Monday, January 10, 2011

ගණන් පන්ති ගියේ මේන් මෙහෙමයි

බොරු මොකටද මං ගණන් වලට අතිරේක පන්ති යන්න පටන් ගත්තේ අට ව‍සරේ ඉඳන්,  සල්ලි ගන්නෙත් නැහැ නොගිහිනුත් බැහැ. පන්තිය තිබුනේ  සෙනසුරාදා උදේ 7.30 ඉඳන් 10.30 ද කොහෙද මට මතක විදිහට. ගෙදරින් එලවනවා, මොකද ඒ ටිචර්ව ගෙදර කට්ටිය හොඳට අඳුනනවා. කොච්චර ගෙදර අදුන ගත්තත් පන්තියක් හින්දා සල්ලි දෙන්න ඔනේ කියලා, මුලින්ම පන්තියට ගියදවසේ, අම්මා මගේ අතට රුපියල් 50 ක් දුන්නා , පන්තියේ මසක අයකීරීම් ගාන. දැන් නම් ගණන් පන්තියකට කීයක් ගන්නවද කියලා දන්නේ ටියුෂන් කාරයෝ තමයි. කෝ බ්ලොග් අවකාශයේ නැද්ද ටියුෂන් කාක්කෝ. දන්න එවුන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි උන් නම් කියන්නේ උන් ගේ ඒකාය අරමුණ දැනුම බෙදා ගැනිමයි කෙසේ වෙතත් මුදල් බදාගැනීමයි කියලා :D

මුල්ම දවසේ, අර රුපියල් පනහත් අරන් මං පන්තියට ගිහින් ඉගෙන ගෙන ඔක්කොම කරලා රුපියල් පනහා ටීචර්ට දුන්නා. අනේ ඒ ටීචර් කිව්වා පුතේ සල්ලි එපා කියලා. කියන පරක්කුවට මගේ කලිසම් සාක්කුවට අර රුපියල් 50 ගියා නොවැ. ඕකට කියන්නේ මගේ ලෝබ කමද, ගරුවරියන්ගේ සිත් නොරිදවිමට තියන අකමැත්තද කියලා මට අදටත් තේරුම් ගන්න බැරි උනානේ. ඔය 10.30 පන්තිට ඇරිච්ච ගමන් මං ගෙදර දුවන් එනවා නාට්‍යක් බලන්න. මතකද දන්නේ නැහැ ගංගා සහ නිශ්ෂංක කියලා නාට්‍යක් ගියා, ජාතික රූපවාහණියේ 10.30 ට විකාශන‍ය උනා. මේ නාට්‍ය බලන්න තමයි ගෙදර දුවන් එන්නේ. හැබැයි ගෙදර අවාට ගෙදර ටීවි තිබුණේ නැහැ, ගෙදරින් පොත් ටික දාලා අල්ලපු ගෙදරට ගහින් නාට්‍ය බලනවා.

ඔය කියන පන්තිය හා සම්බනද්ව ඊලඟ විශේෂ කතාව එන්නේ එකොළහ වසරෙදි. ඒ වසරෙදි පන්ති වෙලාව මාරුඋනා 10.30 ඉඳන් එක විතර වෙනකල්. ඔය  අතරෙදි මට තව පන්තියක් වැටුනා ඉන්ගිරිසී. කොහොම හරි ඉන්ගිරිසි පන්තියේ වෙලාව මාරු කරගන්න බැරි හින්දා හා මේ ටිචර්ව දන්න අදුනන හින්දා මං කිව්වා ටිචර්ට. මට මේ පන්තිය තියන වෙලාවට එන්න බැහැ, මට ඉන්ගිරිසි පන්තියක් වැටිලා තියනවා කියලා. ඒ පාර ටීචර් කිව්වා දැන් එකොළහ වසර හින්දා වැඩි පුර කරන්න ඔනේ, ඒ හන්දා 10.30 කියන වෙලාවත් වෙනස් කරන්න බැහැ කියලා. ඒ පාර මං කිව්වා ටිචර්ට මටත් මේ වෙලාව බැහැ කියලා. එදයින් එදයි අවුරුදු දෙකක් විතර එක දිගට ගිය ගණන් පන්තිය නවත්තලා දැම්මා. ඇයි හත් දෙයියනේ ශිෂ්‍යක්‍රෙන්ද්‍රීය අධ්‍යපණය පටන් ගත්තෙත් ඔය කාලේ නොවැ. ඊට පස්සේ මං වෙන ගණන් පන්තියකට ගියා, හැබැයි ඒකත් නවත්තලා දැම්මා විභාගයට මාස තුනක් විතර තියලා. ගෙදරට නම් කවිවේ ඒ සර් උගන්නවා හරි නැහැ නැහැ කියලා :D

කොච්චර ගණන් පන්ති ගියත් එකතු කරනවා අඩු කරනවා කියන්නේ මහ වස කම්මැලි වැඩක් :D

එන සිංහල අවුරුද්දට කලින් සංවිදානය වෙමින් පවතින අවුරුදු උත්සවය ගැන දැනගන්න කැමති නම් මෙතනට ගොඩ වන්න

වැප්

10 comments:

  1. අඩෙ අප්පා වැප් අයියත් මම වගේම නෙව
    ගනං වලට අලි කම්මැලියා......

    ReplyDelete
  2. වැප් අටේ පංතියෙදි ගංගා සහ නිශ්ෂංක බැලුව කියන්නේ දැන් වැපාගේ වයස අවුරුදු 40 කිට්ටු වෙන්න ඕන මයෙ හිතේ :පී

    ReplyDelete
  3. 40 පැන්නෙත් දැනට අවුරුදු පහ හයකට කලින්.....

    ReplyDelete
  4. උඹට වයස 30ක් හරි 31ක් හරි වෙන්න ඕනෙ.

    ReplyDelete
  5. ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"
    ලිපියක් පල කොට විනාඩි 5 ක් තුල සින්ඩි ලංකා හි එම ලිපිය පෙලගස්වෙනු ඇත
    එක්වන්න "සින්ඩි ලංකා"

    ReplyDelete
  6. සිනා පිපෙනා වසන්තය නේද?

    ReplyDelete
  7. උඹේ කතාව ඇත්ත.... අපි ගණන් පන්ති ගියාම හවසට කාටූන් බලන්න බැරිවෙන හින්ද පන්තියෙ පැය 2, සතියෙ දවස් දෙකකට දාගන්න මමයි යාළුවොයි මරු මරු දේවල් කලා. අන්තිමේදි වැඩේ හරි ගියා..... හැබැයි ඉතින් කොහොමහරි ගණනුත් ගොඩ ගියා.... :)

    ReplyDelete
  8. මම් නම් ජීවිතේකට ගනං පන්ති ගිහින් නෑ.ඉන්ග්‍රිසි වලට නම් ගියා.


    "සිනා පිපෙනා වසන්තය නෙලා දෝතින් මලක් සේ...මගේ ලොව වෙත ඔබයි ගෙන ආවෙ..."

    ඒකෙ තේමා ගීතය ගොඩක් ලස්සනයි.ඔය නාට‍ය්‍යය යද්දි අපි ගොඩක් පොඩියි.මටත් මතකයි.

    ReplyDelete
  9. පංතියට ගිහින් ගණන් ඉගෙන ගත්ත තරම හිතාගන්න පුළුවන්...:D

    ReplyDelete
  10. ගංගා සහ නිශ්ශංක යන කාලේ 8 වසරෙ හිටිය කියන්නේ උබ සෑහෙන පරනයි නේ හික් හික්...

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....