Tuesday, December 20, 2011

[ වාර්තා ] කොළඹ පොල්

ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණය
ඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණය
අපි මිල දී ගන්නේ ?????? කටය

මාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකි

දෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන්  සූදානම් වන මොහොතේ කොළඹ පොල්  හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා අද උදෑසන පොඩි සංචාරයක යෙදුනි. පහතින් දැක්වෙන්නේ විඩියෝ දර්ශන හා ඡායා රූපයි.

කුලියාපිටිය, හලාවත කුරුනෑගල වැනි දුර පාළාත් වලින් මෙන්ම කොළඔ අවටිනුත් පොල් ලොරි පැමිණ තිබුණි.  කතාබහේදි දැනගත් පරිදි බොහෝ ලොරි පැමිණෙන්නේ සතියට දෙතුන් වරක් පමණී. එලෙසම ඔවුන්ට හිමි පොල් වතු නැත. ඒ අතර සෑම දාම පැමිණෙන පොල් වෙළෙන්දන්ද සිටිති. උදෑසන දෙකට පමණ ආරම්භ වන වෙලදාම පාන්දර 7 පමණ වන විට අවසන් වෙයි. බොහෝ දෙනා පැවසුයේ වෙළදාම සරු නොවන බවයි. නමුත්  නිසරු බවක් හෝ පෙනෙන්ට නොතිබුණි. බොහෝ විට ඔවුන් පොල් ගෙඩියකින් රුපියල් පහත් දහයත් අතර ගනනක් තබා ගනියි.

තැඹිලි වල තත්වයත් මේ හා සමානය. නමුත් තැඹිලි  ගෙනවිත් තිබුනේ කොළඹ හා තාදාසන්න පෙදෙස් වලින්. මෙම වෙළඳාම හොඳින් දැක බලා ගැනිමට නම් පාන්දර යැ යුතුව තිබුණි :DDD





















විඩියෝ දර්ශන සංස්කරණය - අනුරාධ

27 comments:

අනුරාධ said...

උඹට අර එක මිනියෙක් ගහන්න සෙට් වෙන සීන් එක මන් අයින් කලා ඔන්න.

මාරයාගේ හෝරාව said...

මල්ලි උදෙන්ම පිටකොටු ගිහින් වගේ.. ඒ මදිවට හොඳ කැමරාවකුත් අරං ගිහින් තියෙන්නේ මේකටම ලෑස්ති වෙලාද..?:D:D:D

චමිදේවා said...

මේ ගොල්ලෝ තමා මම හිතන්නේ වැඩියෙන්ම හොයන්නේ පොල්වලින්...

ලකී said...

ඔබගේ අනාගත මාධ්‍යවේදි ජීවිතයට සුභ පැතුම්..

( මොකද බන් හිනාවෙන්නෙ..මම ඇත්තටම කිව්වෙ )

මාරයාගේ හෝරාව said...

යකෝ නෝන්ඩි හතයි... අන්තිම හරියේදී අර තැඹිළි විකුණන පොර උඹලගේ ගෙවල් ගාව එකෙක් නේද..? මට මතකයි එදා පාරේ අතු කප කප හිටියා මෑන්..උඹ උගෙන් ගනන් අහන්න ගිහින් මොකටද මාකොළ නේද කියලා කියව ගත්තේ..?
(මට සැක උඹයි ඌයි හවුලට කපපු තැඹිළි ටික විකුණන්න ගිය ගමන්ද කියලයි...)

Hasitha said...

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ :))

sameera said...

මලා ! නිකමට වත් හිතුනෙ නැද්ද කැමරාව ඉස්සරහින් කුරුල්ලෙක් වගේ එකෙක් අලව ගන්ඩ.............
එහෙම අලවා ගත්තනං කස්ටියගෙන් උත්තරයක් ගන්න එක අමාරු වෙන්නෙ නෑ .......

අභීත said...

වැඩිකල් නොගිහින් මූව බලන්න ඉස්පිරිතාලේ යන්න වෙයි වගේ.....

මාරයාට කියපු අනාවැකිය ටක්කෙටම හරි ගියා.... මූට කියන අනාවැකියත් ටක්කෙටම හරි ගියොත් අඹ සරණයි ඉතින්... වැපා.... උඹ නැතිවට මේවා රට කියන්න උන් ඉන්නවා... මාධ්‍යවේදී අයිඩින්ටි එකක් තියෙනවානම් විතරක් මේ වගේ වැඩ කරහන්.... මේවා ඇතුලේ ඔයිට වඩා සීන් තියෙනවා..

සාතන් said...

මේක එහෙම් පිටින්ම ලැජ්ජාව වහගන්න දාපු පෝස්ට් එකක්.. මම අදනෙ දන්නෙ ලනු කාල වමාරද්දි පොල් තැඹිලි එනව කියල... :)

amila chathuranga said...

ජෝක් නෙමෙ වැප් අපිට බැරිද බන් මීඩියා අයි ඩී එකක් ගන්න ට්‍රයි එකක් දෙන්න...මේකත් මාධ්‍යවලට අයිතිය් නේ..අපි ට්‍රයි එකක් දාල බලමුද?

Jeew said...

ලොවෙත් නැත...

රවා said...

හැමදෙම අතර මැදියට... මෙව්වා ගැන කතා කරලා වැඩක් නැහැ බන්..මෙකෙ නියම වෙදනාව දන්නෙ මම හින්දා මට ජොක් එකක්වත් කරන්න හිතෙන්නෙ නැහැ... පොල් විතරක් නෙමෙ .. හැමදෙම ගොඩක් මුදලාලිලා දෙශපාලන- පාතාල බල එක්කලා ඉන්නෙ..

හසී said...

හෆ්ෆේ මෙයාට වෙච්චි දෙයක්.... හික් හික්

මාතලන් said...

අර කව්ද කිව්වා වගේ ළඟදීම කනවා..

ItalyDilan said...

පොල්..පොල් පොපොල්.පොල්..පොල්
ලංකාවේ වතුවල වැවෙන පොල්...
පොල්..පොල්.පොපොල්.. පොල්..
පිටකොටු පටවන පොල්...
... වැපා උබේ වැඩේ නම් මරු මොකටත් පරිස්සමින් උබේ කැමරාව උදුරගනී

Weni said...

නියමයි වැඩේ නම් ... ඔය තියෙන්නෙ පොල්.. සහ පොල් වල විස්තර..අර මාධ්‍ය හැඳුනුම්පතේ වැඩේ නම් මල්ලි බලන්න ඇත්තටම..

Pathum Herath said...

වැප් මීඩියා...ටොප්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අභීත සහ මාතලන් කියල තියන එකම මාත් කියන්නම්

Beetle said...

අර හොරණ බුවාට තව ටිකක් ඇණේ වුනානම් මූට දමලා අරිනවා තැඹිලි කපන පිහියෙන්... :D :D

Praසන්ன said...

පොල් ගෙඩියකින් කෑවෙ නැති එක නං ලොකු දෙයක්.
මාරයට පුලුවංනං මේ මාධ්‍ය වේදිය තව ටිකක් උදෙන් වැඩට යවාගන්න.

Observer said...

හොඳයි... හැබැයි, එකම ප්‍රශ්න සෙට් එක හැමෝගෙන්ම අහන් නැතුව පොඩ්ඩක් විවිධ ප්‍රශ්න එහෙම අහල පොඩ්ඩක් තව ඉන්ටවීව් ටික පොලිෂ් කරල ගන්න තිබ්බ කියල හිතෙනව, ඊගාව එක තව චුට්ටක් දියුණු කොරල ගම්මු.

වැප් said...

අදහස් දක්කපු ඔක්කොමට තැන්කෝ

කිව්වත් වගේ වැඩේ ටිකක් භායනකයි තමයි ..

තියන අමාරුවට තව එකක් දෙකක් කරලා වැඩේ නවත්වලා දානවා ..

අම්බෝ මම අනුන්ගේ :DDD

රාජ් said...

අර 5වෙනි පිංතූරෙ ඉන්න ඩයල්එක කැමරාවට ගන්න අවුලක් උනේ නැද්ද?

වැප් said...

විඩියෝ එක බලපන් ඌ තමයි දිගට වැඩිපුර කතා කරන්නේ ... විසිටින් කාඩ් එකකුත් දුන්නා ... බ්ලොග් ලින්ක් එක එවන්න කියලා

අවංක පැට්ටා said...

අඩේ වැපා ලණු දිරවලා පස්චාත් භාගයෙන් පිටවෙද්දි තැඹිලි , පොල් වෙලාද බන් පිටවෙන්නෙ?.... අමාරු උනේ නැද්ද? :D

මාලන් said...

එළ එළ. වැඩේ නැඟලා යනවා වගේ.

මේක අගට පොඩි මාකට් එකකට හරි පොළකට හරි ගිහින් පොල්වල සිල්ලර මිළ ගණනුයි සාමාන්‍ය මිනිස්සුන් පොල් මිළ ගැන දක්වන අදහස් ටිකකුත් එකතු කරලා, පොඩි සාරාංශ කැල්ලකින් ඉවර කළානම් හරි.

කොහොම වුනත් වැඩේ හොඳයි.

කීප් ඉට් අප්!

හිම කුමාරි said...

හික්ස් නියම වැඩක් නේ....
වැප් මීඩියාවට ජය වේවා!! :D

Post a Comment