Monday, August 16, 2010

අපරාදේ ඒ හීනේ .....................

එකලෙස දැනුනට හදේ තනිකමක් - කෙලෙසට පවසම් හිතේ පාලුවක්
නැතිකල සිත තුල දුක් බර හැඟුමක් - කොහොම කියන්නද රසකර ගීයක්

වෙනදා දැක නැති හැමදා විඳ නැති -   රසබර අමුතුම පැතුම් පොදක්
හෙමිහිට ගෙන මා දෝත දරා - සොයනෙමි  ඇය බව සසර පුරා

ගී පද හෙව්වා කවි පද ගෙතුවා - සිත මා හැඟුමන් ගඟුලක පා කරලා
සුලඟත් හැමුවා සුවඳත් දැනුනා - හද මා පොපියන සුසුමන් නහවා

කවදා හමු වේ කෙලෙසක හමු වේ - නිම නැති කැරකෙන සසර පුරා
හිතුවා මා හද, පැතුවා මා සිත - සැනකින් හමුවට ඇය එන්න කියා

ආ විට පවසමි, සැමදේ කියනෙමි - ලං වී හෙමිහිට ඇගේ කණට හොරා
සුව නින්දේ සුභ සිහිනේ මග අතරේ - හනිකට ගැස්සි අහැරුණි රැ තද නනිදේ :D


වැප්



17 comments:

  1. අපරාදෙදත් අහනව.............:D :D

    ReplyDelete
  2. ඒ කලබලේ බ්ලොග් එකට ඈවිත් බෙදා ගත්තට ස්තූතියි...!
    shut down කලා නේද යනකොට...?

    ReplyDelete
  3. හීන මාලිගා තනන්න - සුර ලොවින්ම ඉගිලි එන්න
    සැදූ මාලිගා බිදින්න - නින්දෙන් නැගිටලා එන්න..

    ReplyDelete
  4. අයියෝ...
    අපරාදේ..!

    ReplyDelete
  5. හීන කවදත් අහංකාරයි
    මතුල විට නිදි මංතරේ....:)

    ReplyDelete
  6. හීනෙන් ඇහැරුනාළු නේද...?හා..හා..

    මට උඹෙන් දෙයක් අහන්න තියෙනවා..එක්කෝ පස්සෙම අහන්නංකෝ...

    ReplyDelete
  7. මේ... ඉතුරු ටික ඊයේ දැක්කේ නැද්ද...?

    ලස්සණයි මචෝ අදහස.....

    ReplyDelete
  8. ලස්සන පද ටිකක් වෑප්! ජය වේවා!

    ReplyDelete
  9. අපරාදේ මචෝ තවටික්ක නිදා ගන්න තිබුනේ....

    ඉතුරු ටික්කත් බලගන්න තිබුනනේ.....

    ReplyDelete
  10. හෆ්ෆා අපරාදේම නොවැ....
    පද පෙල නම් පට්ටම පට්ට......

    ReplyDelete
  11. සිහිනෙන් ගෑ සුවඳවල් හරිම මිහිරියි . . . !

    ReplyDelete
  12. අනේ! කනට කරල හැමදේම කියන්න හදනකොටම ගැස්සුනේ මොකද කියල මට හිතාගන්න බෑ.... කොහොම වුනත් එක හීනයක් අස්සෙ තව හීනයක් පේන්න ඇති අනිවාර්යයෙන්ම......

    පද පේළි කීපයක් ගොඩාක්ම හොදයි මලේ... පළවෙනි කව ඉස්තරම්... ඔයා අගට යද්දි හදිසි වෙලා වගේ අන්තිම කවිය හෙම ටිකක් විතර දුර්වලයි... ඒත් සාපේක්‍ෂව ගොඩාක් හොදයි දරුවො... මගෙන් සුභපැතුම්!

    ප.ලි. ඔය හීනෙ බාගෙට දැක්ක එක හොදයි... :) නැත්නම් ඔහොම හීනයක් දැක්කයි කියල අපට කියන්නෙ නෑනෙ....

    ReplyDelete
  13. හොදම වැඩේ තොට....

    ReplyDelete
  14. හා හා ඉතුරු ටික මතු සම්බන්දයි කියල හිතාගෙන අද රෑට බලාගන්න...

    ReplyDelete
  15. සිහින හතක් දුටුවද ඔබ
    සත් දවසක් එක විලසට
    හැම හීනෙක ඇය සිටියද
    කුමාරියක සේ
    සොයා ගන්න හැකිවේවී
    ඒ කුමරිය මතු දවසක
    තාම හමුවෙලා නැත්තත්
    අනාගතේදී...
    All the best...!!

    ReplyDelete
  16. වැප් බලන මේ අනියම් හීන දැක
    නිදි කුමරියට මලම පැන ඇත
    ඔය මඟුල ඔතනින්ම නවත්තැන්නයි කියා
    හොඳම තැනදී මැදින් පැන අවදි කර ඇත...

    කමක් නෑ මචං. ට්‍රයි කරපං. දවසක ආපහු ඒකේ ඉතිරි කොටස පෙනේවා. :P

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....