Saturday, December 24, 2011

අද විශේෂ දවසක්

රචනා ලියන්න මම කොහොමත් කැමති නැහැ. සිංහල සාහිත්‍ය විවේචන කියන්නේ වහ කදුරු වගේ. කවියක් කතාවක් තියා අඩුම ගානේ දැන්විමක් වත් ලියා ගන්න බැහැ. ඒත් මේ සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඔක්කොම කලා. ඕක තමයි ඇත්ත

හරියටම 2009 දෙසැම්බර් 24 වෙනිදා බ්ලොග් අවකාශයේ මුල්ම ලිපිය ලියමින් අද අවුරුදු දෙකක් පුරාවට ලිපි 101 ක් ලියලා තියනවා. මේ ලියන්නේ 102 දෙක.

මුල්ම ලිපියට ප්‍රතිචාර දක්වපු දුකා හා සහෘදයා අද වන විට අවකාශයේ , මට මුලින්ම ශක්තියක් උන දෙන්නා. ඊට අමතරව එදා ඉඳන් අද දක්වාම මේ බොලොග් අවකාශයේන් බොහෝ මිතුරන් හමු උනා. බ්ලොග් නිසා බස්, පස් , බුකි කියන සමාජ ජාල අඩවි වලිනුත් බොහෝ මිතුරන් මුණ ගැහුනා.

බ්ලොග් අවකාශයට අහබු ලෙස පැමිණියත් SBU සින්ඩිකේටරය හරහා බ්ලොග් ගනනාවකට දොරටුව විවෘත උනා. එම සින්ඩිකේටරයටත් කෘත වේදි වෙමින්, මගේ ගමනට සහාය වෙච්ච අනිකුත් සියලු සින්ඩිකේටර් වලටත් මේ අවස්තාවේදි මගේ කෘතවේදිත්වය දක්වන්න කැමැතියි. ඊට අමතරව වැප් බ්ලොගය ඔබගේ බ්ලොග් රෝලට එකතු කරන් දැකවූ සහායටත් ස්තුතියි. කියවන්න කමෙන්ට් දාන්න ආපූ සියලු දෙනාටත් බොහොම ස්තුතියි

අද ගැන කතා කලොත් අවුරුදු දෙකක දුර ගමනක් ලිපි සීයක් එක්ක ඇවිත් තියනවා. ආපසු හැරි බලද්දි බොහොම සතුටක් තිබ්බත්, මේ කරන වැඩ වලින් මගේ මව් දෙමව්පියන්ටත් අසාධාරණයක් වෙන බව දැනෙන ගතිය නම් දැන් ගොඩක් වැඩි වෙලා.


වැප්

38 comments:

පූසා said...

සුභ පැතුම්!
මං කිව්වේ ඵල ඇති රුකටලු ගල් ගහන්නේ...

Jeew said...

අන්තිම පේලිය තේරුම් ගියේ වැරදි විදිහටද මන්දා.....

චමිදේවා said...

පාටියක් පාටියක්....:)

සුභ උපන්දිනයක් වේවා වැප් ට....!!

හිස් අහස said...

සුභ පැතුම් !! වැප් .. තව තව ලියන්න

උඹව අඳුනා ගන්න ලැබීම මගේ වාසනාවක් ..කොහේවත් නැති සෙප්පඩයෝ කියන එවුවා යකාට ගියාවේ

Sabith said...

සුභ පැතුම් මචං! කාලය කළමනාකරණය කරගන්න බලපං!

තීර්ථ යාත්‍රිකයා said...

ජය වේවා !!!

JHOTHISHALANKA said...

සුභපැතුම්..වඩාත්හරවත් ලිපි ලිවීමට ශක්තිය ලැබේවා!

හසී said...

හුරේ ජයවේවා....! සුබ පැතුම්.. :)

ගල්මල්-Coral said...

දිග ගමනකට සුබ පැතුම්!

දේවා ගේ අඩවිය said...

ඔය එක එක අය කියන ඒවා ඕනාවට වඩා ගනන් ගන්න එපා කියන පාඩම මට කියලා දුන්නු දෙන්නෙක් ඉන්නවා මේ බ්ලොග් අවකාශයේ, ඒ වැප් අයියේ ඔයයි මාරයා අයියායි.. කවුරු මොනවා කිවත් ඒ දේවල් ඇත්තක් නෙමේ නම් ගනන් ගන්නේ නැතුව ඉමු... එක එක අයට ඇතිවෙන ආතල් එහෙමම යට යනවා කියලා අයියාත් හොදටම දන්නවානේ..

ඔහොම අවජාතක කථා ලියන්නේ එහෙම මේ ලෝකෙට බිහි උන අයම තමා.. අපි එහෙම අයට අනුකම්පා කරමු...

මට මතක විදිහට මොබයිල් එකක් එක්ක වැප් කියලා වගේ තමා ඔයාගේ ඒ කාලේ බ්ලොග් එක තිබුනේ.. (මම වැරදිද මන්දා)

කොහොම උනත් හැමදේකටම සුභ පැතුම්

විසිතුරු | visituru said...

සුභ පැතුම් !!

ඕනයා said...

සුභ පැතුම් මචං . . . . .

ප.ලි.
දෙමාපියන්ට අසාධාරනයක් වෙනව කියල උඹට දැනෙනව වගේ නං . . . . උඹේ ලියන දේ අදාල තැන් වලට වදිනව කියන එක තේරුං ගනිං

Mayya said...

චියර්ස් කිව්වා.....ඔබට ජය......

කතන්දර Kathandara said...

ජයවේවා!

/* මේ කරන වැඩ වලින් මගේ මව් දෙමව්පියන්ටත් අසාධාරණයක් වෙන බව දැනෙන ගතිය නම් දැන් ගොඩක් වැඩි වෙලා. */


ඔය දැන්! තාත්තෙක් වුණාට පස්සේ කොහොම නොසිතේවිද?

වෙද ගෙදර මහ වෙදනා said...

සුභ පැතුම්!!!!

Weni said...

සුභ පැතුම් ! සහ ජය වේවා !

අකීකරු හිත said...

සුබ පැතුම්

ලකී said...

සුභ පැතුම්..!

අභීත said...

වැපා.... ඉස්සෙල්ලාම සුභ පැතුම්... උඹ යන්නේ හොඳ පහැදිලි ගමන්ක්....

ඕවා ගනන් ගන්න දේවල් නෙවෙයි.... මම උඹට කියලා තියෙනවනේ... පහත තියෙන කතාව උඹ දන්නවා ඇති..

දෙවියෝ අඩිය නොතියන තැන යක්කු පිනුම් ගහනවා...

ඒක උඹට මට විතරක් නොවේ... මුළු ලෝකයාටම පොදුයි....

ලොකු පුතා said...

සුබ පැතුම් සහෝ....

ඊ මේල් කවිකාරි said...

Congrats...............

prasanna86k said...

සුභ පැතුම් වැප්...!!!

Observer said...

මගේ ආධුනික බ්ලොග් එකට පළවෙනි කොමෙන්ට් දාපු 'වැප්' ට
සුභ ගමන්.....!!!

නාකියා said...

බ්ලොග් ලෝකෙට ඔබෙන් වුන/වෙන සේවය අතිමහත්.. මං දන්නේ එච්චරයි..
සුභ පැතුම් සහෝදරයා..

රංග - මගේ ලෝකය said...

කැමරාව උස්සන් ගිහින් තවත් පැපරාසි වැඩ කරන්නට ලැබේවා
බොරු නිව්ස් ගැන කොල්ලන් ලනු නොදේවා

Podi Kumarihami said...

සුබ පැතුම්...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සුභ පතන්න පරක්කු වැඩිද මන්ද . මගෙන් උණුසුම් සුභ පැතුම් . කවුරු හරි කෙනෙක් උඹව විවෙචනය කරනව කියන්නේ උඹ කරන දේ කාටහෝ දැනිල තියනව කියන එක . වීවේචනයන් කරන කොට පෞද්ගලිකත්වයට පහර දෙන එක අපේ උන්ගේ මහ කැත පුරුද්දක් කියල දන්නවා ඇති නෙ.එහෙම කිරීම ගැන හැකි පමණින් විරෝධය පල කරනවා හැර වෙනත් කරන්න දෙයක් නැ

RanDil said...

ඒ විශේෂ දවසට අපෙන් සුභ පැතුම් !!!

සුදු හංසි said...

සුභ පැතුම් වේවා!! පරක්කුවට සොරි වේවා!!

nawammawatha said...

ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

රාජ් said...

හොදටම පරක්කු උනත් සුභපතනව. ටිකක් වැඩිපුර ලිව්වනං හොදා. (අවුරුද්දකට 60ක් 70ක් වත්)

Dinesh said...

සුභ පැතුම් අයියේ.. මම එන්න ගොඩක් පරක්කු උනා...

මාරයාගේ හෝරාව said...

වැරි සොරි වේවා වැපා..මං දැන් මේක දැක්කේ... වෙන වැඩකට උඹේ පොස්ට් එකක් හොයන්න ආව වෙලේ...

අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..මගේ මුළු මෙව්වා එකෙන්ම සුභ පැතුම්..!

උඹ තරං මට මේ බ්ලොග් කෙරුවාවෙදි තාක්ෂණික පැත්තෙන් උදව් කල එකෙක් ඉන්නවනං ඒ අපේ සර්ප්‍රියා විතරයි..

අර අන්තිම වාක්කිය ගැන කුමන කතාද..? කුහකයෝ කොහෙත් ඉන්නවා බං... ඊරිසියාව කරට ගහපුවාම කියන කතා ගණන් නොගෙන හිටියම ඉවරයි... මොනවා උනත් උඹ වගේ එකෙක් හැදුවට උඹේ අම්මලා තාත්තලා ලෝකෙට ණයක් නැහැ..එච්චරයි... අර ණය කාරයින් ගැන උඹ නොහිතා හිටිං...

නලිනි චන්දිමා said...

100 වෙනි කඩඉමට මගෙනුත් සුභ පැතුම්.

Dude said...

අපේ වැපාට දුර ගමනක් යන්න ලැබේවා!
henryblogwalker the dude.

(Sorry I'm late)

ගැමියාගේ පත් ඉරුව said...

100ක් වෙනකන්ම මම දන්නේ නෑනේ ඔන්න අදයි මම මේ පැත්තේ ආවේ තව දුර යන්න මගෙන් උනුසුම් සුභ පැතුම් ජය වේවා අයියේ

Pathum Herath said...

එල කිලි වැපා...මම බ්ලොග් අවකාශේ හෝ බ්ලොග් ගැන වැඩිය කියන්න දන්නෙ නෑ...උඹට හිතෙන දේ උඹ ලියපන්...අපි ඔක්කොම මේ කරන්න සෙල්ලමක් කියන එක තේරුම් අරගෙන.. එතකොට කවුරු මොනව කිව්වත් වොරි වෙන්න දෙයක් නෑ...

හිම කුමාරි said...

සුභ පැතුම් !!!

Post a Comment