Sunday, November 7, 2010

ටැබූ ලොක්කට සම්මානයක් මගෙන්

ටැබූ කිව්වාම ඉතින් මට නම් දිරවන්නේ නැති කෙනෙක් තමයි. මොනවා උනත් ටැබූ නිසා සිංහල බ්ලොග් අවකාශය අතපත ගාන්න හුරු උනු පිරිසකුත් ඉන්නවා කියලා හැමෝම මතක තියාගන්න. දන්නවද දන්නේ නැහැ, ටැබූ සබ්ජෙක්ට් - බෞද්ධායට අපහාස - NGO කලාව කියලා ලිපියකුත් ලිව්වා මං. ටැබූ දැන් ටිකක් විතර යන පාර වෙනස් කරලද කියලත් හිතෙනවා [හීනෙන් තමයි]. කොහොම හරි කමක් නැහැ දැන් ලිපියේ අරමුණ උනේ ටැබූ ලොක්කා අන්තිමට දාපු 2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි ලිපිය ගැන පොඩ්ඩක් විතර කතා කරන්න. ඒ පැත්තේ ගිහින් කමෙන්ටුවක් දානවට වඩා මේ පැත්තේ මගේ තැන ඉඳන් මට ඕන වාරණ , කැපිලි කෙටිලි කොටු දැමිම් කර ගන්න එක වඩා හොඳයි කියලා හිතුනා.අනික දැක්කේ නැති කවුරු හරි ඉන්නවා නම් දැකගන්න පාර කැපුවා වෙනවානේ. හැබැයි ඒ ලිපිය නොදැක්ක කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔහු හෝ ඇය සිංහල බ්ලොග් ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් වෙන්න ඔනේ. එහෙම කියන්නත් බැහැ අතපසුවීමක් වෙන්නත් පුලුවන් නොවැ.

මුලින්ම කතා කරමු යොදාගත් වර්ගීකරණය, හෝව් හොව් ඊට කලින් දෙයක් කියන්න තියනවා, ඒ තමා ටැබුගේ මේ ලිපිය, අලස වෙලා කම්මැලි වෙලා අකර්මඤ්ඤ වෙලා උන්නු බ්ලොග් කරුවන්ට ලොකු උත්පේරකයක් උනා.  ජය ගත්තු හෝ නිර්දේශ වෙලා තියන අය පමණක් නෙමෙයි අපි වගේ පොඩි පොඩ් අයටත් යම් කිසි ඉලක්කයක් පෙන්නුවා. කවුරු කොච්චර කිව්වත්, "අනේ මට නම් එපා/ මට ඔව්වා වැඩක් නැහැ ඔවා කන්නද මන් ලියන්නේ මගේ සතුටට කියලා",  තමුන්ගේ ලිපියකට හරි බ්ලොග් එකකට හරි වෙන කවුරු හරි කරන ලද විවේචනයක් හෝ කමෙන්ටුවක් එක් කරන්නේ ලොකු වටිනාකමක්. මේ කල වැඩේ වෙනුවෙන් ටැබූ ලොක්කට, පොඩි පහේ ලොකු සම්මානයක් දෙන්න තමයි මං හදන්නේ. මතක තියා ගන්න මේ ලිපිය වෙනුවෙන් විතරයි කියලා.


1. පාඨක ඤාණ පරාසය පුළුල් කිරීම වෙනුවෙන්:
2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්:
3. හොඳම සාමාජීය / දේශපාලන බ්ලොග්කරණය වෙනුවෙන්:
4. අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන්:
5. පර්යේෂණාත්මක බ්ලොග්කරණය වෙනුවෙන්:
6. සරල ජනප්‍රිය බ්ලොග්කරණය වෙනුවෙන්:
7. හොඳම කාන්තා බ්ලොග්කරණය:
8. හොඳම යොවුන් බ්ලොග්කරණය:
9. හොඳම දියස්පෝරික බ්ලොග්කරණය:
10. අවසාන විනිශ්චය

ලෙස තමයි වර්ගීකරන වෙලා තිබුණේ ටැබුගේ සම්මාන ටික. ඒ ඒ වර්ගයට අදාලව ජයගන්නා ලද බොහොමයක් අඩවි සමග මගේ පුද්ගලිකව කිසිඳු විරෝදයක් නැහැ. මොකද ඒ හැම එකක්ම ඒ ආකරයෙන් සම්මනයට පාත්‍ර විය යුතු අඩවි. උදාහරණයක් විදිහට මාරයගේ හෝරවා, සොඳුරු සිත හෝ සයිබර්යය කියන සිංහල බ්ලොග් කවුරුත් දන්න කවුරුත් කියවන වෙනස්ම පැති වලට දිවෙන අනිවර්යයෙන්ම සම්මානයට පාත්‍ර විය යුතු බ්ලොග් අඩවි. ඉහත වර්ගීකරණයට අඩුවක්ව පවතින එකතු විය යුතු යැයි සිතන පහත වර්ගීකරනයන්  ඊලඟ පාර සලකා බලන්න කියලත් ටැබූ සර්ට මං යෝජනා කරනවා.

11. හොඳම තාක්ෂණික බ්ලොග්කරණය
12. හොඳම ළමා බ්ලොග්කරණය හෝ පාසල් බ්ලොග් කරණය

ඊට අමතරව

13. වසරේ හොඳම ගද්‍ය රචනය
14. වසරේ හොඳම පද්‍ය රචනය
15. වසරේ හොඳම ජායාරූපය / කාටූන්  .........
16. වසරේ ජනප්‍රියතම ලිපිය

17. වසරේ පාඨක සම්මානය -  [ බ්ලොග් අවකාශයේ සැරිසරමින් රචකයන් උනන්දු කල පාඨකයා]

වර්ගයන් ගනණ දිග වැඩි උනත් මේවත් සම්මාන දිය යුතු වර්ග කියලා මං හිතනවා.

ඊලඟ කාරනය තමයි සමහර බ්ලොග් අඩවි මගහැරීයා. ‍ මේකට ඉතින් කරන්න දේකුත් නැහැ. ටැබූ තනියෙන් මේ වැඩය කීරිමත්, යොදාගෙන ඇත්තේ ලාංකීය සිතුවිලි පමණක් නිසාත් සමහර විට සිංහල බ්ලොග් කියවනයේ හෝ කොත්තු  වල විතරක් තියන බ්ලොග් අඩවි මග හැරී යන්න පුලුවන්. ඒ නිසා එම සින්ඩිකේටර් දෙකත් භාවිත කරගන්න කියන යෝජනාවත් කරන්න මං කැමතියි. මොකද නැත්නම් අසාදරණයට ලක්වෙන්නේ බ්ලොග් රචකයන්.

නොදුටු පැත්ත
ඔන්න ඔය විදිහට තමයි මං මේ ටැබූ සම්මාන උළෙල දැක්කේ. කොහොම හරි ටැබූ මේ කරපු වැඩේ අනියමින් හරි සිංහල බ්ලොග්කරණ තරගාවලිය ට බලපෑමක් ඇති කරනවා. සමහර විට ටැබූ මෙයින් බාලපොරොත්තු වූයේත් එයම වන්නට ඇති. දැන් බ්ලොග් අවකාශය තුල සැරිසරන හැමෝගෙම හිතේ, ජයගත යතු යැයි සම්මත උනු සිංහල බ්ලොග් අඩවි ටිකක් කැරකෙනවා. හරියට කිව්වොත් දැන් රාමුවක් හැදිලා ඉවරයි හොඳම බ්ලොග් අඩවි‍ ‍ටික එකතු කරලා.

නිසි ඇගයීමක් මෙතෙක් නොවූ, සම්මානයට පාත්‍ර වූ සියලු බ්ලොග් හිතමිතුරන්ට සුබපැතුම් පිරිනමන ගමන්, ඊලඟ වසරේදිත් ටැබූ සම්මාන උළෙල මීටත් වඩා සාර්තකව සිදු කිරිමට ටැබූට හැකිවේවායි පතමින් මේ ලිපිය අවසන් කරමි.

වැප්

10 comments:

  1. ඇත්තටම ටැබූගේ වැඩෙ හොඳයි..ඒත් මම හිතන්නේ මෙක කරන්න ඔන වැප් මල්ලී උඹයි.

    මොකද ඒකට උඹට අයිතියක් වගේම හැකියාවත් තියෙනවා..තව කවුරු හරි හොදට කියවන්න පුළුවන් බ්ලොග් වලට සම්බන්ධ නැති තුන් හතර දෙනෙක් සම්බන්ධ කරගෙන නියමිත නිර්ණායක එහෙම සකස් කරගෙන කරන්න බලහං..
    අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත්...

    නැත්තං අපි තනි තනිව මෙවා තෝරන්න යන එක ඒ තරම්ම හරියන වැඩක් නෙවෙයි..අද ටැබූ තේරුවා.. හෙට තව කවුරු හරි තෝරයි..නමුත් ඒක හරිම විදිය කියලා මම හිතන්නේ නැහැ.මගේ බ්ලොග් එක උඩට ඇවිත් තිබීම ගැන මම සතුටු වෙනවා.ඒත් අපිට අයිතියක් තියෙනවද ඒ දේ කරන්න කියන එක මටනං ගැටළුවක්. ඒ වගේම ඒක කරපු පුද්ගලයත් එක්ක තියෙන ගැටුම් නිසා ඒ කළ තේරිමට තවත් කෙනෙක් විරුද්ධ වෙන එක වලක්වන්න බැහැ.

    ඒත් උඹ සින්ඩියක් නියම තත්වයක් ඇතිව කරගෙන යන එකෙක්..
    අපි කවුරුත් උඹ මිනිස්සුන්ට දීලා තියෙන අවස්ථාවට ස්තූති කරන්න කැමතියි.

    ඉතින් ඔය වැඩෙත් උඹෙ අතින් කෙරෙනවනං මම කැමතියි.

    ReplyDelete
  2. වැපෝ, උඹ ලියන දේවලුත් මට දිරවන්නෙ නෑ තමයි. වෙන එකෙක් නම් දැනටම කණේ පාරක් දීලා. ඒත් උඹ ෂාන් වගේ එවුන් යාළුවො නිසා මං එච්චර ගණන් ගන්නෙ නෑ. අනෙක මං වැටිල හිටපු වෙලාවෙ අත දීපු එකේ කෙළෙහිගුණ තියන්නෙ ඕනැනෙ.

    අනෙක් සියළුම සාහිත්‍ය සම්මාන උළෙල සැප්තම්බරයේ රාජ්‍ය සාහිත්‍ය උළෙලට පෙර පවත්වන්නේ හේතුවක් ඇතුව. ඇත්ත. ටැබූත් මේ වෙලාව යොදාගත්තේ හේතුවක් ඇතිව. (යකඩෙ තලන්න ඕනැ රත්වෙච්චි වෙලාවෙනෙ.) ඒත් වැඩකට ඇති සම්මාන උළෙලක් හැටියට ටැබූ නොදකින එකක තීරණ වලට අනියමින් බලපෑම් කිරීමේ කිසිම උවමනාවක් නෑ. ඊට වඩා හරවත් යමක් ටැබූ කර ඇතයි තව ටික දවසකින්ම පෙනේවි.

    - Taboo

    ReplyDelete
  3. අම්මට උඩූ යකෝ මමත් කමෙන්ටු දාල නේ යකෝ මම දැනුයි ටෑබූ ගෙ ලිපිය කියෙව්වෙ කව්රු හරි බල්ලෙක් මගේ නමත් අහවල් විදියට පාවිච්චි කරල උඹ කියපුව ඔක්කොම ඇත්ත හැබැයි සිංහල බ්ලොග්කරණ තරගාවලිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නෑ ඒවගේම

    / ඒ නිසා එම සින්ඩිකේටර් දෙකත් භාවිත කරගන්න කියන යෝජනාවත් කරන්න මං කැමතියි. /

    උඹේ යෝජනාව නම් හොඳයි ඒ වුණාට ඒකෙ ඉන්න උඹලයි යාළුවොටික පණ්ඩිත වැඩී ඒ නිසා ඒ සින්ඩි පැත්තෙ යන්න හිතෙන්නෙ නෑ අපේ නම ගෑවුන බ්ලොග් එකක්වත් උන් ඇතුල් කරගන්නෙ නෑ උදාහරණයක් රුක්ෂාන් යෝගා අඩවිය මම කාලිංගට 3 පාරක්ම ඉල්ලීම් කරල යැව්වත් වැඩක් උනේ නෑ

    ReplyDelete
  4. වැප්,
    //17. වසරේ පාඨක සම්මානය - [ බ්ලොග් අවකාශයේ සැරිසරමින් රචකයන් උනන්දු කල පාඨකයා]//
    මේක නම් කදිම යෝජනාවක්.

    2010 වසරේදී නම් මගේ නිර්දේශය
    Shadow/හේමලයා.
    බොහෝදෙනා එකඟ වේවි.

    මෙය ටැබූගේ කමෙන්ට් තීරයේ සටහන් කිරීමට ප්‍රමාද වීම ගැන කණගාටුවෙනවා.

    ReplyDelete
  5. ටැබූ හොඳ හැකියාවක් තියෙනෙ කෙනෙක්. ඒත් අවාසනාවට ඒ හැකියාව වසාගෙන සාම්ප්‍රදායික ග්‍රාමීය සිංහල හීනමානය ඉස්මතුවෙනවා. අපූරුවට කරගෙන ආ සිංහල ලිපි නවතා, ඉංගිරිසි හැකියාව පෙන්නන්න යාමත්, විවේචනවලට සංවරව ගුනාත්මක පිලිතුරු දීමේ නොහැකියාවත් මේ අතරින් කැපීපෙනෙනවා.

    ඉස්සර මම හරිම ආසාවෙන් ඔහුගේ ලිපි කියෙව්වා. වචන හැසිරවීමට ඔහුට තියෙන්නේ පුදුම හැකියාවක්. දැං නං ඔය හඳ හාවා දකින්නැහේ තමයි ඒ පැත්තෙ යන්නෙ. ඉස්සර ඒ ලිපිවල තිබ්බ ගතිය අද නෑ.

    අනුන්ගෙ වැඩ විශ්ලේෂණය කරන්න ඉස්සෙල්ලා, ටැබූට තියෙන්නෙ තමන්වම විශ්ලේෂණය කරගන්නයි.

    ඉංගිරිසි වචන සිංහල හුරුවට ලියලා අළුත් වචන හැදීමෙන් වත්, ලිපියේ මාතෘකාව සිංහල/ඉංග්‍රිසි දෙකෙන්ම දැමීමෙන්වත්, අර ඉස්සර ලිපිවල තිබුණු හරවත් භාවයට කිට්‍ටුවෙන්න බෑ. මොනවා වුනත් මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. ටැබූගේ තියෙන උද්ධච්ච ගතිගුණ අනුව, බැන අඬ ගැහීමක් ඇරෙන්න වෙන සමබර පිලිතුරක් බලාපොරොත්තුවෙන්න අමාරුයි.

    කොහොම නමුත් මේ සියලු අඩුලුහුඩුකම් මැද වුනත් ඔහුගෙන් තාමත් සිංහල බ්ලොග් අවකාශයට හොඳ සේවයක් වෙනබව පිලිගන්න වෙනවා.

    ReplyDelete
  6. වැප්,

    අර අලුතෙන් යෝජනා කරපු සම්මාන වලට ඈතුලත් කරලා තියෙන
    වසරේ පාඨක සම්මානය කියන එකනම් ගොඩක් වටිනවා චාමී කියනවා වගේ.

    සමහරු ඉතාම නිර්මාණගීලී කමෙන්ට් වගේම වචන සීයක් කිට්ටුවෙන කමෙන්ට් කරලා තියෙනවා මම දැකලා තියෙනවා. සමහර ඒවා එයාලගෙන පෝස්ට් එකක් විදිහට උනත් දාන්න පුලුවන්....

    මමත් කියන්නෙ වසරේ පාඨක සම්මානය කියලා එකක් තිබුනොත් හොඳයි කියලා.

    හේමාලයත් ඒ අතරින් කෙනෙක් බව මමත් පිළිගන්වා.

    ReplyDelete
  7. මටත් ඔය ටෑබූ ගේ සම්මාන දෑකපු ගමන් හිතුන් දෙයක් තමා ඔක අනියමෙන් හරි බල පායි කියල.මාරයාගෙ යොජනාව හොඳයි. ඔය හෑම බ්ලොගයක්ම කියවන අය හොයන්න තමයි අමාරු.

    ReplyDelete
  8. charmi කියපු දේට මමත් එකඟයි

    ReplyDelete
  9. දුක්ක දායක අරමුණක් පෙරදැරිව පටන් ගත්ත මගේ ලිවීම මේ තරම් කතා කළ යුතු මට්ටමකට ගෙන ඒමට සහය දුන් සින්ඩි ඕකටමයි... පුංචි කමෙන්ටුවකින් වුනත් ලොකු සහයෝගයක් දෙන මගේ යාලුවන්ටයි ස්තූති කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තට වැප් තරහ වෙන එකක් නැහැ නේද?

    ඇත්ත ...

    ලියන්නන් දිරි ගන්වන කමෙන්ටු සපයන්නා තෝරන එක මේ හැමදේටම වඩා වටිනවා කියල මාත් හිතනවා...

    ReplyDelete
  10. ලියන්නන් දිරිගන්වන කමෙන්‍ටු වලට නම් සම්මාන දෙන්න ඕනෙ ඔබා ට තමා. වැපා. මේ අවුරුද්දෙ උඹ ‍තෝරපං

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....