Saturday, March 20, 2010

25 හෙන් උඩට එමේ සිහිනය බොඳ වි ගිය හැටි

ඉස්කොල දෙකකට තමයි ජීවිතේටම ගිහින් තියෙන්නේ. හැබැයි ඉගෙන ගන්න. පොඩි කලේ ගමේ ඉස්කොලේ. එකේ ඉතිහාසා කොච්චරද කිව්වේත් අපේ සියා, අම්මා දෙන්නම් එකේ අදි ශිෂ්‍යෙයො. කෙහොමින් කොහෙම හරි ශිෂ්‍යත්වය පාස් වෙලා ලොකු ඉස්කොලයකට ගියා. ලොකුයි කිව්වේ කොළඹ එකක් නෙමෙයි. අපේ දුටුගැමුණුගේ රාජධානිය වන කැළණිපුරවරයේ පාසලකට. ඔන්න දැන් මම වැටුන පන්තිය තමයි ඊ-E . අප්පට සිරි ඒ ඉස්කෝලේ E හා F කියන්නේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා එන බ්‍රයිට් කේස් ඉන්න පන්ති දෙක. බ්‍රරයිට් කේස් කියන්නේ බ්‍රරයිට්ම නෙමෙයි එච්චර බ්‍රරයිට් නම් ඉතින් කොළඹ ඒවාට යන්න එපැ. එත් වැපගේ තරමට එකේ ඉන්නේ බ්‍රරයිට් පොරවල්. තව දුරටත් විස්තර කරනවාන්ම් ඒ ඉස්කේලෙට ගිය දා ඉඳන් විභග වලන් 25 වෙනියාගෙන් පල්ලෙහා තමයි හිටියේ. කිවුහම මොකෝ ගමේ ඉස්කෝලෙත් හිටියේ ඔය ආසන්නයේම තමයි. කොහෙමත් අලුත ගිය පාසලේ පන්තියේ ලමයි 35 ක් විතර හිටියා. ඒ අතින් බලපුවාහම මට වඩා මැටි මොල්ලු ඉඳලා තියනවා.

හැමදාම පන්ති වර්තා පොත දෙන දවසට හිතෙන්නේ අනේ මාත් අනික් පන්තියක හිටියනම් අඩුමගනේ 25 න් උඩටවත් පැන ගන්නවා නේද කියලා. මොකද A,B,C,D යන පන්තිව ඉන්නේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා ආපු අය නෙමෙයි. ඔය විදිහට පන්තියේ 25 පල්ලෙහා කියන තැන එකදිගට රැක ගෙන ආව 8 වසරට වෙනකල්. මෙන් වැඩේ 9 පන්තියට යන කොට ළමයි මාරු කරනවා. ඒ කියන්නේ පන්ති කඩනවා. පොඩි පහේ හීන් සතුටක් අවා. මොකද දැන් වැඩේ හරි ළමයි කලවම් වෙනවා එතකොට මට පුලුවන් අනික් පන්තියකට යන්න. හිතපු විදිහටම වැඩේ උන කැඩුවා E පන්තියා. වැටුනා මාවයි තව එකෙකුයි B පන්තියට. ආ අමතක උනා තව කෙල්ලෝ දෙන්නෙකුත් අපිත් එක්කම අලුත් පන්තියට වැටුනා. දැන් ඔන් වැඩේ හරි, 25 මෙහාට පැන ගන්න පුලුවන්.

කොහොමත් ඉස්කොල වල මුල් වාරයේ වැඩ කෙරෙන්නේ නැහැ. ඒ කියන්නෙ විභාග තියන්නේත් ගුරැවරුන්ට් ඔනා විදිහට. ඒ හන්දා ඒ විභාගයේ එච්චර වැඩක් නැහැ කියලා හිතුනා. ඇයි මගේ හිත හදාගන්න එපායැ. මොකද කියනවා නම් 9 වසරේ මුල් වාරයේත් මම 25 න් පල්ලෙහා. අලුත් පන්තියක් උනාට මට වඩා දක්ෂයෝ මේකෙත් ඉන්නවා. එත් මං හිතුවා එකේ කොපි කරන්න පුලුවන් හින්දා උන් කොපි කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ කියලා. හරි දැන් දෙවෙනි වාරය අවා එකේත් 25 න් පල්ලෙහා තුන්වෙනි වාරය අවා මට මතක විදිහට එකේදි 30 නුත් පල්ලෙහා ගියාද කොහෙද. දැන් ඉතන් මගේ සිහිනය බොඳ වෙලා ඉවරයි. අයේ මේ සම්මජාතියේ 25 න් මෙහා එන්න බැහැ. කොහෙම හරි 11 වසරට යනකල්ම මම 25 න් පල්ලෙහා.

මේක වෙන්න පොඩි පොඩි හේතුත් තියනවා. එකක් තමයි මගේ අකුරැ මාර ලස්සනයි. හරියට කියනවා නම් මුතු කැට වගේ එත් පොඩි පරහකට තියෙන්නේ ඒ මුතු කැට ටිකක් විතර එහෙන් මෙහෙන් ඇදිලා පැදිලා හොකර වෙලා ගිහින්. වෙන කිසිම අවුලක් නැහැ. තව දෙයක් තමයි වචන වල ඉස්පිලි පාපිලි නැහැ. ඒක නම් දැනුත් තියනවා. හොදට බැලුවොත් මේ ලිපියෙත් එහෙම එව්වා ඔන තරම් තියනවා. මගේ හිතේන් වචනේ ලියන්න ගන්නකොට ඉසිපිලි පාපිලි තියනවා එත් එව්වා පොතට ලියවෙනකොට මොකෙක් හරි එකෙක් මැද්දෙන් ඉදලා ඉස්පලි පාපිලි ටික උස්සනවා.

අනික් හේතුව තමයි මං කරන හැම වැඩක්ම හරිම පිළිවෙලයි. කොච්චර පිළිවෙලද කව්වොත් ගානක් හදාද්දි කටු සටහනත් තියෙන්නේ උත්තරේ අස්සෙමයි. බලන කෙනටත් ලේසියි මොකද උත්තරේ යටින් ඉරි දෙකක් තියනවා. කෙලින් ලස්සනට ඉරි දෙක විදන හින්දා ඉතා පැහැදිලිව උත්තරේ පෙනවා. ඒ අසලම එහෙම නැත්නම් උත්තරේ උඩින් කටු සටහන තියනවා. ගුරුවරුන්ටත් හරි ලේසියි මොකද කටුසටහනයි උත්තරෙයි බොහෝම පැහැදිලිව එකක් උඩින් එක්ක තියන විදිහට තියනවා. රචනා ලියද්දි ලස්සනට රෑල් අතර වචන ලියන්න පුලුවන්. කවදාවත් ඇදේට ලියවෙන්නේ නැහැ. කිව්වහාම මොකද සමහරදාට වක්‍යයක් කියවන්න යන කෙනාට පුලුවන් සිරිපාද කන්ද මුදුනත් බාලා ගන්න.

දන් මගේ දක්ෂ තා තමයි ලස්සන අකුරු, ඒකට ගැලපෙන ඉස්පිලි පාපිලි, ඊට දෙවෙනි නැහැ වැඩ වල පිලිවෙල. ඉතින් මම කොහෙමද මේ දක්ෂාතාත් එක්ක තවත් පහල හෙවත් 25 උඩට එන්නේ.

ඔන්න ඔහොමයි මගේ වෙනියා මට ඔනා විදිහට හදා ගත්තේ ..

වැප්


9 comments:

  1. හපොයි සහතික ඇත්ත
    මෙන්න මම හොයා ගත්තු තැන් මේ ලිපියේ

    පොඩි කලේ
    ඉතිහාසා කොච්චරද කිව්වේත්
    දෙන්නම් එකේ අදි ශිෂ්‍යෙයො
    කෙහොමින් කොහෙම
    තව දුරටත් විස්තර කරනවාන්ම්
    ඉඳන් විභග වලන්
    කොහෙමත් අලුත ගිය
    මැටි මොල්ලු ඉඳලා
    හැමදාම පන්ති වර්තා
    අඩුමගනේ 25 න්
    මෙන් වැඩේ 9
    උන කැඩුවා E පන්තියා.
    ගුරැවරුන්ට් ඔනා විදිහට
    දැන් ඉතන් මගේ
    අකුරැ මාර ලස්සනයි
    හිතේන් වචනේ ලියන්න
    බලන කෙනටත් ලේසියි
    උත්තරේ පෙනවා.
    රෑල් අතර වචන
    වක්‍යයක් කියවන්න යන
    මුදුනත් බාලා ගන්න
    දන් මගේ දක්ෂ තා
    මේ දක්ෂාතාත්

    සහෝදරයා අකුරු මෙහෙම වුනත් දැන් කරගෙන යන වැඩේ නම් ලස්නට 25 න් ඉහල 1/2 අතරේ තියෙන්නේ

    ReplyDelete
  2. @ චතුරංග රූපසිංහ
    ඔයා නේද පන්තියෙ පලවෙනියා වුනේ?
    මෙකත් බලන්න.
    http://kathandara.blogspot.com/2009/10/smarter-than-fifth-grader.html
    කතන්දරකාරයා

    ReplyDelete
  3. ගමේ පොඩි ඉස්කෝලෙ කවදාවත් දෙවනියා වෙලා නැති මට ශිෂ්‍යත්වෙන් රෝයල් ගියාට පස්සෙ යන්න පුලුවන් උඩම තැන 15....
    :-) ඔව්ව ඔහොම තමා.....

    ReplyDelete
  4. ඔයා ගියපු ඉස්කෝලේ අයියේ මුලු පන්තියෙම 35 හිටියේ මම ගියේ school එකේ හැම වසරකම පන්ති 5 තියෙනවා එත් හැම පන්තියකම මුලු ලමයි ගනන 58 වැඩි ඉදගන්න ඉඩත් මදි එත් අපි ජොලියෙන් හිටියා ඔයාගේ ලිපිය දැකලා මට ඉස්සර මතක් වුනා බායි අයියේ

    ReplyDelete
  5. මට හැමදාම ගනිතයට නම් ලකුණු 100ම් තිබුණා.
    ඒත් අනිත් එව්වාට උත්තර ලියන්න සින්හල අකුරු යොදා ගන්නා නිසා ... හී හී...
    ඒ හින්දා කවදාවත් පල වෙනියා වෙලා නෑ...
    මං හිතන්නේ උසස්පෙලට ආවහම තමා එක ඉලක්කමේ ස්ථානයකට ආවේ.
    මොකද ඒකේදී වැඩියෙන් තිබ්බේ ඉලක්කම් නේ...
    හික්ස්..

    /බිඟුවා...!

    ReplyDelete
  6. අනේ මදැයි.... වැප් 25න් උඩට යන්න හැදුවා..... සමනලීත් 8 වසරෙන් 9 වසරට ආවාම වැටුනේ ඉස්තරම් බ්‍රයිට් පන්තියකට.. නම්බුව බේරා ගැනීමේ ඒකායන අධිෂ්ටානෙන් ඔන්න යාන්තම් වැඩේ ගොඩ දා ගත්තා... සමනලී වැටුනු උපරිම වැටීම තමයි 6 වසරෙදී 12 වැනියා වීම.... අපොයි ඒකෙන් දුක හිතුනු පාර ආයේ කවදාවත් එහෙම නොවෙන්න වැඩ කලා.....

    ReplyDelete
  7. වැපා මෙකතාවම තමයි මගෙත්.. මුකුත් නැහැ physics සර් උත්තර පත්තරෙ අරන් ලගට එනවා උත්තරෙ මොකද්ද කියලා අහන්න... සිංහල මිස් හරිම ආදරෙයි.. හැමදාම මගෙ රචනෙ අනිත් උන් එක්ක බයිට් එකට ගන්නවා. මොනවා කරන්න ද බන් මම මගෙ නෙමෙ වගෙ හිනා වෙනවා...

    ReplyDelete
  8. @ කතන්දර කාරයා
    මාත් හැමදාම 20 25 තාමා මම නම් ඔක ගැන එච්චර හිතලා නෑ

    ReplyDelete
  9. @චතුරංග රූපසිංහ
    හි හි මං හතලම තමය ඔවවා වැරද්දුවේ

    @කතන්දර කාරයා
    බැලුවා එකත් බැලුවා

    @තරිඳු
    බලන් ගිහාම මු බ්‍රයිටෙක්නේ

    @බිඟුවා...!
    මට නම් ඔය කොකත් කිරි ටොයිස් වගේ එත් මේ ගුරුවරුන්ට අපේ පිලිතුරු බලන්න දන්නේ නැහැ

    @Nadun - www. AnuradhapuraZone.tk
    මමම ඉන්න ඔනා අතිතය මතක් කරන්න

    @punchisamanalee
    හා මේ ඉන්නේ තව බ්‍රයිටියෙක්

    @රවා
    හේ හේ මං වගේ තවත් එකෙක්

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....