Friday, December 24, 2010

අවුරුද්දක් ගෙවී ගිය වගයි !

අහඹු ලෙස සිංහල බ්ලොග් කරණය යොමු වූ මම අද දිනයේ ප්‍රථම වර්ෂ පුර්ණය සමරමි. මීට හරියටම වර්ෂයකට පෙර, එනම් වසර 2009 දෙසැම්බර් මස 24 වන දින වැප් යන නමින් සිංහල වියණුවක් ඇරඹුවෙමි. වසරක් ගෙවි යන අද දින මෙයට අලුත් ඇඳුමක් සොයා දුන් රොකියා විශේෂ ස්තූතියක් පුදකරමි. මීට අමතරව මගේ බ්ලොග් කෙරුවාව යන ලිපිය මගින් මෙයට ශක්තියක් වූ බොහෝ පිරිසකට මාගේ හෘර්දයාන්ගම කෘත වේදිත්වය එදවස එසේ පුද කළෙමි.

සිංහල යුනිකොඩ් ගැන වසර 2008 සිට දැන සිටියත් සිංහල බ්ලොග් අවකාශයක් ගැන දැන නොසිටියෙමි. මුලින්ම  සිංහල ලිපි සොයා ගනු ලැබුවේ ගූගල් හි සිංහල කියා සෙව්මක් කිරීමෙනි. එහි එන බ්ලොග් ලිපි මුලින් මුලින් රසවින්දෙමි. ඉන්පසු අහම්බෙන් මෙන් සිංහල බ්ලොග් කියවනය හමු විය. සිංහල අලුත් ලිපි සොයාගැනිමට පහසු මගක් වූ සිංහල බ්ලොග් කියවනය ඉන් පසු සෑම උදෑසනකම පරිගනක තිරය මත දිගහැරි ගියේ පුරුද්දක් ලෙසටය.ඉන්පසු කොත්තු අඩවියද මේ සඳහා යොදාගතිමි.  2009 ඔක්තොම්බර් මස මුලින්ම බ්ලොග් සඳහා ගූගල් හි ලියාපදිංචි උනත් බ්ලොගයක් ඇරඹෙන්නේ ඉන් මාස තුනකට පසුවය. එදා බ්ලොග් කියවීමෙන් ලද පන්නරය මාගේ බ්ලොග් ගමනට ශක්තියක් වි ඇත.

විවධ වූ වර්ග යටතේ මසකට ලිපි හතරක් හෝ පහක් දැමිම සමාන්‍ය සිරිත උනත් පසුව එය මසකට දෙක දක්වා අඩුවි ගියේ අදික කම්මැලිකම නිසා බව ඉතා කණගාටුවෙන්  වුවත් කිව යුතුමය. මා අතින් ලියැවුනු ලිපි අතරින් වඩාත් තෘප්තිමත් වන කව්‍ය නිර්මාණය " මේ ඇයමද? " වන අතර ගද්‍ය නිර්මාණය "කම්මැලියෙක් කතා කරයි  "  ලෙසද, "ජජාජී" වෙනස්ම නිර්මාණයක් බවද කීම නිවැරදිය. සියලුම නිර්මාණ මට ඔනැ විදිහට කරන අතර ඒ අතරින් කරනු ලැබූ දුර්වලම ලිපිය නම් "මේක මේ විදිහට කිව්වෝත්" වෙයි. වඩාත් අන්දෝලනාත්මක හා විවාදාත්මක මෙන්ම අලුත් සංකල්පයක උපත සිදුවන්නේ "උබට කියන්නේ ඔව් ඔව් උබට තමයි .... ඇවිත් බලපං
 " ලිපිය සමගිනි.


මගේ බ්ලොග් කෙරුවාවේ ආපසු හැරී බැලීම මෙතනින් සමාප්තයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. දැන් ඉදිරිය බලන්න :D

වැප්

28 comments:

  1. ඔන්න එහෙනම් අවුරුද්දට මගෙන් සුභ පැතුම්
    දිගටම ලියාපන්
    මන් නම් වැඩිය ඇවිත් බලන්නේ නැහැ
    අනික් උන් හරි බලයිනේ :-D

    ReplyDelete
  2. උඹ එක්ක මේ අවුරුද්ද තුළ වාර ගණනක් වාද කර ගත්තා විතරක් නෙවෙයි උඹ මට කිහිප තැනෙකදීම (නමින් හා නොනමින්) ඉතාම දැඩි විදියට පහර දුන් බව මා දන්නවා. නම වෙනස් කළාට කෙනකුගේ ශෛලිය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් කියවනකොටම තේරෙනවා මේක ලිව්වේ කවුද කියලා. ඒවයින් කාරි නැහැ. ඒ උඹේ අදහස් දැරීමේ හා පළ කිරීමේ අයිතියනෙ.

    තව චිරාත් කාලයක් නමින් හා නොනමින් බ්ලොග් ලිවීමට උඹට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ළඟඳිම ආපහු පැටලෙමුකො.

    - Taboo

    ReplyDelete
  3. බ්ලොග් එකේ ලියන දේවල් ආයේ අමුතුවෙන් බලන්න ඕනේ නෑනේ... උඹ ආශ්‍රය කරන නිසා ඒ දේවල් අපි දන්නවනේ...:D
    කොහොම උනත් පළමු වර්ෂ පූර්ණයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්...!!!!

    ReplyDelete
  4. උඹේ බ්ලොග් එක බල්ද්දි කම්මැලියි බන්... හක් හක්..... :D

    බ්ලොගයක් තුලින් හමු වූ අපූරු හෘදයාංගම මිනිසෙක් වූ නුඹට මගේ හද පිරි සුභ පැතුම් මචන්...

    ReplyDelete
  5. මගෙන් උණුසුම් සුබ පැතුම්..! කම්මැලිකම අඩු කරන් තව වැඩිපුර ලියමු...

    ReplyDelete
  6. අහම්බෙන් හමුවූ බ්ලොග් අවකාශයේ ආ මේ මග බැලුවාම යමක් කර ඇති බව පැහැදිලිවම පේනවා නේද. මේ ලියන එකෙන් අපි කීදෙනෙක් දැන් යාළුවෝ වෙලාද.
    සාර්ථක වසරකින් අති සාර්ථක තවත් වසරකට යාමට සුභ පැතුම්....!!!

    ReplyDelete
  7. කවිමඩුවෙන් සෙට් වුන උඹ, දැන් මගේ අයියා වගේ බං..

    දිගටම ලියමු, සුභ ගමන්...!!

    ReplyDelete
  8. සුභ පැතුම් අයියා......... කම්මැලිකමට පයින් ගැසූ බ්ලොග් වසරක ආරම්භයක් වේවා....!!!!!!
    මේ පැත්තේ ආවේ කල්පෙකට විතර පස්සේ මට මතක. ඒ ටිකට කම්මැලියා තමයි මරුම ලිපිය......... (මටත් දැන් ඔය ලෙඩේමනේ..... :( )

    ReplyDelete
  9. වෙරි හොට් හොට් සුභ පැතුම් හසියාගෙනුත් හදවතින්ම සහ බොක්කෙන්ම....
    අත පිච්චෙයිද මන්ද....
    දිගටම ලියමු සහෝ....

    ReplyDelete
  10. අඩේ........... හම්මෆා උබේ බ්ලොග් එකේ උෆන්දිනේද බං....... කෝ කේක් ( රනාගෙන් ඉල්ලන්ට කියන්න නම් ඒෆා හික් හික් හික් ;) ?

    හැෆි බාත්ඩේ ටූ බ්ලොග්
    හැෆි බාත්ඩේ ටූ බ්ලොග්
    හැෆි බාත්ඩේ ටූ වැෆ්'z බ්ලොග්
    හැෆි බාත්ඩේ ටූ බ්ලොග්.........

    දිටම ලියපන් මචං මං වගෙ කම්මැලියෙක් නොවී :)

    එහෙනම් සුබzzzzzzz.........
    ජයෙන් ජයම වේවාzzzz.........

    ReplyDelete
  11. ඔන්න තව චිරාත් කාලයක් වැජබෙන්න අපෙනුත් සුබ පැතුම් ..ජය

    ReplyDelete
  12. කවි මඩුවෙන් අදුරගත් දින සිටම අද වෙනකං මාත් එක්ක හිටපු හොදම මිතුරෙක්ගේ බ්ලොග් උපන් දිනයට මගේ හද පිරි උණුසුම් සුභ පැතුම්....

    සුභ ආනාගතයක් කිව්වා.... :-D

    ජය ​වේවා!!!!!!!

    ReplyDelete
  13. සුබ උපන්දිනයක් වැප්.....ඔයා වැප් වුණේ බ්ලොග් එක නිසයි.....වැප් ගේ වැප් ට හොඳ කලක් යාවි....

    ReplyDelete
  14. සුභ උපන් දිනයක් වේවා සහෝ!!!

    ReplyDelete
  15. සහෝ හිත හොද මිනිසෙකුගේ බ්ලොග් අඩවියෙ උපන් දිනයට මගෙන් උනුසුම් සුබපෑතුම් ජයෙන් ජය!!!!!!!!!!

    ReplyDelete
  16. සුභ පැතුම්! දිගටම වැඩේ කරගෙන යන්න. ඒ වගේම ලබන්නාවු නව වසරටත් මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  17. මුලින්ම අබිත අන්කල් කිව්ව එකට ++++ ගොඩාක්...

    කම්මෑලි වීමේ අගය කියා දී රටට කම්මෑලිකම බෝ කිරීමට අමතරව, හොඳ හිතත් බෙදා දීම නිසා අර පලවෙනි වරදට සමාව දී, මෙච්චර හිත හොඳ ෆිට් සහෘදයෙක් අහම්බෙන් නෙට් එකේ මුලිච්චි වීම සම්බන්ධයෙන් ජාලයට,බ්ලොග් වලට සින්ඩි ඔක්කොටම පින් දෙමින්, අන්තිමටම ඔන්න දිලා සුබපෑතුමකුත් එක්කරනවා. තෑන්ක්ස් චෑප් ! ජය වේවා! දිනෙන් දින (කම්මෑලි නෑති) පෝස්ට් ලියත්වා ! :)

    ReplyDelete
  18. සුභ උපන්දිනයක් ... වැපෝ,
    මොනවා උනත්.. හිත හොදින්, හිනාවෙලා ඉන්න විදිහට උබට තව ගොඩක් දුර යන්න පුළුවන්
    ජය වේවා...!!

    ReplyDelete
  19. ජාලෙදි හම්බ වෙච්ච උඹත් හෙන ‍බොක්කක් උනා බං. ඔය වගේ බ්ලොග් නොතියෙන්න අපි වගේ යාළු මාළු සැට් එකක් අපි කාට කාටත් නෑ නොවැ. ඒ නිසා ඔය බ්ලොග දිවිහිමියෙන් රැක ගනින්. උඹට තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න සුභ පැතුම්...

    ජය...!!!
    තව තව අපිට සැට් වෙන්නත් ලැබේවා....!!!

    ReplyDelete
  20. ►December (3)
    ►November (5)
    ►October (3)
    ►September (2)
    ►August (4)
    ►July (6)
    ►June (2)
    ►May (5)
    ►April (6)
    ►March (8)
    ►February (10)
    ►January (3)

    මෙන්න මෙ කොරමෙට අනුව..මං උඹ තව ලිපි හත අටක් විතර දාපුවාම අවුරුදු දෙකටම සුභ පතන්නං..
    ඒක ලේසියි..ඇයි යකෝ මෙකා ඉඳගෙන අපිවත් කම්මැලි කොරනවනේ...

    පොඩ්ඩක් ඔය ලොකු ලොකු වාහන වලින් යන එක නවත්තලා..අර පරණ බස් කටුවලම මාසෙකට දවස් දෙකක්වත් පලයං..අඩුම ගානේ අපිට ඔපදූපයක්වත් අහන්ට..

    සුභ පැතුං කොල්ලෝ...

    ReplyDelete
  21. සුබපතනවා බොක්කෙන්ම :D

    මීට,
    බ්ලොග් කෙරුවාව නිසා හම්බුන තවත් ඕපා දුප කාරයෙක්..

    ReplyDelete
  22. බ්ලොග් ලියන වුන් ගෙන් මම ඉන්න පළාතට මම දන්න තරමින් ළඟින් ඉන්න එකෙක් විදියට සහ හම්බ වෙලා කතා බහ කරල තියෙන එකෙක් විදියට වැපා එක්ක මම ෆිට් කියල කියන්න පුළුවන්... ඉඳල හිටල හරි චැට්ටක් දානවා.. බ්ලොග් එක නම් මම කියවන්නෙ ඉඳල හිටල.. ඒකත් චැට් එකේ යූ.ආර්.එල් එක තියෙනව දැක්කොත් වගේ තමා(මේ අද වගේ).. කොහොම වුණත් ඌ අවුරුද්දක් තිස්සේ ලියපු බ්ලොග් එකට සුභ පතන්න වටිනවා.. හිත හොඳ කොල්ලෙක් ගේ දාඩිය මහන්සියනේ.. සුභ පැතුම් වේවා.....

    ReplyDelete
  23. මේ උණුසුම් සුබ පැතුම ~ රනා ලියන බ්ලොගේ හිතවත් රනා වෙතින්...

    ජයවේවා වැපා...

    ReplyDelete
  24. සුභ උපන්දිනයක් ... වැපෝ

    ReplyDelete
  25. මගේ බ්ලොග් එකටත් ඉස්සරෝම ආව අයගෙන් කෙනෙක් වැපා....ඒ වගේම උබ සින්ඩිය පටන් ගත්දිත් මෙහෙම අයිඩියා එකක් තියෙනවා කියලා මට කිවුවා. (තව කාට කාට කීවද මන්ද :D ) කෝම හරි මටත් කීව හන්ද මම කුළුදුලේම හදවතින්ම සුබපැතුවා. එදා මම කීව අනාවැකිය අද ඉෂ්ඨ වෙලා තියෙනවා. අද අංක එකේ සිංඩිය බවට ලා පත් වෙලා. ඒ වගේ ම බ්ලොග් අවකාශයේ ජනප්රිඉයම තරුවත් වැපා විවාදයකින් තොරවම. ඉතිං එහෙවු ඇගට දැනෙන වැඩක් කරන සාර්ථක මල් හතේ කොල්ලෙක් එක්ක මුල් කාලයේ හරි පොඩ්ඩක් ලගින් ඉන්න ලැබීම ගැන හරිම සතුටක්. දැන් නම් ටිකක් දුරයි :D ඒ ඉතිං මං ඔටු කිරි දොවන්න පුර්ණ කාලයම වැය කරන හින්දා පච හලන්න වෙලාව අඩු වෙලා. අපිත් ෆිට් වෙලා අවුරුදු දෙකක් විතර ඇති මයේ හිතේ, එකතුවෙලා වැඩ කලත් තවම මුහුනට මුහුන නම් හම්බ වෙලා නැහැ. ඒකත් හොදයි එක අතකට උබේ ගංජා මුණ මක්ටද දකිනවද? :D . ඉතිං ඉදිරියටත් ලංකාවේ අපිට දැනෙන අපේ කමට වැදගත් වෙන විදිහේ අළුත් දේවල් කරන්න නව අදහස් ඇතිවෙන්න ඔය ටිකිරි මොලේ තව තවත් ප්‍රසාරණය වේවා කියලා මා මල් හතේ වැපාට බොක්කෙන්ම ප්‍රර්ථනා කරමි. අවුරුදුදේ උපන්දිනයට උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  26. වැප්,
    ඔබට මගේ සුබ පතුම්.
    මීට
    ඔබේ පාසෑල් වියේ මිතුරු දිමුතු.

    ReplyDelete
  27. වැප්, හැමදේම හොඳයි. හැබැයි තව ටිකක් වැඩියෙන් ලියමු.
    මගෙන් සුභ පැතුම්...!

    ReplyDelete
  28. මගෙත් මේ දවසෙමයි සන්නස පටන් ගත්තේ ...සුබ පැතුම් යාලුවා www.sannasa.tk

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....