Tuesday, December 13, 2011

ප්ලාස්ටික් කූඩ එපා - කොටුව දුම්රිය පල උද්ගෝෂණය - වෙළඳුන්

අද උදෑසන සිට කොළඔ ටෙක්නිකල් හංදියේ සිට කොටුව දෙසට දැඩි වාහන තද බදයක් පැවතිණ. [මේ ලිපිය පල කරන විටත් එම තද බදය තිබිය හැක]. මෙයට හේතුව කොළඔ වෙළඳුන් විසින් කොටුව දුම්රිය පළ අසල උද්ගෝෂණයක් පැවැත්විමයි. එළවලු ප්‍රවාහනයේදි ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවර්යය කිරිම මෙම උද්ගෝෂනයට හේතුවයි. දැඩි වාහන තද බදය මෙන්ම, දුම්රියෙන් හා බසයෙන් උදෑසන රැකියා ස්ථාන කරා යන බොහෝ මිනිසුන් අසීරුතාවයට පත් කරමින්, කොටුව ඉදිරිපිට, දුම්රිය නැවතුම් පළ පැත්තේ තිබෙන මන් තීරුව වසා ගනිමින් මෙම උද්ගෝෂණයපැවැත්වුනි.

ප්ලාස්ටික් කූඩ භාවිතයේ වාසි මෙන්ම අවාසිද ඇත. බොහෝ වෙළදුන් පවසන්නේ රැගෙන එන කූඩ ගෙදර යන විට ඔසවාගෙන යාමට අමතර පිරිවැයක් දැරිය යුතු බවයි











පින්තූර ටික බලලා අහවර නම් මේ ලිපියත් බලලා එන්න http://raj1st.blogspot.com/2011/12/blog-post_12.html

28 comments:

මාතලන් said...

මාර මාධ්‍යවේදියෙක්නේ...

වැප් said...

තැන්කෝ තැන්කෝ ...
බොරු මොකටද ආසා වැඩක් ....ගුටි කැමකුත් ලඟදිම සෙට් වෙයිද මන්දා :DD

ලැජ්ජාව පැත්තකින් තියලා ඉදිරියටම ගිහින් අනික් උන් ලොකු කැමරා තඩි උස්සන් ඉද්දි මම මගේ අහිංසක පෝන් කට්ටෙන් පින්තූර ටිකක් ගහ ගත්තා :DDD

රවා said...

උපාධියක් කරපු එකෙක් බොර්ඩ් ලැල්ලක් අල්ලන් ඉද්දි උඹල ඔච්චර පරක්කු වෙන්නෙ නැහැ. ගොඩක් මිනිස්සු බනිනවා. කදුලු ගැස් ගහනවා. ඇයි මෙකට විතරක් කදුලු ගැස් නැත්තෙ.. අනික නිකන් මෙ උද්ගොෂනය විහිලුවක් වගෙනෙ. ජොක් එකක් . කූඩ උස්සන් යන්නෙ වෙලෙන්දු නෙමෙනෙ. අපිනෙ වෙලෙන්දුන්ගෙ බඩු ගන්නවා නම් උන්ට තියනන්නෙ බඩු විකුනන එකනෙ. මුන්ගෙ පින්තුර දිහැ බලපු හාම මුන් බඩු විකුණ න වෙලෙන්දුවගෙ නම් පෙන්නෙ නැහැ .. කැලනිය පැත්තෙ කුඩු විකුණන.. ගංජා කාරයෙ වගෙ... මෙහෙම රටක් පාලනය කරන්නත් ලොකයෙ හොදම ජොකර් කෙනෙක් තමයි බලයට එන්න ඔනා.

වෙද ගෙදර මහ වෙදනා said...

මගේ මතයත් මෙතැනදි යම් ස්ථාවර ද්‍රව්‍යයකින් සෑදූ සවිශක්තිය ඇති කූඩා භාවිතය වැදගත් බවයි. මේවා ප්‍රවාහනයේදී සහ අතරමැදි අවස්ථාවලදී ඇතිවන හානිය අවම කර ගත හැක්කේ එවිටයි. නමුත් මේ දුප්පත් ජනතාව තව තවත් පෙලීමකට නොයනා ලෙස මේ තීන්දු තීරන ගැනීම වැදගත් බවයි මගේ හැඟීම. අඩු ගනනේ ඇන්. ඇස්. බී. ණයක්වත් දී ඒ මිනිසුන්ට මේ තත්තවයට පෙලඹීමක් කර නීති ගෙනාවානම් වඩා යහපත් බවයි මටත් හිතෙන්නේ.
වැප් සහෝදරයා මරු නියම ජන්මාධ්‍ය මෙහෙවරක්. මාරයාගේ ගුවන් යානා කඩා වැටීමේ අවස්ථාවට සමානයි. හෙක්.. හෙක්...

නදී said...

නියම රිපෝටර කෙනෙක්නේ වැප් අය්යා.ඔය ප්‍රශ්ණේ නිසා එළවලු මිල ගොඩක් ඉහළ ගිහින්

රවා said...

වැප් ද රිපොර්ටර්.. අපෙ ටින් වැප් ටින් වීරයාට ජය වෙවා.... සුවහසක් ජනීජනයා තම තමන්ගෙ රාජකාරිවලට යද්දි.. වැප් ටින් මහතා සියල්ල අමතක කර දමා යනගමන නතර කරන්.. බ්ලොග් වල කාලකන්නිවන අප ගැන සිතා තොරතුරු වාර්තාකරාට ස්තුතිය...

විසිතුරු | visituru said...

අඩේ! නියමායී වැප් අයියා! උණු උණු පුවත්!

සිහින said...

මම උඩ කියවද්දිම දාන්න හිතං උන්න කමෙන්ට් එක මට කලින් මෙන්න විසිතුරු දාල......
උණුසුම් පුවත් සැනින් - එසැනින් !!!

මාරයාගේ හෝරාව said...

අඩෝ වැපා බලු වැඩ කරන්න එපා..තෝ අර 7වැනි පොටෝ එකගත්තේ වෙන කොහේ හරි එහෙකින් නේද.. ෂුවර් එකට අර එදා තිබුන රජයට සහය පල කිරීමේ උද්ඝෝෂණයෙන් වෙන්න ඕන..:D:D:D

මගේ ජීවිතය said...

ඡායාරූපමය පුවත්පත් කලාවේදියෙක් වගේ :-D
ඒ පිංතූර ටිකේනම් ප්‍රවෘත්තිමය බවක් තියෙනවා. සිද්ධිය හොඳින් ආවරණය කරලා ෆෝන් කැමරාවෙන් වුණත් :-)

අපිනම් කැමති අපි සල්ලි දීල ගන්න එළවළු පළතුරු තැලිල පොඩිවෙලා නැතිව නැවුම්ව තියෙනවනම් තමයි. අපි දෙන තේ දළු ගෙනියන්නනම් ගේ ළඟට ලොරියක් එනවා ෆැක්ටරියෙන්ම. ඒගොල්ලො ප්ලාස්ටික් කූඩ වලට දළු ටික දාගන්නවා. එතකන් අපි දළු එතනට ගෙනියන්නෙ ගෝනියක දාල. කූඩෙක දැම්මොත් ඒ ටික දාන්න එක කූඩෙ මදි :-D
එතකොට ගෙනියන්නත් එක්කෙනෙකුට බෑ. දළු නෙළන්නෙත් ගෝනිවලට. ඒවයෙම තමයි ලොරිය ළඟට ගෙනියන්නෙ. ඒ වුණාට ඒව තැලෙනව අඩුයි ප්ලාස්ටික් කූඩෙ දැම්මනම්. එළවළු පළතුරු ගැනත් ඒ වගේ තමයි කියන්න වෙන්නෙ :-D

ඒත් කුඩා තේ වතු හිමියන්ට හොඳ දිරිගැන්වීම් තියෙනවා. ණයදීම්, පොහොර, වැවිළි උපකරණ සහන මිළට දීම් වගේ. අනික කර්මාන්තශාලාවෙන් ගේ ළඟටම ඇවිත් දළු අරන් යනවනෙ. අනිත් වැවිළි වල නියුතු අයටත් එහෙම දේ තිබුණනම් ගැටුම් අවම වෙන්න පුළුවන් කියල හිතෙනවා

RanDil said...

ආ ලැබුනු ආරංචිය හරි. රස්සාවෙන් දොට්ට දාලා පාරක් පාරක් ගානේ රස්තියාදු ගහනවාය කියලා පත්තරේ වාටියේ තිබුනා...... ඔය වෙලාවට නැත්තං කොහොමද ඔතැන ඉන්නේ නේද?

කොහොමද බනෝ........ දවල්ට කෑවද? :D තව ටිකක් ලඟට ගිහින් පිංතූර ගත්තා නං යහමින් කන්න තිබුනා මං හිතන්නේ. අර පහුගිය දොහේ බජට් එකට බකට් අදින්න ගිය අයව පිංතූර ගත්තා නං අවුරුද්දටම සහනාධාර ගන්න තිබුනා...... :D :D :D

රාජ් said...

වැප්ගෙ පෝස්ටුව දැං දැක්කෙ. //ප්ලාස්ටික් කූඩ භාවිතයේ වාසි මෙන්ම අවාසිද ඇත.//
මේ ගැන මගේ පෝස්ටුවේ දාල තියනවා. මම නං කියන්නෙ අවාසි පැත්ත බර වැඩියි. කොහොම උනත් මේ කේස් එකෙන් එළවළු සංසරණය අවුල්වෙන්න පුළුවන්. පහතරට අයට පහතරට එළවළු කන්න වෙලා උඩරට අයට උඩරට එළවළු කන්න වෙලා කොළඹ(සහ එළවළු වගා නොකරන) අයට පානුයි පරිප්පුයි කන්න වෙයි වගේ.

Anonymous said...

වැප් අයියේ ඔයා පාවිච්චි කරන ෆෝන් එක මොකද්ද?

වැප් said...

අම්බෝ බොහොම ස්තුතියි දිරිගැන් වීම් වලට

අන්තිම ඇනෝ ... මම පාවිච්ච කරන්නේ නොකියා 1100 එකක් :DDD

රාජ් said...

දැන් දැක්කෙ. පබ්ලිසිටියට බොහොම ස්තුතියි වැප්.

නිශ් said...
This comment has been removed by the author.
මාලන් said...

Good Job!!!

වෙළෙන්දන්ගේ පොඩි සම්මුඛ සාකච්ඡාවකුත් දැම්මානම් වැඩේ සම්පූර්ණයි.

Migara Luvis said...

Good attempt Machan ... there seems to be a hidden 'journalist' in you ...

Charmi said...

/දේශීය ගොවිතැනට අත නොතබනු/
නියම ගොවියො ටිකක් තමයි බැහැල ඉන්නෙ. මේ රටවල් කවද හැදෙයිද මන්ද බං....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

වාර්ථාකරුවෙකු වූ වැපා , මුලින්ම වාර්ථා කරනයට බැස්සෙ මාරයා (මතකනේ අර ප්ලෙන් පත බැවුන වෙලාව )

මාරයට නම් දිනමිනේ පොස්ට් එකක් ගන්න පුලුවන් දලමට , වැපාට ගැලපෙන පත්තරේ මොක්ක්ද

පබලු said...

අලුත් කලාවක් බ්ලොග් ලොවට හදුන්වා දීමක් වගේ..:DDD
පෝස්ට් එකත් එළ.ප්ලාස්ටික් කූඩත් එළ.

කූඩ අපිට හොද වුනාට වෙලෙන්දට දරන්න වෙන පිරිවැය වැඩි නිසා ඒ අයට හොද නැ තමයි

``` Outsider``` said...

කොහෙන් ගියත් අන්තිමට ගොවියටයි පාරිභෝගිකයටයි තමයි සබ්බුව හම්බ වෙන්නෙ මේ වෙළෙන්ඳන්ටනම් නෙවෙයි. ඒක ඉතින් මේ රටේ ජාතික ලක්ෂණයක්නෙ.

Observer said...

පානුයි පරිප්පුයි දවසක මොනවද වේවා...

ලොකු පුතා said...

පත්තර මහත්තැන් කෙනෙක් වෙලා එහෙනම්.....
ලෝකයේ බහුතරයක් රටවල් මේ ප්ලාස්ටික් කුඩ වලින් එළවලු පලතුරු ප්‍රවාහනය කරලා ප්‍රවාහනයේදී සිද්ධ වෙන හානි අවම කරගන්නවා
අපිටත් එහෙම කරන්න බැරිවෙන එකක් නැහැ
ඉලක්කම් වලින් මතක නැති උනත් ප්‍රවාහනයේදී එළවලු පලතුරු වලින් ඉහල ප්‍රතිශතයක් හානිවෙන බව ලියවෙච්ච වාර්තා ඕනෙතරං දැකල තියෙනවා

පරිසරයට තියෙන අහිතකර බලපෑම ඇරෙන්න මෙව්වයේ තියෙනව කියපු අනිත් අහිතකර බලපෑම් මොනවද කියලත් දන්නා කියන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ බලන්න

Dude said...

මමත් ඊයෙයි අදයිදෙකේම හිටියෙ කොළඹ පාරවල් වල කරක් ගගහා. සයිරන් ගහගෙන කෂ්ටිය ගියේ එහෙනම් ඒක තමයි

හිස් අහස said...

වැප්
එලකිරි පොටෝකරනය .. අපිනම් ඉතින් ඔය උද්ගෝසන මීට කලින් දැක්කේ පත්තරේ හෝ ටීවී එකේ ..දැං ඉතින් බ්ලොග් තියන නිසා එවුවායේ බලනවා

කූඩ භාවිතය හොඳයි කියලා මට කියන්න කොහෙත්ම අයිතියක් නැත්තේ මම එලවලු කන එකෙක් මිස වවලා විකුනන එකෙක් නොවන නිසා ..

මේ සිද්දිය ගැන දන්නෙත් ඊයේ . ගෙදර ටීවී එක මේදවස් වල නගාට විභාගේ නිසා ක්‍රියා විරහිත වෙලා ඒක නිසා ප්‍රවෘත්තියක් වත් දැනගන්නේ කොහොමද

නවම් said...

අටයි හහලිස්පහටත් මේක. අනේ ලොක්ක දැකපිනං මේක.

prasanna86k said...

නියමයි වැප්... මේක දැක්කේ දැනුයි. ඒත් මචං දාලා තියෙන වෙලාවේ හැටියට උඹ වෙන්න ඕනේ මේ ප්‍රවෘත්තියේ "නිවුස් ෆස්ට්"...

Post a Comment