Thursday, December 15, 2011

[ 2011 12 15 ] - කන්තලේ සූරිය පුර කුඹුරු ව්‍යාපාරිකයන්ට බෙදා දෙයි

කන්තලේ සූරිය පුර ගම් වාසින් ඊයේ දිනයේ සිට කොළඔ කොටුව දුම්රිය පළ ඉදිරි පිට උපවාසයක් ආරම්භ කර ඇත. එම ගම්මානයේ පවුල් 400 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, කුඹුරු අක්කර 8000 ක් පමණ ගොවිතැන් කටයුතු වලට යොදාගෙන තිබුණි. නමුත් වර්තමානෙයේ සිදුවෙමින් පවතින්නේ, ඔවුන් මහන්සියෙන් ගොඩ නැගූ එම කුඹුරු මහවැලි අධිකාරියට පවරාගෙන ව්‍යපාරිකයන්ට බෙදා දිමයි. ඔවුන්ට ලබා දීමට යෝජනා වී ඇති ඉඩම් වල ගොවිතැනට සුදුසු පරිසයක් නැති බව ඔවුන් පවසයි.

ජනාධිපති හමු වී මෙම ගැටලුව නිරාකරණය කරගත හැකි බව ඔවුන් පවසයි. එසේ නොමැති වුව හොත් මාරණ්තික උපවාසයක් ආරම්භකරන බව ඔවුන් පවසයි. පහතින් දැක්වෙන්නේ ඔවුන් අද 2011 12 15 දින උදෑසන ඔවුන් පැවසූ අදහස්ය


බ්ලොග් එකක් තිබුනා නම් ඔවුන්ටත් :DDD

බෝඩ් වල තිබූ පද පෙළ කිහිපයක්


කොටියෝ ඇවිත් අපහට නිති බැට දුන්නා
ජනපති තුමන් අප හට සාමය දුන්නා
මහවැලියෙන් ඇවිත් අප දැන් එළවන්නා
ජනපතිඳුන් බැහැ දැක මිස නොම යන්නා


සූරියපුර අපේ හද කඳුලින් තෙමුනා
ගොවිතැන් කරන්නට ඉඩමක් නොම ලැබුණා
ගොවි ගැටලුවකි එය විසඳා දෙනු සොඳිනා
ජනපති තුමා හමුවිමට අපි ඉන්නා











23 comments:

  1. ඈ බන්.. උඹ වොයිස් කට් එක ගත්තේ උඹ කවුරු කියලද...?

    ReplyDelete
  2. ‍යකෝ මේ වැපා :D අඩේ මරු බං.. වැපා ලොකු ටෝකක් දෙන්න ඇති ගිහින් :D

    ReplyDelete
  3. උඹ කොටුව ඉට්ටේසමේ වාර්ථාකරුද කාගේ හරි චැනල් එකක..

    ReplyDelete
  4. හත්තිලව්වයි දැන් ගෙදර වටේ සුදු වෑන් කැරකෙනවා එහෙම ඇති නේද

    ReplyDelete
  5. හරි කණගාටුයි.
    මේ අසාධාරණයට විසඳුමක් ලැබෙයි කියල හිතනව

    ReplyDelete
  6. වැප් මේ වැඩේනම් නියමයි... දිහටම කරගෙන යන්නම...
    ඒක නෙමෙයි ජීවිත රක්ෂණයක් තියෙනවද? නැත්තං අද හෙටම එකක් දාගත්තානම් කෝකටත් හොඳයි :D
    ආ තව දෙයක් නිතරම බ්ලොග් එකේ බැකප් අරං තියාගන්න :D

    ReplyDelete
  7. //ජනාධිපති හමු වී මෙම ගැටලුව නිරාකරණය කරගත හැකි බව ඔවුන් පවසයි// මේකට මගේ උත්තරේ අද උදේ දුන්න මහ වෙදනට මාතලන්ගෙ සයිට් එකෙන්.
    ඉඩම් පවරාගැනීම ගැන කියනවනං, පවරාගන්නා ඉඩම් වෙනුවෙන් ලැබෙන ඉඩම්වල වටිනාකම ඔවුන් පෙර සිටි ඉඩමට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම ලංකාවෙ ඕනම තැනක තියන ගැටළුවකි. වන්දි මුදලක් දුන්නද තත්වය මෙයම වේ. නිවසක් සදහා ලැබෙන වන්දියෙන් අලුතෙන් නිවසක් ඉදිකිරීම තබා භාගයක් වත් හදාගත නොහැක.
    බොහෝ දෙනෙක් නොදැන සිටියාට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල මෙරටට නොලැබේවායි දෙවියන්ට භාරහාර වූ ගම්වැසියන්ද ඕනෑතරම් සිටියේය. හේතුව එම තරගාවලිය මෙරටට ලැබුනේ නම් ගම්ම‍ාන කිහිපයක ජනතාව වෙනත් ප්‍රදේශයකට යැවීමට පිඹුරුපත් සකස්කර තිබීමයි. එහිදීද ඇතිවූයේ මෙවැනි තත්වයක් වන අතර අලුතෙන් ලැබෙන ඉඩම් පැරණි ඉඩම් වලට සමාන වන්නේ භූමියේ විශාලත්වය පමණි.
    නොයෙකුත් හේතුනිසා ඉඩම් පවරාගැනීම නොවැලැක්වියහැකි කරුණක් වුවද ඒ සදහා සාධාරණ වැඩපිළිවෙලක් නොමැතිකමින් අවසානයේ සිදුවන්නේ මෙවැනි උද්ඝෝෂණ ඇතිවීම පමණි.

    ReplyDelete
  8. මෙන්න බ්ලොග් අවකාශයේ පත්තරකාරයා ගෙන එන තවත් වාර්තාවක්.

    මේ වගේ සමාන්‍ය මිනිස්සු [උඹලා අපි වගේ] රිපොර්ට් කරන බ්ලොග්ස් නම් වෙන රටවල තියෙනවා [මොකද ගොඩක් මිඩියා වැඩ කරන්නේ කාගේ හරි ඇජෙන්ඩා එකකට නිසා මිනිස්සු ඒවා පිළිගන්න එච්චර කැමති නැහැ. ලංකාවේ උනත් එහෙමනේ සිරස, ස්වර්ණවාහිනි, රූපවාහිනි, ITN ආදි].

    ඒකට කියන්නේ සිටිසන් ජර්නලිස්ම්ද කොහෙද [http://en.wikipedia.org/wiki/Citizen_journalism]. කෙසේ හෝ මට තේරෙන විදිහට ලංකාවේ පළමු නිදහස් බ්ලොග් පත්තරකාරයා නම් ඔබ විය යුතුයි.

    ReplyDelete
  9. පෙට්ටි කේස් එකට වුනු සන්ගෙදියම නේද?
    ප්‍රශ්න විසඳ ගන්න ලෙසිම ක්‍රමය උතුමාණන්ට කියන එක.
    මේ නිළධාරීන් කියන රිලව් දන්න තරම තමයි මේ. අහින්සක මිනිස්සු පව්.

    ReplyDelete
  10. සාධාරන ඉල්ලීමක්...අහිංසක දුප්පත් මිනිසුන්ව මේ විදිහට තලන්නෙ ඇයි.
    ‍මේකත් දේශපාලන උසිගැන්වීම් ගිණුමට දාන්න දෙන්න එපා
    මේවා පිටිපස්සෙ කවුරුහරි රජය පෙරලන්න ඉන්නවා කියල බොරු නොකිය මේ අසාධාරන වැඩ කරන්නෙ කවුද කියල හොයල බලන්න ඕනෙ.
    මල්ලි පුලුවන්නම් මේ අහිංසක මිනිස්සු පිටිපස්සෙන් දිගට ඉන්න පිං සිද්ධ වෙනවා. හැබැයි ප්‍රවේශමෙන් අර කිව්ව වාගේ...
    දැන්නම් පේන විදිහට මේ ආන්ඩුව අපකීර්තියට පත්වීම වේගවත් වෙලා වගේ.....

    ReplyDelete
  11. @මාලන්
    හැබැයි මෙතනටත් එන ඔය එක එක පක්ෂ වලට ක‍ඩේ යන උන්දලව හඳුනගන්න අවධානෙන් ඉන්න ඕනෙ. පිලිගන්නම හොඳ නෑ. එතකොට බ්ලොග් අඩවියත් තවත් සිරසක් ITN එකක් වේවි.

    ReplyDelete
  12. කවි කතන්දර ලිය ලිය දගලනවට වඩා ඇත්තටම මේ ජාතික වගකීමක් ඉටු කිරීමක්.... නියමයි වැප්....

    ReplyDelete
  13. නියම වැඩක් යාලුවා....!

    ReplyDelete
  14. කමෝන් වැප්.....කීප් ඉට් අප්...ජයවේවා...!!!

    ReplyDelete
  15. ලංකාවට මෙ අදහස මුලින්ම දුන්නෙ උඔ වෙන්ඩැති. සමහර විට මෙ ක්‍රමය ඉදිරියෙදි ව්‍යාප්ත ෙවයි.

    ReplyDelete
  16. @සියල්ලට

    නැහැ මාරයා මට කලින් වාර්ථා කලා අර කඩා වැටුනු ගුවන් යානා දෙක ගැන. ඒ හන්දා පුවත් පත් වාර්ථාකරණයේ පළමු වැන්න ඔහුයි. ඔහුට ඒ ගෞරවය යායුතයි.....


    ම්ම් එයාලා ඇහැව්වා මොකෙන්ද මම කියලා. එතකොට මම කිව්වේ අන්තර්ජාලයෙන්.... කියලා .....

    ReplyDelete
  17. අනතර්ජාලේ කිවම ඒ මිනිස්සු බය වෙනන් ඇති තවත් ජංජාලයක් කියලා. බලාගෙන ඔය තැන්වල සී අයි ඩී පොරවල් ඉන්නවා. කොහොම හරි ග්‍රේට් ජොබ්. මාලන් කිවා වගේ දිගටම කරපන්..

    ReplyDelete
  18. නියමයි වැපා... කරගෙන යමු...
    අර අන්තිම පොටෝඑකේ තියෙන බැනර් එක හරි විශේෂයි. ඉඩම් අවනඩුවටත් එහා ගිය කතන්දර මහගොඩක් ඒකෙ තියෙනවා. ඒක ඇත්තටම අව්‍යාජයි.

    ReplyDelete
  19. බොහොම හොද වාර්තාකරණයක්, සජීවී ප්‍රාණවත් බ්ලොග් කලාවට තල්ලුවක්...

    ReplyDelete
  20. උඹ වගේ පුතෙක් හදපු දෙමව්පියන් ගැන ආඩම්බරයි අයියේ!
    ප්‍රාදේශීය සභාවකටවත් චන්දෙ ඉල්ලහන්කෝ බන්?

    ReplyDelete
  21. කීප් ඉට් අප් මචං . . . .

    ReplyDelete
  22. මෙහෙම හරි මේක මිනිස්සු දැක්ක එක හොඳයි... මෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් වැටුප් ගන්න රාජ්‍ය මාධ්‍යවල මිනිස්සුන්ට මේව පේන්නෑ එකයි දුක. අනික තමා අපේ මිනිස්සුන්ට තාම දියුණු දේශපාලණ් විඥාණයක් නැති එක මෙ මිනිස්සු හිත්න් ඉන්නෙ ඇමතිවරු වැඩ කරන්නේ ජනාධිපතිතුමට හොරෙන් කියල. ඇතටම ගත්තොත් අමාත්‍යංශ වල අයිතිය තියෙන්නෙ ජනාධිපතිතුමාටනේ ජනාධිපතිතුමාට හොරෙන් මේවගේ දේවල කරන්න පුලුවන් නම් ජනාධිපති කෙනෙක් පොල්පිත්තකින් කපල තිබ්බත් මොකද?

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....