගමනය කරනවා...

    හැබැයි අර අමුතු වචනෙ හාතියටනම් වැටෙන්නෙ නෑ... ඒක අහුවෙත් අදමයි... :D

    ReplyDelete
  7. මම නං "සැඩ බෞද්ධ" . . . හැබැයි පන්සලට යන්නෙ හාමුදුරුවො පාරෙදි හම්බවෙලා පන්සල මතක් කරපුවාම විතරයි.

    මටත් අවුරුදු 16, 17 වගේ කාලෙ ඔය නිර් ආගමික උන සැරටම හැදිල තිබුන. පස්සෙ ටික ටික බැහැල ගියා . . . . තමන් නිර් ආගමික කියල කියන මිනිස්සුන්ට එහෙම නිර් ආගමික වීමෙන් යම්කිසි ප්‍රතිලාභයක් නැතිනම් ඒගොල්ල ආපහු මෙන්න මේකයි මගෙ ආගම කියල කියන්න පටන් ගනීවි වැඩිකාලයක් නොගිහින්ම. මොකද, මිනිස්සුන්ට ආගමයි දේශපාලනෙයි නැතුව ඉන්න අමාරුයි . . . .

    ReplyDelete
  8. නිර්ආගමිකත්වය හා බැඳුනු ගැටලු එක්ක බලද්දි බෞද්ධ අපි ඊට වඩා නිදහසේ ජීවත් වෙනවනේ... අපිට ඔය සම්මන්ත්‍රන කම්මන්ත්‍රන මුකුත් නෑ. අඩු ගානෙ පංසල් ගිය කාලයක් මතක නෑ...

    ReplyDelete
  9. මේක වැපාගේ යාළු ෆිට් එකට... :D

    http://www.youtube.com/watch?v=eRutmoPEWaQ&feature=feedf

    මේක රංගයාගේ යාළු ෆිට් එකට... :D

    http://www.youtube.com/watch?v=ae-12hCwJYM

    ReplyDelete
  10. hmmmm.....will write something about this later... quite a sensitive issue..

    ReplyDelete
  11. අයිත් බැරියෝ ....රංගගේ ලිපියෙදි කියන්න තියන එව්ව කිව්ව , ලංකාවට අදාලව පමණක් නිසා මොනව කියන්නද(මගේ උදාහරණ ටික දාන්න විදිඅකුත් නැනේ ) . ඔය නිර් ආගමිකත්වයක් මෙහේ එන්ජිඕ බිස්නස් වෙලා නම් (මම දන්නෙ නැ ) ඒකෙන් නැවත වතාවක් ඔප්පු වෙන්නෙ "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු " කියන එක තමයි

    එක කාරණයක් ඔබ කියනවනේ නිර් ආගමිකයෙක් ආගම විෂයෙක් පමණක් විදිහට ඉගෙන ගත්තාම මොකෝ කියල , ඒ කියන්නේ ළමයෙක් තමන්ට ජීවිතේට සත පහකට වැඩකට නැති දෙයක් පාසලේදී ඉගෙන ගන්නව . ඒ කියන්නේ ඌ ඕ ලෙවල් අනිවාර්ය වැඩ 8 හෝ 6 ගොඩ දාන්න දරන මහන්සියට ඌට වැඩකට නැති එකක් ඉගෙන ගන්න දරන මහන්සියත් අයිතියි . එහෙම අධ්‍යාපන ක්‍රමයක් ලෝකේ දැනට තියෙන්නෙ කොහෙද ?? ....උත්තරය ලංකාවේ , මොකද දැනට ළමයින්ට වැදගත් විෂයන් උනත් උගන්වන්නේ වැඩකට නැති විදිහටනේ . වැප් ගෙ ලංකාව ගැන පමණයි ලේබලය යටතෙදි ඒ කතාවත් හරි

    ආගමක් නැති කෙනෙකුට ආගමක් රාජ්‍ය ලේඛන වල දාන්න බලකෙරෙන එක මානව හිමිකම් උල්ලංඝනයක් ,ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් කියන්නේ දේශද්‍රෝහි ඒවා නිසා ලංකාවට අනුව ඒකත් කමක් නැ කියමුකො

    බෞද්ධයෙකුට නිර් ආගමික වීම මහා ලොකු දෙයක් නෙවෙයි , හතර පෝයට සිල් ගන්න කෙනාත් , හැමදාම හවසට කණ පැලෙන්න ගහල මස් රාත්තලක් කිරාගෙන ගෙදර යන එකාත් . දෙන්නටම බෞද්ධය කියල කියනව . පන්සල් යන භාර හාර වෙන , මල් පහන් පූජ කරන කෙනාත් මම වගේ පැත්තකට වෙලා ඉඳන් බුද්ධාගමක් කියල එකක් නැතිය බෞද්ධ දර්ශනයක් මිසක් ආගමක් නොවේය කියල ඉන්න අයටත් කිසිම ගේමක් නැතුව බෞද්ධයෙක්ය කියන්න පුලුවන්

    හැබැයි සහෝ ආගමෙ වත් පිලිවෙත් අනිවාරය කරල තියන (දවසට පස් වතාවක් වැඳිම ආදිය ) , ආගමක කෙනෙකුට එයින් මිදින්නෙ හැකියාවක් ලැබුනොත් අන්න ඒ කෙනාට දැනෙන නිදහස සැහෙන්න වටිනව ,

    උඹ නැවත ඉපදීම විශ්වාස කරනවා ඇති නේ ,මගේ ප්‍රාර්ථනය ඔටුවෙක් වෙලා හරි සවුදි අරාබියේ ඉපදියන් කියන එකයි (අරාබියේ ඉන්න මිනිස්සුයි ඔටුවොයි අතර තියෙන්නෙ දශම ගානක වෙනස්ක් කොහොමටත් ) , කිසිම නිදහසක් නැති ආගමක , ආගමික නිදහස කියල නාමයක් නැති රටක ඉපදිලා ඒ ආතල් එක අරගෙනම බලපන් !

    ReplyDelete
  12. ළොව පළමු රැකියාව ඇඟ විකුනං කන එක. පුරාණයේ කෑම සහ ඇඳුම් ලබාගන්න තමාම දඩයමේ යන්න ඕන. එහෙම නැත්නම් දඩයමේ යන කෙනෙක්ගෙන් රැකෙන්න ඕන. එහෙම යන්න බැරි අය කළේ තමාගේ මස් රස දඩයමේ යන අයට දීලා මස් ටිකක් හම ටිකක් ඉල්ල ගත්තා. මේකට ලිංග බේදයක් තිබුනේ නෑ. සමලිංගිකත්වයත් ඇතිවෙන්නේ එහෙමම තමයි. දුබලයා බලවතාගේ ගොදුරක් වෙන දේත් මෙතන සිඳු උනා. පොඩ්ඩක් මොළේ දියුණු වෙන කොට සමහර උන්ට හිතුනා ගෝත්‍රික නායකයටත් යටත් නොවී ඇඟ මහන්සි කරන්නෙත් නැතුව කන්න ක්‍රමයක් හොයා ගන්න. ඊට පස්සේ තමයි රට කෙප්ප කෙල කෙල එක එක ආගම් බිහි උනේ. ඔය ඔක්කොම බොරු. තවත් දියුණු වෙන කොට, මිනිසා පොරක් කියලා වැටහෙන කොට. පාලකයෝ බැලුවා අපි මොන මළදානෙටද පූජකයොන්ට යටත් වෙන්නේ කියලා මුන් හෙන පචයෝ නේ කියලා. උන් කළේ නීතී ව්‍යවස්ථා හැදුවා. ඒවට පචයෝන්ටත් යටත් වෙන්න උනා. ඔය මොන මළදානේ දැම්මත් ගෝත්‍රික ගතිය යවන එක ලේසී නෑ. ඉතින් ආගම් අදහනවා. යාඤා කොරනවා එපා කියපු පිලිම ගාව ගස් ගාව දෙදනින් වැටෙනවා. ඒ අතරේ මිනිත් මරණවා, රේප් කොරනවා. ගෝත්‍ර රැක ගන්න සටන් කොරනවා. තව තියෙන්වා ඕනමනම් පෝස්ට් එකක් දාන්නම්..

    ReplyDelete
  13. නමට බෞද්ධයෙක් වෙන්න බෑ. සරලවම කිව්වොත් බුදු දහමේ හරයෙන් බැහැරවෙච අය සැබෑවටම බෞද්ධයො නෙවෙයි. ඒත් සමාජ සම්මතය අනුව බෞද්ධයො කියල හඳුන්වන්න පුලුවන්. මම අරය වගේ බෞද්ධයෙක් , මෙයා වගේ බෞද්ධයෙක් කියල කියාගන්න එක විහිළුවක්. එහෙම කියන කෙනා බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක් නෙවෙයි. බෞද්ධයෙක් එනම් බුද්ධ ශ්‍රාවකයෙක් මොනවගේ වෙන්න ඕනද කියල සූත්‍ර දේශනා ඇසුරින් මනාව ගලපලා ගන්න පුලුවන්.

    ReplyDelete
  14. @බුවා
    //මෙහේ එන්ජිඕ බිස්නස් වෙලා නම් \\ - මේක තමයි මේහේ වෙන්නේ ...ඒකයි මේ කියන්නේ ....

    අර කිව්වා වගේ ආරබි රටක ඉපදුනා නම් මෙහෙම ලියනවවත් බොරු :DD

    ReplyDelete
  15. //දැන් ඔබම කල්පනා කරන්න මම නිර්ආගමිකයෙක්. ඒ කියන්නේ ආගමක් නැහැ. හිතන්න එතකොට පාසල තුල බුදුදහම උගන්වනවා එහෙමත් නැත්නම් කතෝලික දහම උගන්වනවා. නිර්ආගමිකයට ආගමක් නැහැ එහෙනම් මේ උගන්වන එක ඔහුට හෝ ඇයට විශයක් පමණයි. එහෙම කල්පනා කරපුවාම මොන එකකට ආගම කියන විශය අතිරේක ගොඩට දානවද?//
    මෙන්න මේටික සම්බන්ධයෙන් මට දෙන්න තියන උත්තරේ තවත් ප්‍රශ්නයක්.
    නිර්ආගමිකයන් විශයක් වශයෙන් ආගමක් ඉගෙනගන්නේ ඇයි?(එයාලට වඩුවැඩ හරි ඉගනගන්න පුළුවන්නේ ඒ කාලෙදී.)

    අනෙකුත් ප්‍රශ්න වලට කෙටි උත්තර
    1.ආගමිකයන්ගෙන් හාණියක් නොවේ නම් එක්රැස් වීම අවශ්‍ය නැත.
    2.අවශ්‍ය නැත.
    3.සම්මන්ත්‍රණ ඇත්දැයි නොදනී.
    4.සියළු ආගම්වලට එකග නොවේනම් නිර් ආගමික වියහැකිය.
    5.ඉල්ලන්නේදැයිදැයි නොදනී.
    6.ආගමික කාරණා සම්බන්ධ සියලු බැදීම් වලින් නිදහස් කිරීම.උදාහරණයක් ලෙස නිර් ආගමිකයාගේ දරුවා ඉරිදාට දහම්පාසල් යැවීම අනිවාර්ය කල නොහැක.
    7.ඇයි එහෙම දාන්නෙ?
    8.ඕනෑම කෙනෙකුට (ආගමික/නිර්ආගමික)ඕනෑම ආගමක් විවේචනය කලහැකි තත්වයක් දැනට පවතී.

    නිර් ආගමිකත්වයේ තවත් ගැටළු තියනවා.
    උදාහරණයක් විදියට අපි හිතමු ලංකාවෙ නිර් ආගමිකයන් සැලකියයුතු පිරිසක් ඉන්නව කියල. ආගමික කටයුතු පිළිබද අමාත්‍යංශයට මුදල් වෙන්කරනවට මේගොල්ල විරුද්ධ උනොත් මොකද වෙන්නෙ?

    ReplyDelete
  16. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ගැටලු තියනවා. ඒත් එක්කම ආගම කියන විශයෙන් දැනට කරන්නේ ඒ දේමද කියන ගැටලුව තියනවා.

    ඉතින් ඇයි මේ ආගමට විතරක් මේ වැඩේ කරන්නේ. හිතන්න මම ගණිතයට කැමැති නැහැ. එහෙනම් මට අයිතිය තියෙන්න ඕනේ ඒ වෙලාවේ වඩු වැඩටිකක් ඉගෙන ගන්න.

    මෙතන ප්‍රශ්නය ඕක නෙමෙයි
    ආගම කියන දෙයින් ළමයාගේ හිතට කාවද්දන දේ හැමාදාටම තියනවා. ඒකත් එක්ක ඔහු හෝ ඇය යම් කිසි දෙයක් කරන්න කියන්න කලින් හිතනවා හොඳට හිතනවා[ සියයට සියයක් සතය නොවෙයි ] .... අමනුස්ස ගති නැතිව හිතනවා ... ආගම කියන සංවේදි කාරනය ඔහුගෙන් හෝ ඇයගෙන් ඉවත් කලොත් සිදුවෙන්නේ කිසිම අනක්ගුණක් නැති මිනිහෙක් බිහිවෙනවා. අන්න එදාට ඔවුන්ව පාලනය කරන්න ... මෙහෙයවන්න හරි ලේසියි ..ඔන්න ඔය ටික කරගැනිමේ ක්‍රමික වැඩපිලිවෙලේ මුල්ම හා හරියටම හරියන ක්‍රමය තමයි ආගම කියන එක ළමයාගේ මනසින් ඉවත් කිරිම....

    ReplyDelete
  17. අධ්‍යාපනයේ විෂය තීර්නය කරන කොට බලන්නේ වැදගත් කම, කැමැත්ත නෙවෙයි ...භාෂාව සහ ගණිතය ලෝකේ ඕනිම තැනක අනිවාරය දේවල් , ගණිතයි ආගමයි සංසන්දනය කරන්න බැ

    ReplyDelete
  18. එහෙනම් ඉතින් ඒ වැදගත් කම තමයි ආගම තියෙන්නේ ..
    ආගම කියන විශය විකල්ප කරන්න කියන අයිතිය වගේම
    ආගම කියන විශය අනිවර්යය කරන්න කියන අයිතියත් සමව තියෙන්න ඕනේ :DDD

    ReplyDelete
  19. අයෙත් පටලනව නෙව , ආගම කියන එක විකල්ප කොරනවාද නැද්ද කියන එක ගැන නෙවේ අයිතිය අදාල වෙන්නෙ , බහුතරයක් පුරවැසියෝ කරන්නෙ ඉගෙන ගන්න එක මිසක් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන එක නෙවෙයි නේ . ඒ නිසා කැමති පුද්ගලයෙකුට ආගම ඉගෙන ගන්නත් අකමැති එකාට නිකා ඉන්නත් ඉඩ සැලස්වීම ගැනයි මම කියන්නේ . භාෂාව හෝ ගණිතය නැතුව කිසිම කාර්යයක් හරියාකාරව කරන්න බැනේ , විෂය ධාරාව මොක උනත් ඔය දෙක ඕනි රස්සාවක් කරන්න හෝ ව්‍යාපාරයක් කරන්න . ආගම නැතිවුනා කියල එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නැ . ආගමික අධ්‍යාපනය වඩාත් ගැඹුරෙන් ඕනි අයට තියෙන්නෙ දහම් පාසල් යන්න (තමන් ගෙ ආගමට අදාලව ) ,

    ReplyDelete
  20. වැපා ඔලුව කොහේ හරි වැදුනද?

    ReplyDelete
  21. @ බුවා
    මක්කටෙයි දහම් පාසල් යන්නේ.. ඔය මොකක් හරි ආගමක පූජකයෙක් වෙලා ඒකේ තලෙයිබාන් තත්වෙට පත් උනාම ඉවරනේ. භාෂාව විතරයි ඕන. ගණිතය අනවශ්‍යයි මොකෝ ඔක්කොම නිකන් නේ..

    ReplyDelete
  22. කෙනෙක්ට කැමති ආගමක් අදහන්න වගේම, ඕන නැත්තම් කිසිම ආගමක් අදහන්නේ නැතිව ඉන්නත් අයිතියක් තියෙන්නත් ඕනේ.
    බලෙන් ආගම් පටවන එකේ රඟේ තේරෙන්නේ පිට රටකට ගිහාම එහෙ බහුතර ආගම ඉගෙනගන්න උනාමයි.

    පුද්ගලිකව කිව්වොත් මම බෞද්ධ. මගේ බෞද්ධ කම තියෙන්නේ මගේ හිතේ. ඔව් බෞද්ධ අපට නම් මේ නිර්ආගමික නීති ගැන එතරම් කලබල වෙන්ට ඕන නැහැ. දවසට අච්චරක් පාරක් වඳින්න කියලවත්, සතියට මෙන්න මෙදාට අනිවාර්යෙන් පන්සල් යන්න කියලවත්, එක එක වතාවත් වත් කරන්න ඕන නැහැ සැබෑ බෞද්ධ යෙක් වෙන්න. නමුත් ආගමක ප්‍රචාරණය සහ පැවැත්ම ට කිසියම් අනුග්‍රහයක් අවශ්‍යයි.

    //ආගමික කටයුතු පිළිබද අමාත්‍යංශයට මුදල් වෙන්කරනවට මේගොල්ල විරුද්ධ උනොත් මොකද වෙන්නෙ?//
    පැහැදිලිවම එහෙම විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ජන ගහන අනුපාතෙට අනුව මුදල් වෙන් කරානම් ඉවරයිනේ.

    පාසලේ විෂයක් ලෙස ආගම ඉගැන්වීම ගැන:
    දැනට විභාග පාස් වෙන්න ඉගෙන ගන්නා 'ආගම' නමැති 'විශයෙන්' යහපත් පුරවැසියෙකු වීමට ලැබෙන්නේ පුංචිම පුංචි තල්ලුවක් විතරයි. ගාථා කට පාඩම් කරගෙන බුද්ධාගමට අනූ නමේ ගන්න ළමය හොඳ ළමයෙක් ද? ධර්මාචාර්ය විභාගේ පාස් කරා කියල ධාර්මිකව ජීවත් වෙනවද?
    මෙතන දෙපැත්තක් තියෙනවා. ආගමක් මෙහෙම හරි විභාග පාස් වෙන්න හරි ඉගෙන නොගත්තොත්, ආගම දන්නෙම නැති වෙන්න පුළුවන්. නමුත්... උපන්දා ඉදන් (උපදින්න කලින් ඉඳන්ම) පිරිත් අහන බන කියන අපේ රටේ සහ ආගම් ඇදහීම ගැන වැඩි තැකීමක් නොකරන රටවල් වල අපරාධ සංඛ්‍යා අතර ලොකු නොගැලපීමක් ඇත්තේ ඇයි?

    මට නම් හිතෙන්නේ අපේ රටේ ආගම ගැන ලොකුවට කෑ ගැහුවට, ගොඩක් අය හරියට ආගම අනුව ක්‍රියා කරන්නේ නැහැ. බොරු සෝබන ඇදහිල්ලක් තියෙන්නේ. මහා ලොකු බෞද්ධ අපිට ශ්‍රී පාද වන්දනාව වත් හරියට කරගන්න බැහැ. එතනත් අපිරිසිඳු කරලා විනාස කරලා දානවා වන්දනා කාලෙට. එහෙව් විනයක් වත් නැතිව සැදැහැවත් බෞද්ධ කියල කියා ගන්නවා.

    බුවා කිව්වා වගේ දහම් පාසල් මේකට විසඳුමක් වෙන්න පුළුවනි. එතකොට කැමති අයට ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් ඉස්කෝලේ extra credit හැටියට ඉගෙන ගන්න පුළුවනි. ඕස්ට්‍රේලියාවේ උසස් පෙලට සිංහල විෂය කරන්න පුළුවන් extra credit හැටියට. ඒ වගේ.

    ReplyDelete
  23. යකෝ දැන් නිර්ආගමික වෙන්නත් බැනේ බලාගෙන යනකොට
    නිර්ආගමික වෙන්නේ නිදහසේ ඉන්න කියලා හිතා ගෙනනේ
    දැන් උන්ටත් රුස්වීමි තියනවානේ
    තව ටික දවසකි
    ශරිර කෘත්‍ය කරන්නත් සංගමයක් හදාගයි
    මේ කියන විදිහට

    ReplyDelete
  24. අපි හිතමු කතෝලික ළමෙයෙකුට කතෝලික පාසලක් හොයා ගන්න බැරුව බෞද්ධ පාසලකට යනවා කියලා
    ඒ ළමයට වැඩකට නැති උනත් ඔය විභාග පාස් වෙන්න නමි බුද්ධාගම විශයක් වශයෙන් කරන්න ඕනිනේ
    ඒහෙම බලනකොට නිර්ආගමික ලමයටත් බුද්ධාගම ඉගෙන ගන්න වේනවා
    නැත්නමි කරන්න තියෙන්නේ ආගම කියලා කාලපරිචිජේදයක් වෙන් කරලා ඒකෙදි තම තමන්ගේ දේ ආගම ඉගෙන ගන්න කියලා වෙන වෙන ගුරුවරු ගාවට යවන එක
    එතකොට ප්‍රදාන ප්‍රශ්න දෙකක් එනවා
    එක ගණිතය වගේ ප්‍රදාන විශයන් උගන්වන්නත් ගුරුවරු නැති රටේ
    එක පාසලකට ආගමිගානට ගුරුවරු දීම
    දෙක නිර්ආගමික ළමයි ආගම මොකක් උනත් මුනුත් ළමයිනේ උන් කියයි අපිට ආගමක් නෑ ඒ වෙලාවේ අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා උන් තියන ජඩ වැඩටික කරයි

    ආගමක් බලෙන් පටවන්න බැරිකොට ඒ වේලාව වෙනදෙයකට උන්ව යොමු කලොත් ඒකත් බලෙන් පැටවිමක්
    ඕන්න ඒතකොට ආයේ රවුමට යන්න පටන් ගන්නවා විශය බලෙන් පැටවිම හරිද කියලා
    එත කොට කාට හරි ඒකටත් බොලොග් පොස්ටි එකක් ලියන්න වෙනවා

    ReplyDelete
  25. @සියල්ලන්ටම

    මෙතන තියන ප්‍රශ්නය ආගම කියන විශය එක්ක තියන එකක් නෙමෙයි.... දැන හෝ නොදැන සමහරු කරන්න හදන්නේ මිනිස්සුන්ගේ ඇඟට කාවැදිලා තියන බුද්ධාගම කියන සංකල්පය ඉවත් කරන්න. වෙන රටව වල කෙසේ වෙතත් ලංකාවේ මේක ක්‍රියත්ම වෙන්නේ බුදුදහමට හිමි තැන අහිමි කිරිමේ අරමුනින්.

    යම් කිසි ආගමක දවසට පස් වතාවක් වන්දනවා නම් ඒ ආගමේ අය ඒකෙන් නිදිහස් වෙලා එයි. ඒකට කොහෙවත් ඉන්න අය ගිහින් මුදවාගැනිමේ මෙහෙයුම් කලා කියලා, නිදිහස තියන ආගම් වලටත් ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැහැ

    අනික මේ මෙච්චර හොදට මේ ගැන කතා කරන්නේ ලංකාව තාමත් බෞද්ධ රටක් හින්දා නිදහස ඕනවට වඩා තියන හින්දා. පුලුවන් නම් ඔය නිර්ආගමික සංකපල් පතුරන කෙනෙක්ට ගිහින් කියන්න කියන්න ආරබි කරයේ ඔය කතාවක්..

    බුවා කිව්වා වගේ මේක අපේ රට හින්දා තමයි මේ ඔක්කොම මරාල ගෙනත් ඔබන්න හදන්නේ. ආරබියෝ ඔටුවෙක් උනත් දවසට පස් වතාවක් වඳින්න ඕනේ ඇති:DD

    නිදහස තියෙද්දි පාසල් විශයක් අල්ලන් නටන එක තමයි ලොකුම විහිලුව. මේ මොන අටමගලය සයබරියේ නැටුවත් ප්‍රයෝගික ලෝකේ මේවා නිකන් හිතලු විතරයි :DDD

    ReplyDelete
  26. ඇත්ත සයිබරයේ ඉදන් උඩ පැන්නට ප්‍රයායෝගික ලෝකට එන්නෑ ඕය එකෙක්වත්
    සයිටිගහල හොරේන් හොරෙන් හැන්ඩිබිල් බෙදලා නිකන් බොරුවට උඩ පනිනවා
    නිර්වෙන්න ඔනිද ලංකාවේ
    රංග අයියගේ පොස්ටි එකේ තියන අයදුමි පත්‍ර කේස් එකත් නැති වෙනවා
    බුද්ධාගමේ අයට

    දේශපාලනේ වගේ රටවල් පෙන්නවා උදාහරණවලට

    පාසල්වල උගන්වන ඒවා ගැන නමි කථා කරලා වැඩක් නෑනේ
    මෙතන ඉදන් බොරුවට කෑගහයි තව ඕන්නමි
    මුණුපොතේ ග්රෑප් එකක් හරි පේජ් එකක් හරි හදලා අධයාපන ක්‍රමේ අඩුපාඩු ගැන කෑගහයි මුණු පොතේ ඉන්න ඇමතිලට ඕක ෂේයා කරයි
    එතකොට සීඅයිඩී එකෙන් ඌව උස්සයි
    එකනින් ඒ කථාව ඉවරයි

    නිර්ආගමික සීන් එක රැල්ලට ආපු දෙයක්නේ
    ලංකාවේ උන් ඉතින් පිටරටින් කිව්වොත් ඕන මගුලක්නේ
    ඔය හැම එකක්ම වගේ තව ටික දවසකින් ඕකත් නැතිවෙලා
    ලංකාවේ එවුන් අළුත් සීන් එකක් පටන් ගනියි
    තමන් හොද නමි එචිචරයි

    ReplyDelete
  27. වැප් කියපු හින්ද රංගගේ පෝස්ට් එකත් ගිහින් බැලුව, වැප් ගෙ පෝස්ට් එකත් කියෙව්ව. මේවට කොමෙන්ට් කන්න තරං තේරුමක් නැති හින්ද, කියෙව්ව කියල විතරක් ශේප් වෙන්නං.

    ReplyDelete
  28. පරිනාමයේදී කොතැනදීද මිනිසාට ආගම අවශ්‍ය වුනේ ? ඇයි ? මිනිසා නොවන අනිකුත් සත්වයන්ට එවන් දෙයක් අවශ්‍ය නොවූයේ ඇයි ? එතනදී මිනිසාට ආගම අවශ්‍ය වූ කාරණය වර්තමාන මිනිසා සංතෘප්ත කර තිබේද ? නිරාගමික වීමෙන් මිනිස් පරිනාමයේ මීළඟ පිම්ම මිනිසා පනීද ? කියා පොඩ්ඩක් සිතා බලන විට මට පෙනෙන්නේ නම්..එදාටත් වඩා අද මිනිසාට ආගමක් අවශ්‍ය බවයි. පදාර්ථය සොයා ගිය මිනිසා නැවතුනේ න්‍යශ්ඨික බලය සොයා ගැනීමෙන්.. පදාර්ථය මෙහෙයවන සියුම් ශක්ති ප්‍රභවයෙහි ස්වභාවය ක්ශණික ඇතිවීම, පැවතීම, නැතිවීම.. මේ සංසිද්ධිය බලන්න ඇස් හැර අවට සිදුවන අපූරුව ! සොයන්න මෙය කවුද මුලින්ම අපිට කියා දෙන්න අවබෝධ කර ගත්තෙ ? ක්වොන්ටම්වාදය අද තියෙන්නෙ කොතනද ? එයින් ඔප්පු වන කරුණු ඊටත් එහා ගිය විග්‍රහයකට භාජනය කරලා තියෙන්නෙ බෞද්ධ දර්ශනය. ඒ නිසායි ආචාර්‍ය සිරිල් පොන්නම්පෙරුම කිව්වෙ ලෝකය අවසාන වෙනතෙක්ම පවතින දහම එය කියා.

    ReplyDelete
  29. @weni - ආතර් සී ක්ලාක්ගෙ පොත් කියවන්න නිර් ආගමික වීම ගැන හොඳ මතවාදයක් අඩංගුයි !

    ReplyDelete
  30. බුවා කොහොමද මෙච්චර නිර් ආගමික විස්තර දන්නේ

    දැන් නම් සැකයි සැකයි වගේ :DDD

    ReplyDelete
  31. නිර් ආගමික කල්ට් ගැන නම් දන්නෙ නැ , ආගමක් නැතුව ඉන්න හැටි ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් යැ

    ආතර් සී ක්ලාක් මහත්තයගෙ පොත් කියවන්නේ , මම ගරු කරන ලේඛකයෙක් නිසා . ඒ වගේම පොරගේ අදහසුත් මම ලිපිගන්න කෙනෙක් , ඔය නිරාගමික සීනුත් ඒවයෙ තියනව "තලෙසා හි ලෝකය " කියල සිංහලට පරිවර්ථනය වෙලා තියන පොතේ ඔය කාරණාව තියනව . දන්ත ධාතුව ගැනත් සඳහනක් තියනව . පෘතුවියේ කොලනි වෙනත් මන්දාකිනි වලට ගෙනි යන කථාවක් එකේ තියෙන්නෙ . අලුත් මිනිස් කොලණි වලට , ගෙනියන දේවල් අතරට ආගම් අයත් කර නොගන්නෙ ඇයි කියල ඒ පොතේ තියනව . පරිපූර්ණ මිනිසත් භාවය ගැන ලියවෙන තැන්වලත් ඔය නිර් ආගමික කාරණා තියනව . කොහොමටත් ඒ අවුරුදු දහස් ගාණක් ඉදිරිය ගැන සිහින දැකල වැඩක් නැ , මම සටහනක් දැම්මේ වෙනී විද්‍යාත්මක ප්‍රවේශයක් ගත්ත නිසා

    ප.ලි - @වෙනි , සාපේක්ෂතාවදයත් අභියෝගයට ලක්වෙලා කියල ආරංචියි , විද්‍යාව මත ඉඳන් ආගම සත්‍යාපනය කරන ගියෝත් ඒ විද්‍යාත්මක මත බිඳ වැටෙනකොට ආගමත් අස්ත්‍ය යි කියල ඔප්පු වෙයි . බෞද්ධ දර්ශනය පිලිපදින්න , ලෝකේ ඕනිම මිනිහෙකුට පුලුවන් , ඒකට ජාති ආගම් කුල මල බේද නැ , සමහර විට පෘතුවි ජීවියෙක් වීම අවශ්‍ය වෙන එකකුත් නැ

    ReplyDelete
  32. බුවා මම උත්සාහ කලේ විද්‍යාව මත ඉඳන් බෞද්ධ දර්ශනය ස්ථාපනය කරන්න නෙවෙයි. විද්‍යාව යනු බෞද්ධ දර්ශණය තුල කෙතරම් ළදරුවෙක්ද යන්න විග්‍රහ කිරීමටයි. බෞද්ධ දර්ශණය තුලින් පමණයි අපට සියල්ල වටහා ගත හැක්කේ. මම කථා කරන්නෙ බෞද්ධ සාහිත්‍ය ගැන නොවේ. අභිධර්මය වැනි න්‍යායාත්මක හරයන් ගැනයි. මම හිතනවා කාලාම සූත්‍රය අපිට කියන්නෙ නිරාගමික වෙන්න කියලයි. ජීවිතයේ අරමුණ සත්‍යය සොයා යාම නම් කල යුත්තේ එයයි. අඳුරේ අත පත ගාමින් සාපේක්ශව සමාජය සමඟ ජීවත් වී මිය යාම නම් කලයුත්තේ යම් ආගමක් ඇදහීමයි. නැත්නම් යනවා අයාලේ ලෙසටම ! මේ වර්තමානයේ යන්න හදන්නෙ අන්න ඒ ලෙසටම යන ගමන නේ.. මෙය මගේ පුද්ගලික අදහසයි. එය නාමයෙන් බෞද්ධ දර්ශණයට පහර ගන්න එපා.. මට ගහන්න .. කමක් නෑ.. ගුටි කා හෝ මම අවබෝධ කරගත් දේ වැඩි දියුණු කර ගන්න කැමතී.

    ReplyDelete
  33. අඩේ වෙනියට ගුටි දෙන්නනං හදහං ලිස්ට් එකක් මගේ නම මුලටම දාලා..:D

    ReplyDelete
  34. මාරයා මගේ මාළු මගේ ඇඟ උඩම තියලා කපන අපූරුව !

    ReplyDelete
  35. කොහොම හරි ඉතින් මුන් ඔක්කොම එන්නේ රටේ ප්‍රධාන ආගමට කෙලින්න.රෙජිනෝල්ඩ් කුරේ කියන මිනිහ මට දිරවන්නෙම නැති එකෙක් උනත් පොර දවසක් කිව්වා මේ රටේ පාසල් ආගම්,ජාතීන් අනුව ඒ කියන්නේ මුස්ලිම් මහා විද්‍යාලය,බෞද්ධ කාන්තා විද්‍යාල කියලා වෙන් කරන්නේ නැතුව හැමෝටම ඇවිල්ලා එකට වැටිලා ඉගෙන ගන්න පුලුවන් ක්‍රමයක් රටේ ඇතිකරන්න ඕනෙ කියලා.
    ලග හිටියනම් කටට අත දාලා පහේ කාසියක් කටට ඔබනවා

    ReplyDelete
  36. ඔන්න මමත් කියෝලා බැලුවා දෙකම,,දැන් නිර් ආගමික ඉවරයි බන්,,දැන් අලුත් වැඩේ සමලිංගික අයිතිවාසිකම් රැල්ලලු නේ ලංකාවේ යන්නේ,,,ඇංගලන්තේ අගමැතිතුමා ලංකාවට සද්දයක් දැම්මත් කියලා ආරන්චි

    ReplyDelete
  37. කොටින්ම කියනවා නම් ගින්දර!

    ReplyDelete
  38. @No Frames - ඒක නිසාම වෙන්ටැ , වැප්වත් බ්ලොග් ලයිස්තුවට දාගන්න ඇත්තේ

    ReplyDelete
  39. පළමු ප්‍රශ්න හතරට පිළිතුරු අවශ්‍ය යයි නොසිතමි.. මන්ද "බෞද්ධයන් රැස් වන්නේ ඇයි?" "කිතුණුවෙකු වීමේ අරමුණ කුමක්ද?" "ආගමික නිවාඩු දින කුමටද?" ආදී වශයෙන් අසන ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න අතර වෙනසක් නැති නිසා ය.. පොදු පිළිගැනීම කෙසේවෙතත් උප්පැන්න සහතිකයේ ආගමක් සඳහන් නොවේ.. (ඕනෑ නම් දැන් ගිහින් පරික්ෂා කර බලන්න ).. යම් පුද්ගලයෙකු බෞද්ධ, ක්‍රිස්තියානි, නිර්-ආගමික, පැස්ටෆේරියානු කුමන මතයක් හෝ පිළිගන්නේ / අදහන්නේ ස්ව-කැමැත්තෙනි.. (අඩු තරමේ එය එසේ යයි අපි උපකල්පනය කරමු.. මන්ද සාධාරණ සමාජයක එය එසේ විය යුතුය ).. ඉතින් කිසිම ආගමික මතයක් පිළි නොගන්නා පුද්ගලයන් පොදුවේ නිර්-ආගමික යනුවෙන් පැවසිය හැකිය.. එබඳු පිරිසක් ද සමාජයේ සිටින අතර ඔවුන් ජන සංගණන වලින් කියැවෙනවාට වඩා ඉහළ ප්‍රතිශතයක් බැව් සහතික විය හැකිය.. ඔවුන් එසේ වන්නේ, එය ගැන කතා කරන්නේ, එය වෙනුවෙන් දිනයක් සාදා ගන්නේ ඔවුන්ට ඕනෑ නිසා ය.. එසේ ඕනෑ වන්නේ ද, ඒ ඇයි යනුවෙන් ද ප්‍රශ්න ඇසිය හැකිය.. ඒවාට අවශ්‍ය නම් පිළිතුරු ද දිය හැකිය.. එහෙත් එම ප්‍රශ්න "බෞද්ධ වන්නේ ඇයි" යනාදී ප්‍රශ්න වල පරිමාණයෙන්ම පවතින හෙයින් එයට පිළිතුරු දීම එතරම් ප්‍රයෝජනවත් වෙතැයි නොසිතමි..

    ව්‍යවස්ථා සංශෝධන ඉල්ලන්නේ නිර්-ආගමිකයන් පමණක් නොවේ.. ව්‍යවස්ථාවේ කිසියම් අඩුපාඩුවක් ඇති බව පෙනෙන ඕනෑම පුද්ගලයෙක් ව්‍යවස්ථා සංශෝධන ඉල්ලයි.. ව්‍යවස්ථාවෙන් එක් ආගමකට විශේෂයෙන් සැලකීම ඉවත් කිරීමට ඉල්ලීම සහ ආගමික නිදහසත් ආගමෙන් නිදහසත් තහවුරු කිරීම ඉල්ලීම ගැන නම් ප්‍රශ්නය, එසේ ඉල්ලන්නේ නිර්-ආගමිකයන් පමණක් නොවේ.. ආගම සම්බන්ධ පෞද්ගලික නිදහස සහ රජයේ ආගමික නිර්බාධත්වය බලාපොරොත්තු වෙන ආගමික, නිර්-ආග්මික සියල්ලෝම එබඳු වෙනස්කම් ඉල්වති..

    නිර්-ආගමිකයන්ගේ ආගමක් නො-ඇදහීමේ අයිතිය, තමන්ට අභිමත ආගමක් ඇදහීමේ අයිතියෙන් වෙන් කර ගත හැකි යයි නොසිතමි.. පාසල්, රාජ්‍ය ආයතන වල (ඇතැම් විට පුද්ගලික ආයතන වල පවා ), ආගම (සහ ආගමක් ඇති/නැති බව ) අනුව වෙනස් කොට නොසැලකීමත්, තමුන් අකමැති ආගමික විශ්වාස, ඇදහිළි, සිරිත් විරිත් පිළිපදින ලෙස බල නොකර සිටීමත් මගින් අදාල අයිතිය තහවුරු වේ..

    රාජ්‍ය ලියකියවිලි වල ආගම ඇසීම කරන්නේ නම් නිර්-ආගමික යනුවෙන් සඳහන් කිරීමට අවස්ථාවක් තිබිය යුතු ය.. බෞද්ධයෙකුට පෝරමයක "ක්‍රිස්තියානි" යනුවෙන් සඳහන් කරන්නට සිදු වුවහොත් ඇති වන මානසික ගැටළුව වගේම එකකි සමහර නිර්-ආගමිකයන්ට පෝරමයක තමන් අයිති නැති ආගමක් සඳහන් කරන්නට සිදු වූ විට ඇති වන්නේ..

    නිර්-ආග්මිකයන් "ආගම්" මිසක් "වෙනත් ආගම්" විවේචනය නොකරති.. "නිර්-ආග්මික" යනුවෙන් ආගමක් නැත.. "ආගමක් නැති තත්ත්වය" ආගමක් ලෙස සැලකීම විහිළුවකි.. කෙසේ වෙතත් එක් ආගමක් අදහන කෙනෙකුට වෙනත් ආගම්ක විවේචනය කිරීමට ඇති අයිතිය හා සමාන අයිතියක් නිර්-ආග්මිකයෙකුට ආගමක් විවේචනය කිරීමට තිබිය යුතු යයි සිතමි.. කෙසේ වුව ද නිර්-ආග්මිකයන් බොහෝ විට කරන්නේ ආගම් විවේචනය කිරීමකට වඩා තමුන් ඒ ආගම් පිළි නොගන්නේ මන්දැයි කරුණු සහගතව පැහැදිළි කිරීමකි.. වෙනත් මතවාද (සමාජවාදය, ධනවාදය, ආදිය ගන්න ) විවේචනය කිරීම / ඒවායේ තමුන්ට පෙනෙන අඩුපාඩු පෙන්වීම සැමගේම අයිතියක් බව ඔබ පිළිගන්නවා යයි සිතමි.. ආගම් එයින් වෙනස් විය යුත්තේ මන්දැයි නොදනිමි..

    ReplyDelete
  40. නිර්-ආගමිකත්වය "විලාසිතාවක්" වීම සහ "වෙන් කිරීම පිළිබඳ" කන්ස්පිරසි තියරියට නම් උත්තර දෙන්ඩ ඕනෙ නැති වෙයි.. නිර්-ආගමික වීම බෞද්ධ වීමට වඩා අඩු හෝ වැඩි විලාසිතාවක් නොවේ.. ලියුම්කරු හිත යට "බුද්දාගමට ඉපදිච්චි අය බෞද්ධම වෙන්ඩ ඕනෙ" (අනෙක් ආගම් ගැනත් එසේමය ) යන අදහස තබාගෙන කතා කරන බවක් පෙනේ.. නිර්-ආගමිකත්වය "මාකට් කිරීම" ගැන කතා කිරීම නම් අමු ජෝක් එකක් බව කරුණාවෙන් කිව යුතු ය.. ආගමික විශ්වාස තමන්ටම හිතුනු නිසා බැහැර කරන පිරිසකි නිර්-ආගමිකයන්.. ඔවුන් "ආගම" නැමති ප්‍රපංචය ඉන් බැහැරව තේරුම් ගැනීම සඳහා නොයෙක් සංවාද, ලිපි ආදිය මගින් සාකච්ඡා කරන බව සැබෑව.. විද්‍යාව සහ සාක්ෂි මත පදනම් වූ අනුභූතික දැනුම ප්‍රායෝගික කාර්යයන් සඳහා යොදා ගැනීම නිර්-ආගමික පුද්ගලයින්ගේ ප්‍රධාන ලක්ෂණයකි.. ලෙඩක් හැදුණු විට බලි තොවිල් නොකර බෙහෙතක් ගැනීමට යාම වැනි සරල කාරණයක සිට මෙම අදහස පුළුල් පරාසයක දිව යයි.. එහෙත් මේ අදහස් කොතරම් සමාජයට ප්‍රගතිශීලී වුණත් එයට ලැබෙන "මාකට් එක" නම් කතා කර වැඩක් නැත.. ලංකාවේ ප්‍රධාන ධාරා ජනමාධ්‍ය නිර්-ආගමිකත්වය කෙසේ වෙතත් විද්‍යා දැනුම ප්‍රවර්ධනයටවත් කරන සේවයක් නැත.. තාරකා විද්‍යාවට සතියකට පැයක් වෙන් කළ නොහැකි රූපවාහිනී චැනල ජෝතිෂවේදීන් ගෙන්වා දිනකට පැය ගණන් පලාපල කියවයි.. ආගමික දේශනා සහ වතාවත් වලට ඇති මාකට් එක අති විශාල ය.. තම තමුන්ට ගැලපෙන මාදිලියෙන් බණ තෝරාගත හැකිය.. එටිසෙලාට් වල රුපියල් තිහක් ගෙවූ විට හාමුදුරු නමක් විනාඩි තිහක් බණ කියයි.. (මේවා නවත්වන්න යයි කිසිඳු නිර්-ආගමිකයෙකු ලංකාවේදී නම් ඉල්ලනු මා දැක නැත.. ඒවා නැවැත්වීම නිර්-ආග්මිකයන්ට ආගමක් ඇදහීමට බල කිරීම වැනිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි ).. ඔවුන් වැඩිමනත් ඉල්ලනවා නම් ඉල්ලන්නේ මේවා ඔවුන් මත බලයෙන් පටවන්න එපා යයි කියා පමණකි..

    වෙන් කිරීම කුමන්ත්‍රණයකි කියන එකට නම් කියන්නට ඇත්තේ මෙපමණකි.. බුද්ධ ශාසනය අද ශ්‍රී ලංකාවේ වැඩිපුරම ලාභ ලබන ව්‍යාපාරයයි.. කතෝලික සභාව, ඉස්ලාම් දේවස්ථාන, මූලධර්මවාදී නිකායයන්, ආදියට ද ලාභ වලින් අඩුවක් නැත.. සැමගේ බදු මුදල් ඒවා නඩත්තු කිරීමට යෙදවීමේ සාධාරණය පසෙක තැබුවත් එය අනර්ථවත් ක්‍රියාවකි.. (ලංකා රජය අනුග්‍රහය දක්වන්නේ බුදු දහමට පමණක් නොවේ.. ඉස්ලාම්, කතෝලික, හින්දු සහ "මූලධර්මවාදී" යයි හංවඩු ගැසන ලද බොහෝ නිකායයන් පවා පාර්ලිමේන්තු පනත් මගින් සංස්ථාගත කර ඒවා වල නඩත්තුවට මහජන මුදල් යෙදවීම නො-අඩුව සිදු වෙයි.. ඒ සියල්ලේ ජල බිල්, විදුලි බිල් ආදිය ගෙවන්නේ අපි ය.. අති විශාල ආදායම් ලබන මුත් ඒවා බදු වලින් තොර ය.. මේ සියල්ල වෙනුවෙන් දුප්පත් සිරිසේන තමා උපයන රුපියල් 100කින් 63ක් රජයට බදු ලෙස ගෙවයි.. ඒ සියළු වරප්‍රසාද ලබන ආයතන පොදු නීතියට එකඟව කටයුතු කරන්නේ නම් එය එකකි.. එසේ ද නැත.. පොලිසියේ උසාවියේ (වෙනෙකක් තබා ශ්‍රේෂ්ටාධිකරණයේ පවා ) ආගමික ලේබලයේ පිහිටෙන් ඔවුහු යුක්ති ක්‍රියාදාමයට බලපෑම් කරති.. මේ බෙදුම සංශේධනය කිරීම පිණිස කරන ඉල්ලීමක් "කුමන්ත්‍රණයක්" වේ නම් එය එසේම වේවා..

    පාසල් වල ආගම ඉගැන්වූවාට මගේ පුද්ගලිකව කිසිම විරුද්ධත්වයක් නැත.. එහෙත් තම දරුවාට තමුන් අකමැති ආගමක් ඉගැන්වීම වැලැක්වීමට දෙමාපියන්ට අයිතිය තිබිය යුතු ය.. ගණිතය, විද්‍යාව, සිංහල වැනි විෂයය්න් මෙන් ආගම අත්‍යවශ්‍ය විෂයය්ක් නොවනවා පමණක් නොව එමගින් නිරපේක්ෂව පිළි නොගන්නා, පුද්ගලයා අනුව වෙනස් වන මතවාද වලින් එක මතවාදයකට දරුවා අධිශික්ෂණය කරනු ලබයි.. එම විශ්වාශයන් එකිනෙකාට සාපේක්ෂ වුව ද විකල්ප මතයයන් ආදිය විවෘත මනසකින් තේරුම් ගැනීමට උගන්වන්නේ නැත.. නිදසුනක් ලෙස 'ඓයන් ස්ටීවන්සන්ගේ පුනර්භව පර්යේෂණ' ගැන බුද්ධ ධර්මය විෂයයට ඉගෙන ගතිමි.. එම පර්යේෂණ වල පැහැදිළිව පෙනෙන දෝෂයන් නිසා මිතුරු විද්‍යාඥයන් එය මුළුමනින්ම බැහැර කළ ආකාරයත්, අවිද්‍යාත්මක පර්යේෂණ චෝදනාවන් නිසා ස්ටීවන්සන්ගේ "අධ්‍යාත්මික පර්යේෂණ අංශය" වර්ජිනියා සරසවිය විසින් වසා දැමුණු බවත් පසු කාලීනව කියවන්නට ලැබිණි.. "ස්ටීවන්සන්ගේ පර්යේෂණ" විද්‍යාත්මකය යන විකෘති අදහස බුද්ධ ධර්මය විෂය යටතේ ඉගැන්වීම ගැන ඔබ සිතන්නේ කුමක් ද? එසේ නම් විෂයමාලා එබඳු සිදුවීම් නොවන ලෙස අවම වෙනස් කළයුතු යයි ඔබ කියනු ඇත.. එහෙත් එය ප්‍රායෝගික නොවන්නේ ආගමික විශ්වාස වල ඇති ආධානග්‍රාහී බව නිසාය.. විද්‍යාව සහ වෙනත් සාක්ෂි මත පදනම් වූ කරුණු තම විශ්වාසයේ හැටියට නමන්නට උත්සාහ නොගන්නා ලොව එකම ආගමක්වත් තිබේ යයි නොසිතමි..

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....