Sunday, July 11, 2010

කොන්දොස්තර හා මහත්තයා

හෙඩිම දැක්ක ගමන්, හිතන්න එපා මාත් දැන් බස් වල යනවා කියලා. මොකද කට්ටිය දන්නවානේ මන් යන්නේ මගේම වාහනයක හා අත දාන ඔන අයෙකුට ඒක නවත්වනවා කියලා. ඒ වගේම මේ බ්ලොගය බලන කට්ටිය දන්නවා වැප් බස් වල යනකොට BBC ඔන් කරන් තමයි යන්නේ කියලා. ඇයි අප්පේ ත්‍රස්තවාදය නැති උනාට අපිට කියලා තියෙන්නේ අවට ගැන සෝදිසියෙන් ඉන්න කියලා නොවැ. මං ඉතින් ඕක කිව්වා නැතා මගේ යුතුකම ඉෂ්ට කරනවා. මොකද අතින් පයින් යන එකක් යෑ. කතාවක් ඇහෙන පැත්තට එක කන් පෙත්තක් සුසර කරනවා එච්චරයි. බැරි වෙලාවත් කතා දෙකක් ඇහුනොත් කියලා තමයි ඔය එක කන් පෙත්තක් විතරක් එක කතාවක් දෙසට ටියුන් කරලා ගන්නේ. කොකටත් කියලා හැම තිස්සෙම එක කන් පෙත්තක් බැකප් තියාගෙන ඉන්නවා. වැඩේ කෙස් වෙන්නේ කතා තුනක් ඇහුනොත් තමයි. ආ ඒකත් එච්චර අවුලක් නැහැ කට ඒ පැත්තට හරවලා ගහනවා අලුත් සන්නිවේදන කණුවක්. මගේ මධ්‍ය ජිවිතය ගැන කියන්න ගිහින් කියන්න අපු කතාව අමතක වෙලා යනවා තව පොඩ්ඩේන්.

දිනය කිව්වොත් ගිය සිකුරාදා, සුපුරුදු විදිහට 5.30 ඔෆිස් ඇරිලා ගෙදර එනවා. ආ නැහැ දැන් ඒකත් සුපුරුදු නැහැ දැන් ඇඟිල්ල ගහන්න තියෙන්නේ 6 ට. ඒ කිව්වේ දැන් 96ට තමයි වැඩ කරන්නේ. 69 නෙමෙයි හොදේ මොකද 69 කිව්වාහම ඉතින් එක එක වැරදි සිතුවිලි එනවානේ. හරි ඔන්න දැන් මෙතුමා කොළඔ ඇස්ඇල්ටි එක ගාවින් කිරිබත්ගොඩ කරා එන බස් රථයකට ගොඩ උනා. බස් එක පටන් ගන්නේ එතනින් හින්දා සීට් එකක වාඩි උනා, [ සීට් එකක නැතුව බිම වාඩි වෙන්න යෑ ]ගොඩ වෙන පැත්තෙම විදුරුවක් ලඟ. ඔන්න දැන් කොන්දොස්තර මහත්තයා ටිකට් කඩාගෙන එනවා. ටිකට් කඩං එනවා කව්වාට සල්ලි ගන්නවා විතරයි. කෝකටත් කියලා මං ලඟ ටිකට් එකක් තියනවා, ඒ උදේ යද්දි වෙන බස් එකක කොන්දොස්තර දුන්නු ටිකට් එක. ඔන්න ටිකකින් මේ කතාවේ කතා නායකයා ගාවට ඇවිත් ටිකට් එකක් ගන්න කියලා, කොන්දොස්තර මහත්තයා කිව්වා. මෙන්න සංවාදය .... උණු උණුවේ වම් කනේ බැකප් දාගත්තුවා

පුර්විකාව
වේදිකා මද අඳුරේ ඒ අතර තුර යන්තම් කොන්දොස්තර, ඩයවර් උන්නැහේට කියලා එක ලයිට් එකක් දාගත්තා.

චරිත
කොන්දොස්තර - වයසක අඟපතෙන් කුඩා තරමක් අඩු උස අයෙකි
අදාල මගියා - මැදිවියේ කන සාක්කුවේ දමා ගත් මහත්තයෙකි

පේක්ෂකාගාරය
BBC - ඔන් එකේ

කොන්දොස්තර - ටිකට් ටිකට් ටිකට්
මගියා - කෝ?
කොන්දොස්තර - මහත්තයා ටිකට් ගන්න
මගියා - කෝ? ‍ටිකට්
කොන්දොස්තර - මහත්තයා සල්ලි ගන්න
මගියා - ආ ඉන්න සල්ලි දෙන්නම්
කොන්දොස්තර - මහත්තයා කොහෙන්ද බහින්නේ
මගියා - පාලම උඩ
කොන්දොස්තර - අලුත් පාලමද? ගුවන් පාලමද?
මගියා - අලුතෙන් හදපු ගුවන් පාලම නෙමෙයි අනික
කොන්දොස්තර - කැලණි පාලම

අතරතුර
වේදිකාව දැඩි නිෂ්ශබ්ද තාවයේ සියලු මගීන් මේ සංවාදය දෙස තම තමුන්ගේ කන් පෙති දෙකම යොමාගෙන. මා පමණක් එක් කනක් බැකප් තාබාගෙන.

මගියා - සල්ලි දෙන ගමන් කොන්දොස්තර මහතාගේ මුහුණ දෙස ඔනෑකමින් බලාසිටියි
කොන්දොස්තර - තව රුපියල් දෙකක් ඔනා
මගියා - දැඩි නිශ්ෂබ්ද තාවය
කොන්දොස්තර - මහත්තයා තව රුපියල් දෙකක් ඔනා
මගියා - ඉන්න යයි කියමින් රු 100ක් දික් කරයි
කොන්දොස්තර - සද්ද නැතිව සියෙන් රු 2 ගෙන ඉතුරු සල්ලි මගියාට පිරිනමයි
මගිය - ගත් ඉතුරු සල්ලි කිහිප විටක් ගනීමින් නිවැරුදි දැයි පිරික්සා බලන අතර තුරු කොන්දොස්තර දෙසට හොර බළල් බැලුම් දෙක තුනක් එල්ල කරයි
කොන්දොස්තර - මහත්තයා හරිද
මගියා - තාම ගනිනවා


විවේක කාලය
වේදිකාවේ තිරය වැසී යයි. අලුත් පාලම දෙසට බසය ලඟ වෙමින් පවතියි. මගියා තද නින්දේ නිදි සුව විඳිමින්, දැන් බසය සුගත දාස ගෘහස්තය අසල

නැවතත් වේදිකාවේ තිරය විවෘත වෙයි
කොන්දොස්තර - මහත්තයා පාලම ඉස්සරා, නැගිටින්න
මගියා - තත නින්දේ
කොන්දොස්තර - මහත්යා බහින්න ඔන නම් ඉස්සරහාට යන්න
මගියා - ඉතුරු සල්ලි
කොන්දොස්සර - දුන්නේ එකපාරක්
මගියා - එකවර සාක්කු වලට තම අත් කුකල් යවමින් සල්ලි සොයයි
කොන්දොස්තර - ඩයිවර් මහත්යා දෙසට කෙමෙන් කෙමෙන් පිය නගයි

දැන් ඔන් බසය අලුත් පාලම අසල ලඟා වෙමින් පවතීයි

කොන්දොස්තර - මහත්තයා බහින්න ඉස්සරහට යන්න
මගියා - සද්ද නොඅසෙන සේ ..... අම්XXXX හුXXX කැXXXX හුXXX පුතා ඉතුරු සල්ලි
කොන්දොස්තර - මගියා අසලට පැමිනේ
මගියා - කිසි දෙයක් සිදු නොවු ගානට පලම ලඟ බසිනවා යයි පවසමින් ඉදිරි දෙර ලඟට විසි වෙමින් පාවෙයි
කොන්දොස්තර - පසු පස දොර ලඟට සක්මන් කරයි
මගියා - ඉදිරි දොර ලඟ සිට නැවතත් අත දිගු කරමින් කොන්දොස්තර මහතාට ගොලු බාසවෙන් බැන වදියි
කොන්දොස්තර - නැවතත් ඉදිරි දොර ලඟට හෙවත් මගියා සිටින තැනට පැමිනෙයි
මගියා - ඉතුරු සල්ලි
කොන්දොස්තර - දුන්නේ
මගියා - ආ දුන්නා නම් කම්ක් නැහැ
කොන්දොස්තර - මේ හොල්ට් එක කැලණී පාලම, බහින්න
මගියා - ඉතුරු සල්ලි
කොන්දොස්තර - දුන්නේ

මෙවිට බසය පැලියගොඩ හොල්ට් එක දක්වා ධාවනය වෙමින් පවතියි

මගියා - කමක් නැහැ ඊලඟ එකෙන් බහිනවා
කොන්දොස්තර - පසු පසට දොර ලඟට යයි
මගියා - පැලියගොඩින් අමාරුවෙන් බැස ගනී
කොන්දොස්තර - සද්දෙන් මගියාට බැන වදියි


ඔය කන් දෙක එක එක පැති වලට සුසර කරන ඒකම කෙනා මං විතරක් නෙමෙයි නේද? :D

සත්‍ය සිදුවිමක් පාදක කොට, යම් යම් නිර්මණ ශිලි කොටස් අතලොස්සක් එක් කරගනිමින් මෙම විශිෂ්ට කලා කෘතිය නිම කල බවත් මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත බවත් මෙසේ ප්‍රකාශ කරමි.


වැප්

21 comments:

  1. නම් ගම් සියල්ල මනක්කල්පිතය...පට්ට...:D.....මම නම් බස් එකේ යද්දී නම් ඉතින් නැග්ග වෙලේ සිට බසින තුරුම වයරින් වෙලා තම ඕං.....දර්ශන පමණයි ඔන් වෙලා තියෙන්නේ...බලන ගමන් Dubbing පාර්ට් එකත් මංම කොරගන්නවා..:D...

    ReplyDelete
  2. 1. බලන කට්ටිය දන්නවා වැප් බස් වල යනකොට BBC ඔන් කරන් තමයි යන්නේ කියලා.
    2. අවට ගැන සෝදිසියෙන් ඉන්න කියලා
    3. කතාවක් ඇහෙන පැත්තට එක කන් පෙත්තක් සුසර කරනවා
    4. බැරි වෙලාවත් කතා දෙකක් ඇහුනොත්
    5. එක කන් පෙත්තක් බැකප්
    6. කට ඒ පැත්තට හරවලා ගහනවා අලුත් සන්නිවේදන කණුවක්.

    ඉහත කරුනු සලකා බැලීමේදී පෙනී යන්නේ....
    වැප් යනු අබිලිං V2.0 බවද

    *මගියා
    *කොන්දොස්තර
    *ඩයවර්
    යන නම් මනක්කල්පිත නම් බවයි.

    ReplyDelete
  3. අද පුලුවන් ප්‍රතිචාර දාන්න..සිරා නියමෙට ලියලා තියන්ව..මම හිතුවා වෙදිකා නාට්‍ය කොටසක් කියලා..සිරාවටම ...

    ඔහොම එව වෙන්වා තමා බස්වල...

    ReplyDelete
  4. කාටද දන්නේ නෑ නේද බන් වුනේ සීන් එක?. :P

    ReplyDelete
  5. මේකේ තියන එකම මනඃකල්පිත නම - වැප්

    මේ වගේම කපු මහත්තයෙක්ගේ දිනපතා සේවය ඉස්සර අපේ ගෙදරට තිබ්බ...

    මේ සල්ලි අරන් යන කපුවා.. දොර ළඟට යනකම් ගිහින් ආයෙ කියනව..

    "නෝනා, සල්ලි කියක් හරි..."

    අම්ම කියනව එතකොට

    "ඇයි දැන් දුන්නේ"

    "ආහ් දුන්නද දුන්නනම් කමක් නැහැ..".

    මිදුලට ගිහින් කියනව

    "නෝන සල්ලි කියක් හරි... මම ඉතින් මේ වැඩ කරන්න රට වටේම ඇවිදිනව නේ...මගේ වුවමනාවට නෙමෙයි නේ"

    "ඇයි දැන් දුන්නේ"

    මෙහෙම ඉතින් මහ පාරට යනකම්ම කියනව
    ඒ කපුමහතාගේ කාරුණික සේවය නැති වුනා මගේ කට සැර වැඩි හින්ද...
    දැන් අම්මගෙ සල්ලි ටික අම්ම ගාව
    කෙල්ල තාම ගෙදර

    ReplyDelete
  6. අන්න වැප් මල්ලී ඔහොම එන්න.
    ආ දැන් මම කිවුවයි කියලා හිතාගෙන ගහ මුදුනටම නැගළා දල්ල අත ගාගා ඉන්න.

    ReplyDelete
  7. කුලියාපිටියෙ ඉදල කොලඹ බස් එකේ ගෙදර යද්දි වෙන වෙන දෙවල් වලට BBC On උනා කියල නම් මතකයි. :D
    කොහොම උනත් එළ කථාව.

    ReplyDelete
  8. @Shadow/හේමලයා
    ප්‍රතිචාරයාට තුති
    මම නම් ඔය වයරිං වෙන්නේ නැහැ...... එහෙම උනාම මේවා මග ඇරෙනවා නේ :D

    @සහන්
    ප්‍රතිචාරයාට තුති
    හිකිස් අබිලිං වර්ෂන් දෙක හොයන මු තමයි වර්ෂන් එක :D

    @ඉලංදාරියා
    ප්‍රතිචාරයාට තුති
    මේක මේ අවාසනාව ඇත්ත කතාවක් හෙවත් බස් කතාවක්

    @හෙළයා
    ප්‍රතිචාරයාට තුති
    දන්නේ නැහැ මචෝ

    @wath
    ප්‍රතිචාරයාට තුති
    අයියෝ වෙච්ච දෙයක් .....


    @මාරයාගේ හෝරාව
    ප්‍රතිචාරයාට තුති
    හාහා වෙලාවට කිව්වේ මං මේ බහින් කියලා බැලුවේ

    ReplyDelete
  9. ඔය මඟියා = වැප් කියල සමීකරනයක් තියෙනවා නේද ??? හික් හික්..

    පට්ට කතාව.

    ReplyDelete
  10. මේ විශිෂ්ට කලා කෘතිය මීළඟ රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා මම නම් කරනවා

    ReplyDelete
  11. උඹ කීපාරක් ඉතුරු සල්ලි ගැන්නද මචන් . . . . රුපියල් දෙකක් දුන්නම සීයෙන් කීයක් ඉතුරුද ?

    ReplyDelete
  12. පට්ට කතාව බං...
    කියවනකොට ඇඬුනා මට..
    හිකිස්...

    ReplyDelete
  13. ඇති මලේ ඔයින් බේරුනා ආයේ පාරක් ඔයා ඉතිරි සල්ලි ඇහුවානම් එහෙම ෂුවර් කොන්දොස්තර මහත්තයයි ඩ්‍රයිවර් මහත්තයායි එකතු වෙලා දානවා ඔයාව උස්සලා ගඟට

    ReplyDelete
  14. හිහ්.....හිහ්.....මල් 7යි.....ඊළග පාර online කවි මඩුව වෙනුවට online වේදිකා නාට්ය යක් කරමුද :D ?

    ReplyDelete
  15. @පිස්සා පලාමල්ල
    ප්‍රතිචාරයාට තුති
    ඒ සමීකරණය වැදරියි
    ඒක සාධනය උනේ
    ඔය මඟියා = පිස්සාගේ පළාමල්ල කියලා

    @Thameera
    ප්‍රතිචාරයාට තුති
    නම් කරලා විතරක් මදි ෆුල් සපොට් ඔනා.... හිකිස්


    @දුමී
    ප්‍රතිචාරයාට තුති
    උබ ගනන් කරපු විදිහ මන්ද දන්නේ :D

    @සෝරෝ
    ප්‍රතිචාරයාට තුති
    ඇඬුනා ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි :D

    @RanDil
    ප්‍රතිචාරයාට තුති
    හප්පා එහෙමද? :D

    @ගීත් (සහෘදයා)
    ප්‍රතිචාරයාට තුති
    කොරමු කොරමු :D

    ReplyDelete
  16. මේකනං අතිවිශිෂ්ඨ කෘතියකි. විසිස්ට කම කොච්චර ද කිව්වොත් පොඩි විචාර කෑල්ලක් වත් අමුණගන්ට තේරෙන්නෑ. බස් මගීන් හා කොන්දොස්තර මහත්වරු ගැන ලියැවුනු යුගයේ මහා ..... අනේ මන්දා කොහොමත් ගොතාගන්ට බෑ.

    (අපරාදේ මම ගිය පාර පොස්ට් එකට දාපු කවිය යකෝ!)

    ReplyDelete
  17. අත දැම්මහම නවත්තන්නෙ ස්තිරී ප‍රාන වලට විත‍රද දන්නෙ නෑ.

    ReplyDelete
  18. නාට්ටි බලන්නත් ටිකට් ගන්න වෙයි... :)

    ReplyDelete
  19. ඔනෙම සුළු සිද්ධියක ලොකු කතාවක් තීනව. අගේ ඇති සටහන.

    ReplyDelete
  20. @බුද්ධි
    ප්‍රතිචාරයාට තුති
    එක එක විදිහට ලියලා බලනවා :D

    @අනුරාධ
    ප්‍රතිචාරයාට තුති
    අනේ මන්දා මං ඔව්වා දන්නේ නැහැ :D

    @indik
    ප්‍රතිචාරයාට තුති
    වෙයි වෙයි බැරිද විකුණන්න එන්නා :D

    @ඉන්දික උපශාන්ත
    ප්‍රතිචාරයාට තුති
    අනිවා මචාන්

    ReplyDelete
  21. හප්පේ වැප්... මාර සන්නිවේදනාගාරයක් නේ... මරු.. එතන ඉඳන් බැලුවා වගෙ... එල

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....