මූලාසනයේ සිටින ආරාධිත මහතාගෙන්ද, අනෙක් අසුන වල සිටින ආරධිතයන්ගෙන්ද, අනාරාධිතයන්ගෙන්ද අවසරයි. ඒ වගේම සියලූම බ්ලොග් කරුවන්ගෙන්ද, නේක විද බස් කරුවන්ගෙන්ද, බුකි කරුවන්ගෙන්ද අවසරයි. අද මං මෙතනට පැමිණියේ ඔබ සැම ඇමතීමටයි. ඒ සඳහා දෙන්න මටත් මදකට අවසර. [ ඔය කෙලවරේ මල්ලි පොඩිඩක් කට වහගන්නවද? ඔව් ඔව් ඔයා තමයි ඔය රතු බ්ලව්ස් එකක් ඇඳලා ඉන්න නංගිට මෙහා පැත්තේ ඉන්නේ ඔය කැමරවාක් අතේ තියන්න ඉන්න මල්ලි]. සමාවෙන්න. ඔව් මං මෙතනට පැමිණියේ ඔබ සැමට ස්තූතිය හා මා ඇතුලු කණ්ඩායමේ කෘත වේදිත්වය පළ කිරිමටයි.
මුලින්ම මං කියන්න කැමතියි. [ කවුද යකෝ ගඩොල් ගෙඩියක් තිබ්බේ මං ඉස්සෙන කොට.] මේ මහා බස් බ්ලොග් සතිය කොහොමද පටන් ගත්තේ කියලා කරුණු දක්වන්න. මේකට මූලික හේතුව තමයි බස් කරුවෝ එන්න එන්න වැඩි වි ගොසින් බ්ලොග් කරුවෝ නැත්තට නැතවී යාමේ චෝදනවා. මේක ඉතා බරපල චෝදනාවක් මෙන්ම සත්‍යයක්. ඉතින් ඔන්න මං ගිය ඉරිදා බස් එකක් පැද පැද ඉන්නකොට මට මේ වටිනා [ අම්බෝ කියලා වැඩක් නැහැ කූජිත අදහස] අදහස මගේ චිත්ත සන්තානයට පහල උනා. පහළ වෙච්ච ගමන්ම මේක කියන්න කියලා කතා කලේ මගේ මරණය උත්තමයාට [ කතා කලා කිව්වේ චැට් එකේ ]. මූට චැට් එකේ මේ අදහස ලියලා යැව්වට කිසිම රිප්ලයි එකක් අවේ නැහැ. දෙවෙනියාට මේක කිව්වේ, ඔබ කවුරුත් හොඳින් අඳුරන, පත්තර වලට ඉන්ටවිව් දෙන කණීයා මලයට. කිව්වා ගමන් මේකා කියාපී, "ඌ බිසි කියලා". ඒ පාර අනේ තොට එපා නම් මට මොකෑ කියලා. මේ අදහස ඉදිරිපත් කලා අපේ ෆොටෝ මල්ලි හෙවත් අනුරාධධධ අයියට, ඒකා නම් කිව්වා කරමු කියලා. ඒකත් කිව්වේ නිකන් ඕනාවට එපාවට. මට ඉතින් දිට්ඨ දම්මවේදනීය ඥාණය තියන හින්දා [ හරිද මන්දා පරචිත්ත විඥ්ඤාණය නේද? ] මං බස් එක පාරට දානකොට ටිකක් සැකෙන් වගේ දැම්මේ. සැකේට හරි බස් එක දැම්මේ ............. මං තනියෙන් හරි ලියනවා කියලා. කොහොමින් හරි ඔන්න ඒ බස් එකත් දාලා. ඉරිදා රත්‍රියේ සඳුදා උදැහනක්කේ පලවෙන්නට කියලා ලිපියකුත් ලියලා තිබ්බා. අර මං මහා බස් බ්ලොග් සතිය කියලා දාපු බස් එකට සහායට ප්‍රතිචාර වැටෙන්න පටන් ගත්තා.
කොහොම හරි පහුවදා මං උදේ නැගිටලා බලද්දි අපේ මරණයා මල්ලි බස් එකක් පාරට දාලා සියලු විස්තරත් එක්ක. මේන් ඒ බස් එක ගිය පාර. ඔය විදිහට සෑහෙන ප්‍රතිචාරත් එක්ක දිනකට බ්ලොග් ලිපි 20 ත් 30 අතර ගානක් ලියවුනා. සමහරු නම් කිව්වා මං කලින් ලිපි ටික ලැහැස්ති කරන් හිටියා කියලා. හැබැයි ඉතින් කාට උනත් තේරෙනවා මං ලියපු ලිපි වල තිබ්බ සාරභාර ගතිය. [ මොකද ඒක කිව්වාම හිනාවෙන්නේ ඈ :D ]. ඔන්න ඔය විදිහට දැන් දවස් හතක් කට්ටිය බ්ලොග් ලිපි ලිව්වා. එයට සහභාගි වූ සියලු දෙනාටම මුලින්ම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මුල්ම ප්‍රචාරක බස් රථය දාපු මරණයා ඇතුලු අනික් සෑම සියලු දේනාටමත් මා අතුලු අප බස් කණ්ඩායමේම ස්තුතිය පුදකරනවා [ කණ්ඩායම කිව්වට එකෙක් වත් කිව්වේ නැහැ ස්තුති කරන්න කියලා :D]. ඒ වගේම, ලිපි ටික ප්‍රදර්ශණය වන බස් රථය සෑම විටම ඉස්සරහින් පැද යාමට ශක්තියක් වූ බස් මගී ඔබ සැමටත් අපේ කෘත වේදිත්වය මේ මොහොතේ පිරිනමමු.
අද දිනයේ අපි සැවෝම එක්ව ඉලංදාරියා වෙනුවෙන් ලිපි ලිවිමට සිතුවත්, පිස්සා විසින් බස් රථයක දමන ලද කමෙන්ටුවක් නිසා මං ඒ අදහස මදකට ප්‍රමාද කලා. එනම් සියලු දෙනා එකම දවසේ ලිපි නොලියා, කණ්ඩායම් වශයෙන් දිනකට එකක් බැගින් වනසේ.
අවසාන වශයෙන් නැවතත් කියනවා මහා බස් බ්ලොග් සතිය සාර්ථකර කරගැනිම සඳහා ඔබ දැක්වූ සහායට අතිමහත්ය. එයට මා අතුලු කණ්ඩායමේ ස්තුතිය මේ සමග පල කරමු. එලෙසම ඔබද යම් කිසි හෝ ප්‍රතිලාභයක් ලැබුවේ යයි අනුමාන කරමු.
වැප්
බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්‍රිය වීමට මෙන්න අවස්ථාව...
53 minutes ago






